ස්ව කැමැත්තෙන් ඇතුළු වන්නන් පමණක් මෙය කියවන්න. අනතුරුදායක බවට වග කියනු නොලැබේ.

 අවධානය ඔබ අතට ගෙන ඔබගේ වාහනය මෙහි නවතා දමන්න = park at your own risk

 

 Part 01DEEP

 

                  සත්‍ය යනු දැනුම නොවේ

 යම් වස්තුවක් හෝ සන්දර්භයක් දෙස ආත්මමූලිකව බලා නැවතත් එය දෙස වාස්තවික ලෙස බැලීම දැනුම වුවද මේ දෙක අතර ඇති පරතරයේ සැකැස්ම කියවා අවබෝධ කර ගැනීමෙන් ඔබට සත්‍ය සොයා ගත හැකිය. සවිඥානය සහ අවිඥානය යනු කුමක්ද යන්න නොව ඔබ වටහා ගත යුත්තේ ඒ දෙක අතර ඇති පරතරයයි. ඒ වටහා ගැනීම මනෝවිශ්ලේෂනයයි.සරළ නිදසුනක් ලෙස හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ හිරාන් යටෝවිට අතර ඇති සම්බන්ධය දේශපාලනික යැයි කීම සත්‍යයි. එහි ඇති දේශපාලනය කුමක්ද? සැමියා බිරිඳ , මන්ත්‍රීවරියක් සහ නිරූපන ශිල්පියෙකු ලෙස මතු පිට කියවීමෙන් ඔවුන්ගේ ආශාවේ විස්තාපනය ඔබට සොයා ගත නොහැක.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියවීමට ප්‍රථම ස්ත්‍රියකගේ ආශාව හැසිරවීමේ ආකෘතිය අවබෝධ කරගන්න.හිරාන් යටෝවිට යනු ස්ව- පීඩා කාමිකයෙකි.ස්ව පීඩා කාමුක පිරිමියෙක් සහ හිරුණිකා වැනි ස්ත්‍රියක් අතර ඇති වන්නේ මෙලන්කොලික , පීඩාවෙන් විනෝදය ලබන ගනුදෙනුවකි. හිරුණිකාට හිරාන්ව අවශ්‍ය වන්නේ තම අනන්‍යතා ගැටලුව විසඳා ගැනීමට පමනක් වන අතර හිරාන්ට ඕනෑ එකම දෙය හිරුණිකාගේ කොන්ඩය පීරා සාරිය ඇන්ඳවීමත් හිරුණිකා ඇගේ කතාව අවසන් කරන තුරු දේශපාලනික වේදිකාව පසෙකට වි මදුරුවන් තැලීමත්‍ පමණි. ඔහුට ලැබෙන්නේ ද එපමණකි.

ඔබ නොදන්නා දේශපාලනයක් හිරුණිකා දන්නේ නැත.

 මනෝවිශ්ලේශන හැදෑරීම් තුලින් අනෙකාගේ අශාව සහ එම අශාව තෘප්තිමත් කර ගැනීම පිලිබඳව වඩාත් පැහැදිලි කියවිමක් කරා අපට යා හැකිය.ලිංගික ශ්‍රමිකයෙකු ලගට යන ඉක්මනට කාර්‍යාල ප්‍රධානීයෙකු තම ආයතනයේ සේවය කරන තරුණියක් ලබා ගන්නට ඉක්මන් වන්නේ නැත.ඇය වෙනුවෙන් අතිකාල දීමනා,ගමනාගමන් පහසුකම්,දිවා අහාර වේල්, උසස්වීම යනාදී බොහෝමයක් දේ ප්‍රථමයෙන් සපුරා හිදී. ඒවා බාධක ලෙසින් හැඳින් විය හැකිය.එකී බාධක ස්ත්‍රිය විසින් එසේත් නැත්නම් අනෙක් පාර්ශවයෙන් නිර්මාණය කරනේ නැත.අනෙකාගේ කළාපයට යාමට එකී බාධකය නිර්මානය කර කරගන්නේ ආයතන ප්‍රධානියා විසින්මය.පිරිමියා විසින්මය.ආශාව ඉටු කරගැනීමට ඇති බාධක වැඩි වනවා යන්නෙහි අර්ථය ඔහුගේ අශාව තව තවත් තීව්‍ර වීමයි.තමන් විසින්ම නිර්මාණය කර ගන්නා බාධකය පසු කර ගොස් ආශාව තෘප්තිමත් කරගත්තාට පසු තවදුරටත් අශාවේ වස්තුවෙන් පලක් නැත.බොහෝ විකල්ප සම්බන්ධතා බිඳ වැටීම් පිටු පස ඇත්තේ මේ ධර්මතාවයයි.අතෘප්තිය ඇති වීමෙන් ආශාව වර්ධනය වීම මෙහි සරළ සත්‍යයි.

