[dropcap color=”red”]ස[/dropcap]මාජ ව්‍යාපාරයක් වශයෙන් අප විසින් අන්තර්ජාල නම් අවකාශය දේශපාලන අවකාශයක් වෙනුවෙන් භාවිතා කිරීමම ආරම්භ කර වසර දෙකකට අධික කාලයක් මේ වන විටත් ගතවී ඇත. අප විසින් ධනවාදය විවේචනය කිරිමේ දෘෂ්ටිවාදි මාවතේ අන්තර්ජාල අවකාශ තුළ සිදු කළ මැදිහත්වීම හරහා අපට කැමති සහ අකමැති වශයෙන් පිරිසක් දෙකක් පැහැදිලිව හදුනා ගන්නට අපට හැකි විය. වසර 2013 නිමා වී වසර 2014ට පිවිසෙන මේ සංක්‍රාන්ති මොහොතේ අපට විශේෂයෙන් කියන්නට යමක් ඉතිරිව නැත.

අප සමග එක්ව ධනවාදයට එරෙහිව අරගල කරන්නට රොදබැද ගත් පිරිස මෙන්ම අපට එරෙහිව විවිධ අවලාද සහ ගතු කියන්ට සිටි අයට පවා අප සළකුවේ අපේ දේශපාලන ගමන් මගට ශක්තියක් සපයන අය වශයෙනි. ( දේශපාලනයට කැත වැඩ කර පාවා දුන් අයට හැර) මේ නිසා අප සමග එක්ව අරගල කරන්නට සම්බන්ධ වූ අන්තර්ජාල මිතුරන්ට සහ ප්‍රතිවාදින්ට අප ස්තූති කරන්නට කැමැත්තෙමු.

එළබෙන නව වසර යනු අපට අනුව තවත් එක් කැලැන්ඩර් වෙනසක් විණා අපේ අරගලයට සෘජුව සම්බන්ධ කාරණයක් නොවේ. අප විසින් ලාංකීය දේශපාලනය ධනාවාදය නම් සමාජ ආර්ථික ක්‍රමයක් මත ක්‍රියාත්මක වන නිසා මිනිස් සංහතියට මුහුණ දීමට සිදුව ඇති ඛේදජනක යථාර්ථය වෙනස් කළ යුතු සහ වෙනස් කළ හැකි යමක් බව පෙන්වන්නට ගත් උත්සහ ඉදිරියටත් අරගලයක් ලෙස අඛණ්ඩය.

මේ යුගයේ ධනවාදය ක්‍රියාත්මක වන්නේ අර්ථයක් ලෙස නොව විනෝදයක් ලෙස බවත් අවිඥාණය මිනිස් සංහිතියේ ඉරණම කෙරෙහි බලපාන අකාරයත් විධිමත්ව න්‍යායික අකාරයෙන් ඉදිරිපත් කරන්නට අප ගත් උත්සහ නිසා අපගේ ගමන් මගට අලුතින් එකවන පිරිස දිනෙන් දින වැඩි වීම ප්‍රශස්තය. නමුත් ධනවාදයට එරෙහි අරගලය ජයග්‍රහණය කරා මෙහෙයවන්ට ඔලුගෙඩි පමණක් ප්‍රමාණවත් නොවන බව අප අවබෝධ කරගෙන බොහෝ කල්ය.

අවිඥාණය යනු එක් පැත්තකින් අවස්ථාවාදී සහ සංධානවාදීය. සදාචාරාත්මක නැති අවිඥාණය කිසිවිටෙක ආචාරධර්මීය වන්නේ නැති බවද පැහැදිලිය. අනාගත වාදි වාම ව්‍යපාරයක් විසින් ඉලක්කගතව වැඩ කළ යුත්තේ අවිඥාණයේ ඉහත වැඩ බිමයි. අවිඥාණකව දෙවියන් සහ නායකයන් ඇදහීම තවමත් යථාර්ථයක් වුවද අප ජීවත්වන සමාජයේ දෙවියන් සහ නායකයන් මියගොස් ඇති බවට සැකයක් නැත. ධනවාදයේ අප ජීවත් වන වර්ථමාන නිමේෂය අයත් වන්නේ අවතාර වලට නිසා මිනිස් සංහතියේ ඉරණම තීරණය කිරීම දුෂ්කරය. අප සමග දිගින් දිගටම සම්බන්ධ වූ සියළු සහෝදර සහෝදරියන්ට ඉදිරියත් අප සමග සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටින අතර ඉදිරි වසරේදී ධනවාදය වඩාත් විවේචනාත්මක අක්ෂයකින් විවේචනය කරමින් පවතින සමාජයට වඩා උසස් සමාජයක් නිර්මාණය කිරිමේ දේශපාලන සිහිනය යථාර්ථයක් බවට පත් කරවන්නට අප සමග අනවරතව අරගල කරන්නට සමබන්ධ වන්න යැයි සියළු දෙනාට ඇරයුම් කරමු.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. Jayampathi samaga kunu harupa sanwaadaya nawathwanne kawadaada ? Eka apita oluwata wadayak. Api oyaala ekka inne deshapaalanaya nisaai. Nikan hellu wenna epaa sahodarawaruni.
    Anika jayampathi wage kenek ekka mehema heppenne eyaa wijeeveerada ?

