නිළධාරිවාදය ගැන ප්‍රකාශන විස්සක්

සභාපති මාඕ සේතුං

1970 පෙබරවාරි

  1. ඉහළම මට්ටම්වලදී පවතින්නේ ඉතාමත් ම අඩු දැනුමකි; ඔවුහු ජනතාවගේ මතයන් තේරුම් ගන්නට අපොහොසත් වෙති; ඔවුහු විමර්ශනය කිරීම සහ අධ්‍යනය කිරීම නොකරති; ඔවුහු විශේෂිත ප‍්‍රතිපත්ති ග‍්‍රහණය කර නොගනිති; ඔවුහු දේශපාලනික සහ මතවාදී වැඩ නොහසුරුවති; ඔවුහු යථාර්ථයෙන්, ජනතාවගෙන්, පක්ෂයේ නායකත්වයෙන් වියෝ වී සිටිති; ඔවුහු හැම විටම නියෝග නිකුත් කරති, එසේම නියෝග සාමාන්‍යයෙන් වැරදි ඒවා වෙති, ඔවුහු ඇත්තෙන්ම රට සහ ජනතාව නොමග යවති; අඩුම තරමින් ඔවුහු අඛණ්ඩව පක්ෂයේ මාර්ගය සහ ප‍්‍රතිපත්ති වලට අනුගතවීම අවහිර කරති; ඔවුන්ට ජනතාව මුණ ගැසෙන්නට නොහැකි වෙති.

  1. ඔවුහු මාන්නක්කාර, තෘප්තිමත් අය වෙති, ඔවුහු අරමුණක් නැතිව දේශපාලනය ගැන සාකච්ඡා කරති. ඔවුහු ඔවුන්ගේ වැඩ ග‍්‍රහණය කර නොගනිති, ඔවුහු මනෝමූලික පුද්ගලයින් වන අතර තනි පැත්තක් සහිත අය වෙති; ඔවුහු නොසැලකිලිමත් අය වෙති; ඔවුහු ජනතාවට සවන් නොදෙති; ඔවුහු ගැටුම්කාරී සහ අත්තනෝමතික අය වෙති; ඔවුහු නියෝගවලට බල කරති; ඔවුහු යථාර්ථය ගැන සැලකිල්ලක් නොදක්වති; ඔවුහු අන්ධ පාලනයක් ගෙන යති. මෙය අධිකාරිවාදී නිළධාරිවාදයයි.

  1. ඔවුහු උදෑසන සිට සන්ධ්‍යාව දක්වාම අතිශයින් කාර්යබහුල වෙති, ඔවුහු මුළු අවුරුද්ද පුරාම වෙහෙසෙති; ඔවුහු මිනිස්සු පරික්ෂාවට ලක් නොකරන අතර දේවල් විමර්ශනය නොකරති; ඔවුහු ප‍්‍රතිපත්ති අධ්‍යයනය නොකරති; ඔවුහු මහජනතාව මත රඳා නොපවතී; ඔවුහු සිය ප‍්‍රකාශ සූදානම් නොකරති; ඔවුහු සිය වැඩ සැලසුම් නොකරති. මෙය මොළයක් නැති, නොමග ගිය නිළධාරිවාදයයි. අනෙක් වචන වලින් කියතොත් චර්යානුගතවාදයයි.

  1. ඔවුන්ගේ නිළධාරිවාදී ආකල්පය අධික වෙති; ඔවුන් සතුව කිසිදු ඉලක්කයක් නොමැත; ඔවුහු ආත්මාර්ථකාමී වෙති; ඔවුහු මාවත එළි කර ගැනීමට සිය ගහණයට තඩිබායි; මිනිස්සු ඔවුන් දෙස බලන්නටවත් බිය වේ; ඔවුහු වරින් වර මිනිසුන්ට සෑම වර්ගයකම අපවාද එල්ල කරති; ඔවුන්ගේ වැඩ ශෛලිය සැර පරුෂ වේ; ඔවුහු ජනතාවට සමාන ලෙස නොසලකති. මෙය අධිපතිවාදී නිළධාරිවාදයයි.

  1. ඔවුහු උඩඟු වෙති; ඔවුහු කිසිවක් අසන්නට ලජ්ජා වෙති; ඔවුහු වැඩිකොට කියන අතර බොරු තෙපලයි; ඔවුහු අතිශයින් වැරදි සහගතය; ඔවුහු මිනිසුන්ට වැරදි ආරෝපණය කරති; ඔවුහු ගෞරවය තමන්ට ලබා ගනිති; ඔවුහු මධ්‍යම රජය දැඩි ලෙස රවටති; ඔවුහු ඔවුන්ට වඩා ඉහළින් සිටින්නන් මුළා කරන අතර තමන්ට වඩා පහළින් සිටින්නන් මෝඩයින් බවට පත් කරති; ඔවුහු වැරදි සඟවන අතර වැරදිවලට බාහිර ඔපයක් ලබාදෙයි. මෙය වංක නිළධාරිවාදයයි.