 සමාජ රීතිය නොහොත් සිස්ටම් එක යනු ද අප විසින් නිර්මාණය කර ගත් දෙයකි.සිස්ටම් එක අපව පෝශනය කරන්නේ නැත .සිදු වන්නේ අප විසින් සිස්ටම් එක පෝශනය කිරීමකි. ඔබ මේ සත්‍ය වටහා ගතහොත් තවදුරටත් අනෙකාගේ සාරය , අනෙකාගේ ගැඹුර සොයා යන්නේ නැත. තමන්ගේ සිතුවිලි, හැසිරීම්, ක්‍රියාවන් හී පූර්ව පැවැත්මක් ඇතැයි මිනිසුන් සිතූවද මිනිසා යනු කිසිදු සාරාත්මක පූර්ව පැවැත්මක් ඇත්තන් නොවේ. මිනිසා යනු මනෝබද්ධ split සත්වයෙකු පමනක් වන අතර සාරයක් නැති හුදු ප්‍රබන්ධයකි. මිනිසාගේ ආශාව නිරන්තරයෙන් අතෘප්තිකරය.

 

 ධර්මදාස සහ pro – සයිකෝටික ලෝකය

 

ඔබ යමක් අත්පත් කරගත් පසු නිර්මාණය වන රික්තය නිදහස යි.ඒ අත්පත් කරගත් දෙය සහ එය අත්පත් කරගත් ආකාරය අනුව මේ නිදහසේ අර්තය වෙනස් වේ.ඒ ලබා ගත් නිදහස තුල එකිනෙකාගේ හැසිරීම විවිධාකාර වේ.දැන් මේ ලිපියේ වැදගත්ම ස්ථානයට අප පැමින ඇත. තමන්ගේ රහස තවමත් සුරක්ශිත යැයි සිතා සිටින චින්තන ධර්මදාසගේ රහස මොකක්ද?

 

සිනමාව සහ කලාව ඉදිරියේ නොපෙන්වන බියක් චින්තන මනෝවිශ්ලේෂන විශය ඉදිරියේ පෙන්වයි.මිනිසාට සාරයක් නැතත් ඔහු හිතන්නේ තමන් මනෝවිශ්ලේෂනය ප්‍රතික්ශේප කරන තාක් කල් තමන්ගේ සාරය සුරක්ශිතයි කියල.මේ කරන්නේ චින්තන ධර්මදාසව මනෝවිශ්ලේශනයෙන් කියවීම නොවේ. චින්තන ධර්මදාසලා වැනි විපරිත,මාධ්‍ය විසින් නිර්මාණය කල සිවිල් බුද්ධිමතුන් අධාර කරගනිමින් මනෝවිශ්ලේශන කියවීම නැවත තහවුරු කරගැනීමකි. චින්තන ධර්මදාස වැනි පුද්ගලයින් සිනමා දේශකයින් , බුද්ධිමතුන් බවට පත් වන්නේ මාධ්‍ය වේශ නිරූපන විපරිත සංඥා මඟිනි.මේ සඳහා හොඳම උදාහරණය දොරමඩලාවයි. දොරමඩලාව යනු ඉන්දියාවේ ගංගා නදිය වැනිම එකකි. ගංගා නදියෙන් දිය නෑ විට ආත්මය පිරිසිදු වන බවට ඉන්දියානුවන් දැඩිව විශ්වාස කරයි. ලංකාවේ මිනිසුන් I T N නාලිකාවේ දොරමඩලාවට ගෙන්වන ඕනෑම පුද්ගලයෙක් බුද්ධිමතෙකු බවට විශ්වාස කරන්නේද එලෙසිනි. අද වන විට බුද්ධිමතුන් නිර්වචනය වන්නේ චින්තන ධර්මදාස වැනි විපරිතයින් ආශ්‍රයෙනි. රැවුල, කනේ කරාඹුව, සරම,ගංජා සුරුට්ටුව යනු මේ බුද්ධිමතාගේ හැඩයයි.

