මහින්ද චින්තනය ‘ ශ්‍රී ලංකාවේ ආධිපත්‍යයට පැමිණියේ වසර 2005 දීය. ඉන්පසු උදා වූයේ අනෙකාගේ විනෝදය සහ තමන්ගේම විනෝදය කළමණාකරණය කරගැනීමට නොහැකිවීම නිසා හටගත් විපරිත දේශපාලන සංස්කෘතියක්ය. සැකය, වංචාව, රැවටීම දේශපාලන ජීවිතයේ දෛනික අංගයක් බවට ඉන්පසු පත්විය.
සංගීතයෙන් මිනිසුන් සංවිධානය කිරීමට අවශ්‍ය සාමූහික බලය අපි බොහෝ අත්විද ඇත්තෙමු. ‘ මහින්ද චින්තනය ‘ රජ කළ සිංහල සමාජය සිහිය අවුල්වන තුරු අරක්කු බී පිස්සු විකාරයක් බවට රටම පත් කළේය. මත්ද්‍රව්‍ය නොගෙන සංගීතයෙන් කුල්මත් වීමට මිනිසුන්ට හැකිය. දළ වශයෙන් 98 වැනි දිගු අතීත දවසක දී අප සංවිධානයේ අතීත සගයන් සංගීතයට අනුව නර්තනයේ යෙදුනේ සිහිවිකල් වන කිසිවක් නොගෙනය. අද බොහෝ දෙනාට අවශ්‍ය ‘ යථාර්ථයෙන් ‘ නිර්වින්දනය වීමට මිස එය විචාරය කිරීමට නොවේ. සංගීතයට ඇති විචාරක මානය යළි තහවුරු කරන දිනක් හුදු සිහිනයක් පමණි ද ??

ඔබේ අදහස කියන්න...