පසුගිය කාල පරිච්ඡේදය තුළ දැකිය හැකි මුලික කරුණක් වුවේ අප පක්ෂය හා පක්ෂයේ නායක දිප්ති කුමාර සහෝදරයා පිළිබඳ විවිධ වූ නිර්වචනයන් සහ චරිත සහතික නිකුත් කරනු ලබන කල්ලියක් නිර්මාණය වී ඇති බවයි. අපගේ දේශපාලනය සීග්‍රයෙන් වර්ධනයට ලක්වන වන විට එහි සාර්ථකත්වය හමුවේ මෙම කුහකයන් කල්ලිය බියවී සිටී. ධනවාදය විසින් අපගේ ජීවිතය විනාශ කරමින් පවතින අවධියක වාමාංශික පක්ෂයන් ධනවාදයට  විරුද්ධ වීම වෙනුවට ඒ මත පරායත්ත වන සමයක අප විසින් ගොඩනගන ලද දේශපාලන පක්ෂය පිළිබඳව ධනවාදය නඩත්තු කරන සහ එහි ආරක්ෂකයන් බවට පත්ව ඇති කුහකයන්ගේ මෙම කලබලය ස්භාවිකය.

            1989 වර්ෂය අවසන් වන්නේ දකුණේ විශාල මිනිස් සංහාරයක් සිදු කිරීමෙනි. එවකට දකුණේ භෞතිකවාදී සංවිධානයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය සමුල ඝාතනයකින් අවසන් කල අතර පැවති අධිපති මතවාදය නැවත තහවුරු වුවේ වාමාංශිකයන් පවා නිහඩ කරවමිනි. මෙම පරාජය තුළින් බාහිරට විද්‍යාමාන වුවේ ජනතා විමුක්ති පෙරමුණේ විනාශය වුවත් එමගින් සංඥා කරන ලද්දේ පැවති වාමාංශික දේශපාලනය සඳහා නැවත මිනිසුන් සංවිධානය කිරීමේ අසමත්කම සහ වාමාංශික පක්ෂයන් සඳහා බලපාන දෘෂ්ටිවාදයේ අසමත් කමයි. එහෙයින් ජනතා විමුක්ති පෙරමුණට හෝ ඉන් පසුව බිහිවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හෝ සිය දේශපාලන ප්‍රවාහය සඳහා නැවත පෙර මෙන් මිනිසුන් සංවිධානය කරගැනීමට නොහැකි විය. මන්ද ඔවුන් නව ක්‍රමෝපායන් කෙරෙහි යොමු වීමට වඩා සිදු කලේ පැරණි ක්‍රමයන් උපයෝගී කොටගෙන පක්ෂ සංවිධානය කරලීමට උත්සහ ගැනීමයි. ධනවාදී සමාජ ක්‍රමයේ වෙනස් වීම පිළිබඳ දැනුමක් නිර්මාණය කිරීමට හෝ හැදෑරීමට මොවුන් ඉතා අකමැති වූ අතර විධිමත් ආර්ථිකයක් මත යැපෙන වරප්‍රසාදිත 20% ප්‍රමාණයකගේ අයිතීන් සුරැකීම සඳහා උද්ගෝෂණය කරනු ලබන උද්ගෝෂකයන් පමණක් බවට පත්විය. ඊට හේතුව මොවුන්ගේ පැවැත්ම ඇත්තේ උද්ගෝෂණයන් මත පමණක් වන අතර වරින් වර සිදු කරන උද්ගොෂණයන් ඔස්සේ තමන්ගේ පැවැත්ම නිතර නිතර තහවුරු කරගනී. මේ නිසා මොවුන් සංකේත ලෝකයේ මිය ගිය ජිවත්වන ශරීර හා සමානය (living death). මෙලෙස සොම්බිකරණය වූ වාමාංශික පක්ෂයන්ගෙන් ධනවාදයට පිළියම් සෙවීම නිරර්ථක අතර ඔවුන් මෙම ක්‍රමයේ මුර කරුවන් ය.

            ඉහත තතු ඔස්සේ ගම්‍යවන මුලික කරුණක් වුවේ විප්ලවාදී දේශපාලනය අවසන් වී කතිකාමය දේශපාලනයේ ආරම්භ වීමයි. එමගින් මෙතෙක් පැවති පන්ති දේශපාලනය අවසන් වූ අතර කතිකාමය හා දෘෂ්ටිවාදීමය දේශපාලනය වෙත වාමාංශික පක්ෂ විතැන් විය.