 එදා වේල අමාරුවෙන් සොයාගෙන ජීවත් වූ අනාගත සුරක්ශිත භාවයක් නොතිබුන පිරිමියෙක්ට වත් පොහොසත් ගැහැනියක් මුන ගැසුනු විට ඔහුගේ ආශාව තෘප්තිමත් වී ඔහුට ද්‍රව්‍යමය නිදහසක් ලැබේ.ඒ ලැබූ නිදහස ඔහු හසුරවන්නේ තමන්ගේ විපරිතකම් අනෙකාට බෝ කරමිනි.ඒ සරලවම ධර්මදාසගේ කතාවයි. දෘශ්ටිවාදීව කියවීමේදී පිලිතුර සැකසෙන්නේ මෙවැනි පිරිමින් ගැහැනුන් රවට්ටාගෙන ඇත කියා වුවද සත්‍ය වන්නේ මෙවැනි විපරිත පිරිමින්ගේ තුවාල වූ ආත්ම තුලට ඇතුලු වීමට පෙරම ඒ ගැහැනුන් රැවටී ඇති බවය.

 පාරේ ඇවිද යාමේදී කකුල ගලක හැපී තුවාල වෙනවා යැයි සිතන්න. නමුත් තුවාලය ගල සොයා ගෙන යනවා යැයි මා ඔබට කියූ විට එය ඔබට පැහැදිලි වනවා ද?

 චින්තනගේ බිරිඳගේ මනසේ සිටින බුද්ධිමතා නිර්මානය වන්නේ මාධ්‍ය සංඥා මඟිනි . සිනමාව සහ කලාව ගැන කතා කරන, නිදහස ගැන විවිධ නිර්වචන දෙන,සමාජීය ගැටලු වලදී ෆේස් බුක් අරගල කරන,කොන්ඩය රැවුල අපිලිවෙලට නඩත්තු කරන,ශරීරය සිදුරු කර කරාඹු දමන,ගංජා සුරුට්ටුව පත්තු කරගෙන ඕශෝ ගැන කතා කරන මේ විපරිත පිරිමි ශරීරය රැඩිකල් බුද්ධිමතෙක් ලෙස මාධ්‍ය විසින් සමාජයට මුදා හරී….මේ නව අදහස චින්තනගේ බිරිඳගේ මනසේ තැන්පත් වෙයි.බුද්ධිමතෙක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ට. ඇය සිතයි. ඉතින් ඇය තුවාල වී අවසන්.

 තුවාලය ගල සොයා ගෙන යනවා යැයි මා පෙර සඳහන් කිරීම ඔබට දැන් පැහැදිලි වනු ඇත.

  මධ්‍යම පාංතික ගැහැනියක් විසින් ධර්මදාසගේ හිස් ආත්මය බුද්ධිමතෙකු ලෙස හඳුනා ගැනීම නිසා විපරිත බුද්ධිමතාට ද්‍රව්‍යමය නිදහස හිමි වේ.ඒ නිදහස  ලැබුනු ආකාරය නිසා එකී නිදහස වැරදිකාරී , එසේත් නැත්නම් සාපරාධි නිදහසකි. එසේම තම බුද්ධිමත් කම නිරූපනය කිරීමට ධර්මදාසට නිරන්තරයෙන් සිනමා කෘති ගැන කතා කිරීමට සිදු වෙයි.කලින් කලට කතා බහට ලක් වන සමාජ ගැටලු වලට අදාළව තම ෆේස් බුක් ප්‍රොෆයිල් පින්තූරය මාරු කිරීමට සිදුවෙයි.මේ හැසිරීම මත ඔහුගේ ද්‍රව්‍යම නිදහස රැදී තිබෙයි. ව්‍යාජ රැඩිකල් සිවිල් බුද්ධිමතාගේ චරිතයෙන් නිදහස් වීමට හෙට දිනයේ ධර්මදාස තීරනය කලහොත් ප්‍රථමයෙන් ඔහුට අහිමි වන්නේ ඔහුගේ බිරිඳයි.එනිසා මොහුට වරද්දා හෝ කාල් මාක්ස් ගැන ලියා ෆේස් බුක් එකේ කුනුහරුපෙන් බැනුම් ඇසීමද එක්තරා සැපකි.

