[dropcap color=”green”]ප[/dropcap]සුගිය කාලය පුරාම ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් ඉවත්ව ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාවේ දේශපාලන කරළියේ විවිධ විදී නාට්‍ය රගදක්වනු අප දුටිමු. මේ දෙගොල්ලන්ම තරගයට මෙන් මැයි රැළි පැත්විය.චේ වෙනුවෙන් බාලදක්ෂයන් සේ දෙපිළ බෙදී මරා ගත්හ. කට්ටියක් හයිඩ් පිටියට යන විට අනෙක් කට්ටිය කැම්බල් පිටියට ගියහ. මේ දෙගොල්ලන්ම අනතුරුව අන්තර්ජාලයේ තරගයට මෙන් ඡායාරූප පළ කලහ. වැඩිම සමාජිකයන් පිරිසක් ඉන්නේ තමන් සමග බව පෙන්වන්නට මේ දෙගොල්ලන්ම විවිධ නෙයියාඩගම් නැටීය. මේ බොක්සින් ක්‍රීඩාවෙන් දෙගොල්ලන්ටම අවශ්‍ය වූයේ අනෙකා නොකවුට් කරන්නටය. අවසානයේ කවුරු කා අතින් නොකවුට් වූවාදැයි සිතා ගන්නට බැරි විය. මේ සන්දර්භය තුළ මේ දෙපරිසටම අමතක වූයේ තමන් ලංකාවේ විප්ලවාදී දේශපාලනයේ ක්‍රියාධරයන් වන බවයි. පුද්ගලයාට වඩා පක්ෂය ප්‍රමුඛ බව කියන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම විප්ලවාදී නායකයා වන ලෙනින්ය. මේ නිසා අප කළබලයකින් තොරව මේ සියල්ල උපේක්ෂාවේන් බලා සිටියෙමු. මේ දෙපිරිසගෙන්ම අපට එල්ල වූ ප්‍රධනා චෝදනාව වූයේ අප වාමාංශික දේශපාලන මූල ධර්ම උල්ලංඝණය කරමින් අප සංවිධානය හැර ගිය පුද්ගලයන්ට නිකරුනේ මඩ ගසමින් සිටින බවයි. නමුත් අපට අනුව පවාදීම යනු යළි කවරදාකවත් සමාව දිය හැකි වරදක් නොවේ. පාවාදීම සහ සමාව අතර කිසිදු සම්බන්ධයක් නැති බව විප්ලවාදී දේශපාලන ක්‍රියාධරයන් ලෙස අප උගත්තේ ලෙනින්ගෙනි. නමුත් අප සංවිධානය වසර 2004 දී හැර ගිය ( ඇත්තටම දේශපාලනය ජෝක් කර උදාර සමාජ අරමුණක් හුදු පෞද්ගලික අභිලාෂයන් උදෙසා පවා දීම ) අයට මඩ ගසන්නට අප පැකිලෙන්නේ නැත. ලංකාවේ මඩ ඒ සදහා ප්‍රමාණවත් නොවේ නම් විදේශිය රට වලින් මඩ ආනයනය කර දෝහීන්ට පහර ගසන්නට අප පසුබට නොවෙමු. එයට හේතුව වන්නේ විප්ලවාදී දේශපාලනය යනු සරල චෙස් ක්‍රීඩාවකට වඩා සංකීර්ණ වන නිසාය. අපට මඩ ගසන්නට එපා එය වාමංශික දේශපානයට තරම් නොවන බව යැයි පැවසූ ජ.වි.පෙ මේ දවස්වල කුමාර් පාර්ශවයට කරමින් සිටින්නේ මඩ ගැසීම නොව ගමේ ගොඩේ ළිදලග සංගමයේ ඕපාදූප කතා අකාරයේ දේවල්ය. ඒ බව වැඩි දුර දැන ගැනීමට ෆේස්බුක් නරඹන්න. මේ අතර පසුගිය දවසක කතිකා නම් වෙබ් අඩවියක යළි මණ්ඩිය කලත්තමින් කුණුරස විදීමේ  විනෝදයෙන් මුසපත් වූ කිහිපදෙනෙකු විවිධ  පණ්ඩිතමානි විග්‍රහයන් ලියනු අප දුටිමු. කතිකා වෙබි අඩවියේ ඔවුන්ට කැමති ඕනෑ මළදානයක් ලියා ගත්තාට අපට කම් නැත. නමුදු වසර ගනණක සාමුහික  X දේශපාලන ව්‍යපෘතිය ජෝක් කරන්නට විවිධ පිස්සන්ට, පාදඩයන්ට,නරුමයන්ට සහ හිස්ටෙරික ගැහැණුන්ට අයිතියක් නැත. X දේශපාලනය යනු කිසිවෙකුගේ පෞද්ගලික බූදලයක් නොවන අතර එය සාමුහික දේශපාලන මහන්සියක ප්‍රතිඑලයකි. පාවාදෙන්නන්ට සමාව කියන වචනය කියන්නට පවා අයිතියක් නැති අතර  සාමූහික දේශපාලන මහන්සියක් පෞද්ගලික අභිලාෂයන් උදෙසා පවා දුන් උදවියට තව දුරටත් කතිකා කරන්ට දෙයක් ඇත්නම් ඒ කතිකාවෙන් අපව බැහැර කර එය කර ගත්තාට කම් නැත. වසර 2004 දී අප දේශපාලන සංවිධානයේ අවසන් රාත්‍රී ‍භෝජන සංග්‍රහයට පසු අපව පවාදුන් පිරිස අපව කුරුසියේ තබා ඇණ ගැසුවා යැයි උදම් ඇණුවත් යළි අප දේශපාලනිකව සදාකාලික උත්තානයට පත්ව ඇත. ඔවුන කතා කලේම ආදරය ගැනයි. අප කතා නොකලේද ආදරය ගැනයි. ආදර ගැන කතා නොකර අප තවමත් දේශපාලනිකව ජීවමානය. දයලෙක්තිය ගැන තමන් මහා ප්‍රාඥයන් යැයි වහසි බස් දොඩන අය ඇත්තටම නොදන්නේ දයලෙක්තිකය ගැනය. දයලෙක්තිකය යනු සරළවම සමස්ථය තුළ ඇති ප්‍රතිවිරෝධය ඒ තුළම දැකීමය. ඒ අනුව අනුන් ගැන බොහෝ කතා කියන අයට තමන් ගැන කියන්ට අමතක වන්නේ දයලෙක්තිය පිළිබදව නොදන්නා නිසාය. අප දයලෙක්තිකව පහත විග්‍රහය ඉදිරිපත් කරන්නට අදහස් කලේ එය ලංකාවේ දේශපාලනය කරන්නට අවංකව කැපවී සිටින තරුණ පරම්පාරවට සහ මතු පරම්පරාවන්ට ප්‍රයෝජනයක් වනු උදෙසාය. මේ දේශපාලන සමස්ථය තුළ මේ නිසා අඩු වැඩි වශයෙන් අපද විවේචනයට ලක්වෙයි.

