මාධ්‍ය සහ දේශපාලනය අතර ඇති පශ්චාත් – නුතන මොහොත මැනවින් විද්‍යාමාන වූ තත්තවයක් ඊයේ දින උදාවිය.ඊයේ උදය වරුවේ ප්‍රකාශයට පත් වූයේ කහ සිවුරේ බලයයි.සියළු ජාතික බලවේග පැය කිහිපයකට එක්සත් වූ අතර ජයග්‍රාහකයන් සව්දිය පිරීමට උත්සාහ කළා පමණි.සවස 4ට පමණ නාට්‍යයේ දෙවන ජවනිකාව අරලියගහ මන්දිරයේ ආරම්භ වූ අතර සවස 6 වන විට කහ සිවුරේ බලය සහමුලින් නිශ්ක්‍රීය විය.ප්‍රධාන නළුවන් තිදෙනා අභිබවා යෑමට උත්සාහ කළ සියළු දෙවන මට්ටමේ නළුවන් ටෙනිසන් කුරේලා බවට පත් විය.දැනට සිදුවෙමින් යන, දිනෙන් දින වෙනස් වන ජවනිකා වලට අනුව මාධ්‍යකරුවන් යනු පෙරහැරේ කසකරුවන් නොව පෙරහැර ගිය පසු මහපාරේ අලි බෙටි ඉවත් කරන කසලශෝධකයන්  බවට පත් වී ඇත.සමාජ ජාලා වෙබ් අඩවි වලට බොහෝ දේවල් කළ හැකි යැයි සිතූ බහුතරයද අන්ද මන්ද වී ඇත.

ලිබරල් ධනවාදය අපට බොහෝ දේ සන්නිවේදනය කිරීමට අවකාශ දී ඇත. වෙනත් විදියකින් කිවහොත් පශ්චාත් ලිබරල් ආර්ථිකය විසින් නව ඩිජිටල් පොදු අවකාශයක් නිර්මාණය කර දී ඇත. ඒ සෑම අවකාශයක ම අයිතිය ආපසු හිමිවන්නේ ඩිජිටල් උපකරණ, මුහුද යට ඔප්ටික් කේබල්, ගුවන්-අභ්‍යවකාශ කැමරා, ඩිජිටල් තිර, අධි සන්නිවේදන උපකරණ, ඩිජිටල් සංඛ්‍යාත වල අයිතිය හොබවන ලිබරල් ධනවාදී වෙළඳපල ටය. මිනිසා වඩ වඩා එකතුවෙමින් සිටින්නේ මෙම ‘නව ප්‍රජාතාන්ත්‍රික අවකාශය’ වටාය. මේ අනුව සන්නිවේදන ධනවාදය (communicative Capitalism) විසින් සත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සුන්නත් කර ඇත යන්න ජෝඩි ඩීන් නම් විචාරිකාව පවසයි. අද දවස වනවිට මෙම සන්නිවේදනය කොතරම් ප්‍රබලද යත් එය වාමවාදයේ සිට ආණ්ඩු පෙරළීම දක්වා ඕනෑම දෙයක් සිදුවීමේ ශක්‍යතාවයක් දක්වා අද විහිද ගොස් ඇත. කිසිවෙකුට තමා කරන්නේ කුමක්ද යන්න පිළිබදව මාලිමාවක් නැත. උදාහරණ ලෙස වේගයෙන් වෙනස්වන ෆැන්ටසි ලෝකයක අසීමිත නිදහසක් ඔස්සේ අපි යහපාලනය පෙරළීමට මුහුණු පොත ඔස්සේ එකාවන්ව එක්සිත්ව එකතුවමු. ඒ එකතුව ඔස්සේ අන්ත ජාතිවාදයක් නැවතත් අභිෂේක කිරීමට මාන බලමු. 