 

  නපුර සදාචාරසම්පන්න වීම

Bondage 1

 අද නපුර එතිකල් ය.[ethical] එය රැඩිකල් සහ සදාචාරසම්පන්නය. සමාජ ආකර්ශනය ඇත්තේ එතනය. ඇඩ්වටයිසින් ආයතනවලට , ටීවී චැනල් වලට වැඩි වැඩියෙන් අවශ්‍ය කරන්නේ විපරිත ආත්මයි. සමාජය ඉල්ලන්නේ ස්වාභාවික මරණ නොව සමූල ඝාතනයි.මෙවැනි විකාර සහගත සමාජයක කොටස්කරුවන් වන චින්තනලා වැනි ව්‍යාජ සිවිල් බුද්ධිමතුන් විසින් මාකට් කරන්නේ නපුරයි.නිදහස් චතුරශ්‍රයේ පෙම් කෙළින්නට නිදහස ඉල්ලීම,ගංජා වලට රාජ්‍ය අනුමැතිය ඉල්ලීම, අනියම්[?] සබඳතා , නිදහස් ආදර ලෙස ප්‍රමෝට් කිරීම වැනි දේවල් කිරීමෙන් මොවුන් කරන්නේ පොදු අවකාශය පුද්ගලීකරණය කිරීමයි.එසේම මොවුන් බෝ කරන තවත් විපරිතයක් වන්නේ පවුල නිදහස් තැනක් නොවේ.සමාජය යනු නිදහස් තැනක් යන්නයි.නිදන කාමර මහ පාරට එන්නේ එතැනිනි. පවුල උදාසීන තැනක් වීම නිසා පවුල් කෑමට නම් කානිවල් එකක් අනිවාර්‍ය වේ. විවාහ ඇනවසරි එකට චින්තන තම බිරිඳගේ දෙතොල් සිප ගන්නා පින්තූරයක් ෆේස් බුක් පිටුවේ දමා බලාපොරොත්තු වූයේද කලින් කී ආකාරයේ කානිවල් එකකි.

 තුවාල වූ ගැහැනුන් විසින් සුජාතකරනය කරන, රැඩිකල් වාම වාදීන් විසින් ඇකඩමිකව සුජාතකරණය කරන මෙවැනි විපරිත බුද්ධිමතුන් කිසිවක්ම නොදන්නා තමන්ගේ ආත්මය පෝශණය කර ගැනීමට පමනක් සිතන තක්කඩියන්‍ ය. හිරු ටීවී රංගනලා , නදීශා හේමමාලිලාව මැදිරියට ගෙන්වා නැළවෙන්නේ නදීශලා ගැන නොදැන නොවේ.එසේම මාධ්‍ය සහ සමහර ඊනියා තක්කඩි වාම බුද්ධිමතුන් චින්තන ධර්මදාසලා වැනි විපරිතයින් සමඟ සීරියස් කතිකාවන් කරන්නේ ඔවුන් ගැන නොදැන නොවේ.මේ මොහොතේ විපරිතය සදාචාරසම්පන්න වී ඇති නිසාය.

 

නිදසුනක් ලෙස අද ස්ත්‍රීවාදය යනු කුමක්ද? එයද විපරිත අර්තකතනයකින් වෙනස් වී ඇත.අද ඕනෑම කෙනෙක්ට ස්ත්‍රීවාදිනියක් විය හැකිය. ස්ත්‍රීවාදීන් ලෙස පෙනී සිටින ගැහැනුන්ට වඩා තමන් ස්ත්‍රීවාදියෙක් යැයි කියා ගන්නා පිරිමින් භයානකය.එවන් පිරිමින්ගේ ස්ත්‍රිවාදීත්වය ඔවුන් සමග එකට සේවය කරන ගැහැනුන්ගෙන් අසා දැන ගත හැකිය.

 මාධ්‍යය විසින් ප්‍රමෝට් කරන විපරිත සදාචාරය කොතරම් දුරට ලංකාවේ මිනිසුන්ගේ ඇට මිඳුලු දක්වා කිඳා බැස ඇතිද යන්නට ඕනෑ තරම් ජීවමාන උදාහරණ ඇත.       

 රහස මොකක්ද?

