[dropcap color=”green”]ය[/dropcap]ම්කිසි විවාදයක් පවත්වාගෙන යන්නේ නම් එයට පළමුව ප්‍ර වේශයක් තනාගත යුතුය. Critique යන වචනයේ ලතින් තේරුම ‘විනිශ්චයක් ලබාදීම‘ යන්නය. විනිශ්චයක් ලබාදිය යුත්තේ අපගේ දැනුමට නොව අපගේ ක්‍රියාවන්ටය. අපගේ ගැටලුව පාදකවී ඇත්තේ මනුෂ්‍යයාගේ දැනුම පාරභෙ!තික ක්ෂේත්‍රයක ක්‍රියාත්මක වනවාද යන්න පරික්ෂා කිරීමට නොවේ. දෙවියන්, ආත්මය, විශ්වය වැනි සංකල්ප දැනුම පාවිච්චි කර ඔප්පු කිරීමට යාමෙන් සිදුවන්නේ න්‍යාය-විරෝධ හමුවීම පමණි. මෙම න්‍යාය-විරෝධ ගැන අපට උනන්දුවක් නැත. උදාහරණයක් වශයෙන් යම්කිසි කෙනෙකු ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හොදද නරකද කියා අප අසන්නේ නැත. එය සදාචාරවාදය පිළිබද  ගැටලුවකි. අප අසන්නේ මෙවැනි ප්‍රශ්නයකි. ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට ආධාර අනුබල දෙන්නා එම ක්‍රියාව කිරීමෙන් නිදහස් මිනිසෙකු වන්නේද? අප අසන්නේ යම් පුද්ගලයෙකු ස්ත්‍රියකට පහරදීම හොදද නරකද කියා නොවේ. ඊට පරස්පරව අප අසන්නේ තමන්ගේ ආශාව ස්වපීඩක යැයි නොදන්නා ස්ත්‍රියකට එය කියාදීම විප්ලවවාදීද? නැතහොත් ස්වයං-උල්ලංඝණයක්ද? යන්නය.

සරලව කිවහොත් අප අසන්නේ මිනිසෙක් අනෙකාගේ ක්ෂේත්‍රය ඇතුළත කරන ක්‍රියාවට වග කියන්නේද යන්නය. මිනිසෙකුගේ යහපත හෝ සමාජයක යහපත උදෙසා මිනිසුන් කරන ක්‍රියාවන්වල පදනම හොද නම් (Good)  එයට තිබිය හැකි සදාචාර මිම්ම කුමක්ද? උදාහරණයක් වශයෙන් නිර්මාල් රංජිත් මහතා 2004 වසරේ X කණ්ඩායමේ දීප්ති ප්‍රවනතාවයට විරුද්ධව හිටගත්තේ සමාජයේ පොදු යහපත උදෙසාද?  නැතහොත් එය ඔහුගේ අවිඥානක ක්‍රි යාවක්ද? අප අසන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සහ සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන යාම අතර වෙනසක් පවතීද යන්න නොවේ. අපගේ ගැටලුව එය නොවේ. අප අසන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන්නාගේ ආශාව ඔහුට/ඇයට අවිඥානකද සවිඥානකද යන්නය. දැන් මෙතනදී කෙනෙකු සාක්ෂි පිළිබදව ප්‍රශ්න කරන්නේ නම් ඒ අය තොත්ත බබාලාය. අවශ්‍ය වන්නේ ඒ සදහා දැනට ඇති සාක්ෂි සොයාගැනීමය. උදාහරණයක් වශයෙන් වංගීසගේ ක්‍රියාව දුටු අය ඇත. කල්‍යානන්දගේ ක්‍රියාව දුරකතනයක පටිගත වී ඇත. එම සාක්ෂි අපි නොපිළිගන්නේ නම් අප ජීවත් වන්නේ සංකේත ලෝකයක නොවේ. එවැන්නෙකු ජීවත් වන්නේ පුද්ගලික සත්‍යයක් සහිත ගෘෘබර් වැනි අයෙකුගේ ලෝකයේය.