”කතිකාමය දේශපාලනය” යනු සමාජ බලය ලැබෙන ලෙස භාෂාව භාවිතා කිරීමයි. එනම් භාෂාව සමාජ සම්බන්ධතා ගොඩනාගා ගැනීම සඳහා යොදා ගන්නා අතරම එම වචන හරහා සිය අනන්‍යතාවය තහවුරු කර ගැනීමයි. උදාහරණයක් ලෙස සිරිමලී ලියනගම කිසිඳු න්‍යායාත්මක හැදෑරීමකින් තොරව සිය අදහස් මුහුණුපොතේ රචනා කරමින් සිටි. එම අදහස් කියවන්නිය සිතන්නේ සිරිමලී සතුව පුළුල් දැනුමක් පවතින බවයි. මේ නිසා ඇය වටා බොහෝ පිරිස් රැස් වෙයි. ඒවා කියවා අරගල කිරීමට යන පාඨකයාට දෙවි පිහිට යි. මෙය තවත් උදාහරණයන් කිහිපයක් ඔස්සේ තවත් පැහැදිලි කල හැක. ගොඩේ බයියා යනුද කතිකාමය දේශපාලනය සිදු කරන්නෙකි.  වචන ගෙනහැර දැක්වීම ඔස්සේ සමාජ අනන්‍යතාවය අපේක්ෂා කරයි. සිත්තර ගුරුන්නාන්සේ පවා සිදු කරන රචනයන් තුළ ඇත්තේ ඔහුගේ න්‍යායාත්මක දුගී බව සහ තමන් අනුන්ගෙන් ණයට ගත්  වචන තමන්ගේ මනස්ගතයන් තුළින් ප්‍රකාශ කරයි. වංගිශ, විදර්ශන අය පවා සිදු කරමින් සිටින්නේ විප්ලවවාදී දේශපාලනය නොව කතිකාමය දේශපාලනයයි. අප විසින් ගොඩ නගන ලද  දැනුම තමන්ගේ ලෙස සලකා විකෘති කරමින් අනන්‍යතාවයක් අපේක්ෂා කරයි.  එබැවින් අප සහ ඔවුන් අතර ඇති වෙනස කුමක්ද යන්න සාමාන්‍ය පුද්ගලයන්හට අවබෝධ කර ගැනීම අසමත් වේ. එය අපට මුල් පිටපත අහිමි වූ පිටපත් පමණක් පැවතීම හා සමානව දැක්විය හැක. එහෙයින් අපගේ දැනුමේ සත්‍ය හිමිකරුවන් ඔවුන් බවත්, අප ඔවුන්ව අනුකරණය කරන ලෙස සමාජයට හොවා දක්වමින් ඇත. මෙම පටලැවිල්ල ලෙහීම සඳහා අප විසින්ම අපගේ දේශපාලනය සහ අපගේ ක්‍රියාමාර්ගයන්, දැනුමේ පරාසය දැක්වීමේ අරමුණින් මෙම ලියවිල්ල සම්පාදනය කරයි.

            සමබිම පක්ෂය ලෙස අපගේ දේශපාලනය ස්ථානගත කිරීම සිදු කරන්නේ වාෂ්ප වී ගිය වාමාංශික පක්ෂ හිස් තැන මතය. දීප්ති සහෝදරයා ප්‍රමුඛ අපේ දේශපාලනය ආරම්භ වීමට පෙර ලංකාව තුළ පැවති ප්‍රධාන චින්තන ධාරාවන් 3ක් හඳුනාගත හැකිය.

  1. බෞද්ධ දර්ශනය- මිහිඳු හාමුදුරුවන් හරහා ඉන්දියාවෙන් මෙරටට ලැබුණු දර්ශනය.

  2. පාසල් අධ්‍යාපනය- ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතිකයන් විසින් හඳුන්වා දුන් විධිමත් අධ්‍යාපන ක්‍රමය.

  3. මාක්ස් වාදය- ලංකාවෙන් බටහිර විශ්ව විද්‍යාල වෙත ගොස් අධ්‍යාපනය ලද තරුණයන් විසින් ලංකාවට හඳුන්වා දෙන ලදී. සමසමාජ පක්ෂයේ නිර්මාණය හරහා.

මෙම ඉහත චින්තන ධාරාවන්ට අපගේ පක්ෂ නායක දීප්ති සහෝදරයා විසින් නව චින්තන ධාරාවන් තුනක් හඳුන්වාදෙන ලදී. ඒ පශ්චාත් මාර්ක්ස් වාදය[1] , ව්‍යුහවාදය [2], ලැකානියානු මනොවිශ්ලේෂණ වාදය [3] යන චින්තන සම්ප්‍රධායන් වේ.

