[dropcap color=”black”]ප[/dropcap]සු ගිය දිනෙක දීප්ති කුමාර ගුණරත්න විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා හට විවෘත දේශපාලන අභියෝගයක් කළා. ඒ දේශපාලන සංවාදයක් සදහා සහභාගි වන ලෙසයි. ඒ අනුව නිර්මාල් විසින් ඉහත අභියෝගය භාර ගත්තා. ( ඇත්තටම එය භාර ගත්තේ මධ්‍යෂ්ථානය නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන වංගීස සුමනසේකර මහතායි. ) පසුව ඒ පිළිබදව නිර්මාල් මහතා තුෂාර දස්කොන්  සමග අන්තර්ජාලයේ ඇති වූ කතා බහකදී අපට සතියක කාලයක් ලබා දෙන ලෙස ඔහුට පවසා තිබෙනවා. ඔහු ඊට එකගතාවය පළ කර ඇත. නිර්මාල් රංජිත් දේවසිරි මහතා යනු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සමිමේලණයේ සභාපතිවරයායි. ඒ අනුව පිළිගත් සිවිල් සමාජය තුළ ඔහු ප්‍රබල චරිතයක් වෙනවා. ඒ අනුව නිර්මාල් සහ අපේ නියෝජිතයා අතර ඇති වූ කතා බහට අනුව සතියකින් විවාදයට සූදානම් වන්නට අප තීරණය කලා. මේ කාලය අතර නිර්මාල් ගේ පාර්ශවයේ හැසිරීම පිළිබදව යම් කරුණු පැහැදිලි කිරීමක් කරන්නට අපි අදහස් කලා.

මේ සංවාදය සම්බන්ධයෙන් මේ වන විටත් නිර්මාල් ගේ පාර්ශවයෙන් මේ සදහා සෘජුව පාර්ශවයන් කිහිපයක් මැදිහත්ව සිටිනවා.

ඒ අතරින් කල්‍යනන්ද පෙරේරා පළමු තැනැත්තා වෙනවා. මේ සංවාදය පවත්වන බව පැවසූ වහාම ඔහු මධ්‍යස්ථානය නම් බ්ලොග් අවකාශයට ( මෙය සෘජුව මෙහෙය වන්නේ නිර්මාල් ගේ උපදෙස් මත වංගීස සුමනසේකර මහතා විසිනි.) නිළ වශයෙන් ලිපියක් ලියනවා. ඔහු එය නම් කරන්නේ නොකෙරෙන විවාදයක් ලෙසිනි. එහිදී ඔහු අප විසින් මේ විවාදය මග හරින්නට මෙසේ කියනු ඇතැයි කියා ඔහුට සිතන දේ ලයනවා. ඒ ගැන නිර්මාල්ට කිසිදු ලැජ්ජාවක් හෝ හිරිකිතයක් ඇති වන්නේ නැහැ. අනික් අතට මේ කල්‍යනන්ද පෙරේරා මහත්මයා යනු මේ දින වල ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාගවන නඩුවක චූදිතයෙක්. ඔහුට ඇති චෝදනාව ගණිකා නිවාසයක් කළමණාකරනය කර පවත්වා ගෙන යාමයි. එහිදී ඔහු ගණිකාවක් සපයන්ට උපාය දූතයෙකුගෙන් මුදල් ලබා ගත් අවස්ථාවේ අත් අඩංගුවට පත්ව තිබෙනවා. ඒ අනුව ඔහු දින කිහිපයකට රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. ඒ සම්බන්ධයෙන් වන නඩු විභාගය තවමත් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වනවා. මොහු එම අවස්ථාවේ පවසන්නේ තමන් ජනරල පුවත් පතේ මාධ්‍යවෙදියෙකු බවත් තමන් පැමැණියේ පුවත් පතට ලිපියක් සම්පාදනය කරන්නටත් බවයි. නමුත් අප මේ සම්බන්ධයෙන් ජනරළ ප්‍රධාන කර්තෘ චන්ද සිරිමල්වත්ත මහතා ගෙන් විමසූ විට ඔහු පැවසූවේ තමන් එවැනි මාධ්‍යෙව්දියෙකු නොහදුනන බවත් තම පුවත් පතේ එවැනි මාධ්‍යෙවිදියෙකු නොසිටින බවත්ය. මේ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සමයේ ප්‍රියාන් ආර් විජේබණ්ඩාර අපට කතා කොට කීවේ නිර්මාල් දැන් කල්‍යව අදුනන්නෑ වගේ ඉන්නවා. බලපං කොච්චර කීවත් ඌ පව් බං කියාය. ඒ අනුව නිර්මාල් ඒ දවස් වල කල්‍යනන්ද පෙරේරා මහත්තයාව අදුනන් නෑ කී බව පැහැදිලිය. සමහර විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපතිතුමාට ගණිකා නිවාස කළමණාකරුවෙක් බවට පොලීසියෙන් අත්අඩංගුවට ගත් අයෙකු තම මිතුරෙකු යැයි කියන්නට ලැජ්ජා හිතෙන්නට ඇති. අපිට ඊට දොස් කියන්නට බැරිය.