උදාහරණයක් ලෙස එක්තරා අවස්ථාවකදී නිර්මාල්ට සහ කල්‍යානන්දට මධුවන්ත නම් පැරණි X කණ්ඩායමේ සාමාජිකයා තමන්ගේ බිරිදව වෙනත් පුද්ගලයෙකු (මේ කෙනා දැන් විවාහ වී සිටින නිසා නම අමතක කරමු) විසින් අපහරණය කරන බව කණගාටුවෙන් පවසයි. එහිදී නිර්මාල් පවසන්නේ මෙම වැඩය ඔවුන් ඉගෙන ගත්තේ බුද්ධික සහ ප්‍රභාගෙන් බවයි. නමුත් මේ නිර්මාල් අද වනතුරු ප්‍රසිද්ධ සමාජයේ මේ ගැන වචනයක්වත් කතා නොකරන්නේ මන්ද? එසේ කළ වහාම තමන් X කණ්ඩායම විවේචනය කළ පදනම දෙදරා යනු ඇත. එවිට නිර්මාල්ගේ ආත්මමූලිකත්වය නරුමවාදීය. ඔහු තමන් දන්නා දෙය සහ විශ්වාස කරන දෙය අතර පරතරයක් පවත්වා ගෙන යයි.. ඔහු හොදින්ම දන්නව බුද්ධික සහ ප්‍රභා සංවිධානයෙන් ඉවත් වුණේ සමාජ අරමුණක් සදහා නොවන බව. (මේ අදහස සුමිත් චාමින්ද ඉතා විචක්ෂණ ලෙස විනාඩි 40 ක කාලයක් පුරා විග්‍රහ කරන ලදී. අවශ්‍ය නම් එය නිර්මාල්ට ඇසීමට ලබාදිය හැක.)  සුමිත් ඉතා පැහැදිලිව කරුණු රාශියක් මත පදනම් වී කියන්නේ ‘උන් ගැහුවෙ පර්සනල් ගේම් එකක් කියාය. උන් පර්සනල් වැඩවලට න්‍යාය යොදාගත්තා.‘ සුමිත් ඒ සදහා සංයුක්ත උදාහරණයක් මෙලෙස පැහැදිලි කරයි.

‘බස්නායක එක්ක තිබ්බ සම්බන්ධය ප්‍රභා එකපාරටම ඉවර කරා. ඒක යුක්තිසහගත කරන්න ආශාව පාවාදිය නොහැක යන සටන් පාඨය ගෙනාවා. මොකද ප්‍රභාට පුලුවන්ද ප්‍රසිද්ධියේ කියන්න මට දැන් බුද්ධික එක්ක සම්බන්ධයක් තියෙනවා කියන්න‘

ඉහත කරුණු ගැන අප නොව නිර්මාල්ම සත්‍යවාදීව කරුණු ඉදිරිපත් කරනවා අප අසා ඇත්තෙමු. මාක්ස් සහෝදරවරුන්ගේ භාෂාවෙන් කියනවා නම් ‘ඔබ ඇස් දෙකෙන් දකින දේ විශ්වාස නොකරන්න! මම කියන දේ විතරක් විශ්වාස කරන්න‘

