1.ලෝකයේ වාමාංශික ව්‍යාපාර ගත් විට කොටස් 3කට බෙදන්න පුලුවන්

     a.  ස්ටැලින්වාදය   b.        ට්‍රොට්ස්කිවාදය  c.        මාඕවාදය

මෙ 3ම ධනවාදයේ පශ්චාත් නූතන තත්ත්වෙට මුහුණ දෙන්න අසමත් වු ව්‍යාපාර. ඔබත් යම් ක්‍රියාවලියක් යෝජනා කරමින් සිටිනවා. මේ තත්ත්වයන් 3 සමග එම ක්‍රියාවලිය පැහැදිළි කරනවා ද ?

2. ඔබ යෝජනා කරන නව ක්‍රියාවලිය සදහා පක්ෂයේ අධ්‍යාපන ක්‍රියාවලියට ව්‍යුහවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව, මනෝ විශ්ලේෂණය වැනි නව විෂය මාළාවන් හදුන්වා දෙනවා. ලංකාවේ අනෙකුත් දේශපාලන පක්ෂ තුළ දකින්න නොමැති මෙම දැනුම් පද්ධතියේ අවශ්‍යතාවය කුමක් සදහාද ?

3. දීප්ති, විශේෂයෙන්ම 2004 න් පසු අවධිය තුළ සහ මේ මෑතක සිට පක්ෂ අභ්‍යන්තරයෙන් ඔබටත්, වෙතත් පිටත දේශපාලන ව්‍යාපාර වලින් අප පක්ෂයටත් එල්ල කරන ප්‍රධාන විවේචනයක් තමයි මනෝ විශ්ලේෂණය කියන විෂය පක්ෂයේ අධ්‍යාපන ක්‍රියාවලියට සම්බන්ධ කිරීම ගැන. අපි දන්න කරුණක් තමයි මනෝ විශ්ලේෂණය යනු මිනිසුන්ගේ ආත්මය පිළිබද විද්‍යාව.[ theory of subject] එහෙම නම් ආත්මය පිළිබද විද්‍යාවක් කොහොම ද මනසට පරිබාහිරව ඇති වාස්තවික යථාර්ථයක් වෙනස් කරන්න අප භාවිතා කළ යුත්තේ ? අපට එල්ල වී ඇති විවේචන පිළිබද පැහැදිළි කිරීමක් කරනව ද ?

 

4. ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාර වල පවතින්නේ ස්ටැලින්වාදය, ට්‍රොට්ස්කිවාදය සහ මාඕවාදය බව අප කළින් සදහන් කළා. මේ ව්‍යාපාර විශ්වාස කරනවා රාජ්‍යට එරිහිව සන්නද්ධ ව්‍යාපාරයක් මගින් බලය අත්පත් කරගැනීමට. එවිට ප්‍රාග්ධනයේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය ඊට එරෙහිව මැදිහත් වෙනවා. මෙය යථාර්ථයක් ද නැති ද? එසේ නම් මෙය කෙසේද වෙනස් කරන්නෙ. සන්නද්ධ අරගලයක් අප පක්ෂයට අදාළ ද නැති ද ?

5. ලංකාව තුළ අපි ඉදිරිපත් කරමින් සිටින නව දේශපාලන දැක්ම ස්ථානගත කරන්නෙ කොහොමද? අපි දැක්කා ඉතාමත් ජනප්‍රියවාදී තලයක තිබු ජ.වි.පෙට පවා පසුගිය මැතිවරණයෙදි ජනතාව ඡන්දය නොදුන් බව. අපි මේ තත්ත්වය විග්‍රහ කරමු ද ?