සුම්ත් චාමින්ද විසින් විශ්ව-විද්‍යාලයෙන් වැටුප් ලබන (රාජ්‍ය යන්ත්‍රය) කුමුදු කුසුම් කුමාරට විවේචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය අකාරුණික ක්‍රියාවක් යැයි පෙරළා කුමුදු විසින් තම අදහස ප්‍රකාශ කර තිබුණි. මේ ගැ‍ටළුව මතු වූයේ පාර්ශව දෙකක් අතරය. ඒ චාමින්ද සහ කුමුදුය. සංවාදය දෙවන මට්ටමට එන විට කුමුදු විසින් එයට  X කණ්ඩායමේ අතීත උපාය-උපක්‍රම සමගද ගැටළුව පටලවාගෙන තිබුනි. ගැටළුවට අප මැදිහත් වන්නේ මේ මංසන්ධියේදීය.

X කණ්ඩායමේ අතීත අභිලාෂයන් සහ කුමුදු ගේ පරමාර්ථ අතර විශාල වෙනසක් ඇත. කුමුදු හැප්පෙන්නට උත්සහා කරන ප්‍රපංචයට වඩා සපුරා වෙනස් ඉලක්කයක් X කණ්ඩායමට එකළ තිබුනි. X කණ්ඩායමට අවශ්‍ය වූයේ විශ්ව-විද්‍යාල පද්ධතිය විනාශ කිරීමට නොවේ. එය අවශ්‍ය වූයේ ලංකාවේ ප්‍රාග්ධනයට වන අතර එහි සමකාලීන නියෝජිතයා එස්.බී ය. X කණ්ඩායමේ නායකත්වයට අවශ්‍ය වූයේ බුද්ධිමය-දේශපාලන හෙජමොනිය විශ්ව-විද්‍යාලයෙන් විකේන්ද්‍රණය කරන්නටය. නවසිය තිස් ගණන් වල සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හරහා රාජ්‍ය බලය ලබා ගන්නට පැරණි වම උත්සහා කළ අතර එහි ආචරණයක් ලෙස වමේ බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් විශ්ව-විද්‍යාලය බුද්ධිමය පරිසරය තුළ ජීවත් විය. නවසිය හැටේ දශකය අවසානයේ ලංකාවේ පීඩිතයන් වෙනුවෙන් පටන්ගත් ජනතා විමුක්ති පෙරමුණ නම් පක්ෂය දැඩි මතවාදී ප්‍රහාර එල්ල කරන ලද්දේ පැරණි වමේ විශ්ව විද්‍යාල බුද්ධිමතුන්ය.