අපි නැවතත් ගැටලුව විදාරණය කරමු. මිනිසුන් තමන්ගේ ‘සැබෑ ක්‍රියාව‘ තමන් කරා යැයි සමාජය ඉදිරිපිට පිළිනොගන්නේ මන්ද? එය කළේ මා නොව වෙන කෙනෙක් යැයි සිතා සිටින්නේ මන්ද? මිනිසාගේ රැඩිකල්  ක්‍රියාව (Action) අයත් වන්නේ සවිඥානයට නොව අවිඥානයටය. ඒ නිසා මෙම ක්‍රියාව මිනිය යුත්තේ සදාචාරයෙන්ද? බුද්ධියෙන්ද? උභතෝකෝටිකය එයයි. අප ඉන්නේ වාමාංශිකයන් කවදත් සිටි සදාචාරය පැත්තේය. උදාහරණයක් ලෙස වංගීස මෙසේ කිව්වොත් අපගේ සංවාදය අවසන්ය. ‘ඔව් මං ගැහුවා‘. (එතනදී අපට අනුව වංගීස කියන්නේ බාහිර සදාචාරයෙන් තොරව නිදහස් මිනිහෙක් කියන එක). මොකද එතනදී  වංගීස තුළ ජීවත් වන ඔහුටම අද්භූත මිනිසා පිටස්තරයෙකු නොව ඔහුම බව ඔහු  පිළිගැනීමයි.එනම් අවිඥාණක අගතියකින් නිදහස් වීමයි. ඉන් පසු ඔහුට කිසිදාක ගැහැණුන්ට ගහන්නට අවශ්‍ය නැත.මෙය කෑම පිගානක සියළුම කෑම පිහිදා ඉවත් කිරීමට සමානය.  නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි පිළිගත් දිනට මේ සංවාදය අවසන්ය. අවිඥානය යනු අප තුළම ජීවත් වන අපගේම පරාරෝපිත සාරයයි. අප දන්නා දෙය නොදැන සිටින්නේ මන්ද යන කාරණය ව්‍යුහගත වී ඇති ස්ථානය අවිඥාණයයි. අද්භූත මිනිසා අනෙකෙක් නොව ‘අපමය‘. සංවාදයට මයික්, මේස, පුටු අවශ්‍ය නැත. අවශ්‍ය ලිවීම පමණි. මන්ද යත් ලිවීම හරහා ලේඛකයා මිය යන බැවිනි. ( මේවා අප සංවිධානයේ සාමාජිකයන්ට ඉගැන්වූයේ 90 දශකයේඅවසාන කාලයේ ය.) සෙන් ආගමේ මෙන් අප නම් තනි අතින් අත්පුඩි ගසන්නට දන්නේ නැත.

chimera_by_lowlivier-d5rh84n

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මේ වගේ විවාද වලින් වෙන්නේ වමට කෙළවෙන එක ඒ වගේම මහින්ද රෙජිමයට තවත් දිනුකම් මේකෙන් නිර්මාල්වත් දීප්තිවත් දිනන්නේ නැහැ ….හැබැයි වමට පරාජය සිකුරුයි මේ මොහෙත් හැම අමනාප කමක්ම අමතකක කරලා වම්මු වම්මු එකත්වෙන්න ඕන වෙලාව කෙලවගන්න වෙලාව නෙමේ නියාය ගැන කප්පරක් දෙසන කරන දීප්ති මේ මොනවද පිස්සු කෙලින්නේ …
    දීප්ති නිර්මාල් දන්නේ නැද්ද ලෙනින් ඇකඩමික් සංවාද ප්‍රතික්ෂේප කලා කියල මේවා දනවාදයට කෙලවන්න කරන වද නෙමේ වමට කෙලවන්න කරන ඒවා ඒ නිසා මේ සංවාදය වමට අවාසියි වහාම මේක නවත්තන්න ඇත්ත අවංක වම්මුනම් …මෝඩ වම්මු නම් වදේ කරපල්ලා ආණ්ඩුවට පුක පැලෙන්න හිනාවෙන්න පුළුවන් ..දනවාදයට කෙලවෙව වම දිනේවා….

  2. එකතු වෙනවා කියලා දීප්ති කා එක්කද එකතු වෙන්න ඕනෙ? නිර්මාල් එක්කද? පුබුදු ජාගොඩ එක්කද? බාහු එක්කද? සිරිතුංග එක්කද? සත්‍යය වියුක්ත නැත. සත්‍යය හැම විටම . . .

  3. හොඳ හිතින් අහන්නෙ වාද කරනවද නැද්ද?? මේස පුටු මයික් සියල්ල ඇතිව වාද කලාට ප්‍රස්නයක් නැත..ඒ මොනවා තිබුනත් අවසානයේ වියමනෙන් පිට මොකවත් ඉතිරි නොවන නිසාය..කමෝන් බෝයිස්‌..

  4. මොන විවාදේ කලත් වීඩියෝ කරලා දාහල්ලා.. පහුවදා වෙද්දී…….

Comments are closed.