එලෙසම දේශපාලන දර්ශනය (Political Philosophy) වෙත අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ප්‍රධාන වශයෙන් දේශපාලන ධාරාවන් 3ක් ඇති බවයි.

  1. ලිබරල් වාදය

  2. කන්සර්වේටිව් වාදය

  3. කොමියුනිස්ට් වාදය

ඕනෑම පුද්ගලයෙකු නියැලෙන දේශපාලනය ඉහත මුලික අංශයන් තුනෙන් එකකට අයත් වේ. ජාතික චින්තනය පවා අයත් වන්නේ ඉහත 2 වන ප්‍රවර්ගය වන කන්සර්වේටිව් වාදයට ය.

1989 බර්ලින් තාප්පය බිඳ දැමීම සහ සෝවියට් රුසියාවේ බිඳ වැටීම සමඟ එතෙක් පැවති චින්තන ක්‍රමය ඉතා සීග්‍රයෙන් වෙනස් වීමට ලක්විය. ධනවාදය කිසිඳු බාධාවකින් තොරව ගලායන නිදහස් ක්‍රමයක් වූ අතර පැවති බොහොමයක් පරමාදර්ශයන් එත් සමඟ බිඳ වැටුණි. එහෙයින් බටහිර තුළ නව දර්ශයන් හා න්‍යායන් නිර්මාණය වූ අතර එමගින් මෙම නව ධනවාදී සමාජ තත්වය විග්‍රහ කිරීමට උත්සහ කරන ලදී. එම දැනුම ලංකාවට එන්නේ අපගේ පක්ෂ නායක දීප්ති කුමාර හරහා ය. ඊට ප්‍රථමව කිසිඳු පුද්ගලයෙක් හෝ දේශපාලන පක්ෂයක් එම දැනුම ලංකාවට හඳුන්වා දීම හෝ දේශපාලනය තුළ ව්‍යවහාර කිරීම හෝ සිදු නොකරන ලදී. ඊට බලපෑ මුලික හේතුන් දෙකකි.

  • සාම්ප්‍රධායික මාර්ක්ස් වාදී අදහස් පමණක් පිළිගැනීම හා ධනවාදයේ අභ්‍යන්තරික වෙනස පිළිනොගැනීම.

  • අවිද්‍යාවට ඇති අනුරාගය.

ඉහත හේතු සාධක නිසා 90 දශකයේ සිට වර්තමානය දක්වාම වාමාංශික දේශපාලන අභියෝගයට ලක් කරන්නේ  පැවති ධනවාදය මිස පවතින ධනවාදය නොවේ. එහෙයින් පවතින ක්‍රමයටම අනුගත වීම හැර අන් විසඳුමක් එම පක්ෂයන්ට නොමැති විය.

මේ නිසා 90 දශකයේ rohanian feminist කතිකාවෙන් ඉවත්ව ඉතා දියුණු දේශපාලනික හා දාර්ශනික හැදෑරීමක් සහිතව දීප්ති විසින් X කණ්ඩායම නිර්මාණය කරන ලද අතර එතැන් පටන් අපගේ දේශපාලනය ආරම්භ විය. එහිදී අපගේ දේශපාලනය ඉතා පැහැදිලිව අනෙකුත් දේශපාලන පක්ෂයන්ගෙන් කණ්ඩනය වූ අතර එය අපට මුලික අංශයන් තුනක් ඔස්සේ විග්‍රහ කල හැකිය.