 විනෝද සමාජය කරන්නේ වේදනාවෙන් සතුටු වීමයි. මම කවියෙක්, දේශකයෙක්,දේශපාලඥයෙක්,නළුවෙක්,ස්ත්‍රීවාදිනියක් යැයි කියාගෙන මාධ්‍ය සංදර්ශන පවත්වනා බොහෝමයක් දෙනා දෙස බලන සමාජය හිතන්නේ මේ අය අපි නොදන්නා දෙයක් දන්නවා කියාය.සමාජයට නොපෙනෙන සමාජය හිතන අන්න ඒ රහසට සමාජය ආකර්ශනය වෙයි. ඔවුන්ගේ සාරයක් නැත.එය නැවත නැවතත් කියන්නේ ඔබගේ නැරඹීම ඔවුන්ගේ ආශාව වන නිසාය. සාරයක් නැති හිස් ශරීර විසින් තමන්ව බස්සවා ගන්නා ව්‍යාජ අනන්‍යතා වලින් පරිස්සම් වීමට නම් සරළවම කිවහොත් හිතා මතා තුවාල කර ගැනීමෙන් වළකින්න.චින්තන ධර්මදාස ලග ඔබ නොදන්නා රහසක් නැත.ඔහු නිකම්ම නිකම් තක්කඩියෙක් පමණි.ඔහු හිතන්නේ ඔහු ලග අපිට නොපෙනෙන්නට හංඟා ගෙන ඇති ආත්මීය යමක් ඇති බවකි. එහෙව් එකක් තිබ්බා නම් මේ කියවීමෙන් ඒකත් නැත්තටම නැති වනු ඇත.

සාරයක්, ගැඹුරක් නොමැති ධර්මදාසලාගේ ආත්ම කියවා පළක් නැති බව ඔබට පැහැදිලි ඇති.ඔහු මේ කරමින් සිටින්නේ ආශාව තෘප්තිමත් වී ඔහුට හිමි වී ඇති  වැරදිකාරී නිදහස තුල උම්ම්න්තකව හැසිරීමයි.ඔහු වටා එකතු වී සිටින්නේද ඒ විපරිත බව තම ආශාව කරගත් පිරිසක් පමණි.චින්තන වටා සිටින චින්තන ලියන පල් හෑලි සංවාදාත්මකව පිළිගන්නා මේ පිරිස නොදැනුවත්ම චින්තනගේ ව්‍යූහය යටතේ පාලනය වෙයි.ඒ ව්‍යූහය නිර්මානය කර ඇත්තේද චින්තන වටා සිටින පිරිස විසිනි.අප හඳුනා ගත යුත්තේ මේ ව්‍යූහයයි.

 

                    

                                                              Intermission

ළමා පොත් ලියන ,ළමා ගීත නිර්මාණය කරන ඒවා ළමා හඩින් ගායනා කරන ජානකී සූරිආරච්චි කැමරාව ඉදිරියට එන්නේ  බෝරිච්චි අත් දැමූ හැට්ටයට සාරිය ඇඳගෙනය. ඇය කතා කරන්නේ ළමා හඩිනි. ඇය ළමා ගැහැනියකි. ඇය ඩෙනිමක් සහ අත් ගැඹුරට කැපූ හැට්ටයක් ඇඳගෙන කොන්ඩය ස්ට්‍රේට් කර තොල් රතු කරගෙන රූපවාහීනී මැදිරියට එන්නේ නැත.එසේ ආවොත් ඇයව මැදිරියට ගන්නේද නැත. ඇයව එසේ දුටුවහොත් ඇයගේ ළමා ගීත තැටියක් රුපියල් 1800 ක් ගෙවා කිසිවෙකුත් ගන්නේද නැත.

Evil = ethical
Evil = ethical

 

සිබිල් වෙත්තසිංහ කැමරාව ඉදිරියේ විපරිත ළමා හඩින් කතා කර නැත. ටයිටස් තොටවත්ත මාධ්‍ය ඉදිරියේ අවුරුදු පහක පොඩි එකෙක් මෙන් හැසිරුනේ නැත.එහෙත් නූතන මාධ්‍ය විසින් ජානකී සූරිආරච්චි ළමයෙක් තරම් සිනිඳු , පිරිසිඳු, කට හඩ නොමේරූ විපරිතයක් කර ඇත.මිනිසුන් ඉල්ලන්නේ ඒ විපරිතයයි.

ජානකී සූරිආරච්චි ස්පර්ශයකින් පවා අපිරිසිඳු නොවූ බිඳෙන සුළු බැවින් ලඟට නොයා යුතු වගේ ෆැන්ටසියක් කර ඇත්තේ මේ සමාජමයි යන්න ඔබට වැටහෙනවාද?

 ජානකී සූරිආරච්චි තාම හිතන් ඉන්නේ  ලමයි හම්බෙන්නේ අම්මයි තාත්තයි සෙක්ස් කරලා නෙමේ රෝස කැලෙන් කපුටෝ ගෙනල්ලා කියලා.එතකොට එලියේ ඉඳන් බලන් ඉන්න මිනිස්සු දිගටම ජානකීට කියන්නෙත් ඔව් ඔව් රෝස කැලෙන් තමයි ලමයි එන්නේ කියලා..එයාල කැමති නෑ ජානකී ඇත්ත දැනගන්නවට. එතකොට මාධ්‍ය කැමති නෑ ජානකී ලොකු වෙනවට. මේක තමයි ලංකාවේ විපරිතය සදාචාරසම්පන්න වීම කියන්නේ.

