Home News සත්‍යය-real- මගහරින ග්‍රාමීය තක්කඩි

සත්‍යය-real- මගහරින ග්‍රාමීය තක්කඩි

4584
1

 

ගමේ ප්‍රශ්ණ රටේ ප්‍රශ්ණ කරන්නෝ

1993 දී ජිජැක්ගේ The Sublime Object of Ideology -1989 (දෘෂ්ටිවාදයේ උත්කෘෂ්ඨ වස්තුව) නම්  කෘතිය දීප්තිට හමුවන්නේ විභවි පුස්තකාලය තුළදීය. එම පොත ලංකාවට ගෙන එනු ලබන්නේ  ඉංග්‍රීසි මාධ්‍ය ජනමාධ්‍යවේදියෙකු වන ලක්ෂ්මන් ගුණසේකර විසිනි. දීප්තිට මෙම කෘතිය හමුවන මොහොතේ ඔහුට ජිජැක් ගැන  දැනුමක් නොතිබිණ. මේ නිසා මෙම පොත යනු සලකුණකි (mark). මේ යුගයේ කලාව සමග සිටි දීප්තිට  කලාකරුවන් වේදිකා නාට්‍ය , ටෙලි නාට්‍ය ආදී කලාකෘති  නිර්මාණය කිරීමේ අරමුණ ගැහැනුන් සමග නිදාගැනීම බව පැහැදිලි වෙයි. මේ නිසා කලාව නම්  සංකේතීය  පිළිවෙලට යටින් අශ්ශීල යමක් ඇති බවත් එය කුමක්ද යන්නත් ඔහු සිතන්නට පටන් ගනී. ඒ අනුව අහම්බයකින් හමුවන ජිජැක්ගේ The Sublime Object of Ideology කෘතිය ඔහුගේ මෙම ගැටලුවට පිළිතුරක් සපයයි. විනෝදය (Jouissance) නම් සංකල්පය ලංකික චින්තන සම්ප්‍රදායට එකතු වන්නේ මෙම සිදුවීමෙන් (event) පසුවය.

ජිජැක් ලංකාවට හදුන්වාදෙනු ලබන්නේ දීප්ති වුවත් වර්තමානයේ ජිජැක් ගැන කතා කරන බොහෝ දෙනා දීප්ති ගැන කතා නොකරයි. නැතහොත් දීප්තිගේ ව්‍යාජ අනුකරණ තපුල්ලා මාධ්‍ය තුල ඉහලට ඔසවයි-AKA Vama.[අලුත් අය අතීත සංවාදය නොදන්නා නිසා]

[Scoundrel– A scoundrel is a person who does deliberately evil things. If your brother hides a fake mouse in your shoe and you therefore almost have a heart attack while getting dressed, you have every right to call him a scoundrel.]

සම්ප්‍රදායික වමේ චින්තනයෙන් වෙන් වී ජිජැක් හරහා ධනවාදය නම් සමාජ ක්‍රමය කුමක්ද යන්න අපට තේරුම් ගත හැකි බව මුලින්ම සොයාගත්තේ දීප්ති විසිනි. ජිජැක් හරහා  ධනවාදය පිළිබද අපට තිබු උමතු භාවයෙන් අපව ගලවා ගන්නේ දීප්තිය. නමුත් අද බොහෝ දෙනා අපට ඉතා  දුරින්  ජීවත් වන ජිජැක් ලොකු කරගෙන- Big Other- තමන්ගේ අල්ලපු ගෙදර හිතවතාව අතහැර දමා ඇත. මේ අය අතර සිටින බහුතරයක් යනු අනන්‍යතා අර්බුදයෙන් පෙලෙන කැකිරාව , ඇබිලිපිටිය වැනි දුර පළාත්වලින් කොලබට පැමිණි, ග්‍රාමීය අගතීන්ගෙන් පෙලෙන, නාගරික බුද්ධිමය සංස්කෘතිය විනාශ කරන පුද්ගලයන්ය.-උන්නතීකාමය සහ තම සමීප අනෙකාව නරගකාරයෙක් කිරීම.