ප්‍රථම කණ්ඩනය නැතිනම් ආතතිය හටගන්නේ පන්ති අරගලය විස්වාස කරන පැරණි/නව වාමාංශිකයන් සහ අප අතරය. මෙම වාමාංශිකයන් අප විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් නුතන වාදය පිළිබඳ බොහෝ විවේචනයන් එල්ල කළේය. දීප්ති විසින් ධනවාදයේ සිදු වූ අභ්‍යන්තරික වෙනස පැහැදිලි කිරීම සඳහා පශ්චාත් නුතන අනන්‍යතා දේශපාලනය (Postmodern identity politics) යන අදහස ඉදිරිපත් කරන කළේය. ඒ ඔස්සේ සාකච්ඡා කරනු ලැබුවේ ධනවාදය තුළ සංස්කෘතිය පවා පාරිබෝගික භාණ්ඩයක් බවට පත්වී ඇති ආකාරය පිළිබඳව ය. මෙය දීප්ති විසින් නිර්මාණය කරන ලද X කණ්ඩායම විසින් සමාජයට දැනුමක් ලෙස ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා London සඟරාව නිර්මාණය කරන ලදී. නමුත් සිදු වුවේ ධනවාදයේ නව මුහුණුවර අප විසින් සමාජගත කරන දැනුම හරහා තේරුම් ගැනීමට වඩා අපට “පශ්චාත් නුතන වාදීන් ය.” යන ලේබලය ඇලවීම මෙන්ම අපගේ නව දැනුම ගර්හාවෙන් යුක්තව ප්‍රතික්ෂේප කිරීමට උත්සහ ගැනීමයි. එය ජනතා විමුක්ති පෙරමුණේ සිට කුමාර් ගුණරත්නගේ පෙරටුගාමී පක්ෂය දක්වා සිදු කල ක්‍රියාවකි. අදටත් ඔවුන් සිතන්නේ ධනවාදය පැරණි ආකාරයෙන් අවිචලව පවතින බවයි. එහෙයින් ධනවාදයේ සිදු වූ ව්‍යුහාත්මක වෙනස්කම් හා ඒ සමඟ පුද්ගලයාගේ වෙනස්කම් අවබෝධයට ඔවුන් අසමත්ව ඇත. එහි ප්‍රතිඵලය වන්නේ ධනවාදයේ නුතන තර්කනයට ඉතා ඉක්මනින් සමාජානුයෝජනය වීමට එම පක්ෂයන්ට හා පුද්ගලයන්ට සිදු වීමයි. මේ නිසා එම වාමාංශික පක්ෂයන් සියල්ලක්ම ධනවාදය විප්ලවීය ලෙස වෙනස් කිරීම නමැති ස්ථානයෙන් අනන්‍යතා දේශපාලනය වෙතට විස්ථාපනය විය. එනම් ජාති වාදය, ජාතිකවාදය, වාර්ගිකත්වය වැනි මාතෘකා ඔස්සේ සමාජයෙන් අනන්‍යතාවය ලබා ගැනීමට කටයුතු කරන අතර ඒ සඳහා ඔවුන් සිදු කරන්නේ දෛනික වශයෙන් සිදු කරන හුරු පුරුදු (Rituals) ප්‍රමාණයක් සිදු කිරීමයි.  නමුත් අප විසින් මතු කරන්නට උත්සහ කලේ ධනවාදයේ මෙම නව ස්වරුපය තේරුම් ගැනීමට නව  දැනුමකි. එම දැනුම අපගේ පක්ෂය හා අනෙකුත් වාමාංශික පක්ෂයන් අතර ඇති පළමු ආතතිය නිර්මාණය කිරීමට සමත් විය.