අනූව දශකයේ මැද භාගයේ ආරම්භ වූ X කණ්ඩායමේ දේශපාලනය තුළ එහි නායකත්වය උත්සාහ කරන ලද්දේ ඉහත සාකච්ඡා කරන ලද විශ්ව විද්‍යාල වාමාංශික ඔලු වල සුජාතභාවය නැති කිරීමටය. එය පුද්ගලික කෝන්තර ප්‍රශ්ණයක් නොවන අතර එය ඉතිහාසයේ ගාමක ගතිකයක් සමතික්‍රමණය කිරීමකි. 90 දශකය තුළ X කණ්ඩායම විසින් අහෝසි කරන ලද සමාජ-දේශපාලන තලයේ ( මෙය ස්වභාවික විද්‍යා ක්ෂේත්‍රයට අයිති නැත.) බුද්ධිමය ආධිපත්‍ය අදටත් අපට අහිමි වී නැත. කුමුදු කුසුම් කුමාර හිතන්නේ දැන් පෙරළා යළිත් විශ්ව ව්ද්‍යාල බුද්ධිමතුන්ට තමන්ගේ හෙජමොනික බලය ලැබී ඇති බවයි. විශ්ව-විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ෆැසිස්ට්  මැර දේශපාලන නායකයන් සමග අතට අත දෙන යුගයක ඔවුන්ට මේ රටේ  ඇති බුද්ධ්මය සුජාතභාවය කුමක්ද? අනික තවමත් ලංකාවේ විශ්ව-විද්‍යාල ගුරුවරයෙකු කට ඇරිය විගස ඉන් වහනය වන්නේ ග්‍රෝත්‍රික අදහස්ය. උදාහරණයක් හැටියට කුමුදු කුසුම් කුමාරගේ සයිබර් අවකාශයේ බිත්තිවල ඒල්ලා ඇති බොහෝ බටහිර බුද්ධිමතුන් 20 වැනි සියවසේ ෆැසිස්ට්වාදීන්ය. ජාතිවාදය අපට කොටස් දෙකකට බෙදිය හැක.(01) ජීව විද්‍යාත්මක ජාතිවාදය (02) ආධ්‍යාත්මික ජාතිවාදය. ගදාමර් සහ හෛඩගර් යනු ආධ්‍යාත්මික ජාතිවාදීන්ය. කතිකා කවයේ ප්‍රධානියෙකු වන දිමුතු සමන් වෙත්තසිංහට අනුව නලින් සුවාරිස් අදීන බුද්ධිමතෙකි. අපට අනුව නම් ඔහු ජාතිවාදී Island පුවත් පතට තම කීර්තිය පතුරවා ගන්නට ලිපි ලියූ ආධ්‍යාත්මික ජාතිවාදයෙකි. කුසුම් වැනි න්‍යාය සහ දර්ශණය මතුපිටින් පහුරුගාන පුද්ගලයෙකුට මෙවැනි ආධ්‍යාත්මික ජාතිවාදයක් ගැන වැටහීමක් නැත. ඔහුට අනුව ඉතිහාසය,ඓතිහාසික භෞතිකවාදය වැනි ඥාණවිභාගාත්මක කේෂත්‍ර කියා දෙයක් නැත. එමනිසා X කණ්ඩායම යනු ඕපපාතිකව පහළ වීමකි. X කණ්ඩායමට අවශ්‍ය වූයේ සමාජයේ වැඩ කරන යහපත් මිනිස්සුන්ට මඩ ගැසීමටය. මේ ඔහුගේ විචාර බුද්ධියේ තරමය. ඔහු වැනි ලිබරල් ධනවාදී දේශකයන් සහ විප්ලවවාදී දේශපාලකයන් අතර වෙනසද අහසට පොළොව මෙනි. කුසුම් කුමාර  ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් ( එය පොදු අරමුදලක් සහ පොදු දේපලකි) වන ලේක් හවුසිය සම්පූර්ණයෙන්ම විනාශය කරා ගෙන ගිය බන්දුල පද්මකුමාර ගැන මුණිවත රකි. ඔහුගේ විචාර බුද්ධිය හැම විටම යොමු වන්නේ ඔහුගේ ආතල් කඩන අයට එරෙහිව මිස සමස්ථයට එරෙහිව නෙවේ.

කුසුම් කුමාර  තමන් විසින්ම අවලාද නගන මෙම ‘X කණ්ඩායම’ 90 දශකය මැද දී තමන්ට විශ්ව-විද්‍යාල ගුරුවරයෙකු වීමට උදව් කළ අයුරු තක්කඩි ලෙස මගහරියි.

කුමුදු කුසුම් කුමාරට තිබෙන ප්‍රාථමික උපාධිය දර්ශණයට අදාලය. නමුත් ඔහු සේවය කරන්නේ සමාජ-විද්‍යා දෙපාර්ථමේන්තුවේය. තම රැකියාවට අදාලව සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් කුමුදුට ඒ ගැන විශ්වාසයක් තිබුනේ නැත. එවකට විශ්ව-විද්‍යාලයේ සිටි පිඨාඨිපති අර්ජුන පරාක්‍රමට කියා කුමුදුගේ රැකියාව සහතික කරන ලද්දේ කවුද? මේ වන විට කුමුදුට අතීතය  සපුරා අමතකව තිබිය හැක. එකල X කණ්ඩායම සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ කුමුදු කුසුම් කුමාර ඉවර නොවන ආචාර්ය උපාධියක් කැනඩාවේ කරමින් සිටියේය. පළමු කසාදයෙන් වෙන් වී දෙවන විවාහයට සිත සදාගෙන ආත්මීයව පර්වර්තනයක් වෙමින් සිටි එම කාලයේ ඔහුට බුද්ධිමය අවකාශයක් නිර්මාණය කර දුන්නේ X කණ්ඩායමේ විවිධ ප්‍රකාශණ සහ සම්මණ්ත්‍රනය. කොටින්ම ලන්ඩන් සගරාව නිකුත් කරන ලද දිනයේ කුමුදු කතාවක්ද කරන ලදි. මේ අතීත කරුණු ඔහුට පමණක් නොව තවත් බොහෝ දෙනාටද අමතකය. සමකාලීන පශ්චාත්-නූතන බුද්ධිමය සංස්කෘතිය තුළ ඉතිහාස කතා වලට ඇත්තේ ඉතාම කුඩා අවධානයකි. නමුත් අවස්ථාවාදී දේශපාලනය වටහා ගැනීමේ දී මෙම සෑම කරුණක්ම ඉතාම විවාදසම්පන්නය.

