අතිවිශාල කයිවාරුකාරයන් බහුල වුවත් නිවැරදි දේශපාලන විශ්ලේෂණයක් කළ හැකි පිරිස ඉතා දුර්ලභය. අප විසින් ශ්‍රී ලංකාවට බෝ කළ වසංගත රෝගය මනෝවිශ්ලේෂණය යි. රෝග කාරකය ස්ලාවෝජ් ජිජැක් ය. දැන් මේ මොහොත වන විට, උණට, හෙම්බිරිස්සාවට පවා බෙහෙත් නිකුත් කිරීමට ජිජැක් දොස්තර මහතා යොදා ගැනීමට සියලු තක්කඩි එක්සත් වී ඇත. ඒ අතින්, N.M හෝ විජේවීරට කළ නොහැකිව තිබූ දේ අප කර ඇත. අප බෝ කළ භාෂාවට ඔවුන් ඇබ්බැහි වී ඇත. දැන් අපට තිබෙන්නේ, එහි හිමිකරුවන් අප බව ජනයාට කියා දීම පමණි. බෲස්ලී සහ චක් නොරිස් අතර සටනේදී, එක් මොහොතකට පසු ගුටිකෑම වැළැක්වීමට ‘චක් නොරිස්’   බෲස්ලිගේ නිදහස් සටන් ශෛලිය අනුකරණය කිරීම පටන් ගන්නා විට ඔහු වඩාත් ගුටි කෑමට ලක් වෙයි. සමහරු සිහිනෙන්වත් නොසිතන අය අප සමඟ මේ වන විට මිත්‍ර වී ඇත. තව ටික කලකින් ඒ අය ද තමන්ගේ අත්දැකීම් ගැන කතා කරනු ඇත. අපි අලුත් ‘නමක්’ සහිතව රට පුරා වැඩ කරන්නට පටන් ගන්නෙමු. අපට පෙර මේ මඟ ගිය, අපට කැත වැඩ කළ අයව නව සන්දර්භයක දී යළි හමු වීමට නියමිතය.

===============+++++++++++++++++++++++++++==========

මහින්ද රනිල් සුසංයෝගය හා කොරෝනාවෙන් පසු ශ්‍රී ලංකාව.

කොරෝනා වෛරසයෙන් තැතිගෙන සිටින 2020 මේ මොහොත දක්වා, පසුගිය වසර 20 තුළ රට පාලනය කරමින් සිටින්නේ මහින්ද- රනිල් සුසංයෝගයයි. එම ක්‍රියාවලිය ආරම්භයේ සිට කෙටි සටහනක් පහත පරිදි වේ.

 2001 දී චන්ද්‍රිකාගේ බලය මහින්දට හෝ රනිල්ට ඉක්මණින් හා ඍජුව හුවමාරුවීමට නියමිතව නොතිබිණි. එහෙත් ජි. එල් පීරිස් ඇතුළු 17 දෙනෙක් රනිල් සමඟ එකතුවීමෙන් චන්ද්‍රිකාගේ බලය රනිල්ට හුවමාරු විය.  පාර්ලීමේන්තුවේ එම මන්ත්‍රී හුවමාරුවෙන් රනිල්ට ‘බලය’, චන්ද්‍රිකා ‘හුදකලාවීම’ සහ මහින්දට ‘පක්ෂයේ නායකත්වයට’ ඒමට තිබුණ බාධකයද ඉවත් විය. මෙම දේශපාලණයෙදී මහින්ද නිශ්ක්‍රිය චරිතයක් ලෙස කටයුතු කළද ඒ යට තිබුණ ඔහුගේ භාවිතාව කෙතරම්ද යන්න හඳුනාගත හැකි වන්නේ මිලින්ද මොරගොඩ හරහා ඩලස්ට ඇමරිකාවට වීසා එකක් ලැබීම හරහාය. මහින්ද නැවත බලයට පත්වීමෙන් පසු  ජි එල් පීරිස් ඇතුළු 17 දෙනා නැවත වරක් මහින්දට එකතු විය.

 2005 ට පසු මේ දක්වා මහින්ද රනිල් සුසංයෝගය සක්‍රියව ක්‍රියාත්මක වන යුගයයි. එම සුසංයෝගය උතුරේදි LTTE හා දකුණේ JVP එක නැත්තටම නැතිකර දැමුවේය. ශ්‍රී ලංකාව තුළ සියළු පක්ෂ සීග්‍රයෙන් ඉවර කර  දැමුවේය. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පවුල බවට ඌනණය විය. UNP එක මිතුරු හවුලක් බවට පත්විය. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂවලට  තවදුරටත් කල හැකි කිසිවක් නැත, ඒවා පක්ෂ නොව පෙරහැර කාලයට, උත්සව කාලයට සංචාරක වෙළෙන්දන් තැන තැන අටව ගන්නා තොරොම්බල් කයක් වැනිය. ඉතිරි සියළු සුළු පක්ෂ ඉහත තොරොම්බල් කඩවල ශාකාවන්ය. ඒවා උතුරෙදී දෙමළ නම් වලින්ද, දකුණේ දි සිංහල බෞද්ධ නම් වලින්ද, නැගෙනහිර  දී මුස්ලිම් නම් වලින්ද ඇත.