90 දශකයේ සිට සහ X කණ්ඩායම ආරම්භ කිරීමෙන් පසු දිගින් දිගටම දීප්ති විසින් සාකච්ඡාවට ලක් කරන ලද්දේ පශ්චාත් ව්‍යුහවාදය වන අතර එහිදී ඩෙරීඩා ගේ විසංයෝජන දර්ශනය ව්‍යවහාර කිරීම වෙත වැඩි අවධානයක් යොමු කරන ලදී. මේ නිසා පුද්ගලයගේ ආත්මය (Subject) යන්න හැදෑරීමෙන් දුරස් විය. අනෙකුත් වාමාංශිකයන් විසින් ජර්මන් විඥානවාදය ප්‍රතිගාමී ලෙස සලකා බැහැර කර පැවති අතර අපගෙන් ද එම අධ්‍යනය මග හැරී ගොස් පැවතුනි. එහෙත් 2004 දී විමතිකයන් පිරිසක් විසින් X කණ්ඩායම විනාශ කිරීමත් සමඟ පුද්ගල ආත්මයේ කැරැල්ල අධ්‍යනය කිරීම දේශපාලනය තුළ ක්‍රියාත්මක වන වැදගත් සාධකයක් බව වැටහුණි. එබැවින් 2010 දී දීප්ති සහ සමන් පුෂ්ප කුමාර එක්ව ජර්මන් විඥානවාදය අධ්‍යනය කිරීම ආරම්භ කරන ලදී. එහිදී කාන්ට්, හේගල්, ඇලෙක්ස්සැන්ඩර් කොජෙව් වැනි ජර්මන් විඥාන වාදීන්ගේ දර්ශනයන් අධ්‍යනය කල අතර ඒ ඔස්සේ දයලෙන්තිකය පිළිබඳ ඉතා පුළුල් දැනුමක් පක්ෂයට එකතු විය. එය මෙතෙක් පැවති දාර්ශනික දැනුම තව තවත් ව්‍යවහාර කිරීමට අවශ්‍ය දැනුම සැපයීමක් විය. ( X කණ්ඩායම විනාශය මුල් අවස්ථාවේදී දේශපාලනික ගැටලුවක් මුල්කරගෙන සිදුවූවක් ලෙස පෙනී ගියද පසුව අපට වැටහී ගියේ එය බුද්ධිකගේ සහ ප්‍රභාගේ ප්‍රේම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙසය. එම වැටහීම අපට ලැබෙන විට සිදුවීම් සිදු වී අවසන් ය- බුරැවන්ට මෙය වටහා ගැනීම අපහසුය.). සාම්ප්‍රධායික මාර්ක්ස් වාදීන් විසින් හේගලියානු දර්ශනය ප්‍රතිගාමී ලෙස සලකා බැහැර කරන විට ධනවාදයේ නුතන ක්‍රියාකාරීත්වය තුළ පුද්ගලයා හා සමාජ ගතිකයන් තේරුම් ගැනීම සඳහා හේගලියානු දර්ශනයේ ඇති වැදගත්කම වාමාංශික දේශපාලනයට ඉදිරිපත් කලේ දීප්ති විසින් ය. ‘සමබිම’  අපගේ පක්ෂය දයලෙන්තිකය ප්‍රයෝගිකව බාවිතා කරන ලංකාවේ එකම වාමාංශික පක්ෂය වේ. අප සමාජ බහුවිධත්වය පිළි ගැනීමට බියක් නොදක්වන්නේ එම දැනුම හේතුවෙනි. දීප්ති ප්‍රමුඛ අපගේ ‘සමබිම පක්ෂය’ සුළු ජාතීන්ගේ අයිතීන්, සමලිංගික අයිතීන්, ස්ත්‍රීන්ගේ අයිතීන් පිළිගනී. අප කිසිඳු ලෙසක මතවාදීව හෝ සුළු ජාතින් හෝ වෙනත් සමාජ කණ්ඩායමක අයිතීන් විනාශ කිරීමට හෝ යොමු වුවේ නැත. එහෙයින් අපට කොන්දක් සහිතව සුළු ජාතින් සමඟ කටයුතු කල හැකිය. උතුරේ විමුක්ති ව්‍යාපාරය විනාශ කිරීමට රාජපක්ෂලා බලයට ගෙන ජනතා විමුක්ති පෙරමුණ හා ඊට උඩගෙඩි දී පසුව ජනතා විමුක්ති පෙරමුණින් වෙන්වූ කුමාර ගුණරත්න කණ්ඩායමට මෙන් අපට සුළු ජාතිකයන් හෝ සමලිංගිකයන් පිළිබඳ  වරදකාරිත්වයක් ද නැත.

ජර්මන් විඥාවාදි දර්ශනය පක්ෂය තුළ දැනුමක් ලෙස වර්ධනය වීමත් සමඟ හේගලියානු දයලේන්තිකය  ධනවාදය තේරුම් ගැනීමට විශාල බලපෑමක් සිදු කළේය. එනුව අපට වැටහී ගියේ ධනවාදය පුද්ගල ආත්මයට පිටතින් පවතින්නක් නොව පුද්ගල අභ්‍යන්තරය තුළම අන්තර්ගත වන බවයි. එහෙයින් අප පුද්ගලයාගෙන් එපිට ධනවාදයට විකල්පයක් ඇතැයි විස්වාස කර පරම ෆැන්ටසියකට ගොදුරු නොවේ.(Absolute Fantasy). ධනවාදයට පුද්ගලයාට පිටතින් ඇතැයි සිතීම ධනවාදයේම ප්‍රතිඵලයකි.

ධනවාදය සමඟ ගනුදෙනු කිරීමේදී පුද්ගලයා කටයුතු කරන ආකාරයන් දෙකක් ලෙස ජිජැක් (Zizek) දක්වන විපරිත  භාවය සහ හිස්ටරික භාවය පිළිබඳ දැනුම දීප්ති විසින් ලැකානියානු මනෝවිශ්ලේෂණය හරහා වර්ධනය කිරීම සිදු කරන ලදී. මනෝවිශ්ලේෂණය දේශපාලනය වෙත සම්බන්ධ කරන ලද එකම දේශපාලන පක්ෂය වන්නේ අපගේ දේශපාලන පක්ෂය යි. විපරිතයා පවතින ක්‍රමය යුක්තිසහගත කරන අතරම බාහිරින් දෙනු ලබන අනන්න්‍යතාවය එලෙසම පිළිගනී. නමුත් හිස්ටරිකයා බාහිර අනන්‍යතා ප්‍රශ්න කරන අතර පවතින ක්‍රමය ප්‍රතික්ෂේප කරයි. විපරිතයන් සමඟ විප්ලව කිරීමට නොහැකිය යන දැනුම සහ එවැනි විපරිත බාවයෙන් පෙලෙන සංකේත නිතිය බාහිරින් ඉල්ලා සිටින පිරිස් පිළිබඳ දැනුම මෙන්ම ඔවුන් විසින් සිදු කරන දේශපාලනික හා සමාජ හානිය පිළිබඳ දැනුම සමඟ අපගේ දේශපාලන ක්‍රියාකාරීත්වය නිර්මාණය වී ඇත.