  මොනතරම් අවුල් වියවුල් තිබුණත් යහපාලනය තවමත් ජාතිවාදය විසින් ගිලගෙන නැත. ගිලගැනීමට හැදුවත් එයට තවමත් හෘද සාක්ෂියක් ඇත (යහපාලන ආගමනය යනු ඊජිප්තුවේ අරගලය මෙන් අසාර්ථක එකක් නොවේ). මේ යුගයේ ධනවාදය අපව පොළඹවන්නේ සන්නිවේදනය දෙසටය. එවිට අප වටේ ඇති ආචාර ධාර්මික අන්තර්ගතය අපට ඩේවිඩ් ලින්ච් ගේ Blue Velvet (1986) චිත්‍රපටයේ මෙන් අමතක වී යයි. කළුවර කාමරයක අශ්ලීල සන්නිවේදනයක සිටින අපට අශ්ලීල බවේ තීව්ර බව විසින් සදාචාරය අමතක කරවනු ලබයි. දඩි බිඩියේ අප යමක් සන්නිවේදනය කිරීමට පෙර ඒ ගැන සිතිය යුතුය.  

සන්නිවේදන අන්තර්ගතය (communicative content) සත්‍ය ලෙසම සන්නිවේදනය වන්නේද නැත්නම් එය සේවය කරන්නේ වෙනත් ජාතිවාදී කොටසක අනාගත යහපත සඳහාද යන්න අප සන්නිවේදනය කිරීමට පෙර සිතිය යුතු නොවේද? අදහස් පැතිරවීම මෙම මුහුණු පොත් යුගය තුළ ඉතා පහසු බව නිර්මාල් හොදින් දනී. නමුත් අදහස පැතිර ගියාට (circulation of views) සිදුවන දෙයක් නැත යන්න ඉරාක යුද්ධයේදී ජෝර්ජ් බුෂ් විසින් ලෝකයට කියාදුන් පාඩමයි. 

  පැවැත්ම වෙනුවෙන් අලුත් අලුත් සමාජ ෆැන්ටසි සොයමින් යන මෙම මාධ්‍ය සංඥා යුද්ධය තුල යහපත් අනාගතයක් වෙනුවෙන් සිතන්නවුන් නොපෙනී යනු ඇත. දේශපාලනයෙන් වියුක්තව කරන මෙම (නො) සන්නිවේදනය තුල අප නැවත වරක් මෝඩයන් විය යුතුද.

Vanguard Party

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “මොනතරම් අවුල් වියවුල් තිබුණත් යහපාලනය තවමත් ජාතිවාදය විසින් ගිලගෙන නැත. ගිලගැනීමට හැදුවත් එයට තවමත් හෘද සාක්ෂියක් ඇත (යහපාලන ආගමනය යනු ඊජිප්තුවේ අරගලය මෙන් අසාර්ථක එකක් නොවේ).”
    This seems to be the central message of this whole article, because to me the rest of it seems an incoherent jumble.
    “යහ පාලනයට තවමත් හෘද සාක්ෂියක් ඇත.”
    – “ඇත්තද? එහෙනම් හොඳයි, ඔබතුමා වාඩිවෙන්න” – ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථා නායක.
    – “බම්බුව, එහෙම එකක් තියනවනම් එක මම දැනගෙන ඉන ඕනේ එහෙම නැත්නම් පත්තරේ තියෙන්න ඕනේ” – ශ්‍රී ලංකාවේ ජනාධිපති
    – “මේ රටේ ගොන්නුන්ට අපි දීපු ලනුව තවමත් දිරවලා නෑවගේ, ඊ ළඟ චන්දෙත් ෂුවර් එකට ගොඩ” – ශ්‍රී ලංකාවේ අගමැති

    it is really SAD to read such a BULL SHIT statement from the Vanguard Party! Looks like it has fallen even below the JVP! – මම හිතන් හිටියේ ජවිපෙ ඉන්නේ හොරිකඩ කමේ පතුලේ කියල.

    “යහපාලන ආගමනය යනු ඊජිප්තුවේ අරගලය මෙන් අසාර්ථක එකක් නොවේ” – මේක ලිව්ව කෙනා sure එකට කොකේන් හරි අයිස් හරි ගහල ඉන්න ඇති මේක ලියන වෙලාවේ.

Comments are closed.