[dropcap color=”red”]ස[/dropcap]පත්තුවක් නිසා ලෝකයේ වඩාත් ජනප්‍රියට පත් චරිතය වන්නේ සින්ඩරෙල්ලාය. සින්ඩරෙල්ලාට පසු සපත්තුවක් නිසා දැන් වඩාත් ජනප්‍රියව ඇත්තේ ලංකාවේ සංස්කෘතික ඇමති ටී.බී ඒකනායකය. මේ ආන්දොලනයට පත් කැඩුණු සපත්තු කුට්ටම රුපියල් බිලියන ගණනකට වෙන්දීසි කරන්නට යන බවත් ඒ සදහා විශේෂ මහාචාර්යවරුන් ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නටත් කටයුතු සංවිධානය කර කළ බවත් ඇමතිවරයා මාධ්‍යට කීවේය. අවසානයේ ඇමතිවරයා කීවේ මේ ඡායාරූපය ගත් මාධ්‍යෙව්දියාට මුදල් ලබා දෙනවාද නැද්ද යන්න ගැන කමිටුව තීරණයක් ගනු ඇති බවය. නමුත් ෆැන්ටසියෙන් යථාර්ථයට අවධි වන්නට සිදු කරමින් අවසානයේ මෙය ප්‍රංශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු විහිලුවට කල වැඩක් බව දැන ගන්නට ලැබුනි. විහිලු කතා වලින් දේශපාලනය කියවන්නට හැකි අපූරු මාදිලියක් අපට ඉගැන්වූයේ ස්ලාවෝජ් ජිජැක්ය. ඒ නිසාම මේ විහිලු කතාව විශ්ලේෂණය කරන්නට අපි කල්පනා කලා.

ඇමතිවරයා ගේ සප්පතු දෙක ඉතාම අබලන් දෙකක් වී ඉන් ඇමතිවරයා ගේ ඇගිලි එලියට පැන තිබීම සහ ඒ අකාරයෙන් ඇගිලි එළියට පැන තිබීම ග්‍රහණය කරගෙන එය ඡායා රූපයට නැගූ මාධ්‍යෙවිදියා පවා මෙකී සිදුවීම මේ තරම් සංකීර්ණ ප්‍රශ්ණයක් වනු ඇතැයි සිතන්නට නැති බව පැහැදිලිය. ඇත්තටම මෙකී ඇමතිවරයාට මේ අකාරයෙන් කැඩුණු සපත්තු කුට්ටමක් මේ තරම් වැදගත් උත්සවයකට පැලද ගෙන යන්නට සිදු වීම පිටුපස ඇති නොකියවෙන කතාව කුමක් ද?

සාමාන්‍යයෙන් ඕනැම පුද්ගලයෙකු අති සාමාන්‍ය මගුල් ගෙදරකට යන විට පවා තමන් පලදින පා වහන් යුවල ගැන වඩාත් සැළකිලිමත්ය. නමුත් රටට අතිශයින්ම වැදගත් මෙවන් උත්සවක් මේ ආකාරයෙන් වගකිව යුතු ඇමතිවරයෙකු සැහැල්ලුවට ගනු ලබන්නේ අහම්බයකින් ද? ආණ්ඩුව තුළ මේ වන විටත් ඇතිව තිබෙන අභ්‍යන්තර බල අරගලය සහ චීන විරෝධය අලුයට ගිණි පුළිගු මෙන් නිහඩව රත්වෙමින් ඇත. ඇත්තටම මේ සපත්තු දෙක තුළින් ඇගිලි එළියට පැමිණීම මේ තරම් කතා බහට ලක්වන කාරණාවක් බවට පත් වන්නේ ඇයි?