අප පිළිබඳව චරිත සහතික නිකුත් කරන රජයේ පාසල් ගුරුවරයෙකු වන විදර්ශන කන්නන්ගර හා සිත්තර ගුරුන්නාන්සේ මෙන්ම වංගීශ සුමන සේකර ඇතුළු පිරිස සමාජයෙන් ඉල්ලා සිටින්නේ අනන්‍යතාවයකි. ඔවුන් ලිවිම තුළින් ලබන්නේ විනෝදයක් වන අතර එමගින් සිය අනන්‍යතාවය දෛනිකව තහවුරු කර ගැනීමට යත්න දරයි. මොවුන් විපරීතයන් වන අතර සමාජය වෙනස් කිරීමට වඩා අවශ්‍ය වන්නේ එය තහවුරු කිරීම ඔස්සේ සිය අනන්‍යතාවය පවත්වාගෙන යාමටයි. එහෙයින් ඥානසාර ප්‍රපංචය සහ ඉහත පුද්ගලයන් අතර ඇත්තේ හැඟවුම්කාරක අතර වෙනසක් පමණි.

එසේම අපට අපගේ පක්ෂයට හෝ නායකත්වය පිළිබඳව චරිත සහතික නිකුත් කරන්නාවූ මෙම කිසිවෙක් කිසිඳු විටෙක අපගේ පක්ෂය සමඟ හෝ දීප්ති සමඟ සම්බන්ධ වී කටයුතු කර නොමැත. විදර්ශන හා වංගීශ සුමණසේකර, කෞශල්‍ය කුමාරසිංග ඇතුළු පිරිස කොළඹ විශ්ව විද්‍යාලයේ X කණ්ඩායමේ පන්ති සඳහා සහභාගී වුවත් ඒවා මෙහෙයවන ලද්දේ සුමිත් චාමින්ද විසින් වේ. එම පන්තිය පැවතියේද මාස 3 පමණය. එම පන්ති සඳහා දීප්ති කිසි දිනෙක සම්බන්ධ වී නොමැති හෙයින් විදර්ශන හා වංගිශ, කෞශල්‍ය කුමාරසිංහ  යනු සුමිත් චාමින්ද දන්නා ව්‍යුහවාදය ඉගෙනගත්තා වූ අය වන අතර ඔවුන් දිප්තිගෙන් කිසිවක් ඉගෙන ගෙන නොමැත. ඔවුන් දීප්තිගේ ශිෂ්‍යයන් නොවේ. එසේම ඔවුන් කතා කරන ව්‍යුහවාදය සොෂියර් විසින් ඉදිරිපත් කල ව්‍යුහවාදය නොවන අතර එය සුමිත් චාමින්දගේ සුමිත් චාමින්ද දන්නා ව්‍යුහවාදයයි.

සුමිත් චමින්ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රහසිගත න්‍යායාචාර්යවරයා සහ  ග්‍රාම්ස්කි වාදියෙකි.