Strong correlation - ism and Madness
Strong correlation – ism and Madness

 

Part 02

 වංගීසගේ ඇඩියාව..ට

 චින්තන ධර්මදාසගේ සංවාද කොහොල්ලෑ ගොඩවල් වගේ. ඒ කියන්නේ බූමිතෙල් අත් වල ගා ගන්නේ නැතුව චින්තනගේ සංවාදයකට අත දාන්න ගියොත් කොහොල්ල ගොඩේ ඇලෙන්න සිද්ධ වෙනවා.වංගීස සුමනසේකර මේ ගැන දන්නේ නෑ.ඒ නිසා ධර්මදාස කාල් මාක්ස් ගැන නිකන් හිතලු කියවනකොට වංගීස කලේ කෙලින්ම ගිහින් ඒ කොහොල්ල ගොඩේ ඇලිච්ච එක……ආත්මීයත්වය සහ භෞතිකවාදය ගැන කතා කරන වංගීස චින්තන ධර්මදාසව ඇනලයිස් කරගන්න බැරුව නාගන්නේ ඇයි? ඒ අතර වංගීස අක්ශය මිතුරන් ගැන ලියනවා. වංගීසගේ භාශාව මොකක්ද? ඒකේ ආරම්බය සහ අවසානය වෙන්නේ මෙන්න මෙහෙම එකක්.

 ” මේ මම දෙයක් කියන්නම්.හැබැයි මාත් එක්ක තරහ වෙන්න එපා.මට ඔයාලා එක්ක තරහක් නෑ.අනේ මේ  කියන දේ එක්ක අප්සෙට් වෙන්න එපා”

 මේක තමයි වංගීසගේ ව්‍යුහය. හරියට මහ දවල් හොල්මනකට බය වෙලා වගේ. ආත්මීයත්වය සහ භෞතිකවාදය ගැන වංගීස ලියපු පොත ගැන කතා කරපු දෙරණ ටීවී නිවේදිකාව ඉදිරියේ වංගීස ඇඹරුනේ “ මේ පොත ලිව්වේ මම නෙමේ වෙන කෙනෙක්.අනේ මාත් එක්ක තරහ වෙන්න නම් එපා” කියලා නොකියා කියලා.

 තමන්ගේ අතීත මිතුරන් තමන්ව ඇසුරු කරේ ප්‍රයෝජන වාසි ගන්න විතරයි කියලා චෝදනා කරන වංගීසට තේරෙන්නේ නෑ යතාර්ථය කියන්නෙම ප්‍රතිවිරෝධතාවයෙන් චලනය වෙන දෙයක් කියලා.වංගීස පරම මිත්‍රත්වය , පිරිසිදුකම, විශ්වාසය කියන දේවල් පාර භෞතික දේවල්. යාලුවෝ ඔයාව ප්‍රයෝජනයට ගත්තා කියලා කියනකොට ඒකේ අනික් පැත්ත ඒ කියන්නේ මම යාලුවන්ව ප්‍රයෝජනයට ගත්තද කියන එක වංගීසට මතු නොවන කාරනයක්.එහෙමත් නැත්නම් වංගීසට දුමින්ද සිල්වට වගේ ” මට මතක නෑ “ කියන ලෙඩේ දරුනුවට හැදිලා. චන්දන කියලා නේපාලේ ගරිල්ලා නායකයෙක්ව මතක නැද්ද? ඔයා එයා ගැන කියන එකමයි එයා ඔයා ගැන කියන්නෙත්.ඔයාට ඒ ගැන මතකෙට එන්නෙම නැත්තං මතක් කරලා බලන්න 2002 දී x එකට ඇවිල්ලා විස්කි බෝතලයක් බොන්න පුලුවන් කියලා කළ්‍යා එක්ක ඔට්ටු අල්ලපු හැටි.මේවා මතක නැත්තන් පරිස්සම් වෙන්න.මොකද එක පාරටම ඩෝං ගාලා එකින් එක මේ දේවල් මතකෙට ඇවිල්ලා ඔලුව තුවාල වෙන්න පුලුවන්.

 වංගීස අපි මේ කරන්නේ සඳපානේ සොහොන් කොත් වල සෙවනැලි අතරේ ඇවිදගෙන යන එක නෙමේ.