ප්‍රභා මනුරත්න ගේ ආගමනය-

සුමිත් චාමින්ද ගේ වචන වලින් කියන්නේ නම් ඔහුගේ දේශපාලන අරගලයේ හිටපු තියුණු සහයිකාවක් එක්වරම කුමුදු කුසුම් කුමාරගේ පිහිටට පැමිණ ඇත. ග්‍රැන්බර්ග් වත්තේ නිවසේ ඉහළ මාලයේ දී තම පිරිමියාට හැන්දෙන් ෆෘට් සැලඩ් කැවූ සටකපට අවස්ථාවාදී ප්‍රභා මනුරත්න ගේ වර්ථමාන පිහිටුම ගැන චාමින්දට පුදුම වීමට අමතර හේතු අවශ්‍ය නැත. සුමිත් චාමින්ද තමන්ගේ ‘බැස්ටීලයට ඇතුලතින් පහරදීම’ නම් මැදපාන්තික ආචාර්ය උපාධි නිබන්ධනයේ දී තමන් මේ ඉන්ධන සපයන්නේ කාටදැයි නොදැන පහත ආකාරයට ප්‍රභා මනුරත්නට කඩේ ගියේය.

‘ප්‍රභා එහිදී කල කතාව තුළ ස්ත්‍රීත්වය පිළිබදව දීප්ති ගේ පුරුෂෝත්තමවාදී ස්ත්‍රී විරෝධී ආකල්පය න්‍යායිකව විවේචනය කළාය. ඇය එදින අප සමග පැවසුවේ තමන් එම කතාව කළේ X කණ්ඩායමෙන් ඉවත්ව යාමට වුවත් සූදානමින් බවයි. නමුත් එහි ප්‍රතිළුලය වූයේ දීප්ති එම කතාව සමස්ථයට ඇතුලත් කරගෙන තමන්ට අවශ්‍ය පරිදි එය අර්ථකතනය කිරීමයි. ශානිකා,ප්‍රභා, මනෝජා, සහ නීලිකාගේ විශ්වාසයේ අත් නොහැරෙණ දෑත් මත විටෙක සියල්ලම රදා පැවතිණි. ’

දැන් වසර අටක පමණ කාලයක් ගත වී ඇත. මනෝවිශ්ලේෂණය ගොඩ වෙදකමක් යැයි සිතූ සුමිත් චාමින්දට අවස්ථාවාදී සහ පැමිණිලිකාරී ( මේ වචනය පරණ නම් අලුත් වචනයක් දාගන්න.) ප්‍රභා මනුරත්න තමන්ගේ ඉංග්‍රීසි හයිය පාවිච්චි කර උත්තරයක් දී ඇත. තමන් විසින්ම උඩ දමා ඉහල යවන ලද බැලුම ඇමෙරිකාවේ සිට කෝචොක් එකක් චාමින්දට එල්ල කර ඇත. ඇයට අනුව චාමින්ද අවිදුර දෘෂ්ඨිකෝණයෙන් පෙළෙයි. ගල්කිස්ස වෙරළේ ගල්මුවා බංකුවක් මත චාමින්ද වාඩි වී සිටි ඒ සොදුරු සැන්දෑව මතක් කර ගන්න. බස්නායකව පාවා දී බණඩාර සමග පැනයාමට යනවා යැයි පබාවතී චාමින්දට කී විගස චාමින්ද ගේ උත්තරය වූයේ කුමක් ද? ‘ඕවා ඕගොල්නගේ පර්සනල් වැඩ. ’එසේ කී චාමින්ද තමන්ගේ අවස්ථාවාදය වෙනුවෙන් අතපය කපාගෙන සිටින පිස්සු ගැහැණියක්ව ( දැන් මේ පිස්සු ඇමෙරිකාවේ ඇකඩමික් සම්මණ්ත්‍රන වලටද බලපාමින් තිබෙන අතර මේ දේවල් ගැන මෙලෝ මළදානයක් නොදන්නා කුසුමු කුමාර ඇයට political Activist යනුවෙන් අලුත් මාලයක්ද පළදවා ( කුසුම්ට අපි කියන්නේ මේ ගැහැණිය සමග සතියක් ආශ්‍රයකර බලන්න කියාය.) සිමොන්දි බුවාර් මට්මටමට ඔසවන ලදි. දැන් චාමින්දට කපා ගන්නට වී ඇත්තේ තමන් වසර අටකට පෙර වැපිරූ දේවල්ය. ප්‍රභා මනුරත්නගේ උමතුව ගැන තවත් හොදින් දන්නා චරිතයක් වන්නේ ච්ත්‍ර ශිල්පියෙක් සහ නවසමසමාජයේ සිටි ඉන්දුය. මේ ඉන්දුව ප්‍රභා මනුරත්න වසර 6-7ක් ම ඇසුරු කරන ලද අතර සම්බන්ධය හදිසියේම ප්‍රභා විසින් නතර කරන ලද අතර එය ද  X කණ්ඩායමේ නරකම වැඩ ගොන්නට එකතු විය. සම්බන්ධය ඉවර වී මාසයක් ඇතුලත ඉන්දු තවත් තරුණියක් සමග විවාහ වූ අතර හිස මුඩු කරන ලදි.

