ඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයේ මතය අනුව සින්නතම්බි උදය ශ‍්‍රී නමැති තරුනිය සිදු කොට තිබෙන්නේ වසර දෙකක කාලයකට සිරගත කල යුතු අපරාධයකි. ඇය කල වරද සීගිරිය බැලීමට ආ අවස්ථාවක කැටපත් පවුරේ තම නම කුරුටු ගෑමය. මඩකලපුව ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කම්කරු ස්ත‍්‍රියක වන මෙම දෙමල ජාතික තරුනිය සිරගත කිරීමේ නියෝගයක් ලබාදීම හරහා දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරනය නීතිය අකුරට ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා තුල තිබෙන ‘කැපවීම’ විදහා දක්වා තිබේ.

මෙම දඩුවම ඇය සිදු කල ‘වරද’ හා සසදන විට කිසිසේත්ම සමානුපාතික නොවන බව පැහැදිලිය. මෙම තරුනිය අදාල කුරුටු ගෑම සිදු කොට තිබෙන්නේ චේතාන්විතව කැටපත් පවුර විනාශ කිරීමේ අදහසකින් නොව අනවබෝධය නිසා බව අදාල පුවත විස්තරාත්මක විමසා බලන විට පෙනී යන්නේය. තරුනියගේ මව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටි දෙයක් වූයේ තමුන් ‘සිංහල නොදන්නා නිසා මේ අවනඩුව කියා ගැනීමේ විදිහක් නැති බවත් ’ දියනිය නිදහස් කරගැනීමට උදවු කරන ලෙසත්ය. මෙම සුලු ජාතික නිර්ප‍්‍රභූ තරුනියට ඇතැම් විට ස්වකීය නිදහසට කරුනු දැක්වීම වෙනුවෙන් ඉහල මිලකට මිල දී ගත හැකි දක්ෂ නීතිඥවරයෙක්ගේ සේවය නොලැබෙන්නට ඇත.[ class or identity ? ] එවැන්නෙක් මිලදී ගැනීම සදහා එක්කෝ ඇයට අවබෝධයක් නොතිබෙන්නට ඇත. නැතිනම් ඒ සදහා මුදල් නොතිබෙන්නට ඇත.

මේ අනුව පින්තූරය ලැබෙන්නේ මේ විදිහට. එක් කෙලවරක දුගී, සුලු ජාතික, තරුන කම්කරු ගැහැනියක්. අනිත් අන්තයේ රාජ්‍ය බලයේ සමස්ත පරාක‍්‍රමය නියෝජනය කරන්නා වූ අධිකරනය. [Class struggle] මෙම අධිකරන සැකැස්මේ එක් ලක්ෂනයක් වන්නේ එය ඉදිරියේ ඇතැම් මිනිසුන් ‘එනයින්ම අපරාධකරුවන්’ ලෙස ස්ථානගත වීමය. සාමාන්‍ය පිලිගැනීම අනුව විනිසුරුවරයා යනු ස්වාධීන පුද්ගලයෙකි. ඔහුට  ඕනෑම ප‍්‍රශ්නයක් දෙස විවෘත මනසකින් අපක්ෂපාතීව බැලීමට පුලුවන. නීතිය යුක්තිසහගතයි කියා ඒ සාමාන්‍ය මතය තුල කියැවෙන්නේ ඒ නිසාය.

එහෙත් කිසිදු නිරීක්ෂනයක් ‘ස්වාධීන’ නොවේ. නිරීක්ෂකයා තුළ පූර්ව නිගමන, පූර්ව සංකල්ප සහ හැගීම් යනාදිය පවතී. මේවා ‘නිරීක්ෂනයට’ බලපාන්නේය. ඒ අනුව කිසිදු නිරීක්ෂිතයක් අපක්ෂපාතී නැත. එය පාර්ශවිකය. පක්ෂපාතීය. මන්ද නිරීක්ෂකයා තුළ තිබෙන පූර්ව නිගමන සියයට සියයක් ඉවත් කොට නිරීක්ෂනයක් ලබාගත නොහැකි නිසාය.