 වංගීස තේරුම් ගන්න ඕන දේශපාලනය කියන්නෙම පසමිතුරුකමක් කියන එක මිසක් , එකිනෙකාගේ පිටවල් කසා ගන ප්‍රොජෙක්ට් එකක් නෙමේ කියන කාරනය. ඇයි ඔයා රමිඳුලට උත්තර දෙන්න යනකොට උක්කුං බොන පූස් පැටියෙක් වෙන්න හදන්නේ.

 ෆ්‍රිට්ස් ලෑන්ගේ woman in the window චිත්‍රපටිය බලන්න.ඒ කතාව තමන්ගේ ආත්මීය රෝගයෙන් ගැලවෙන්න ෆැන්ටසියක් හදන් ඉන්න බුර්ශුවා මහාචාර්‍යවරයෙක් ගැන. වංගීස ඔයාගේ පියාට තේරුම් ගන්න බැරි උන ඔයාගේ ආත්මීය රෝගය තමයි බිහිසුනු කම.අපි සත්‍ය කියන්නේ අවිඥානයට.හොඳ සිහියෙන් ඉන්න වෙලාවට ඔයා උත්සාහ ගන්නේ ඒ බිහිසුනු තමන්ගේ සත්‍යෙන් ගැලවෙන්න මහාචාර්‍ය භූමිකාව රංඟපාන්න.ඒත් බාර් එකේදී සත්‍ය එලියට එන එක වලක්වන්න අමාරුයි.

 දෙරණ නිවේදිකාවට වංගීසව පෙනෙන්නේ බුද්ධිමත්,හොඳ බොහෝම වැදගත් මහත්තයෙක් හැටියට.කොටින්ම කියනවා නම් එයා හිතන්නේ වංගීස ගැහැනුන්ට ඩාලිං කියන ජාතියේ පිරිමියෙක් කියලා.වංගීස සුමනසේකර ගැහැනු සම්බන්ධතාවලදි අතිශ්‍රය දරුණුයි.අපි ජීවත් වෙන්නේ පෝස්ට් මොර්ඩර්න් සමාජයක. ඔයාට පුලුවන්  Bondage, Fetish,Deep Throat, Rape Fantasy වගේ විවිධාකාර හිංසන ක්‍රම වලින් ලිංගික සතුට ලබන්න කැමති ගැහැනුන් හොයාගන්න. වංගීස ඒත් සේෆ් වර්ඩ් එක නං අමතක කරන්න එපා.

 ප්‍රශ්නය තියෙන්නේ ආත්මමූලික හෝ වාස්තවික අවස්තාවේ නෙමේ.කල යුතු වන්නේ පරමත්වය පිලිබඳව අදහසක් ගන්න එක.ඒ කියන්නේ සරළවම කියනවා නම් සිදුවීම් වලින් මාව පේන්නෙ කොහොමද කියන එක තේරුම් ගැනීම. ඒකට පොඩි උදාහරණයක් ගමු.

 ෆ්‍රොයිඩ් ලගට ප්‍රතිකාර ගන්න එනවා ඩෝරා කියලා කාන්තාවක්.ඩෝරා කියන්නේ ෆ්‍රොයිඩ් විසින් ඇයට ලබා දුන්න අන්වර්ථ නම.ඩෝරාගේ ප්‍රශ්නය උනේ තම දෙමව්පියන් සමඟ සමිප සම්බන්ඳයක් පවත්වාගෙන ගිය යුවලකගේ පිරිමි පුද්ගලයා  ඇයට ලිංගික බලපෑමක් කිරීම සහ තම පියා ඒ සම්බන්ධයෙන් ඇයව අවිශ්වාස කිරීම.මාස 11 පමණ එක දිගට ඩෝරා ෆ්‍රොයිඩ්ට තම පියා සහ තමන් අතර ඇති ගැටලුව කියමින් එයට විසඳුමක් බලාපොරොත්තු උනා. අවසානයේ ෆ්‍රොයිඩ් ඇගෙන් අහනවා ඩෝරා ඇයි ඔබ ඔබේ පියාගෙන් වෙන්වී නගරයට ගොස් ජීවත් වෙන්නේ නැත්තේ කියලා. ෆ්‍රොයිඩ්ගේ ඒ ප්‍රකාශයෙන් පසු ඩෝරා ෆ්‍රොයිඩ් හමු වීමට ඒම එක්වරම නතර කර දමනවා.