ප්‍රභා මනුරත්න ගේ අප සමග වූ පැටිකිරිය

අපගේ සංවිධානයේ සාමාජිකයෙක් වූ ශේන් විසින් එවකට තම ඉංග්‍රීසි ගුරුවරිය වූ ප්‍රභා මනුරත්න සංවිධානයට හදුන්වා දුන්නේ 2001 වසරේ දීය. නමුත් ඇය ක්‍රියාකාරී වැඩ වලට සම්බන්ධ වූයේ සිරිමල් උයන පාරේ නිවසට සංවිධානය මාරු වූ  2002 වසරේදීය. ප්‍රභා මනුරත්න පළමුවෙන්ම සංවිධනායට ඇතුලු වූ විගසම තම පන්ති තත්ත්වය සහ අධිරාජ්‍යවාදීන්ගේ භාෂාව පාවිච්ච් කර සංවිධානයේ බලවත් චරිත වලට ඉතාම ඉක්මනින් සමීප විය. විශ්ව-විද්‍යාල ප්‍රජාව අතර තම සිවිල් බලය පෙන්වීම සදහා සංවිධානයේ නම ඉතාමත් හොදින් පාවිච්චි කළාය. ( ඇය සංවිධානයට පැමිණියාට පසු අවිධිමත්ව සංවිධානයෙන් උගත් සමාජ දැනුම තමන්ගේ පුද්ගලික කීර්තිය උදෙසා වර්ථමානයේ ගණිකා සේවයේ යොදවමින් සිටියි. මේ පිළිබදව ඇය සේවය කරන සහ උගන්නවන සහ දේශණ දෙන පාර්ශ්ව වෙත අනාගයේ දී අපි  ලියන්නට උත්සහා කරන අතර ඒ ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් මේ වන විටත් අප රැස්කරගෙන සිටින්නෙමු. සයිබර් මැරකම් ගැන කතා කරන්නන් මෙවැනි තක්කඩි වැඩ කරන අයයි.) සාමාන්‍යෙයන් සිදුවන පරිදි සංවිධානයේ සෑම ස්ත්‍රියක් පසු පසම චාමින්ද ගේ හෙවනැල්ල වැටුණ පරිදිම ප්‍රභා ගේ පසුපසටද චාමින්දගේ සෙවනැල්ල වැටුණි. ප්‍රභා විසින් ඒ ගැන පසුව මෙලෙස සංවිධානයට පැමිණිලි කරන ලදි. ‘සුමිත් මගේ පස්සෙන් එනවා. ඒක වාතයක්.’

තවත් ටික කලක් යන විට ප්‍රභා මනුරත්න යනු හිස්ටීරියානු මානසික රෝගයේ මූලාදර්ශයක් බවත් සංවිධානයේ සියළු දෙනා ඇගෙන් ප්‍රවේසම් විය යුතු බවත් අපට ප්‍රකාශ කරනු ලැබුවේ කුරුණෑගල කොල්ලෙකු වූ බුද්ධික බණ්ඩාරය. නමුත් මේ බුද්ධ්ක බණ්ඩාර පසුව මනෝවිශ්ලේෂණ න්‍යාය දීප්ති වැරදියට අර්ථකථනය කරමින් ඉන්නවා යැයි පවසා අවස්ථාවාදීව තම පළමු මතය 2004 දී ප්‍රතික්ශේප කරන ලදි. අද ඔහු ප්‍රභා මනුරත්නගේ පුද්ගලික නිවසේ පිරිමි මෙහෙකරුවෙකි. බාහිර අයට අනුව ඔහු ඇගේ සැමියාය.

2002  වසරේ අග සිට සංවිධානයේ නායකත්වය විසින් ප්‍රභා මනුරත්නට වැඩක් පවරන ලදි. එම වැඩය වූයේ සංවිධානයේ නායකත්ව මට්ටමේ හුන් කිහිප දෙනෙකුට ඉංග්‍රීසි ඉගැන්වීමයි. ඉන් දෙදෙනෙකු හැලී ගිය අතර තුන් දෙනෙකුට ඉවරයක් නැති වන තුරු ඉංග්‍රීසි උගන්වන ලදි. ඒ අය නම් බස්නායක, පැණියා මහත්තයා සහ බණ්ඩාරය. ප්‍රභා බණ්ඩාරට නම් තවමත් ඉංග්‍රීසි උගන්වමින් සිටින අතර ඔහු දැන් ඇගේ ස්වාමියාය. ( මෙය MASTER-SLAVE සම්බන්ධය සිහි කරවයි.) මෙම ඉංග්‍රීසි ඉගැන්වීම සුදු කුකුල පෙන්වීමේ සිට syntax එක දක්වා ප්‍රසාරණය වූ අතර ප්‍රභා මනුරත්න තම මානසික ව්‍යුහයේ ආකෘතියට අනුව එකවරම බස්නායක සහ බණ්ඩාර සමග ප්‍රේමයෙන් වෙලුනේය. මේ ප්‍රේම සම්බන්ධය ත්‍රිකෝණාකාර සම්බන්ධයක් වී පසුව ලෙනිනිස්ට් සම්බන්ධයක් බවට භුමණය වී පසුව ෆැසිස්ට් බාහිර සතුරෙකු සොයා ගන්නා ලදි. එකවරම බස්නායකගේ පුක නැති වූ අතර ප්‍රභා මනුරත්න බණ්ඩාර සමග සංවිධානයේ ඩී.වී.ඩී තොගයක් ද සහිතව දෙසැම්බර් 26 වන දා රාත්‍රි 2ට පැණ ගියේය.