 මහින්ද රනිල් සුසංයෝගය රටේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර පරතරය,කාර්ය භාර්යය අහෝසී කර දැමුවේය. මහින්ද රනිල් සුසන්යොගයේදී ආණ්ඩුව හා විපක්ෂය වශයෙන් දෙකක් පවතින්නේ මාධ්‍ය ඉදිරියේදී පමණයි.

 2005 සිට UNP නායකත්වය වෙනස් කිරීම, ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීමට හඩ නැගූ සෑම UNP උන්නතිකාමී නායකයෙකුටම මහින්ද කැබිනට් ඇමතිකමක් පරිත්‍යාග කළේය (ජොන්ස්ටන්ගේ සිට දයාසිරි දක්වා). ඉන් මහින්දගේ මෙන්ම රනිල්ගේද දෑත් ශක්තිමත් විය. එනම් සැම විටම මහින්දගේ බලය මෙන්ම රනිල්ගේ පක්ෂ නායකකම ආරක්ෂා විය.

 2015 දී සිදු වුවේ මහින්දගෙන් රනිල්ට බලය හුවමාරු විම පමණයි.  පරාජයෙන් පසු මැද මුලනට පිටවීමට කලින් මහින්ද රනිල් අරලිය ගහ මදුරට ගෙන්වා පොලිස් හා හමුදා ප්‍රධානීන් සමඟ බලය රනිල්ට බාර දෙන්නට විය. ජනාධිපතිවරණය ජයග්‍රහණය කල මෛත්‍රිට මහින්ද ආරධනා කලේ නැත.

 2019 ජනාධිපතිවරණයේදී ජනතාවට මුණ ගැසුණේ ප්‍රතිවාදී අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ දේශපාලන පක්ෂ දෙකක් නොව දිලිත් ජයවීර හා කිලී මහා රාජා ඉදිරිපත් කළ නම් දෙකක් පමණයි. එම නම් දෙකෙන් මහින්ද හා රනිල් වඩාත් කැමති කෙනා ජනාධිපති විය.

 2005 සිට 2015 දක්වා කාලය තුළ ප්‍රජාත්‍රන්තවාදය, මානව හිමිකම් වැනි බටහිර මාර්තෘකා හැරෙන්නට රාජපක්ෂ යුගයේ දක්නට ලැබුණු  ආර්තික ක්‍රියාවලිය තුළදී එක් සාධනිය තත්වයක් පෙන්වාදිය හැකිය. ඒ විශේෂ අවස්ථාකිහිපයක් හැරෙන්න අදාළ ඇමතිවරුන්ට තමා යටතේ ඇති ආයතනවලට තමන්ගේ හිතවතුන් ප්‍රධානින් ලෙස පත්කර ගැනීමට  අවස්ථාව ලැබින. එමගින් ආයතන කාර්යක්ශමව (යක්කුවගේ) වැඩ කරන්න විය.  මෙමගින් පහලට මුදල් ගලායම ශක්තිමත් විය, එනම් මහින්ද ගේ ආර්තික ක්‍රමවේදය වුයේ ඇමතිවරයාගේ සිට ඔහුට හිතවත් ප්‍රාදේශීය සම්බන්ධතා දක්වා ජාලය ශක්තිමත් කිරීමයි. මේ තුළ කොමිස් මුදල් වලට එහා ගිය යම් සධනීය ලක්ශණ කිහිපයක්ද ඇත. ඇමතිවරයා පත්කරන සභාපතිවරයා ඔහු  කියනදේ සක්‍රියව ක්‍රියාත්මක කිරීමට පෙලබෙයි.

 පසුගිය වසර පහ යම් හෝ දුරකට ආර්තික ක්‍රියාවලියේදී සාර්ථක වීමට මේ හේතුව බලපෑවේය. රනිල් වික්‍රමසිංහ ද යම් දුරකට මෙය ක්‍රියාත්මක කරන ලදි. උදාහරනයක් විදියට අකිල විරාජ් චිත්‍රපටි සංථාවේ සභාපතිවරයා වශයෙන් පත්කල දීපල් චන්ද්‍රරත්න ඇමතිවරයා මාරුවෙනවිට එම පුටුවේ තැබිමට රනිල්  මැදිහත්වුයේ නැත. ඒ වෙනුවට ඔහු තමාගේ ඇමතිවරයාට ලැබුනු ඉලඟ අමාත්‍යංශයේ තනතුරකට මාරුවිය. මංගලගේ අමාත්‍යංශයට රනිල් මැදිහත් වුයේ නැත.  නමුත් ගොඨාභයගේ ක්‍රමවේදය- එනම් ඇමතිවරය වෙන කෙනෙක්, ආයතන ප්‍රධානින් වෙන කෙනෙක්ගෙන්-GR or BR- පත්කිරීම ක්‍රියාත්මක වුවහොත් මේ ආර්ථිකය වසර දෙකක් තුලදී කඩාවැටීමට නියමිතයි.