  1. ඔවුහු දේශපාලනය වටහා නොගනිති; ඔවුහු ඔවුන්ගේ වැඩ නොකරති; ඔවුහු දේවල් අනෙක් අය වෙත පටවති; ඔවුහු සිය වගකීම්වලට මුහුණ නොදෙති; ඔවුහු කේවල් කරති; ඔවුහු දේවල් ඉවතට අදිති; ඔවුහු අසංවේදී වෙති; ඔවුහු සිය පරික්ෂාකාරී බව අහිමි කර ගනිති. මෙය වගකීම් විරහිත නිළධාරිවාදයයි.

  1. ඔවුහු දේවල් නොතකා හරිති; ඔවුහු ඔවුන්ට හැකි පරිදි යැපෙන්නන් වෙති; ඔවුහු ජනතාව සමග කිසිවක් නොකරති; ඔවුහු හැමවිටම වැරදි සිදු කරති; ඔවුහු තමන්ට වඩා ඉහළින් සිටින්නන්ට ගරු බුහුමන් දක්වන අතර තමන්ට වඩා පහළින් සිටින්නන් නොතකා හරිති; ඔවුහු සෑම ගරු බුහුමනක් ගැනම සැලකිලිමත් වෙති; ඔවුහු පැති අටකින් යුක්ත වන අතර රෝද මෙන් ලිස්සා යති; මෙය නිළධාරීන් ලෙස වැඩ කරන සහ අමු අමුවේ ජීවත් වෙන අයගේ නිළධාරිවාදයයි.

  1. ඔවුහු දේශපාලනය ගැන මුළුමනින්ම ඉගෙන නොගනිති; ඔවුහු සිය වැඩ වලදී දියුණුවක් නොකරති; ඔවුහු කථා කරන ආකාරය නීරස වෙති; ඔවුහු සතුව සිය නායකත්වය තුළ කිසිදු දිශානතියක් නැත; ඔවුහු වැටුප් ලබන අතර සිය කාර්යාලවල කටයුතු නොතකා හරිති; ඔවුහු දේවල් ප‍්‍රයෝජනවත් දෑ ලෙස වෙස් ගන්වයි. කම්මැලියෝ ඤඋදා: ඉඩම් හිමියන්% කිසිවක් ආරම්භ නොකරති, නමුත් ප‍්‍රධාන වශයෙන්ම සිය අලසකම මතම රැඳී සිටිති; වෙහෙස මහන්සි වී වැඩ කරන අය ගුණවත් ලෙස සලකන අතර නිළධාරීන් ලෙස පෙනී නොසිටින අය කෙරෙහි අඩුවෙන් සැලකිල්ලක් දක්වති. මෙය කෛරාටික, අදක්ෂ නිළධාරිවාදයයි.

  1. ඔවුහු මෝඩයෝ වෙති; ඔවුහු ව්‍යාකූල වෙති; ඔවුන්ට තමන්ගේ වැඩ ගැන හැඟීමක් නැත; ඔවුහු වැදගැම්මකට නැති කාමුක අය වෙති; ඔවුහු අවසානයේදී දින ගණනක දේවල් ගොඩ ගසා ගනිති; ඔවුහු හැම විටකම අකාර්යක්ෂම වේ, ඔවුහු අස්ථායී වන අතර ඔවුහු මෝඩයින් වෙති. මෙය අමනෝඥ, නිෂ්ඵල නිළධාරිවාදයයි.

  1. ඔවුන්ට අනෙක් අයට ලේඛණ කියවන්නට අවශ්‍ය වෙති; අනෙක් අය කියවන විට ඔවුන්ට නින්ද යති; ඔවුහු දේවල් දෙස බැලීමෙන් තොරව විවේචනය කරති; ඔවුහු වැරදි විවේචනය කරන අතර මිනිසුන්ට බැන වදිති; ඔවුන්ට වැරදි සමග කිරීමට කිසිවක් නැත; ඔවුහු දේවල් සාකච්ඡා නොකරති; ඔවුහු දේවල් පසෙකට කොට නොතකා හරිති; ඔවුහු තමන්ට වඩා ඉහළින් සිටින මිනිසුන්ට එහෙයි කියන පුද්ගලයින් වෙති; ඔවුහු ඔවුන්ට වඩා පහළ අය අවබෝධ කොට නොගෙන සිටියද අවබෝධ කොට ගත් බවට බොරුවට අඟවති; ඔවුහු ඉඟි වලින් අදහස් පවසති; ඔවුහු ඔවුන් හා සම තත්ත්වයේ සිටින්නන් සමග අසම්මුතිය වගා කර ගනිති. මෙය උදාසීන නිළධාරිවාදයයි.

