ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිසමේ නිර්දේශවලට අනුව තනි තනි රටවලට අවශ්‍ය නම් වක්‍ර මාර්ගයෙන් සම්බාධක පැනවිය හැක. බොහෝවිට මෙම සම්බාධක ආරම්භ වන්නේ ධනවත් පන්තිය ඉලක්ක කරගෙනය. උදාහරණයක් ලෙස ජර්මනියට අවශ්‍ය නම් BMW මෝටර් රථ ආනයනය සදහා ණයවර ලිපි නිකුත් කිරීම නතර කළ හැක. එවිට ලංකාව තුළ BMW මෝටර් රථවල මිල ඉහළ යන අතර අමතර කොටස් හිගයක්ද ඇති වෙයි. මුදල් තියෙන අයට තම සතු අතිරික්තයන් හෝ ඉතුරු කිරීම් එළියට නොදා ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත. බොහෝවිට සම්බාධක ආරම්භ වන්නේ සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනය කරන ධනවත් පන්තිය ඉලක්ක කරගෙනය. මෙම අලුත් ධනවතුන් වටා විශාල කොක්කු රෑනක්ද සිටින නිසා දෙවනුව අර්බුදයට යන්නේ ඔවුන්ය. අතුරු ප්‍රතිඵලයක් ලෙස පහළ පන්තියේ ජනයාගේ පැවැත්ම වෙනුවෙන් ආණ්ඩුවට ඉන්දියාව මත රදා පැවතීමට සිදුවනු ඇත. 70-77 කාලයේ ඝණ්ටාර සලකුණ සහිත සරොම් නැවත ඇදීමට Facebook Profile සහිත අයට එවිට සිදුවනු ඇත. හකුරු සමග තේ කහට බොන්නට ටෙලි නාට්‍ය නිළියන්ට සිදුවනු ඇත.

ඔබේ අදහස කියන්න...