මේ ආකාරයෙන් මෙකී ඇමතිවරයා ගේ සපත්තුව ගැලවී ඇගිලි එළියට ඒම අප ලැකාන් ගේ භාෂාවෙන් තේරුම් ගන්නේ නම් එය යථ (real ) හමුවීමකි. මේ වන විටත් රාජපක්ෂ ආණ්ඩුව තුළ අභ්‍යන්තරිකව ඇතිව තිබෙන බල අරගලය යථ ලෙස අපට අභිමුඛ වන්නේ ඇමතිවරයෙකු ගේ ඇගිලි එලියට පැණීමක් ලෙසිනි. නමුත් සත්‍ය වශයෙන්ම මේ කැඩුණු පාවහන් යුවලට මෙතෙක් කල් වැසි පැවති ඇගිලි අභිමුඛ විම එක් අතකින් රාජපක්ෂ ආණ්ඩුවේ අර්බුදය වෙනත් මානයකින් කරළියට ඒමකි. පසුගිය දා ආමත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ අමාතය බැසිල් රාජපක්ස අතර ඇතිවන දුරකථන සංවාදයේ දී සුසිල් විසින් බැසිල් ට මුව නොසෑහෙන ලෙස බැන වැදීම යනු අනෙක් අතට කැඩුණු සපත්තුවකින් ඇගිලි එළියට පැණීමකි. මෙහි ඇති වෙනස වන්නේ තමන්ගේ කැඩුනු සපත්තුව වෙන්දීසි කර කෝට්පතියෙකු වන්නට කල්පනා කල ටී.බී ඒකනායකට අවසනායේ යථාර්ථය (reality ) මුණ ගැසී ලැජ්ජාවට පත් වන්නට සිදු වූ නමුදු මහින්ද රාජපක්ෂට තමන්ගේ කැඩුණු සපත්තුවේ ඇගිලි එළියට පැනීම යනු ක්ෂිතිමය අතිදැකීමක් වන බැවිනි. එය යථාර්ථයට මුහුණ දෙනවා තරම් සරල කාරණයක් නොවේ.

වාමාංශික පක්ෂත් ඇතුලුව ලංකාවේ බහුතරයක් දෙනා නොදන්නා සත්‍ය නම් යමක මධ්‍ය හිස් බවය. මේ හිස් බව පිළිගැනීමට කිසිවකුත් සූදානම් නැත්තේ අන් යමක් නිසා නොව තමන් නියෝජනය කරන මධ්‍ය හිස් යැයි යමකු තේරුම් ගත් සැනින් එය තමන් ගේ පැවැත්ම අර්බුදයට ලක් කරවන බැවිනි. මේ වන විටත් ලංකාවේ බහුතරයක් දක්ෂිණාංශික සහ වාමාංශික පක්ෂ තමන් ගේ මධ්‍ය හිස්ය යන යථෙන් (real) ගැලවෙන්නට විවිධ දැ කරමින් සිටියි.

අප පැහැදිලිවම දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඇත්තම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා. ඒ වුනාට මධ්‍ය හිස් මේ යථ පිළිගැනීම මගහරින්නට විවිධ දේ කරන්නට සිදු වෙලා තියෙනවා. ඒ අනුව තමයි නායකත්ව මණ්ඩල,නියෝජ්‍ය නායකයන්,උප නායකයන්,ජාතික නියෝජ්‍ය නායකයන් වගේ විවිධ බොරු තනතුරු කරළියට එන්නේ ඇත්තටම මේ තනතුරු වලට කිසිම බලතලයක් නැහැ. ඒ වුනාට තමන්ගේ පක්ෂයේ මධ්‍ය හිස් කියන එක පිළිගන්න එක ගොඩක් අයට ක්ෂිතිමය අත්දැකීමක් වන නිසා මේ අකාරයේ ව්‍යාජයන් මගින් යථාර්ථය වසා දමන්නට ඒ අයට සිද්ධ වෙනවා. අනිත් අතට ජනතා විමුක්ති පෙරමුණ දැන් හොදටම දන්නවා තමන් වාමාංශික හෝ මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක් නොවන බව. මේ වන විට බහුතර සාමාජිකයන් පිරිසත් ඒ බව දන්නවා. ඒ බව තේරුම්ගත් තවත් පිරිසක් පක්ෂය හැරදාලා ගියා. ඒ අනුව හැමෝම දන්නවා දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මධ්‍ය හිස් පක්ෂයක් කියලා. හැබැයි මේ යථ( real) ගොඩක් අයට පිළිගන්න බැරි නිසා අනුර කුමාර කියලා නමක් හරහා තමන්ගේ මධ්‍ය තවමත් හිස් නැති බව තමන්වත් නොදන්නා කවුරුන් හෝ හොද මිනිසුන් පිරිසකට පෙන්වන්නට ඒ අය උත්සහ කරනවා.