  2. යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යැම අපගේ ප්‍රධාන අරමුණයි. නමුත් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයාට මෙවැනිs චෝදනා එල්ල කරමින් රටේ සංවර්ධනය අඩාල කිරීම නිවැරදි නැහැ. මත්ද්‍රව්‍ය සඳහා අගමැතිවරයා කවර අයුරකින් හෝ සහාය නොදෙන බව අප කවුරුත් තරයේ විශ්වාස කරනවා.

  3. වාමාංශික දේශපාලනය යථාර්තවාදී ලෙස දකින්නට ඒ අනුව හැසිරෙන්නට වඩාත්ම හැකියාව ඇති පිරිස ලෙස මා දකින්නේ මේ සමාජ ක්‍රමයෙන් වඩාත්ම පීඩාවට පත්වන පිරිසයි. උදාහරණ ලෙස ජනතා විමුක්ති පෙරමුන නම් සංවිධානය 1994දී බිහිවන්නේ කොළඹ වුවත් ඔවුනගේ ජන පදනම හමු වන්නේ හම්බන්තොට නැමැති පීඩිත ජනතාව සපිරි බිමකදීය. උන්ගෙනුත් මුන්ගෙනුත් වැඩක් නැති බවත් අලුත් සමාජයක් බිහිකල යුතු බවට අදහසක් ඒ ජනතාවට තිබුනි.
    මෙය හම්බන්තොට ගමේ මිනිසුන්ගේ නොදැනුවත් කමයැයි සිල්ලරට කිරිය හැකි මුත් ඔවුන් විසින් පාලක ධනපති පක්ෂ දෙකේම ටොපි චොකලට් වලට පයින් ගසා නොදන්නා රතු පැහැයක් වෙනුවෙන් සිය ඡන්දය භාවිත කලෝය.
    රතු පාටින් ලබාගත නොහැකි පුද්ගලික වාසියක් නොවන බව බහුතර ඡන්ද දායකයෝ හොදින්ම දැන සිටියෝය.

    කොළඹ සිටින මසකට රුපියල් ලක්ෂ ගනනින් පඩි ලබන වරාය සේවකයින්, දුම්රිය සේවකයින්, පුද්ගලික බස් කොන්දොස්තරවරුන් සමඟ කල හැකි එකම දේශපාලනය හවසට බාර් වලට සෙට් වී කයි ගැසීම පමණකි. සමාජ ක්‍රමය වෙනස් වන විට රටේ ගම්වල සිටින දුප්පත් ගොවියාට වඩා සැලකිය යුතු පුද්ගලික පාඩුවක් කොළඹ ඊනියා කම්කරු පන්තියට හිමි වේ. එබැවින් නාගරික සමාජ මට්ටම්වල සිටින කිසිම වැදගත් වැඩක් නැති කාර්යාල හරහා ජාලගත වන අය සමග අවුරුදු ගනන් සංවාද කල හැකි මුත් ඔවුන් සමග සමාජය වෙනස් කිරීමට යා හැකි දුර ඉතාම සීමිත වන බව මට සිතේ.

    අනෙක් අර්ථයෙන් ගතහොත් සිරි ලංකාවේ සියලුම වාම ව්‍යාපාර විසින් නියම පීඩිතයින් හඳුනාගන ඔවුන් සමග දේශඵාලනය කිරිමට නගරයේ කාපට් පාරට නොව ගමේ දුඹුරු පාරට බැසිය යුතුව ඇත.

Comments are closed.