ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා ඔබ සමග සම්බන්ධ වූ ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ විකාශය වන ‘‘ විද්වත් දේශපාලන විවරණය ‘‘ හට පහත සබැදියාව ඔස්සේ ඔබට සවන් දිය හැකිය. 

 

 

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. දීප්ති කුමාර ගුණරත්න මැති තුමනි….ඔබතුමා චන්දය දිනා මැතිතුමෙකු වූයේ කවදාද?

  2. https://www.facebook.com/karaya.paw/posts/432676476899632
    වී වෙනුවට රෝස හා රෝස වෙනුවට වී

    ඇතැමුන්ට දේශපාලනයේදී තේමා පාඨය වන්නේ වී වෙනුවට රෝසය. රෝස යන්න බටහිර සභ්‍යත්වය ,දියුනුව,සංවර්ධනය ආදී ප‍්‍රබුද්ධත්වයේ ආදර්ශයන් නිරූපනය කෙරේ. ලංකාවේ එහි ප‍්‍රතිරුපය රනිල් වික‍්‍රමසිංහය. වී යන්නේන් එහි ප‍්‍රථිවිරුද්ධ අන්තය නියෝජනය වන අතර දේශීයත්වය,බෞද්ධ සංස්කෘතිය,බටහිර විරෝධය එහි අන්තර්ගතයන්ය. එය ලංකාවේ දේශපාලනය තුල න්‍යායික තලයේ නලීන් ද සිල්වා නියෝජනය කරන අතර නලින් ද සිල්වාට අනුව යම් අඩුපාඩු සහිතව මහින්ද රාජ පක්‍ෂ පාලනය එහි ව්‍යවහාරිකත්වය නියෝජනය කලේය.

    වී වෙනුවට රෝස ව්‍යාපෘතිය ඉතිහාසයේ සිටම වමේ දේශපාලන ආදර්ශයක් විය. එය ඉපැරනි වම,පැරනි වම හා නව වමේ දේශපාලන නියෝජනය වූ අතර පැරනි සමාජයේ ආසියාතික අගතීන් ,වැඩවසම් සමාජ මූලයන්,ආගමික ආභාශයන් මූලිනුපුටා දැමීම වමේ දේශපාලන කර්තව්‍යයන් ලෙස සැලකුනි. ඔවුන් ඊට විකල්පයක් ලෙස ගෙන ආවේ බටහිර භෞතික විද්‍යාව හා ප‍්‍රබුද්ධත්වයේ සටන් පාඨය. අවසාන අර්තයේ ද්ි ඒවා ලිබරල් ආදර්ශයන්ය. ලංකාවේ ව්‍යවහාරික දේශපාලනයේ යෙදෙන සියළු වාමාෂික දේශපාලන පක්‍ෂ වල තේමා පාඨය ඒ අර්තයෙන් වී වෙනුවට රෝසය. ඒ අනුව ඔවුන් ලිබරල්වාදීන්ය. යහපාලනය ස්ථාපිත කරනු ! නීතියේ ආධිපත්‍ය පිහිටවනු ! මානවහිමිකම් ආරක්‍ෂාකරනු ! නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂාකරනු !මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරනු !මහජන දේපල හොරා කෑම නවතනු !කාන්තා නිදහස ආරක්‍ෂා කරනු ! වැනි දෑ ඔවුන්ගේ සටන් පාඨ වී ඇත්තේ එම නිසාය. මෙම වාමාෂිකයන්ට තිබූ වාසියක් වන්නේ මාක්ස්ගේ ලේඛන වල ඇති ප‍්‍රබුද්ධත්වයේ ආභාශයන්ය. එම නිසා ඔවුන් මාක්ස්වාදය ලෙස එනම් ධනවාදයට එරෙහි දේශපාලනය ලෙස වටහා ගත්තේ ප‍්‍රබුද්ධ යුගයේ දේශපාලන ආදර්ශයන්ය. ප‍්‍රබුද්ධ යුගයේ දේශපාලනය මතු වූයේ දෙවියන් වහන්සේ ,විශ්වාසය හා සාමූහිකත්වය මත පදනම් වූ සමාජය වෙනුවට දැනුම හා තාර්කිකත්වය (විශේෂයෙන්ම බටහිර භෞතික විද්‍යාව ඇසුරේ)පුද්ගලිකත්වය මත පදනම් වූ කේවල මිනිසාගේ විමුක්තිය සම්භන්දමතවාදයක් ලෙසය. මේ අනුව අප වටහා ගත යුත්තේ වී වෙනුවට රෝස ව්‍යාපෘතිය ධනවාදය තවදුරටත් යාවත්කාලීන කරන හා එය සාධාරනීකරණය කරන දේශපාලන ව්‍යාපෘතියක් ලෙසය.

