[dropcap color=”red”]ර[/dropcap]ජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය අනුව වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ ලක්ෂ හතලිකට ආසන්න පහළ මධ්‍යම පාන්තිකයන්ය. මොවුන් යනු ඒකක අනූව සීමාව නොපන්වා මෙතෙක් විදුලිය පර්භෝජනය කළ පිරිසයි. දිගින් දිගටම රජය විසින් විදුලිය පිරිමසන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටි විට එය අකුරටම පිලිපැදි සමාජ ස්ථරය වූයේද මේ ජනතාවයි. මේ අය විදුලිය ඉතිරි කරන්නට නොයෙක් කැප කිරීම් කලෝය. අදුරේ ඉදිමින් රට ගොඩ නගන්නට රජයට මහය පළ කලෝය. නමුත් වර්ථමාන විදුලි බිල සංශෝධනයෙන් සියයට හැටකින් බිල වැඩිකර ඇත්තේ මේ අයගේමය. මෙතෙක් ඒකක 120 වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කළ අයට දැන් සිය බිල අඩුකර ගන්නට හැකියාව ලැබී ඇත. මෙයට හේතුව කුමක් ද?

මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් කලේ ඒකක 120 වඩා භාවිතා කරන අයගෙන් වැඩි පුර ලබා ගන්නා  මුදලින් ඒකක 90 ට අඩුවෙන් පර්භෝජනය කරන පිරිසට සහන ලබා දීමය. නමුත් නව මිල සංශෝධන මගින් එම සහනය ඉවත් කර ඇත. ඒ නිසා දැන් තමා හිසට තම අතමය සෙවනැල්ල යන කියමන සිහියට නගිමින් මේ අයට තමන් ගැන බලා ගන්නට සිදුව ඇත. විදුලි බිල සංශෝධන සූත්‍රයේ රහස මෙයයි. මේ ලක්ෂ හතලිහකට ආසන්න පිරිස යනු මේ රටේ ආණ්ඩු බිහිකරන සහ ආණ්ඩු ගෙදර යවන්නට හැකි පරමාධිපත්‍ය බලය හිමි ජනතාවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නිසා මෙතෙක් ලෝකයේ කිසිදු රාජ්‍යයක සිදු නොවූවක් ලංකාවේ සිදුව ඇත.

යම් රාජ්‍යයක ආණ්ඩුව සහ රාජ්‍ය අතර පැහැදිලි වෙනසක් ඇත. ආණ්ඩුව ස්ථාවර නොවන අතර රාජ්‍ය ස්ථාවරය. නමුත් මේ වන විට ලංකාවේ රාජ්‍ය සහ ආණ්ඩුව අතර මේ වෙනස මැකී ඇත. ඒ නිසා ආණ්ඩුව රාජ්‍ය බවටත් රාජ්‍ය ආණ්ඩුව බවටත් පත්ව ඇත. මේ තත්ත්වයෙන් ගොඩ එන්නට නම් පැලැස්තර විසදුම් වලින් තොර සමාජ ක්‍රමයේ වෙනසක් අවශ්‍යය. ලක්ෂ හතලිහක විදුලි පාර්භොගිකයන් හට මෙවැනි වෙනසක් අවශ්‍ය වනු ඇත් ද?

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. විදුලි මාෆියාවක් ගැන ඔබලා කතා කරනවා. විදුලි බිල ඉහළ යන්නේ ඔය විදුලි මාෆියාව නිසා විතරද?මාෆියාව 50 කට වඩා දායක වෙනවා. විදුලිය අඩු මිලට දෙන්න සැලසුම් හදනවා වෙනුවට වැඩි මිලට විදුලිය දෙන්න සැලසුම් හදනවා නම් විදුලි බිල ඉහළ යනවා. අහිංසක ජනතාව මත ඒ විදුලි බිල පටවනවා.විදුලි ඒකක 30 ක් පාවිච්චි කරනවා නම් මෙන්න මෙච්චරයි ගෙවන්න වෙන්නේ කියනවා.දවසට යුනිට් එක ගානේ මාසෙට යුනිට් 30ක් විතරක් පාවිච්චි කරන අය ලංකාවේ ඉන්නවද? ගෙදරකට ලයිට් ගත්තට පස්සේ කොට්ටේ යට නමලා තියලා ඇඳුම් මදින්නේ නැහැනේ. අම්මා උයන එක කාර්යක්ෂම කරන්න තමයි රයිස් කුකර් එකක් ගන්නේ, ලිඳෙන් පහසුවට වතුර ගන්න මෝටරයක් පාවිච්ච් කරන්න බලනවා. විදුලි උපකරණ පාවිච්චි කිරීම ‍පෝසත් කමක් නමෛයි අත්‍යවශ්‍ය කමයි. මේ තත්ත්වය මත හුඟ දෙනෙකුට අවම වශයෙන් ඒකක 120 ක් වත් පාවිච්චි කරන්න වෙනවා. කුමන්ත්‍රණකාරීන් මේ කරන්න හදන්නේ රජය හා සාමාන්‍ය ජනතාව අතර විරසකයක් ඇති කිරීමයි. රටට ද්‍රෝහිකම් කරන සැලසුම්කරුවෝ තමයි විදුලි බිල ඉහළ දැමීමේ කුමන්ත්‍රණ යක නිරත වෙන්නේ . විදුලි බල මණ්ඩලය ශ්‍රමිකයන් සපයන පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලින් 6000ක පමණ සේවකයන් අරගෙන තියෙනවා. මේ ආයතන විදුලි බල මණ්ඩලයට සම්බන්ධ නිලධාරීන්ගේ ව්‍යාපාර. ඒවායින් ඔවුන් ලාබ ලබනවා. අපි ඇමැතිනියට කියනවා ලංකාවේ තියන පෞද්ගලික බලාගාරවල කොටස් හිමියන් කවුද කියලා ප්‍රසිද්ධ කරන්න කියලා.ද දැන් ආණ්ඩුව විදුලි බිල වැඩි කර හමාරයි. ඔබ පක්ෂය කතා කරමින් ඉන්නවා විතරද? ජනතාව පැත්තෙන් ගන්න පියවර මොකක්ද?ජනතාව පැත්තෙන් අපි කියන්නේ රජය මේ විදුලි බිල ගැන නැවත සමාලෝචනයක් කරලා, මේ වැරැද්ද වහාම නිවැරදි කළ යුතුයි කියන එකයි.

Comments are closed.