[dropcap color=”red”]මේ[/dropcap] වන විට ලංකාව වැනි රටක ඔබ කැමති බුද්ධිමතෙකු වීමට ද? නැතහොත් සල්ලිකාරයෙකු වීමට ද?යන ප්‍රශ්ණය ඇසුවහොත් බහුතරය සල්ලිකාරයෙකු වීමේ වරණය තෝරා ගනු ඇත. එසේ වන්නේ සිංහල මිනිසාගේ ආධ්‍යාත්මික ලෝකය ධනවාදී වීම නිසාය. දෘෂ්‍යමාණය කෙතරම් ධනවාදයට විරුද්ධ වුවත් බහුතරයක් දෙනා දේවාලවලට,පන්සල් වලට,ගොස් ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ දී තමාට හෝ තම පවුලට සරු වේවා යන්නය.

ජේ.ආර් විසින් ආර්ථිකය විවෘත කළ පසු ඇති වූ වඩාත්ම විවාද සම්පන්න සදාචාරාත්මක හැරවුම් ලක්ෂ්‍යය වූයේ මධ්‍යම-පාන්තිකයන් අපරාධ කිරීමට සෘජු ලෙස දායක වීමයි. 1977 න් පසු සිංහල මැද පාන්තිකයන් හොරකම් කිරීම විවෘතව ආරම්භ කරනු ලැබුවේ කොල්ලුපිටිය නගරයේ ගාලු පාරට මායිම,එවකට පැවති තීරුබදු රහිත සාප්පු සංකීරණයෙනි. අද වන විට හෙරොයින් කන්ටේනර් පිටින් ගෙන්වීමට තරම් මධ්‍යම-පාන්තිකයන් එඩිතර වී ඇත. බැරෑරුම් ලෙස ලංකාවේ මිනිසුන් බුද්ධිමත් වීම අතහැර දමා අපරාධ හරහා සල්ලිකාරයන් වීම ප්‍රමිතියක් දක්වා වර්ධනය කර ඇත. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග අපරාධ කොට සල්ලි සෙවීම රාජ්‍යෙය් මතවාදය දක්වා සංවර්ධනය වී ඇත. මෙම තත්ත්වය තුළ ලංකාවේ විශ්ව විද්‍යාල වලට ලැබී ඇති ලෝක මට්ටමේ නිර්නායකයන් පහත වගුවේ ඇත. එබැවින් ලංකාවේ දී සිහිය ඇති කිසිවකු ඇකඩමික් වීමට තවදුරටත් උත්සහ කරයිද?

tab

 

ඔබේ අදහස කියන්න...