ලංකාවේ රැඩිකල් ස්ත්‍රීවාදය ආරම්භවුයේ 80 දශකයේ මැද භාගයේදීය. එය ආරම්භ වුයේ ලෝක දේශපාලනය තුළ ‘ධනවාදය’ සහ ‘සමාජවාදය’ යනුවෙන් කඳවුරු දෙකක් පැවති සමයේය. ලංකාවේ කොහොමටත් වාමාංශික ව්‍යාපාරය පුරුෂාධිපත්‍යයිකය ඉනුත් ‘ජනතා විමුක්ති පෙරමුණ’ දැඩි ලෙස පුරුෂාධිපත්‍යනුයිකය. පිරිමින්ගේ දේශපාලනය තුළ ඇති පුරුෂහිතකාමය ප්‍රශ්න කිරීම සඳහා කලක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජීකාවක් ව සිටි සුනිලා අබේසේකර සහ සුනිල් විජේසිරිවර්ධන ‘ස්ත්‍රීවාදී කවයක්’ රජගිරිය හන්දියේ නිවසක 1985 වැනි වසරකදී ආරම්භ කළේය.

ඔවුන් ගේ ආරම්භක තේමාවත් වුයේ පුරුෂවාදයන්ගෙන් ඉවතට පැන යන “ස්ත්‍රී හැඟිම්” වලට යම්කිසි ආස්ථානයක් ලබා දීමටය. ගෙදර වැඩ, ස්ත්‍රී ශ්‍රමය, නිදන කාමරයේ දර්ශනය, ලිංගික ශ්‍රමය , දරුවන් වැදීම සහ හැදීම, ස්ත්‍රිය කෙන්ද්‍රීය සමාජය සහ එහි ආයතන ප්‍රතිංසවිධානය කිරීම, ස්ත්‍රී කලාව, පෙම්වතියගේ පැත්තෙන් ආදරය යනදිය ඉහත ස්ත්‍රී කවයේ විවිධ තේමාවන් විය. අවාසනාවට මෙන් ඉහත “ස්ත්‍රී කවයට” ඊට බාහිරින් සන්නද්ධ දේශපාලන දෙකකට මුහුණ දීමට සිදුවිය. දකුණේ සන්නද්ධ අරගලය මෙහෙය වු ජනතා විමුක්ති පෙරමුණට අනුව මෙම ‘ ස්ත්‍රී කවය’ බටහිර අදහස් සිංහල සමාජය තුළ බිහි කිරීමට ඇට වු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. උතුරේ සන්නද්ධ අරගලයට දෙමල ස්ත්‍රිය අවශෝෂණය වු නිසා ඔවුන්ගේ ‘ අනන්‍යතාවය’ ජාතික විමුක්ති අරගලය නම් සර්වාත්‍රිකයෙන් ආදේශ විය.

1989 ට පසු ලෝක දේශපාලනය තුළ පැවති එක් දෘෂ්ටිවාදී කඳවුරක් වු ‘සමාජවාදය’ බිඳ වැටුනේය. තනි දෘෂ්ටිවාදයක් ලෙස ලෝකය තුළ ලිබරල් ධනවාදය තහවුරුවිය. තත්වය මෙලෙස මුඛ්‍ය ලෙස වෙනස් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය , අයිතිවාසිකම්, ස්ත්‍රීවාදය , සමලිංගිකත්වය යන සංකල්ප ගැන පැවති තහවුරු වු ආකල්පයන් බුද්ධිමතුන්ට හොරෙන් ඉරි තලන්න විය. ඉහත සංකල්ප වලට සමාජවාදය සහ ධනවාදය අතර දෙබෙදුම තිබුණ යුගයේ පැවති අර්ථය සපුරා වෙනස් වු බව සුනිලා හෝ සුනිල් වටහා නොගත්තේය. අපගේ රටට ඉතාම දුරින් පැවති සමාජවාදී රටවල් වල සිදුවූ විශාල දේශපාලන පෙරළිය සෘජු ලෙස අපගේ රටවල මිනිසුන්ගේ හිස් ගෙඩිවලට බලපාන බව වටහා ගැනීමට ඒ කාලයේ කෙනෙක් නොසිටියේය. ධනවාදය පමණක් පරමාදර්ශයක් ලෙස වටහා ගන්නා සමාජයක දී ස්ත්‍රීවාදයට, මිනිස් අයිතිවාසිකම්වලට, ප්‍රජාතන්ත්‍රවාදයට හිමි වන්නේ සපුරා ප්‍රතිවිරුද්ධ අදහස් බව බහුතරය වටහා නොගත්තේය.