ඔබ ඉහත කිය වූයේ ප්‍රභා මනුරත්න සහ X කණ්ඩායම අතර පැවති කෙටි දේශපාලන සම්බන්ධයයි. එය වසර 2කට අඩු කාලයකි. නමුත් ඇය දැන් හැසිරෙන්නේ X කණ්ඩායමේ මුළු ජාතකය දන්නා කෙනෙක් හැටියටයි. ඇය අපට අමතක නොවන චරිතයක් බවද කිව යුතුය. ඒ ඇයගේ දේශපාලනය නිසා නොවේ. ඒ අතින් ඇය ඉතාමත් ගොබ්බය. නමුත් ඇය විසින් වසර 5ක් පමණ බ්රෑරුම් යැයි අප විසින් නිගමනය කරන ලද චරිත කිහිපයක් ( ඇගේ වර්ථමාන මෙහෙකාර සැමියාද ඇතුලුව ) පිස්සු පොරවල් බවට ඇස්පනා පිටම අපට ඔප්පු කලේ මෙම ප්‍රභා මනුරත්නමය. අප මේ පැවසූ ඉතිහාස සම්බන්ධයට එහා ගිය වෙනත් සම්බන්ධයක් අප සහ ඇය අතර කිසිදු ආකාරයකට තිබුනේ නැත. නමුත් ඇය ඇගේ විරෝධාකල්ප ලිපියේ මෙසේ සදහන් කරයි. මා වනාහි දිගින් දිගටම සයිබර් චණ්ඩිකම් නිසා අපවාදයට ලක් වෙමින් සිටින කෙනෙකි. අපට ඇගෙන් අසන්නට, මතක් කරන්නට අතීත කතාවක් ඇත. කලක් ඔබ දේශපාලනය කළ සංවිධානයට නිර්ණාමික තර්ජනාත්මක ලිපි එව්වේ කවුද? සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු රහසින් ඉන් බාහිර පුද්ගයන්ට දුන්නේ කවුද? ලේක්හවුස් ඇතුලු පත්තර වලට සංවිධානයට විරුද්ධව මඩ ලිපි ලිවිවේ කවුද? සංවිධානය විනාශ කරන්නට රහසින් උත්සහා කලේ කවුද? ප්‍රභා සහ බුද්ධික බණ්ඩාර සමග මේ වැඩ කළ අය දැන් අප සමග නැවතත් සිටින මේවා ගැන දන්නේ නැහැ කියන්නට පුලුවන්ද?

ප්‍රභා මනුරත්නට තමන් කැමති ආකාරයේ දේශපාලනයක් කිරීමට ඇති නිදහස අපි පිළිගන්නෙමු. තමන් අහිංසක නම් පෙරළා ඊට ප්‍රතික්‍රියාවක් එල්ල වීමට කිසිදු ඉඩක් නැත. තමන් දන්නේ නැති X දේශපාලන අතීතය අමතක කර තමන් දැන් කරන වැඩ වලට ප්‍රමුඛතාවය දෙන්නේ නම් යහපත්ය. එසේ නොකර X හෝ එහි අනාගත වර්ධනයට කුහකව සහ ගොබ්බව අභියෝග කරන්නේ නම් පුද්ගලවාදී ප්‍රභාට ප්‍රතිචාර ඉතා ඉක්මනින් ලැබෙනු ඇත. එය ඉක්මනින් ඇමෙරිකාවටද ඇතුලු වනු ඇත.

ප්‍රභා මනුරත්න සහ බුද්ධික බණ්ඩාර යනු කලක් අප සමග සංවිධානයේ සිටි හොද මිතුරන්ය. ප්‍රභාට නැටීමට නොහැකි වුවත් ලස්සනට සිනා විය හැක. බුද්ධික බොහෝ දිනවල රෑ නිදිමරමින් අප සමග සාකච්ඡා කළ සහෝදරයෙකි. එබැවින් අවසන් වශයෙන් ඔවුන් සමග වූ ඒ අතීතය සිහි කිරීමට පහත ගොනුවට ගොස් මේ ගීත දෙක අසන්න!

ඔබේ අදහස කියන්න...

14 COMMENTS

  1. එක දිගටම, තෝරාගත් පුද්ගලයන් කිහිප දෙනෙකුට මඩ ගැහීම හෝ විවේචනයන් කිරීමෙන් වෙන්නේ ඔවුන් අනෙකා බවට පත්කර ගැනීමයි.මෙයින් වන්නේ තමන්ට දේශපාලන අරමුණක් තිබෙනවානම්?ඊට බාදා ඇතිවීමයි.දේශපාලනික නොවන මිනිසුන් විවේචනය කීරීම දේශපාලනික වැඩක් නොවෙයි.

