[dropcap color=”yellow”]මේ[/dropcap] දවස් වල ලංකාවේ ගිලිමලේ සිට කුරුදුවත්ත දක්වා කාගේ මුවග රැදි මාතෘකාව කැසිනෝ,කැසිනෝ,කැසිනෝ ය. කැසිනෝ පනත සම්මත කිරීමට එරෙහිව මාරාන්තික සටනක් අරඹා ඇති සිංහල බෞද්ධයන්ට අනුව අපට ලංකාවේ කැසිනෝ ක්‍රීඩාව කොටස් දෙකකට බෙදන්නට පුලුවන්

01-  සිංහල බෞද්ධ කැසිනෝ ( මෙහි ඒජන්තයා ධම්මික පේරේරා ය,)

02-  අධිරාජ්‍යවාදී කැසිනෝ [මෙහි ඒජන්තයා (ජේම්ස් පැකර් ගේ හෙජ් කළමණාකරු) රවී විජේරත්නය.]

අපිට මේ දෙබෙදුම ලැක්ලාවියානු විදිහට අර්ථකථනය කරන්නට පුලුවන්. ඒ අනුව සිංහල බෞද්ධ කැසිනෝ ව්‍යාපාරයට විරුද්ධ නැති අය විරුද්ධ වන්නේ අධිරාජ්‍යවාදී යුදෙව් ක්‍රිස්ත්‍රියාන් කැසිනෝ ව්‍යපාරයට ය.

කැසිනෝ වැනි ව්‍යපාරයන් සම්බන්ධයෙන් කතා කරන විට එය දේශපාලනික අර්ථයකින් සම්බන්ධ වන්නේ ඒකාධිකාරී ප්‍රාග්ධනය පිළිබදව ගැටලුවක් විදිහටය. නමුත් ලංකාවේ දී මෙය ප්‍රාග්ධනය පිළිබද ගැටලුවක් නොව සදාචාරය පිළිබද ගැටලුවකි.

දේශපාලන ශබ්දකොෂය තුළ සදාචාරය සම්බන්ධ අර්ථයන් අදාල නොවන අතර දේශපාලනයේ දී අදාල වන්නේ අචාර ධර්මයන් ය.

මේ නිසා අපට පසුගිය දවසක කැසිනෝ දානයක් සහ කැසිනෝ පිරිකර ලබා ගත් බෞද්ධ යතිවරයන් ගැන අසන්නට ලැබුනා.  ඒ නිසා මේක දේශපාලන මතවාද පිළිබදව ප්‍රශ්ණයක් නෙවි. ප්‍රාග්ධනය පිළිබද ගැටලුවක් අධිරාජ්‍යවාදය සහ සිංහල බෞද්ධකම පිළිබද ගැටලුවක් බවට ඌණනය වීම ගැන කිසිවෙකුටත් නිනව්වක් නැතිවීම ගැනයි අපේ ගැටලුව.

 

ඔබේ අදහස කියන්න...