ලංකාවේ ඇතැම් දාර්ශනිකයන්ට ජිජැක් හමුවන්නේ ඕපපාතිකවය.[Spontaneous-event happens because of processes within something rather than being caused by things outside it.]දීප්ති විසින් පරිවර්තනය කරන ලද ජිජැක් යන නාමය පවා ඇතැම් කුහකයන්-යමක් හිතාමතා සගවන– භාවිතා කරන්නේ සීසෙක් ලෙසය. ජිජැක් හරහා පැරණි වමට කිසිදා ලගා විය නොහැකි ලෙස සියලු දේ අර්ථ දැක්වීමට දීප්තිට හැකි වූ අතර දීප්ති මේ සියලු දේ සොයාගත් බව නොකියන්නේ ඔවුන් තුල ඇති පුරුෂ ඊර්ශ්‍යාව නිසාය. ලුවී පාස්චර් විසින් ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීමට පෙර ක්ෂ්ද්‍ර ජීවීන් නිසා හටගන්නා රෝග අර්ථකථනය කරනු ලැබුවේ දෙවියන්ගේ ශාපයක් නිසා හටගන්නා  රෝග ලෙසය. නමුත් ලුවී පාස්චර්ගේ සොයා ගැනීමත් සමග රෝග පිළිබද දැනුමට තිබු  පල්ලියේ ආධිපත්‍ය බිදවැටින. වෛද්‍යවිද්‍යා ඉතිහාසය තුල ලුවී පාස්චර් අමතක කර  ක්ෂ්ද්‍ර ජීවීන් ගැන කතා කරන සම්ප්‍රදායක් නැත. නමුත් ඕපපාතිකව ක්ෂ්ද්‍ර ජීවීන් හමු වන්නාක් මෙන් ලංකාවේ වමේ දේශපාලනයට   ඕපපාතිකව ධනවාදය ගැන කතා කරන චින්තකයෙකු හමු වී ඇත.

ජිජැක්ගේ දර්ශනය ලංකාවට හදුන්වා දුන් නමුත් එම කතිකාවේ ආධිපත්‍ය දීප්ති විසින් තමන් සතු කරගන්නේ නැත. මේ සදහා මුලධාර්මික හේතුවක් ඇත.2004 දී දීප්ති යනු සංකේත පියාද යන ප්‍රශ්නය එවකට x කණ්ඩායමේ සාමාජිකයන් මතු කරන ලදී.මේ අනුව ඔවුන් දීප්තිව ගණන් නොගෙන අපි අපිට කැමති විදිහට ඉන්නවා යන මතයට එලබ ගත්තේය. සංකේත පියෙකු ලෙස දීප්තිව ප්‍රතික්ෂේප කල අයට මේ මොහොතේ ජිජැක්, ලැක්ලෝ ආදී චින්තකයන් සංකේත පියවරුන්-Ontotheological fathers- බවට පත් වී ඇත. 2004 දී ප්‍රතික්ෂේප කල පීතෘ රුපකය යළි පස්ස දොරෙන් ඉදිරියට පැමිණ ඇත. එසේම ඔවුන් මෙම පියවරුන් කියන දේවල් නිවැරදි බව-Master Signifiers- විශ්වාස කරයි. මෙවැනි දාර්ශනිකයන්ගේ න්‍යායික අසංගතභාවය කුමක්ද යන්න මේ පිරිස දන්නේ නැත.

ලැකාන්ගේ අක්ෂරය (letter) වෙත නැවත යන්න කියන ජිජැක්ව ප්‍රශ්න කරන බටහිර මනෝචිකිත්සකයන්-psychiatrist’s- අසන ප්‍රශ්නය වන්නේ ”මහා අනෙකා නොපවතී” යනුවෙන් ප්‍රකාශ කරන ලැකාන්ම තමන් ”මහා අනෙකා” යැයි කියන විරුද්ධාභාශය  මෙම ප්‍රකාශය මගින් ගම්‍ය නොවේද යන්නයි. අක්ෂරය පිටුපසින් ඇත්තේ ”දෙය” (The Thing) නොහොත් මවගේ ශරීරයයි. එය ප්‍රශ්න කරනවා යනු එක්තරා උමතුවකි. වචනයට  එහා දෙය නිපදවන්නේද  වචනය මගිනි. මේ අනුව මෙතැනදී අපට ”දෙය” සහ ”වස්තුව” අතර ඇති පසමිතුරුතාවය මුණගැසේ. දීප්ති විසින් ”ජිජැක් ඔයාලගේ සංකේත පියා නේද?” යන ප්‍රශ්නය මෙකී පිරිසෙන් නොඅසන්නේ මේ නිසාය.ජිජැක් යුරෝ-කේන්ද්‍රීය  චින්තකයෙක්, බටහිර චින්තකයෙක් , සුදු ජාතිකයෙක් නේද යන ගැටලුව  නොඅසන්නේ මාක්ස්වාදියෙකු ලෙස පසමිතුරුතාවය සමාජය තුල  අනිවාර්යෙන් පැවතිය යුතු දෙයක් බව දීප්ති විසින් පිළිගන්නා නිසාය. මේ අදහස නිසා තදබල වාමාංශිකයන් පවා සිහිමුර්ජා වන තත්වයක් උදා වේ. එක්තරා  ගුවන් විදුලි සංවාදයකදී  කාන්ට්ගේ දර්ශනය ගැන විදග්ධ  ලෙස කතා කරන පුද්ගලයෙකු-වංගීස–  දීප්තිගේ නම  කියන එක මග හරී. ඒ වෙනුවට x කණ්ඩායම ගැන සදහන් කරයි. කෙසේ වෙතත් 2004 දී x කණ්ඩායමෙන් ඉවත්ව ගිය අය කීවේ x  යනු දීප්ති පමණක් බවයි.