    • අනේ නන්දේ අනෙකා ගැන කතා කරන්න එපා. ඔභ අපව අනෙකා කර ගන්න එපා. ඔබ කියන අකාරයට අපේ දේශපාලන අරමුණට මින් බාධාවක් ඇතිවන්නේ නම් අප මෙවැනි දෑ ලියන්නේ ඇයි? ඔබට මෙය බාධාවක් නම් අපට කරන්නට දෙයක් නෑ. දේශපාලනය ගැන නොදන්නවා නම් හරියට ඉගෙන ගන්න. අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් නොවන්න. කටයුතු කරන්නේ දයලෙක්තිකවයි. එය දැන ගැනීමට අවශ්‍ය නම් අපේ හේගල් සම්මන්ත්‍රණ මාලාව යළි අසන්න.

  2. නන්දෙට,සංස්කාරකගෙන් හොද උත්තරයක් ලැබුන කියල හිතනව.නමුත් ඇයි මේ ගොල්ලන්ට කිසිම සමාවක් දෙන්න ඕන නැත්තෙ කියන එකට මාත් යම් දෙයක් එකතු කරන්න කියල හිතුන මොකද ඔය 2004 කඩාගෙන ගිය අයගෙන් මාත් දෙන්නෙක් එක්ක ගනුදෙනු කරල තියෙනව විතරක් නෙමෙයි ,2004 එකට කාල බිල සහොදරයො වගේ ඉදල අන්තිමට නින්දිත විදියට උයන් කන වලං පිගන් ටිකත් අරන් ගිය කැතම කැත කංඩායමක් කියලත් අන්තිමට අදුන ගත්ත.ඒ වෙලාව මාත් ෂතිම අද්දැකීමට මුහුණ දුන්න මොකද මම දැඩි විදියට විස්වාස කරපු සගයෝ විරසකවිම සම්බන්ධව.මම කංඩායම් දෙකෙන්ම ඇහුව මොකද වුනේ කියල ගිය කංඩාම පුද්ගල කේන්දර චෝ්දනා ඉදිපත්කලා.ඉතිරි කංඩායම ඉතාම දේශපාලිනකව කරැණු ඉදිරිපත්කලා.අවසානයදි ඒ ගොල්ලො ඉතුරු වුනා.අනිත් කටිටිය නැත්තටම නැති වුනා. මට පේන විදියට දැන් පොඩි පොඩි හොල්මන් වැඩකරනව .ඔය කුමුදු කුසුම්කුමරලත් ඔය හොල්මන් කලින් උඩදාපු අය.කිසිම සමාවකින් තොරව හොල්මන් මවන්නන්ට සහ කැත වැඩ කර මියගිය හොල්මන් වලට දේශපාලනිකව පහර දියයතුයි.(එය මඩද ගොමද කියා අදාල වන්නේ මේ පාවාදූන්නන් ගෙන් බැටකෑ සත්යයවාදි මිනිසූන්ය)

  3. කැලුම් විධායක ශේණියේ රැකියාවක් කරන අවුරැදු 35ක දෙදෙරැ පියෙකි. ඒ වගේම සල්ලාලයෙකි….See More
    කැලුම් විධායක ශේණියේ රැකියාවක් කරන අවුරැදු 35ක දෙදෙරැ පියෙකි. ඒ වගේම සල්ලාලයෙකි. ඔහුගේ බිරිද ඔහුට වඩා වසර පහකින් බාලය. රාජකාරී දිනයකදී කැලුම් වෙනත් තරැණියක් සමග හෝටලයක සිටින විට ඔහුගේ ෆෝන් එකට විඩ්යෝ මැසේජ් එකක් ලැබුනි. එහි සටහන් වී තිබුනේ මීට මාසයකට ඉහත පාටියකදී කැලුම්ගේ යාළුවෙකු විසින් කැලුම්ගේ බිරිදත් සමග සුහද කතා බහක යෙදී සිටින අතර අදාල යාළුවා තම බිරිදට කිස් කරන අයුරැය. එවිට බිරිද කිස් කරන විට අකමැති ස්වභාවයක් පෙන්වුද කිස් කිරීමෙන් පසුව ඇයගේ බැල්ම තුල හා සිනහව තුල වුයේ හැගීම් බර ගතියක්ය.
    මෙම වීඩියෝව නැරඹු කැලුම්ගේ ලිංගික හැගීම් හැකිලී ගිය අතර සම්පූරණම මානසික කඩා වැටුනු ඔහු එවලේම හෝටලයෙන් පිට විය.
    කැලුම් සමග එදින පැමිණි අවුරැදු 22ක් වන සුරෑපි තරැණියක් වන ඇය තරැණයෙක් සමග හෝටලයට පැමිණි පලමු අවශ්තාවද මෙය විය.
    කැලුම්ට අදාල සිදුවීම දරා ගැනීමට නොහැකි වුයේ ඇයි.?