  1. රාජ්‍ය නිළධාරීහු වඩ වඩා වර්ධනය වෙති; දේවල් වඩාත් ව්‍යාකූල වෙති; එහි වැඩ ඇති ප‍්‍රමාණයට වඩා මිනිසුන් සිටිති; ඔවුහු රවුමක් වටේ ගමන් කරති; ඔවුහු රණ්ඩු සරුවල් සහ නිකරුණේ කළහ ඇති කර ගනිති; අමතර දේවල් කිරීමට මිනිස්සු අකමැති වෙති; ඔවුහු සිය විශේෂිත රාජකාරී ඉටු නොකරති. මෙය රාජ්‍ය නිළධාරීන්ගේ නිළධාරිවාදයයි.

  1. ලේඛණ අති විශාල වෙති; එහි රතු පටියක්ද ඇත; උපදෙස් අධික ලෙස ඉහළ යයි; එහි නොකියවන ලද වාර්තා විශාල ගණනක් වන අතර ඒවා විවේචනයට භාජනය වී නොමැත; වගු සහ කාර්ය සටහන් බොහෝ ගණනක් අඳිනු ලැබුවද ඒවා භාවිතා නොකරති; රැස්වීම් පැවැත්වීම නිමක් නොවන අතර කිසිවක් සම්මත වන්නේ නැත; එහි යාබද සමිති ගණනාවක් වන අතර කිසිවක් ඉගෙන නොගනිති; මෙය රතු පටියේ සහ ආකෘතිවාදයේ නිළධාරිවාදයයි.

  1. ඔවුහු විනෝදය අපේක්ෂා කරන අතර දුෂ්කරතාවයන්ට බිය වෙති; ඔවුහු පිටුපසින් ඞීල් දැමීම සිදු කරති; එක් පුද්ගලයෙකු නිළධාරියෙකු වූ විට ඔහුගේ සමස්ත පවුලම ප‍්‍රතිලාභ ලබති; එක් පුද්ගලයෙකු නිර්වාණයට පැමිණි කළ ඔහුගේ සමීපතයින් සියල්ලෝම දෙව්ලොවට නැග ගනිති; එහි පාර්ශවයන් පවතින අතර ඒවා විද්‍යාමාන වෙති. . . මෙය අසාමාන්‍ය නිළධාරිවාදයයි.

  1. ඉහළ පෙලේ නිළධාරියෙකු පැමිණෙන විට, සිය මනෝභාවයන් වඩා අයහපත් වෙති; ඔහුට වඩ වඩාත් ඉහළට නගින්නට උපකාර කරන්නැයි ඔහු ඉල්ලා සිටී; ඔහුගේ නිවස සහ ගෘහභාණ්ඩ වඩ වඩාත් සුඛෝපභෝගී වෙයි; වඩ වඩාත් දක්ෂ ලෙස ඔහු දේවල් ලබා ගනිති. ඉහළ ස්ථරය විශාල පංගුවක් බෙදා ගන්නා විට පහළ ස්ථරය අධික මිළක් ගෙවයි; එහි පමණ ඉක්මවා පරිභෝජනය සහ නාස්තිය ඇත; ඉහළ සහ පහළත් වම සහ දකුණත් ඔවුන්ගේ දෑත් ඉහළට ඔසවති. මෙය නිළධාරීන් අහසේ තැබීමේ නිළධාරිවාදයයි.

  1. ඔවුහු ගර්වයෙන් පිරුණු අය වෙති; ඔවුහු පොදු කාරණා වලදී පවා පෞද්කලික දෑ සපුරා ගනිති; එහි අයථාපරිහරණය සහ අනුමාන කල්පනාව වෙති; ඔවුහු වැඩියෙන් කා දමන විට ඔවුන්ට වැඩියෙන් අවශ්‍ය කරති; ඔවුහු කිසිවිටෙක ආපසු හැරී බැලීමක් හෝ යටත්වීමක් සිදු නොකරති. මෙය ගර්වයෙන් පිරුණු නිළධාරිවාදයයි.

  1. ඔවුහු බලය සහ මුදල් පිණිස ඔවුනොවුන් සමග ගැටුම් ඇති කර ගනිති; ඔවුහු පක්ෂය වෙත සිය දෑත් යොමු කරති; ඔවුන්ට කීර්තිය සහ සෞභාග්‍යය අවශ්‍ය කරති; ඔවුන්ට තනතුරක් අවශ්‍ය වන අතර එය නොලැබුණිනම් අසතුටින්පසු වෙති; තරබාරු වීම හෝ කෙසඟ වීම ඔවුහු තෝරා ගනිති; ඔවුහු වැටුප් ගැන අධික සැලකිල්ලක් දක්වති; ඔවුහු සුවපහසු බව සිය සහෝදරවරුන් වෙත පැමිණෙන විට සුවපහසු ලෙස සිටියද පොදු ජනතාව ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වති. මෙය මුදල් සහ බලය වෙනුවෙන් සටන් කරන නිළධාරිවාදයයි.