සුමිත් චාමින්ද ගේ ව්‍යුහවාදය ඉගෙනගත් විදර්ශන කන්නන්ගර විසින් සිදු කරන්නේ ඔහුගේ ගුරුවරයා සේම අපගේ දැනුම විකෘර්ති කිරීමයි. ජිජැක් යන නම පවා නිවැරදිව ව්‍යවහාර කිරීමට බැරිව “සිසැක්” යැයි ව්‍යවහාර කරමින් සමාජ බලයක් ලබාගැනීම සඳහා අපගෙන් අහුලාගත් වචන දැනුම එහෙන් මෙහෙන් අහුලා තැන තැන ගොස් ඉදිරිපත් කරයි. ඔහු අප සමඟ සම්මුඛ නොවීම නිසා ඔහුගේ දැනුම ප්‍රශ්න කෙරෙන්නේද නැත. දාර්ශනිකයන්ගේ නම් හා වචන මගින් විද්වතෙකු ලෙස පෙනී සිටිමින් අදහස් පල කරයි. ලිපි ලියයි. ඒ සියල්ලම සිදු කරන්නේ මහා අනෙකාගේ දැක්ම වෙනුවෙනි (Gaze). අනෙකාගේ දැක්ම වෙනුවෙන් ක්‍රියා කිරීම යනු ලිබරල් දේශපාලනයේ මුලික ලක්ෂයකි. මේ නිසා විදර්ශන යනු ලිබරල් දේශපාලනයේ නියැලෙන අයෙකි. ඔහුව වාමාංශික අරගල කරුවෙකු ලෙස නිර්වචනය කලේ මෝඩ වම්මු විසිනි. විදර්ශන ඔබ රජයේ ගුරුවරයෙක් ලෙස තමන්ගෙන් ඉටු විය යුතු සේවය ඉටු නොකර සිය සේවා කාලය දරුවන් වෙනුවෙන් වෙන් නොකර රජයෙන් වැටුප් ලබමින් මුහුණුපොත තුළ අරගල කරන්නට යන්නේ රෙදි ඇදගෙනද? ඔබට රජයෙන් වැටුප් ගෙවන්නේ මුහුණු පොතේ අපගැන සහ දීප්ති පිළිබඳ චරිත සහතික රචනා කරන්නද? අනුන්ට අපිගැන කිය කියා කලේ නාස්ති නොකර ගුරු භුමිකාව කුමක්ද යන්න කල්පනා කරන්න. එමගින් රජයේ ගුරුවරයෙක් ලෙස ඔබගෙන් ඉටුවිය යුතු සේවය හෝ ඉටු වේවි.  

                        ලංකාවේ හැර ලෝක ඉතිහාසයේ කිසිඳු අරගල කරුවෙක් තමන්ගේ දේශපාලන පක්ෂයේ වැදගත් දිනයකදී බඩු ගැසීමට ගොස් යුධ හමුදා බුද්ධි අංශයට හසු වී නැත. එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක නායකයෙක් සිය පක්ෂයේ පක්ෂ සම්මේලනයට ප්‍රථම දිනයේ දී එම පක්ෂයේ සහෝදරියක සමඟ  අතුරුදහන් විය. එය එම පක්ෂය විසින් ගෙනහැර දැක්වුවේ ආණ්ඩුව විසින් සිදු කරන අරගල කරුවන් දඩයමක් ලෙසය. නමුත් රජයේ බුද්ධි අංශයන් විසින් සිදු කරන ලද සොයා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස  එම නායකයා සහ පක්ෂ සහෝදරිය එක්තරා නිවසක සිට යුධ හමුදා බුද්ධි අංශයට සොයාගැනීමට හැකි  විය. මෙම හෙළිදරවු වීමත් සමඟ බොහෝ පිරිසක් පක්ෂයෙන් ඉවත්ව ගිය අතර ඉතිරිව ඇති පිරිස ද කරන්නේ තමන්ගේ නායකත්වයේ කුණු වසා ගැනීමට අපගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්න කිරීමයි. දීප්ති පිළිබඳ ප්‍රශ්න කිරීමට පෙර ඔබලාගේ නායකයාගේ ක්‍රියාවන් ගැන නායකයාගෙන් අසා දැනගන්න. එවිට ඔබේ නායකයා පක්ෂය වෙනුවෙන් ජිවිතේ කැප කරපු සහෝදරයන්ගේ ජිවිතේ අනතුරේ දමා ගැනියෙක් සමඟ නිවසක  කුමක් කලේද යන්න මුනිවත රැකෙනු ඇත.