නමුත් අපට ඇති ගැටලුව වන්නේ නිර්මාල් රංජිත් නම් වැදගත් මහත්මයා දීප්ති තමන්ට විවාදයක් සදහා ආරාධනා කළ විට මෙකී ගණිකා නිවාසයක් පවත්වා ගෙනයාමට අධිකරණයෙන් සැකකරුවකු කළ පුද්ගයෙකු තම නියෝජිතයා ලෙස යොදා ගන්නේ මන්ද යන්නයි. නිර්මාල් මහතා මොහු තම නියෝජිතයෙකු ලෙස නොසලකන්නේ නම් තමන් විසින් පහසුකම් සපයා පවත්වා ගෙන යන බ්ලොග් අවකාශයේ මොහුට දීප්තිට විරුද්ධව ලියන්නට දෙන්නේ ඇයි? ඒ නිසා මුලින්ම නිර්මාල් මෙකී පුද්ගලයා සමග ඔහුට ඇති සම්බන්ධය ගැන හෙළි කළ යුතුය. අනික් අතට ගණිකා නිවාසයක් පවත්වා ගෙන යමින් දුර පළාත් වල අහිංසක තරුණියන් ගේ ශ්‍රමය සූරාකෑම පිළිබද ඔහු එකගද නැද්ද යන්න හෙළි කළ යුතුය. එසේ නැතිනම් ඔහු ඒ සම්බන්ධයෙන් දරණ වෙනත් මතයක් ඇත්නම් ඒ ගැන විවාදයට පෙර හෙළි කළ යුතුය.

දෙවනුව නිර්මාල් විසින් තමන්ගේ නියෝජිතයා ලෙස නිළ වශයෙන් පත් කළ වංගීස සුමනසේකර මහතා සම්බන්ධයෙන් යමක් කිව යුතුය. මොහු වරක් ප්‍රසිද්ධ ගායක ඉන්ද්‍රචාප ලියනගේ නම් අයගේ ආදරණීය බිරිද හට බීමත්ව කෙස් වැටියෙන් අල්ලා අම්බානකට පහර දුන් බව අපට වාර්තා වේ. ඒ අනුව ගෑණුන්ට ගහන අය සමග නිර්මාල්ට ඇති දේශපාලන සම්බන්ධ කුමක්ද? කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියකගෙන් ආදරය ඉල්ලා පැනඩොල් පෙති බිව් මේ පුද්ගලයා නිර්මාල් ගේ නියෝජිතයා බවට පත් කරන්නේ ඇයි? මේ පිළිබදව මේ මහත්මයාට දීමට ඇති පිළිතුරු මොනවාද?

ඊට අමතරව හිරු කණ්ඩායමේ දේශපාලනය පවා දුන් අජිත් පැරකුම් ජයසිංහ නම් පුද්ගලයා ලවා දීප්තිට බැණ එයින් ආතල් ගන්නා ගමන් දීප්ති සමග සංවාදයකට එන්නට විධිමත්ව වැඩසටහනක් ඉදිරිපත් නොකරන්නේ ඇයි? ජයම්පතී බුලත්සිංහල නම් පුද්ගලයා ලවා දීප්ති ගේ නිවසට මැරයන් එවන බවට තර්ජනය කරන්නේ ඇයි? මේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ගේ හැසිරීමයි. මුලින්ම මේ සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් කරන මෙන් නිර්මාල් රංජිත් දේවසිරි මහතා  අපි ඉල්ලා සිටිමු.

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. ටොපිය කෑවද? සයිබර් සෙක්ස් දැන් කොහොමද? විපරිතද? ගණිකාව්‍යපාර හිමියෙක් එක්ක මාක්ස්වාදය කතා කරන්න බැරිද?

  2. ඔබ විවාදයකට අභියොග කල බැවින් විවාදයේදිම ඔය ප්‍රශ්න මතුකළානම් නරකද?

  3. දැන් ගුණරත්න මහතා මගෙන් අසා ඇති ප්‍රශ්න පිළිබඳව යමක් කිව යුතුය. ගුණරත්න මහතා සිය පළමු අභියෝගය කල අවස්ථාවේදී පවසා සිටියේ එතුමා කරන දෙය මඩ ගැසීම් ලෙස අප අර්ථකථනය කිරීම වැරදි බවත් ඒවාට ‘සත්‍යවාදී සහ න්‍යායික පදනමක්’ තිබෙනා බවත් ය. දැන් ගුණරත්න මහතා මගෙන් අසා තිබෙනා ප්‍රශ්න පිළිබඳව ද මට කීමට තිබෙන්නේ එවැන්නකි. ඒවා ‘සත්‍යවාදී සහ න්‍යායික පදනමක්’ නොමැති මඩ වන අතර විවාදය තුලදී මම මෙය හොඳින් පෙන්වා දෙන්නෙමි. එම නිසා එය විවාදයේ පූර්ව කොන්දේසියක් නොව විවාදයේ මූලික අන්තර්ගතයි. මම මේ සෑම ප්‍රශ්නයකටම පැහැදිලි පිළිතුරු ලබා දෙන්නෙමි.

    දැන් ගුණරත්න මහතාට මා අභිමුවේ සිය නිවැරදි බව ඔප්පු කර, මා කිච කර. අවිවාදිත ජයග්‍රහයකයා වීමට මහඟු අවස්ථාවක් උදා වී තිබේ. මෙය හැකි ඉක්මනින් ඔහු ඉටු කරගනු ඇතැයි මම සිතමි. ඒ සඳහා ඉක්මනින් මා ඇමතුවොත් අපට දිනයක්, වෙලාවක් සහ තැනක් වෙන්කර ගැනීමට පුළුවනි.

    නිර්මාල් රංජිත් දේවසිරි

  4. වාමාංශිකයෙක් ගණිකා ව්‍යාපාර අයිතිකරුවෙක් වෙන එක ලිංගික ශ්‍රමිකයන්ටත් හොඳයි.ලිංගික පාරිබෝගිකයන්ටත් හොඳයි.ඔය කරන විවේචනය ධනවාදී එකක්.විවාදය නතරකිරීම සඳහා ඒක කොන්දේසියක් විදියට ගැලපෙන්නේ නැහැ.දීප්ති විවාදය වර්ජනය කිරීම හොඳ දෙයක්

Comments are closed.