 

6. දීප්ති වාස්තවික යථාර්ථය වෙනස් කිරීමෙන් පමණක් මිනිස්සුන්ගෙ විඥාණය වෙනස් වේද ?
උදා – උතුරේ අරගලය යුදමය වශයෙන් පරාජය කළ පසු උතුරේ ජනතාව වෙතට මහින්ද  රාජපක්ෂ ධනවාදය රැගෙන ආවා. නමුත් මැතිවරණයේ දී ඔවුන් ඔහුට ඡන්දය දුන්නේ නැහැ.  මහින් ද රාජපක්ෂ උතුරේ වාස්තවික යථාර්ථය වෙනස් කළත් මිනිසුන්ගේ විඥාණය වෙනස් නොවන බව මෙම උදාහරණයෙන් අපට පැහැදිළි වෙනවා. මෙය දක්ෂිණාංශික ව්‍යාපාරයක් මුහුණ දුන් තත්ත්වයක් උනත් මෙය වමට කොහොමද අදාළ වෙන්නේ ?

7. ඔබට පක්ෂ අභ්‍යන්තරයෙන් රැගෙන එන තවත් විවේචනයක් තමයි ඔබ මධ්‍යම පාන්තිකයෙක් බව. එසේ නම් මධ්‍යම පාන්තිකයකුට විප්ලවවාදියකු විය නොහැකිද ? පක්ෂ අභ්‍යන්තරික සාකච්ඡා වලදි ඔබව විවේචනය කරන prof ඔබ පක්ෂ අභ්‍යන්තරයට පැමිණි පසු මේ චෝදනාව ඔබට සෘජුව ඉදිරිපත් කරන්නේ නැහැ. මෙම ගැටලුව විග්‍රහ කරනවාද ?

8. දීප්ති සමහරැන්ට ඇති ගැටළුවක් තමයි ඔබ භාවිතා කරන ෆෝජෝ මෝටර් රථය. මෙය විහිළු සහගත තත්ත්වයක් උවත් මේ පිළිබදවත් යමක් පවසනවද ? [ Toyota Axio / Honda Hybrid / Alto ගැටලුවක් නැත. Peogeot 406 = 1.1 Million , while Hybrid’s are 4.2 million ]

9. විප්ලවවාදී ක්‍රියාදරයින් පක්ෂ වලින් එළියට විසිවුණ ගමන් මේ ක්‍රමයට හොදින් අනුගත වන බව සමාජ ජාල අඩවි බැලුවහම අපට තේරුම් ගන්න පුලුවන්. 70 දශකයෙදි අපි මේ තත්ත්වය දැක්කේ නැහැ. එයින් පෙනී යන්නේ පක්ෂ තුළ යම් නිශ්චිත අධ්‍යාපන ක්‍රියාවලියක් ලැබුවත් පක්ෂ ක්‍රියාදරයින්ගේ විඥාණය [ දුර්වල නිලය ] වෙනස් නොවී ඇති බව නේද ?

10. කෝදාගොඩ සහෝදරයා ‘යථාර්ථය‘ ගැන මතු කරන ගැටළුවට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? ඔහු අපට කියනවා යථාර්ථය ප්‍රබන්ධයක් යන අදහස ජිජැක්ගේ කෘති ආශ්‍රයෙන් පැහැදිළි කරන ලෙස. නමුත් මේ සම්බන්ධයෙන් දැනටමත් සමන් පුෂ්පකුමාර සහෝදරයා Less Than Nothing කෘතිය අරභයා පළ කළ සිය විචාරය තුළ ඒ සම්බන්ධයෙන් පහදා තිබෙනවා.[ reality as incomplete thing ] කලාකරුවන් මිනිස් ජීවිතයේ සැබෑ ප්‍රශ්න මගහැර ව්‍යාජ ප්‍රශ්න මතු කිරීම ගැන ඔබගේ අදහස කුමක්ද ? දීප්තිගෙන් ඇසිය යුතු ප්‍රශ්න ඔහුගෙන් ඇසීමට මිනිසුන් අකමැති ඇයි. මේ තත්ත්වය කෙබදුද ? අපගේ පක්ෂයේ සහෝදරවරුන්ටත් මේ තත්ත්වය අදාළයි නේද? එසෙ ් නම් ඔබ නිර්දේශ කරන කෘති අපගේ පක්ෂයේ සහෝදරයන් කියවන්නේ නැතිද ? 

ඔබේ අදහස කියන්න...