මාර්තු මාස 28 වන අඟහරුවාදා ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ ජයසිරි අලවත්තගේ ‘සාහිත රසවිත’ කෘතියේ දෙවන මුද්‍රණය ප‍්‍රකාශයට පත් කිරීම අරබයා පැවැති සම්මන්ත‍්‍රණයේ දී ‘ජාතිවාදය’ පිළිබඳ තීරණාත්මක ප‍්‍රශ්නය මහේෂ් හපුගොඩ විසින් මතු කරන ලදී. ඔහු විසින් මතු කරන ලද ගැටලූවේ (Problem) හරය අපට මෙලෙස ස්ථානගත කළ හැකිය. 
පසුගිය දශක 2 පුරා සිංහල සමාජයේ විචාරාත්මක බුද්ධියට වර්ග සංහාරය (වෙනත් වර්ගයක ජනයා අහේතුකව ඝාතනය වීමට ඉඩ දීම ]වැළැක්වීමට නොහැකි වූයේ මන්ද? එය එසේ වූයේ හේතු – ඵල සබඳතාවට එහායින් පවතින මිනිස් ලෝකය පිළිබඳ අවබෝධයක් අපට නැති නිසාද ?
මිනිස් චින්තනයට මූලික අඩවි දෙකක් ඇතැයි අප උපකල්පනය කළහොත් ඒවා මෙලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය. 
(1] භෞතික ලෝකය හෝ ද්‍රව්‍යය හෝ වෙනස් නොවන දෙය පිළිබඳ අධ්‍යයනය – ඇරිස්ටෝටල්ට අනුව මෙම ක්ෂේත‍්‍රය භෞතික විද්‍යාවයි. එනම් Physics. ජර්මන් දර්ශනය අනුව මෙම තත්ත්වය සොබාවිකත්වයයි. එහි විද්‍යාව වෙනුවට භෞතික විද්‍යාව යෙදෙන්නේ එනිසාය. මේ හේතුව නිසා ජර්මන් භාෂාව කතා කරන මිනිසුන් සොබාවිකත්වය සමඟ මිනිස් ස්වභාවය [Human being] පටලවා ගන්නේ නැත. නලීන් ද සිල්වා. මෙම ක්ෂේත‍්‍ර දෙක පටලවාගෙන තර්කාභාස මතු කරයි. ඒවාට උත්තර නැත. 
(2] මිනිස් ස්වභාවය හෝ මිනිස් පැවැත්ම තීරණය වන හේතු – ඵල සම්බන්ධය [Reality or Being] ගැන විධිමත්ව හැදෑරීම පාර – භෞතිකවාදයයි.[Metaphysics] මින් අදහස් වන්නේ පදාර්ථයට පසු කරන අධ්‍යයනය හෝ යථාර්ථයට පසුව පවතින හෝ යථාර්ථය ඉක්මවා යන පැවැත්ම ගැන කරන අධ්‍යයනයයි. මේ හේතුව නිසා දාර්ශනිකයන් විසින් පාරභෞතිකය ද ඊට වඩා කුඩා කොටසකට කඩා අධ්‍යයනය කරයි. එම ක්ෂේත‍්‍රය අප හඳුන්වන්නේ සත්භාවවේදය(Ontology)යනුවෙනි. සත්භාවවේදය යනු ද්‍රව්‍යය හෝ ලෝකය හෝ යථාර්ථය ගැන කරන අධ්‍යයනය නොවේ. ඒවා ඉක්මවා යන ක්ෂේත‍්‍රයක් ඇත යනුවෙන් අනුමාන කර ඒ ගැන අධ්‍යයනය කිරීම සත්භාවවේදයයි. සරලව කිවහොත් සත්භාවවේදය යනු අපගේ හේතු – ඵල සම්බන්ධයට පිටතින් මොන දේවල් පවතීද යන්න ගැන කරන අධ්‍යයනයයි. 
අපි උදාහරණයක් ගෙන පාරභෞතිකය සහ සද්භාවවේදය අතර වෙනස කියවමු.
 
පසුගිය දිනෙක මිය ගිය අරුණ බණ්ඩාර නම් X කණ්ඩායමේ සාමාජිකයා පපු කුහරය තුළ වේදනාව තදින් දැනෙද්දීත් කුරුණෑගල රෝහලට නොගොස් චීන දර්ශනයට අනුව ශරීරයේ නිල මිරිකමින් කාලය ගත කළේය. අවසානයේ ඔහු මිය ගියේය. ඇරිස්ටෝටල්ට අනුව අරුණගේ ශරීරය එනම් ද්‍රව්‍යය පිළිබඳ විධිමත් දැනුම වූයේ බටහිර වෛද්‍ය විද්‍යාවයි. [science] ඔහු විසින් නිල  මිරිකීමට අදාළ කර ගත් අදහස අයිති වන්නේ සත්භාවවේදයටයි.[his subjectivity] මේ ක්ෂේත‍්‍ර දෙක වෙනස්ය. මේ දෙක අතර පරතරයක් ඇත.[ That is his unconscious subject – His Big – Other as Chinese Medicine – His fundamental fantasy] ] X කණ්ඩායමේ ඥානවිභාගයට අනුව නම් ශරීරය පිළිබඳ විද්‍යාව වෛද්‍ය විද්‍යාවයි. [Reason] නිල මිරිකීම අයිති වන්නේ ආත්මීය කලාපයට යි. [jouissance]
ජාතිවාදය ද අයිති මේ දෙවැනි ක්ෂේත‍්‍රයටය.
Lenin in COLOMBO
Lenin in COLOMBO

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඉහත ඔබ විසින් දක්වා ඇත්තේ ඇරිස්ටෝටල්ගේ අදහස සහ ඔබ පක්ෂයේ ( X කණ්ඩායමේ අදහසයි ). කරුණාකර බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඔබ පක්ෂයේ අදහස මීට වඩා පැහැදිලව විස්තර කරන්න.

Comments are closed.