 ඩොරා ෆ්‍රොයිඩ්ව මඟ හැරීමේ හේතුව වන්නේ ඇයට ඇයව එක්තරා මොහොතක පෙනිමයි.ඒ කියන්නේ මට මා කෙරෙහි තිබෙන යම් දැනුමක් [Unknown – known] මා ඉදිරියේ නිරාවරණය වීමයි. ඩෝරාට ඇයගේ අවිඥානය වැටහී යනවා සහ එයට ඇය බිය වූ නිසා ඇය ෆ්‍රොයිඩ්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම නවත්වා දමනවා.

වංගීසට සිද්ධ වෙන්නෙත් මේකමයි. වංගීසගේ යහලුවන් වංගීසගෙන් ප්‍රයෝජන ගන්නවා කියලා වංගීස යහලුවන්ගෙන් ඈත් වෙනවා.ඒත් සත්‍ය වෙන්නේ වංගීසගේ මිතුරන් ඔහුගේ ඉදිරියේ කැඩපතක් බවට පත් වෙන එක.ඒ කැඩපතින් පෙනුන තමන්ගේ අවිඥානයෙන් වංගීස පලා යනවා. තමන්ගේ බිහිසුනු විපරිත ආත්මීය රෝගය වංගීසට දරාගන්න අමාරු වෙනවා.

 

                                                       Post credit

 

වංගීසලා , චින්තනලා වැනි රෝගී බුද්ධිමතුන්  රඟන භූමිකාවේ හේතුව වන්නේ තමන්ගේ සත්‍ය අනෙකාගෙන් වසන් කර තබා ගැනීමයි. ඒ රඟපාන භූමිකාව ඔවුන්ගේ ෆැන්ටසියයි. ඔවුන් යෙදෙන්නේ පරාර්ථ ගවේශනයේය. මෙවන් පුද්ගලයින්ගේ ව්‍යූහය ඔබට පැහැදිලි වනු ඇත.වික්ටර් රත්නායකගේ දෙවන විවාහය පිලිබඳව සන්නස්ගල මෙසේ කියයි.

“ වික්ටර්  උපාසක සුදු රෙද්ද අයින් කරලා එන්න

විවුර්ත වෙන්න

ඇත්ත එක්ක එන්න

එතකොට පට්ට “

සන්නස්ගලගේ භාශාව ( රෝගය) සොයා ගැනීමට මීට වඩා යමක් අවශ්‍ය වන්නේ නැත.එය සොයා ගැනීම ඔබට බාරය.

 [පුබුදු ජාගොඩලා ලියන්නට මැලි වන, පුබුදු ජාගොඩලාට ලිහාගන්නට බැරි මේ රැඩිකල් විපරිත බුද්ධිමතුන්ගේ සත්‍ය ලියූයේ ගැහැනිය x ]

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. පිරිමියාගේ ආශාවේ වස්තුව – ගැහැණිය ?? නැත්නම් පිරිමියාගේ පොව්රුෂත්වයේ හිදැසේ පැලසතරය නොවේ ද ? ගැහැනියකට ආදරය කරන පිරිමියාගේ කොන්ද පන නෑ කියන එකද ඔබ පෙන්නන යථාර්තය ?

  2. “සමාජ රීතිය නොහොත් සිස්ටම් එක යනු ද අප විසින් නිර්මාණය කර ගත් දෙයකි.සිස්ටම් එක අපව පෝශනය කරන්නේ නැත .සිදු වන්නේ අප විසින් සිස්ටම් එක පෝශනය කිරීමකි. ඔබ මේ සත්‍ය වටහා ගතහොත් තවදුරටත් අනෙකාගේ සාරය , අනෙකාගේ ගැඹුර සොයා යන්නේ නැත. තමන්ගේ සිතුවිලි, හැසිරීම්, ක්‍රියාවන් හී පූර්ව පැවැත්මක් ඇතැයි මිනිසුන් සිතූවද මිනිසා යනු කිසිදු සාරාත්මක පූර්ව පැවැත්මක් ඇත්තන් නොවේ. මිනිසා යනු මනෝබද්ධ split සත්වයෙකු පමනක් වන අතර සාරයක් නැති හුදු ප්‍රබන්ධයකි.”

    මේ ලිපියේ අන් කිසි දෙයක් ලියා නොතිබුනත්(I mean even if one erases everything else written in the aticle) ඉහත චේදය පමණක් ලිපි දහයක වටිනාකමක් තියනවා කියල මට හිතෙන්නේ. I will post this on my fb (with citation).

Comments are closed.