ඉතිහාසවාදයට (Historicism)   අනුව කෘතියක් හෝ  න්‍යායක් එය බිහිවන යුගයෙන් ස්වාධීනව තේරුම් ගත නොහැක.මේ නිසා  දීප්තිගේ ඉතිහාසය නොමැතිව ලංකාවේ දීප්ති විසින් ගොඩනැගු දේශපාලන  ව්‍යාපෘතියේ කිසිදු දෙයක් බාහිර පුද්ගලයෙකුට අර්ථ  දැක්විය නොහැක.[Which came first: the chicken or the egg?]

දීප්ති නම් හැගවුම්කාරකය මගහැරිය නොහැකිය. ගුවන් විදුලි සංවාදයේදී  දර්ශනවාදය ඉතා වැදගත් බව කියන පුද්ගලයා අවිඥානය- uncon- යනු කුමක්ද යන්න නොදනී. එසේම එම වැඩසටහන  මෙහෙයවනු ලබන නිවේදකයා ද තම සම්පත්දායකයාට අවිඥානයක් ඇති බව නොදනී. නැතිනම් ඔහු මෙම මහා දාර්ශනිකයා දර්ශනය ගැන කතා කිරීමට පෙර ඔහුට ඇති ගැහැණුන්ගේ[ශීශ්‍යාවන්ගේ] පස්සවල් මිරිකීම පිළිබද චෝදනා ගැන -In State SLBC; අවශ්‍ය අයට මේ ගැන UGC එකෙන් ඇසිය හැක– ප්‍රශ්න කල යුතුය. වැඩසටහන රැඩිකල් වන්නේ මෙවැනි ප්‍රශ්න ඇසීමෙන් පමණි. යථ- Real- මගහැරිය නොහැකි අතර යථ ගැන ප්‍රශ්න නොකරන විට අප ගමන් කරන්නේ විඥානවාදය වෙතය. එනම් බාහිර යතාර්ථය මනසින් full තේරුම් ගැනීමයි. නමුත් මෙම යතාර්ථය  තුල ඔබත් සිටිනවා නේද ? යන ප්‍රශ්නය මතු කිරීම නිවේදකයාට මගහැරේ. ඔහු ද මහා දාර දාර්ශනිකයෙකි.[Darshana Ashoka Kumara]ඇයි අපි මහින්දගෙ සදාචාරය හොයන්නෙ ?මේ අයත් මහින්දට කිට්ටුවෙන් යන අය ම තමා. හැබැයි අංක තහඩුව වම.

බොහෝ වාමාංශිකයන් විශ්වාස කරන්නේ ප්‍රතිවිරෝධතා ජය ගැනීමට හැකි බවයි. නමුත් දීප්ති විසින් දිගින් දිගටම කියමින්  සිටින්නේ ප්‍රතිවිරෝධතා විසදිය නොහැකි බවයි. එක්  පිරිසක් නිවැරදියි තවත් පිරිසක් වැරදියි කියා සනාථ කිරීම සදහා ජිජැක් කියන කෙනෙකුගේ කරුණු ඉදිරිපත් කලද ඒ  සැබෑ ජිජැක් නොවේ. ඇතැම් විට ඒ සීසැක් විය හැක. නමුත් සීසැක් යනු දීප්තිට එරෙහිව ලංකාවේ උමතු පිරිසක් විසින් බිහි කල  පුද්ගලයෙකු මිස ස්ල්වෝනියානු දාර්ශනිකයා නොවේ. එසේම මේ පිරිස විසින් කතාකරන  කාන්ට් , ලක්ලෝ ,අල්තුසර් ආදී  ඕනෑම චින්තකයෙකු මගින් සැබෑ බටහිර දාර්ශනිකයා-Real Philosopher– මතු නොකරයි.  දීප්තිගේ මැදිහත් වීම , දශක තුනක ඉතිහාසය, ඉවත් කර කිසිවෙකුට දීප්තිගේ ව්‍යාපෘතියට විකල්ප ව්‍යාපෘතියක් ගොඩනැගිය නොහැක. නැවත මුල් කෘතිය කියවීම හරහා  අපට එම කෘතියෙන් ඉදිරිපත් කිරීමට උත්සහ කරන  නියම අදහස ග්‍රහණය කරගත නොහැක. මුල් කෘතියෙන් කියන දෙය එම කෘතිය රචනා කල චින්තකයා පවා නොදනී. දීප්ති මුල්  කෘති කියවා ඔහුගේ දේහපාලන ව්‍යාපෘතියට අවශ්‍ය අදහස් පද්දතිය ගොඩ නගා අවසන්ය.[Letter]මේ මොහොතේ අපට උරුමව ඇත්තේ දීප්තිගේ දේශපාලනය ඉදිරියට  රැගෙන යාම පමණි. 