    ඊට විකල්ය ලෙස යෝජනා වූ රෝස වෙනුවට වී දේශපාලන ව්‍යාපෘතිය ලංකාව තුල ජාතිවාදයට යටවූ අතර ඔවුන්ගේ අනෙක් ගැටළුව වූයේ ඔවුන් සමාජීයව වී වගා කරන අතර පෞද්ගලිකව තම නිවෙස් වල විසිත්ත කාමර වල මල් බඳුන් වල රෝස වගා කිරිමයි. මෙය වෙනත් ආකාරයකට කිව හොත් දේශපාලනය තුල ප‍්‍රබුද්ධ යුගයේ ලිබරල් මතවාද නියෝජනය කිරිමයි. රෝස වෙනුවට වී දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටින නලින් ද සිල්වා ද අවසාන අර්තයේදී යෝජනා කරන්නේ බටහිර දැනුම වෙනුවට සිංහල දැනුමක් (අපේ ප‍්‍රවාද)රෝස වගාව වෙනුවට වී වගාව එනම් කෘමිනාශක රසායනික පොහොර යොදන බටහිර කාෂිකර්මය වෙනුවට පාරම්පරික පොහොර,කෙම් ක‍්‍රම ආදිය. භාවිතා කරන දේශීය /අපේ කෘෂිකර්මයකි. බටහිර ලිබරල් අර්තයෙන් ලෝකය ප‍්‍රතිපක්‍ෂ යුගල වලට බෙදා එහි එක් පැත්තක් ගැනීමයි. තවදුරටත් විග‍්‍රහ කලහොත් කි‍්‍රස්තියනිය වෙනුව බෞද්ධ, බටහිර ගැති වසල වෙළඳ කුලය වෙනුවට සිංහල බෞද්ධ වෙළඳ කුලය,බටහිර වෛද්‍ය ක‍්‍රමයට එරෙහිව දේශීය වෛද්‍ය ක‍්‍රම , පාසල් වෙනුවට පිරිවෙන් ,පාන් පිටි වෙනුවට හාල් පිටි, කලිසම වෙනුවට සරම,බටහිර භෞතික විද්‍යාව වෙනුවට සිංහල බෞද්ධ විද්‍යාවක් ,රනිල් වෙනුවට මහින්ද,ආදි ලෙසය. අවසාන අර්තයේදී රෝස වෙනුවට වී දේශපාලන ව්‍යාපෘතිය සමාජ ගත වූයේ තාර්කික කතිකාමය තලයේදී කුමක් කීවද කි‍්‍රයාකාරීත්වය තලයේදී මෙහි නායකයින් හා න්‍යායාචාරීන් සමාජයට වී වගා කර හා ගෙදර රෝස වගා කිරීමයි. එනම් නලින් ද සිල්වාගේ දේශපාලන ව්‍යාපෘතිය ප‍්‍රායෝගිකකරණය කරන්නේ යැයි පාරම් බෑ හෙල උරුමයේ බොහෝ කි‍්‍රයාකාරින්ගේ සුඛපරමවාදී ලිබරල් ධනේශවර ජිවිත අපට පෙන්වා දෙන්නේ එයයි.

    අපට අනුව වී වෙනුවට රෝස හා රෝස වෙනුවට වී යන දේශපාලන ව්‍යාපෘති දෙකම කතිකාමය තලයේ හා න්‍යායික තලයේ කුමක් කීවද ප‍්‍රායෝගික තලයේදී එකම ආකෘතියක් ගැනීමය. එකම කේක් ගෙඩියකට විවිධාකාර වර්ණවත් අයිසින් තවරා තිබීමය. කොටසක් අයිසින් රෝස මල් සුරගනාවියන් හා හදවත් වල රූපද අනෙක් කොටස නෙළුම් මල්,ලියවැල් වලින් එය සරසා තිබීමය.
    මේ අනුව බටහිර ලිබරල් තර්කණයට අනුව ද්විකරනය වූ ලෝකයේ පැත්තක් ගැනීම වමේ නයායික පදනමක් වීම වැරදිය එය දයලෙක්තික විරෝධීය.
    අවාසනාවකට අප පැරනි වමේ සම්ප‍්‍රදාය විවේචනය කරමින් වමේ දේශපාලනය වෙත ගෙන ආ අදහස (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය තුල සංවාදය) බොහෝ අය ,ඒ අවස්තාවේ අපේ පැත්ත ගත් අය පවා වටහා ගත්තේ රෝස වෙනුවට වී වගාව යෝජනා කරන්නක් ලෙසය.

Comments are closed.