  1. බහුවිධ නායකත්වයකට සංහිඳියාවෙන් සමගි විය නොහැකිය; ඔවුහු එකිනෙකා විවිධ දිශාවන්වලට ගමන් කරති, ඔවුන්ගේ වැඩ අවුල් සහගත තත්ත්වයේ පවතියි; ඔවුහු එකිනෙකා වෙත අනෙක් අය රැස්කරවා ගැනීමට වෙර දරති; ඉහළ මුදුන පහළ මට්ටම කෙරෙන් වියෝ වී ඇති අතර කිසිදු මධ්‍යගත වීමක් නොමැත, එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ද නොමැත. මෙය භේදකාරී නිළධාරිවාදයයි.

  1. එහි කිසිදු සංවිධානයක් නැත; ඔවුහු පෞද්ගලික මිතුරන්ට සේවය කරති; ඔවුහු කට්ටිවාදී වේති; ඔවුහු රදළ සම්බන්ධතාවයන් පවත්වාගෙන යති; ඔවුහු සිය පෞද්ගලික අභිලාශයන් ට ආධාර කර ගැනීම සඳහා කල්ලි සාදති; ඔවුහු එකිනෙකා ආරක්ෂා කරති, තනි අයෙකු ඕනෑම දෙයක් වෙනුවෙන් නැගී සිටිති; මේ නොවැදගත් නිළධාරීහු ජනතාවට හානි සිදු කරති. මෙය නිකායවාදී නිළධාරිවාදයයි.

  1. ඔවුන්ගේ විප්ලවවාදී කැමැත්ත දුර්වල වෙති; ඔවුන්ගේ දේශපාලනය පිරිහෙන අතර එහි චරිත ස්වභාවය වෙනස් වෙති; ඔවුහු තමන් ඉහළම සුදුසුකම් ලද පු්ගලයින් ලෙස හැසිරෙති; ඔවුහු නිළධාරීන්ව අහසේ තබති; ඔවුහු සිය මනස සහ දෑත් පුරුදු පුහුණු නොකරති. ඔවුහු සෑම දිනකම සිය පංගුව කා දමති; ඔවුහු ලෙහෙසියෙන්ම අමාරු වැඩ අත් හරිති; ඔවුහු තමන් අසනීප නොවන විටත් වෛද්‍යවරයෙකුට කථා කරති; ඔවුහු විනෝදාස්වාදය පිණිස කඳුවලට සහ මුහුදු වෙරළට යති; ඔවුහු දේවල් සිදු කරන්නේ මතු පිටින් පමණකි; ඔවුහු සිය තනි පුද්ගල අවශ්‍යතා කෙරෙහි සැලකිල්ලක් දක්වති, එසේ වුවද ඔවුහු ජාතික අව්‍යතාවයන් මොනවාද යන්න ගැන තැකීමක් නොකරති. මෙය ගුණයෙන් වැහැරෙන නිළධාරිවාදයයි.

  1. ඔවුහු වැරදි සහගත ප‍්‍රවණතාවයන් වලට සහ ආත්මීය ප‍්‍රතික‍්‍රියාවන්ට උල්පන්දම් දෙති; ඔවුහු වැරදි මිනිසුන්ගේ වැරදි දුටු විට නිහඬව සිටිමින් වැරදි තත්ත්වයන්ට ඉඩ හරියි; ඔවුහු නීතිය උල්ලංඝණය කිරීමෙහි සහ සාහසික දෑ කිරීමෙහි නිරත වෙති; ඔවුහු අනුමාන කල්පනාවන්හි නිරත වෙති; ඔවුහු පක්ෂයට සහ රාජ්‍යයට තර්ජනයකි; ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කරති; ඔවුහු සටන් කිරීම සහ පළිගැනීම සිදු කරති, ඔවුහු නීති රීති උල්ලංඝණය කරති; ඔවුහු නරක ආරක්ෂා කරති; ඔවුහු අප සහ සතුරා අතර වෙනසක් ඇති නොකරති. මෙය වැරදි සහගත ප‍්‍රවණතාවයේ සහ ප‍්‍රතික‍්‍රියාවේ නිළධාරිවාදයයි.

පරිවර්තනය – ශ්‍රී කාන්ත

විප්ලවවාදී පක්ෂය පිළිබඳ දේශනය- 2014

Deepthi kumara Gunarathne

 

Part 01

Part 2

 

ඔබේ අදහස කියන්න...