ඉහත චරිත සහතික ටික ඉතා කුඩා කොටසකගේ පමණි. අපට චරිත සහතික දෙන්නට එන මහත්තුරුන්ගේ චරිත සහතික ලිවීමට කඩදාසි මදිය. ඒ නිසා මහතුරුනේ තමන්ගේ රෙදි අපට කියා ගලවා නොගෙන තමුන් කරන කුමන හෝ දේශපාලයක් කරගන්න. අපට චරිත සහතික දෙන්න අවොත් මිට වඩා ඔබගේ රෙදි ගැලවීම සිදු වනු ඇත. අපගේ කිසිවෙක් නුබලාගේ රෙද්ද අස්සේ යාමට එන්නේ නැත. ඒ අපගේ හැදෑරීමෙන් ලත් විනය නිසා බව මතක තබා ගන්න. ඔබලාද අපගේ රෙද්ද අස්සේ යාමට නොඑන්න. එසේ එමෙන් ඔබට ඔබගේ රෙදි ගැලවී යනු ඇත. අපගැන නොදැන තැන තැන අපට චරිත සහතික දීමෙන් වලකින්න. අපගේ දේශපාලන න්‍යාය හා දර්ශනය සකස් වන්නේ ව්‍යුහවාදය, පශ්චාත් මාර්ක්ස් වාදය සහ ලැකානියානු මනෝ විශ්ලේෂණය මතය. මෙය නුබල ඇතුළු අනෙකුත් වමේ සියලු දේශපාලන පක්ෂ හා සසඳන කල ඉතා පුළුල් හා නුතන දැනුමකි. එම පුළුල් දැනුම මත සමබිම පක්ෂයේ ඉදිරි දර්ශනය සකස් වේ. සොෂියර්, ෆ්‍රොයිඩ්, ජින් බෞද්‍රිලා, ලියොතාද්, ලැකාන්, ස්ලැවෝජ් ජිජැක්, ශාන්තාල් මුෆ්, මිචෙල් ෆුකෝ වැනි දාර්ශනිකයන්ගේ දාර්ශනික අදහස් හැදෑරීමෙන් පසුව දීප්ති සහෝදරයා විසින් අපගේ පක්ෂයේ වැඩ පිළිවෙල සහ දර්ශනය නිර්මාණය කර ඇත. අප යන්නේ අපගේම මාවතක අපටම ආවේනික ක්‍රමයකටය. අපගේ මාවතේ යාමට නුබලාගේ මග පෙන්වීම හෝ නුබලාගේ අදහස් දැන ගැනීමට හෝ අවශ්‍ය නොවේ. නුබලා වැනි ආඥානයන්ගෙන් දේවල් ඉගෙන ගැනීමට අපට දේවල්ද නැත. මන්ද අපගේ ගමන් මග සහ අපගේ ක්‍රියාමාර්ගයන් සකස් වන්නේ ඉතා නවීන දාර්ශනික හැදෑරීම් වලට අනුවය. අපගේ දේශපාලන කටයුතු සමඟ සෙල්ලම් කිරීමට නොඑන්න. මන්ද නුබලා ධනවාදයේ අනුරාගිකයන් බැවින් මහත් වේදනාවක් විදීමට ඒ තුළින් සිදුවන බැවිනි.

බුද්ධික.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

                                                                                                                             

                                                                                                           

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මන්දබුද්දකගෙ ඉහත ලිපිය දැක්කාම සමබිමට බැදෙන්නම හිතෙනෙවා.

    political correctness-
    ලංකාවේ හැර ලෝක ඉතිහාසයේ කිසිඳු අරගල කරුවෙක් තමන්ගේ දේශපාලන පක්ෂයේ වැදගත් දිනයකදී බඩු ගැසීමට ගොස් යුධ හමුදා බුද්ධි අංශයට හසු වී නැත. එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක නායකයෙක් සිය පක්ෂයේ පක්ෂ සම්මේලනයට ප්‍රථම දිනයේ දී එම පක්ෂයේ සහෝදරියක සමඟ අතුරුදහන් විය. එය එම පක්ෂය විසින් ගෙනහැර දැක්වුවේ ආණ්ඩුව විසින් සිදු කරන අරගල කරුවන් දඩයමක් ලෙසය. නමුත් රජයේ බුද්ධි අංශයන් විසින් සිදු කරන ලද සොයා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස එම නායකයා සහ පක්ෂ සහෝදරිය එක්තරා නිවසක සිට යුධ හමුදා බුද්ධි අංශයට සොයාගැනීමට හැකි විය. මෙම හෙළිදරවු වීමත් සමඟ බොහෝ පිරිසක් පක්ෂයෙන් ඉවත්ව ගිය අතර ඉතිරිව ඇති පිරිස ද කරන්නේ තමන්ගේ නායකත්වයේ කුණු වසා ගැනීමට අපගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්න කිරීමයි. දීප්ති පිළිබඳ ප්‍රශ්න කිරීමට පෙර ඔබලාගේ නායකයාගේ ක්‍රියාවන් ගැන නායකයාගෙන් අසා දැනගන්න. එවිට ඔබේ නායකයා පක්ෂය වෙනුවෙන් ජිවිතේ කැප කරපු සහෝදරයන්ගේ ජිවිතේ අනතුරේ දමා ගැනියෙක් සමඟ නිවසක කුමක් කලේද යන්න මුනිවත රැකෙනු ඇත.

  2. බටහිර දර්ශනයෙ මූලයන් ගැන අදසක් වත් නෑ කියලා මෙ බුද්දිකට කියල පේනවා!
    රොහාන් නැමැති නිශේදනය නිසා තමයි දීප්ති රොහාන්ට වඩා පොරක් වෙන්න විබවය එන්නෙ!
    Read about Hegelian dialectic!!

Comments are closed.