කොරෝනා වෛරසයෙන් පසුව ජනතාවට මුණ ගැසෙන්ණේ දේශපාලන හා ආර්ථික අර්බුධයකි. 2020 මහමැතිවරණයේදී ද මුණ ගැසෙන්ණ නියමිතව ඇත්තේද දේශපාලන පක්ෂ නොව  සංචාරක තොරම්බල් වෙළේන්දන්ය. ඉදිරී පාර්ලිමේන්තුවේ ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සංයුතිය විමට නියමිත ඇත්තේ  බැසිල්, නාමල් හා විමල් ගේ අනාගත ජිවිත බලාපොරොත්තු සඵල කර ගනීමට අවශ්‍ය ඔළුගෙඩි කල්ලි කිහිපයකි. ගොඨාභයට කිරීමට කිසිවක් ඉතිරි වන්නේ නැත. ( වියතුන් නියෝජනය කළ චරිත හේරත් කුරුනෑගලදී නාමල් – ජොන්ස්ටන් විසින් කපාදමා ඇත.) 69 ලක්ෂයේ ජනතාවට තිරනය කිරීමට ඇත්තේ බැසිල්ගේ කණ්ඩායමට ඡන්දය දෙනවද “නව රාජපක්ෂ පවුලේ” (ශිරන්ති, නාමල්, යොශිත, චිචී) කණ්ඩායමට ඡන්දය දෙනවද කියන එක පමණයි.

 ඉදිරි පාර්ලිමේන්තුවේ ‘සමගි ජන බලවේගයේ’ පාර්ලීමෙන්තු සංයුතිය විමට ඇත්තේ, ඉලඟ පාර්ලිමෙන්තුවට තේරීපත්විය නොහැකි වේයයි බියට හා තැති ගනීමට පත්වී ඇති හිටපු මන්ත්‍රී වරු කණඩායමයි. ඔවුන්ට ඇති එකම විශ්වාශය ශ්‍රි ලංකා පාක්ෂිකයන් මහින්ද සමඟ සිටි ඔනෑම කෙනෙකුට ඡන්දය දුන් අයුරින් UNP පාක්ෂිකයන් සජිත් සමඟ සිටින ඔනෑම කෙනෙකුට ඡන්දය ලබාදෙයි යන්නයි. ඒ හෙයින් ඔවුන් එක එකා පරයමින් සජිත් වාදීන් වීමට පෙළගැසී සිටියි. ඔවුන් සතු පොහොට්ටුවේ පුර්ව අත්දැකිමද  මහින්ද රනිල් සුසංයෝගයයේ ප්‍රතිපලයකි. කවරෙකු පාර්ලිමේන්තුවට තේරුනත් ගොඨාභයට හෝ සජිත්ට වැඩක් නැත. ඔවුන් පාලනය කරන්නේ මහින්ද රනිල් සුසංයෝගයෙන්  පමණයි.

අනුර කුමාරගේ ‘ජාතික ජන බලවේගය’ පසුගිය දශක තුන තුළ වම පාවා දීපු ජනප්‍රිය පුද්ගල වාදීන්ගෙන් පිරී ඇත. මාලීමාව අතැති අනුර කුමාර දිශාව සොයාගැනීමට පෙර කළ යුතු වන්නේ සිතියමේ තමා සිටින තැන සහ ඔහු සමග සිටින පිරිස හඳුනා ගැනීමයි.

 සාරාංශය– කොරෝනා වලින් පසු මුහුණ දීමට ඇත්තේ දරුනු දේශපාලන හා ආර්ථික අර්බුධයකටයි. ඉදිරි මහ මතිවරණයේදී ඔබට දේශපාලන පක්ෂ මුන නොගැසෙනු ඇත.

AP

====================++++++++++++++=================

නැවත රටට දේශපාලන පක්ෂ අවශ්‍ය නම්, නැවත පක්ෂ, විපක්ෂ භේදය තහවුරු කිරීමට අවශ්‍ය නම්, මහින්ද රනිල් සුසංයෝගයෙන් ගැලවීමට අවශ්‍ය නම්,

ඔබට උත්තර යෝජනා නොකරන, නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...