2005 වර්ෂයේ නුගේගොඩ සුපිරි වෙළෙද සළ ඉදිරිපිට පැවැත්වූ මැයි දින සැමරුමකට ලංකාවේ ගායක ගායිකාවන් සහ සංස්කෘතික ක්‍රියාකාරියන් යම් පිරිසක් සහභාගි විය. ඊට සහභාගී වූ ගායකයන් අතරින් දෙදෙනෙකු වූයේ කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේය. ඒ මොහොත වන විට ලංකාවේ සංගීතය සුවිශේෂී මංසන්ධියකට පැමිණ සිටියේය.

සංගීතය වීශ්ව භාෂාවක් වශයෙන් ඉදිරියට වර්ධනය වනවාද? නැතහොත් සංගීතය ආශාව (Desire) බවට පත් වනවාද? ගුණදාස කපුගේ සන්ෆලවර් සමග සංගීතය සළාදයක් බවට පත් කළ නිමේෂය යනු සංගීතයේ භාෂාමය ගුණය අවසාන වූ දේශපාලනයයි. ඉන්පසුව X  දේශපාලනය මගින් යළි අපි වගා කරන්නට උත්සහ කරනු ලැබුයේ සංගීතය විශ්ව භාෂාවක් යන ප්‍රවාදයයි. X කණ්ඩායමේ විමතික කැරැල්ළ නිසා මෙම ප්‍රවාදයට සුජාත වීමට තිබූ  අවසාන කඩුල්ලද බිද වාටුනේය.  ඉන්පසු ලංකාවේ අනෙකුත් කලාවන් සේම සංගීතයත් වාර්ගික ආශාවන් තුළ ගිලී ගියේය. සංගීතය තවදුරටත් විශ්ව භාෂාවක් නොව එය විවිධ දේශීය,ජාතික,පුද්ගලික,ලිංගික ආශාවන් ප්‍රකාශ කරන වැඩබිමක් විය. අන් අය සේම සංගීතකරුවන් ද එකිනෙකා සමග පසමිතුරු වී සිටින්නේ මේ නිසාය. මේ යුගයේ සංගීතය යනු අනෙකාගේ විනෝදය එක්කෝ පැහැර ගන්නා ආකාරය හෝ එය තර්ජනයට ලක් කරන ආකාරය පිළිබද භාවිතාවකි.

ඉහත මූලධර්මයන්ට අනුව අද දවසේ සංගීත දර්ශණය කොටස් දෙකට බෙදිය හැක.

(A)   සංගීතය විපරිත කිරීම-රැප් සිට බයිලා දක්වා

 

(B)   සංගීතය හිස්ටෙරිකරණය කිරීම-හාඩි රොක් සිට රෙගෙ හරහා ගීත කතා දක්වා.

ඉහත පළමු ප්‍රවණතාවයේ විවිධ ප්‍රකාශකයන් සිටන මුත් එහි ප්‍රධාන චරිතය වන්නේ ඉන්ද්‍රචාප ලියනගේය. දෙවැනි ප්‍රවණතාවයේ ප්‍රධාන ප්‍රකාශකයන් වන්නේ Down town pulse මැදි කොටගත් සංගීත ප්‍රකාශකයන්ය. මේ කොට්ඨාශ දෙකත් ඇතුලත්ව අද දවසේ සංගීතය යනු ආශාව මිස භාෂාවක් නොවේ. ආශාව යනු තමන්ගේ ආශාව නොව අනෙකාගේ ආශාවයි. මේ නිසා මෙම යුගයේ දී සංගීතයට ෆැන්ටසි ආකෘතියක් හිමිව ඇත. ලංකාවේ සංගීතය පළමු වරට මිය ගියේ කපුගේ -සන්ෆලවර් සුසංයෝගය නිසා නම්,එය දෙවන වරට යළි මිය ගොස් ඇත්තේ සංගීතය ආශාව මගින් ආදේශ වීම නිසාය.අද දවසේ සංගීතය කරන අය එය කරන්නේ මිනිසුන් කුල්මත් කරවන්නට නොව තමන්ට සමාජයෙන් පිළිගැනීමක් ලබා ගැනීමටය.ඉන්ද්‍රචාපා සහ කර්ට් කොබේන් අතර වෙනස එයයි. බේකරිය කට්ටිය සහ බොබ් මාලේ සමග වේලර්ස් අතර වෙනස එයයි.

සංගීතය යනු විශ්ව-භාෂාවක් බව නිදර්ශනයට කිරීමට කසුන් කල්හාරට හැකි දැයි අපි නොදනිමු. ඔහුට ඒ සදහා කැප වීමට හැකිද? බොහෝ විට පැරණි X  කණ්ඩායම සේ ඔහු ද වියැකී යාමට ඇති ඉඩකඩ විශාලය.

-විචාරයට විවෘතය-

පහත ඇත්තේ එදා මැයි දිනයට චාපා-කසුන් ගී ගායනා කළ ආකාරයයි.

photo(3)

 

ඔබේ අදහස කියන්න...