  4. nirmalla, prabala ekathu wela ethihasaya apassata liyawanna hadanawa………….uni lectures lagen e kale unu deyak na………..selfish minisun godak witharai…………ada nirmalla ekadipaathi anduth ekka, awasthawadi wada karanawa….nirmalla ek warame jvp may rally and teachers union may rally dekatama yanawa……mehemat awasthawadiyo gonnak

  5. පහත ඵලවන්නේ මම සහ මගේ ජාතිවාදි මිතුරෙකු අතර ඇති වූ සංවාදයක කොටසක්
    උබ කියන විදිහට වාමාංශිකයන් වගේ උන් ද බන් කොමියුනිස්ට් රාජ්‍ය හදලා සිංහල අපිට විමුක්තිය දෙන්ඩ එන්නේ. උන්ට මේ රට ගියොත් වෙන්නේ ස්ටාලින්, පොල්පෝට් වගේ උන්ගේ වධකාගර තමයි. වාමාංශිකයෝ කියන්නේම එකාට එකා නැති මනෝවිකාර කාරයෝ ටිකක්. කයියයි, පඩයි විතරයි……
    මගේ ජාතිවාදී මිතුරා සිතා ඉන්නේ එයා හැම දෙයක්ම දන්නවා කියලයි. මම මිනිහට සෑහෙන්න පවතින සංනදර්භයන් වටහලා දෙන්න උත්සහා කලා. මිනිහට තියෙන්නේ මුලු සමාජය එක්මම වෛරයක්. වාමාංංශිකයන් එක්ක වෛරයක් තියෙන්කේ මිනිහාගේ තාත්තා මේසන් බාස් කෙනෙක් නිසයි. මිනිහා හිත්නේ මේ ඔක්කොම වුනේ උගේ තාත්තා දුප්පත් වුන නිසා කියලයි. මිනිහට අනුව ඒක වෙලා තියෙන්නේ බුදු දහම අනුවයි. අපි දෙන්නා පොඩි කාලේ ඉදන්ම යාඵවෝ අපි පුංචි කාලේ අපේ ගෙවව් පැත්තේ සිරිමම් කියලා අයියා කෙනෙක් හිටියා. මිනිහා අපිව මිනිහගේ ගෙදර කවුරුවත් නැති වෙලාවට එක්ක යනවා. පස්සේ කලිසම ගලවලා එක එක ඒවා කරනවා. අපිට මේ වැඩේ නිසා හැමෝ එක්කම තරහක් ඇති වුනා. ඒත් මම පස්සේ කාලෙක යථාර්ථය තේරුම් ගත්තා. ඒක මම ඉගෙන ගත්තේ දීප්තිගෙන් මගේ මුඛීය අවධිය,ගුධිය අවධිය සහ කැඩපත් අවධිය. ඔක්කොම අප්සට් ඒ නිසා තමයි මේ වෙබි සයිටි එක බලන්නේ මගේ ජීවිතයට ඒකෙන් ආලෝකයක් ආපු නිසයි මම මගේ යාඵවාටත් මේ ගැන කිවේ ඒත් මිනිහට තවම සිරිමල් අයියගේ අතීත ප්‍රශ්ණයෙන් ගැලවෙන්න බෑ. මටත් සමහර වෙලාවට අමාරුයි. ඒත් මට වෙනස් වෙන්න ඕන දේශපාලනය කරන්න ඕන මට උදව් කරන්න පුලුවන් අය ඉන්නවා නම් උපදෙස් දෙන්න ලොකු උදව්වක් ඒක

  6. මේ ලියන්නේ තවත් කිවිඳියක් ගැන නම් නොවෙයි. මේ ලියැවෙන්නේ මහමෙරක් මෙන් නොසැළුන අකම්පිත ආත්මයක පරිකල්පනීය දිග පළල පිලිබඳ මිනින්දොරුවකුගේ සටහනකි. 1992 දී පමණ ඈත දුරාතීතෙක මට ඇයගේ කවි කියවා මතක ඇත්තේ රාවය පුවත් පතිනි. එකල මට හැගුනේ ඇය ද අප මෙනි.

  7. මචං නිව්ස් එඩිටර්…. අනිත් හැම එකේම දාන කම්මේන්ට්ස් තේරෙනවා නමුත් මේ සුද්දිගේ පින්තූරයක් දාපු ලිපියේ දාන කම්මේන්ට්ස් තේරෙන්නේ නැහැ නේ බන්. අනේ බන් පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ.

    • ඇය සුද්දියක්ද? ඇය හම සුදුවීම නිසා සුද්දියක් වෙිද? අහෝ ඔබ නැවතත් මේ ලිපිය කියවන්න නැති නම් පබාවතිගේ කතාව කියවන්න

      • අගේ හම පමණක් නොව කොණ්ඩයද රන්වන් පැහැතිය. මෙම ඡායා රූපය ගෙන ඇත්තේ ඉතා දියුණු වටිනා කැමරාවකින් බව පෙනේ. එබැවින් ඇය සුද්දියක් විය යුතුය. පබාවතියගේ කතාව යනුවෙන් පොතක් තිබේද ?

        • පබාවති ගේ පොත පමණක් නොව ටෙලි නාට්‍යයක් ද තිබේ. එහි ප්‍රධාන නළුවා බස්නායකය. නිළිය පබාවතිය. දුෂ්ඨයා බුද්ධික බණ්ඩාරය. කතාව සහ දෙබස් හැලපයා මහත්තයාගෙනි.සංස්කරණය පැණියාගේ වන අතර අධ්‍යෂණය අමාරිස් අයියාගේය.

  8. “දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය.

  9. “දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය.

Comments are closed.