මේ දවස් වල අපෙන් ඇතැම් පිරිසක් අහන ප්‍රශ්ණ තමයි දීප්ති ගේ දේශපාලන අවසන්ද? එයා එදා රැස්වීමේ දී ගෙදර යනවා කීවේ මොකක් හරි අර්බුදයක් ද? ඇත්තටම ඔයාලා ආනාගතේ මොනවද කරන්නට ඉන්නේ වගේ ප්‍රශ්ණයි. ඒ වුනාට අපි මුල ඉදන්ම දැනගෙන හිටපු කාරනාවක් තමයි අපේ පක්ෂයේ මධ්‍ය කොහොමටත් හිස් කියන එක අනිත් කාරණය දීප්තිව දෙවියන් වහන්සේ වගේ විශ්වාස කලේ අපි නෙමෙයි ඉහත මධ්‍ය හිස් කියන කාරණය නොදන්නා අයයි. අපි පැහැදිලිවම දැනගෙන හිටය කරුණක් තමයි දීප්ති ගේ පවා මධ්‍ය හිස් කියන කාරණය .මේ void එක වටා තමයි අපේ දේශපාලනය ව්‍යුහගත වුනේ.

මෙතනදී අපි කියන්නේ අපි තමයි ලංකාවේ එකම පොරවල් කියන කාරණය නෙමෙයි. ධනවාදයට එරෙහිව විප්ලවාදී දේශපාලනය පසෙක තැබුවත් ධනවාදය ඇතුලෙම ප්‍රජාතන්ත්‍රාන්ත්‍රික ප්‍රතිසංස්කරණවාදී දේශපාලනයේ දී පවා මේ සාමාන්‍ය දැනුම අතිශයින්ම වැදගත් වෙනවා කියන එකයි. ඇමති ටී.බී ගේ සපත්තු දෙක මේ තරම් ජනප්‍රිය වෙන්නෙම මේ යුගයේ දේශපාලනය අතිශයින්ම නොදියුණු මට්ටමක තියෙන නිසා විතරක් නෙමෙයි. ධනවාදය ඇතුලේ උදේ ඉදන් රෑවෙනකම් අඛණ්ඩ ජීවන අරගලයකට මුහුණ දීලා ඉන්න ජනතාවට ජීවන අරගලය තරම් දේශපාලනය වැදගත් කාරණයක් නොවන නිසයි. ඒ වුනත් මේ අකාරයෙන් නොනැවතී දුවන “අපි නම් දේශපාලනයට පොඩ්ඩක්වත් කැමති නැහැ” යැයි කියන ගොඩක් මිනිස්සු නොදන්නා සරළ යථාර්ථය තමයි මේ යුගයේ දී අපි දේශපාලනයට කැමතිද නැද්ද කියන කාරණයට වඩා වැදගත් වන්නේ දේශපාලනය මගින් අපේ ජීවිත වලට කරන්නේ මොකක්ද කියන කාරණයයි.

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මේ දවස්වල හරි හරි කේස් නේද? හැම තැනම නිවුස්….

  2. To Editor:එදා දීප්තිගේ දේශනය web එකේ දාන්න පුලුවන්ද?

    • Very sorry. we recorded it . But due to his voice trouble you can’t hear it clearly.
      so we hope to do it again and then publish it.

Comments are closed.