න්‍යාය හරහා ගොඩනැගිය යුතු දේශපාලනික  ඛණ්ඩනය මේ වනවිට  අප  විසින් සිදුකර අවසන්ය. දීප්ති විසින් මේ මොහොතේ කරමින් සිටින්නේ  පවතින සමාජ ක්‍රමය අර්ථ දැක්වීමය. සමාජ  පෙරලියක් සිදුවන්නේ පවතින සමාජය නිවැරදිව  අර්ථ දැක්වීම හරහා  මිස උද්ගෝෂණ, පෙළපාලි සහ  වැඩවර්ජන මගින්  නොවේ. පැරණි  වම අවසන්  බව අප පුන පුනා කියන්නේ මේ අර්ථයෙනි.[JVP සහ කුමාර් ඇතුලුව නාගරික ගරිල්ලන් ද ඇතුලුව] දීප්තිගෙන් පසු එක්තරා වමේ දේශපාලනයක් අවසන් වෙයි. ඔහුගේ මැදිහත්වීමෙන්  පසු අලුත් යුගයක්  උදා වී ඇත.ඊනියා වාම  බොහෝ දෙනා මෙම සත්‍ය  පිළිගැනීමට අකමැතිය. ඒ දීප්තිගේ ප්‍රශ්නයක් නිසා නොවේ. තමන් පවතින ක්‍රමයට කොතරම් විරුද්ධ වුවත් ක්‍රමය විසින් ලබා  දෙන  විනෝදයෙන් ගැලවීමට ඔවුන්ට නොහැකිය. අවසානයේ ගැටලුව ඇත්තේ පුද්ගලයාගේම ආත්මයේ මිස බාහිර තැනක නොවේ. දිගින් දිගටම මේ විනෝදය දීප්ති විසින් විවේචනය කල අතර පැහැදිලි මනසකින් යුතු බොහෝ දෙනාට ඔහු කියන  දෙය පැහැදිලි වෙමින් තිබේ.

දීප්තිගේ දේශපාලන ගමනේ ඉදිරි කාලවකවානුව  ඉතා  තීරණාත්මකය. අනාගතය යනු වර්තමානයේ නිර්මාණය කරන දෙයක් මිස  ඉදිරියේදී බිහි වන දෙයක් නොවේ. ප්‍රත්‍යවේක්ෂව අනාගත සිදුවීමකින් වර්තමානය දකිනවා යනු කාලයේ වෘත්තාකාර බව තුල අපි අපගේම වර්තමානය යළි කියවීමයි. එක්තරා මොහොතකින් පසු පවතින දේශපාලන ප්‍රවාහයේ කේන්ද්‍රය  දීප්ති බවට පත්වීමට නියමිතය. සත්‍ය මත පදනම් වූ දශක තුනක  ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය හැර මේ මොහොතේ කිසිදු විකල්පයක් ලාංකිකයාට නැත. එසේම දීප්තිව මගහරින, ඔහුව ඉතාම කුහක ලෙස අතහැර ගිය සියලු දෙනාට අපට විරුද්ධව එකතු වනවා හැර වෙනත් විකල්පයක් නැත. මෙසේ ගොඩනැගෙන කොටස් දෙක අතර ඉතුරු වන සැබෑ පසමිතුරැතාවයන්  හැර අනෙකුත් සියලුම අගතීන් අනාගතයේදී මේ සමාජයෙන් තුරන් කෙරෙනු ඇත.  

අනුෂ්ක ආරියරත්න.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඔය කුහක භාවය හැම තැනම ඔඩු දුවල තියෙන එකක් . පොතක් ලිව්වත් කොපි කරලා ගහන්න හදන එවුන් ඉන්න රටක් නේ

Comments are closed.