ධනවාදය / සමාජවාදය යන ප්‍රතිපක්ෂය පැවති සමාජයක දී විරුද්ධ පක්ෂයේ සිටි බුද්ධිමතුන් එම ප්‍රතිපක්ෂය දිය වී යන සන්දර්භයක් ඇතුලේ කෙසේ ක්‍රියා කරන්නේද යන ගැටළුවට මුහුණ දුන්නේය. එමඟින් අනාවරණයවුයේ අප මෙතෙක් නොසිතු පැත්තකි. සාම්ප්‍රද්‍රයික වාමාංශික ව්‍යාපාරය තුළ ජීවත්වූ ක්‍රියාකාරීන් බහුතරයක් එම ව්‍යාපාර සහ තමන් අතර පවත්වා ගෙන ගියේ අනන්‍යතාවයක් නොව “පරතරයකි “. විවාදයකින් තොරව පොදු සමාජ අවකාශය තුළ වාමාංශික චින්තකයන් සහ ක්‍රියාකාරීන් තම පරමාදර්ශය වෙනුවෙන් දැඩි ලෙස ක්‍රියාකාරී වන බව ප්‍රදර්ශණය කරත් පුද්ගලිකව ඔවුන් එම පරමාදර්ශ සමඟ අනන්‍ය වුයේ නැත. ඇත්ත වශයෙන්ම සිදු වුයේ පුද්ගලික ජීවිතය තුළ එම පරමාදර්ශ වලට සරදම් කිරීමයි.

වාමාංශික පක්ෂවලට විශාල කාලයක් පැවතීමට ඉඩ ලැබුණේ මෙම නරුමවාදී පරතරය නිසාය. යම් “දෘශ්ටිවාදයකට” ප්‍රතිඵල පෙන්වීමට අවශ්‍ය වන්නේ එය සමඟ මිනිසුන් සෘජු ලෙස අනන්‍ය තුල නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රසිද්ධියේ එය විවේචනය නොකර “එය” මඟින් යෝජනා කරන චාරිත්‍ර- වාරිත්‍ර අනුගමනය කිරීම පමණි.

Mark

1990 ට පසු ලංකාවේ ස්ත්‍රීවාදයට සිදු වුයේ සමාජවාදී රාජ්‍යන්ට සිදු වූ දේමය. 90 දශකය තුළ රොහාන්ගේ චින්තනය සමඟ අනන්‍ය වී ලාංකීය ස්ත්‍රීවාදී ව්‍යපාරයට ඇදී ආ කාන්තාවන් “ස්ත්‍රීවාදයයට” අනන්‍ය වුවා නොව එය සහ තමන් අතර පරතරයක් පවත්වා ගත් අය වේ. ඔවුන් ගේ ස්ත්‍රීවාදය 80 දශකයට සාපේක්ෂව වේදිකාගත කරනු ලැබු හැසිරීමකි. (Staged behaviour) 90 දශකය යනු සැබැවින්ම ස්ත්‍රීවාදිනියක් වීම නොව ස්ත්‍රීවාදිනියක් ෙලස පොදු සමාජ අවකාශය තුළ රංගනයේ යෙදීමකි. දෙදාහ දශකය වන විටි මෙම තත්වය තවත් විකරණය වී NGO තුළ එළිපිටම ‘ස්ත්‍රීවාදයට’ විරුද්ධ ස්ත්‍රීන් බිහි විය. මෙම ස්ත්‍රීන්ට අනුව “ස්ත්‍රීවාදය” ඔවුන්ගේ ස්ත්‍රීත්වයට හානි කරයි. ඔවුන්ට අනුව “ස්ත්‍රීවාදය” හැදෑරීම යනු තම විවාහය හෝ විකල්ප සම්බන්ධය විනාශ කර ගැනීමකි. ‘සමාජවාදය’ අතු ගෑවී යාමෙන් පසු බිහිවු ධනවාදී වෙළඳපොළ තුළ (ප්‍රග්ධනය) කිසිවකුට නියත අනන්‍යතාවය යනුවෙන් දෙයක් අවශ්‍ය නැත. අනන්‍යතාවය ක්ෂණභංගූරය. අද දවසේ දී අප ස්ත්‍රීවාදය සමාජවාදය තුළ නොව ධනවාදය තුළ යළි අර්ථකතනය කළ යුතුය. පශ්චාත් -නුතන නව- පුරුෂවාදය (බිල් ගේට්ස් පෞර්ෂය) වටහා ගත හැක්කේ එවිටය.

ඔබේ අදහස කියන්න...