මෙය සමාජ බල ව්‍යුහයක් ලෙස අධිකරන සම්බන්ධයෙන් ද පොදු තත්වයකි. ප‍්‍රභූවාදී බල ව්‍යුහයක් වන අධිකරනය විසින් එහිම අභ්‍යන්තර වටිනාකම් සහ ආකල්ප පද්ධතියක් ප‍්‍රතිනිෂ්පාදනය කරයි. විනිශ්යකාරවරුන්ගේ දෘෂ්ටිය මේ වටිනාකම් පද්ධතිය විසින් ශික්ෂනය කරනු ලැබූවකි. මෙකී වටිනාකම් මත ප‍්‍රභූවාදය, පුරුෂෝත්තමවාදය, මහජාතිවාදය ආදී සමාජයේ අධිපති මතවාද ස්වකීය මුද්‍රාව තබා තිබේ. [ various ideologies] දෙමල ජාතික නල්ලරත්නම් සිංහරාසා ගේ මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප‍්‍රතික්ෂේප කරන්නේ ඇයි? දෙමල ජාතික එල්ටීටීඊ සැකකරුවෙක් වූ ගනේශන් නිමලරුබන් වවුනියාව බන්ධනාගාරයේ දී අමු අමුවේ මරා දමන ලද විට ‘ඔහු ත‍්‍රස්තවාදියෙක් බව තමා පෞද්ගලිකව දන්නා නිසා’ එම නඩුව විභාග කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරනය පවසන්නේ ඇයි? වාරියපොල තිලිනි අමල්කා නමැති තරුනිය තමාට අයුතු ලෙස විහිලු කළ තරුනයෙක්ට පහර දුන් අවස්ථාවේ ඇය අධිකරනය ඉදිරියට පැමිනවූ විට ඇයට මානසික ආබාධයක් තිබේ දැයි පරීක්ෂා කර බැලීම සදහා ඇයව වෛද්‍යවරයෙක් ඉදිරියට අධිකරනය විසින් යොමු කරන්නේ ඇයි? මේ ජාතිවාදය, පුරුෂෝත්තමවාදය ආදී පූර්ව දෘෂ්ටීන් විසින් ‘නිරීක්ෂිතයේ ස්වභාවය’ නිර්නය කරනු ලැබූ අවස්ථාවන් සම්බන්ධ ප‍්‍රකට උදාහරනය.

නිර්ප‍්‍රභූ ගැහැනුන් සහ පිරිමින් සම්බන්ධයෙන් අධිකරන පද්ධතිය තුල පවතින ආකල්පය මේ අනුව පූර්ව නිගමන සහ ආකෘතීන්ගෙන් ස්වාධීන වූවක් නොවේ. වාර්ගික දේශපාලනය සම්බන්ධ ප‍්‍රශ්නවලදී දෙමල ජාතිකයින් එනයින්ම ත‍්‍රස්තවාදීන් වීමේ අවදානමක පසු වෙති. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධ නඩුවලදීද මෙය ප‍්‍රකටව දැකිය හැක. විශ්ව විද්‍යාල පරිපාලනය හොබවන ‘මහත්වරුන්ගේ’ නිරවද්‍යතාව සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ ‘නොහික්මුනුකම’ පිළිබ`ද පූර්ව සංකල්ප අධිකරන ධූරාවලිය තුළ පවතී. සමාජයේ පහල පාන්තික තීරු වලට අයත් ජනයා ‘අපරාධකරුවන්’ ලෙස නිර්වචනය වීමේ සම්භාවිතාව අධිකය.[class power] සමාජයේ බලවත් සහ ‘වැදගත් ’ පිරිස් කෙරෙහි නීතිය දක්වන ප‍්‍රවේශය සහ සමාජයේ අද්දරට තල්ලු වී සිටින ජනයා කෙරෙහි එය දක්වන ප‍්‍රවේශය අතර වන මෙම වෙනස ප‍්‍රායෝගික ව්‍යවහාරයේ දී පැහැදිලිවම දැකගත හැක්කකි. ‘නීතිය ඉදිරියේ සමානතාවය’ ගැන නීතිපොත් වල ලියා තිබුනත් යථාර්ථයේ දී නීතියේ බැල්ම පූර්ව නිගමන මගින් නිර්නය කරනු ලබන්නේ වේ.

සින්නතම්බි උදය ශ‍්‍රී ට මුහුන දීමට සිදුවී තිබෙන්නේ ද නීතියේ තිබෙන මෙම පාර්ශවිකත්වය පිළිබද යථාර්ථයටය. නිර්ප‍්‍රභූ පිරිමින් සහ ගැහැණුන් ඉදිරියේ ‘තග’ දැමීමට අධිකරනය මැලි වන්නේ නැත. නොදැනුවත්කම නිසා කොන්ඩා කටුවකින් සීගිරි බිත්තියේ සිය නම ලියූ වරදට මෙම තරුනිය වසර දෙකකට සිරගත කිරීම පැහැදිලිවම ‘තගකි’. සිය ඊනියා මහේශාඛ්‍ය බව නිර්ප‍්‍රභූ ගැහැනියක ඉදිරියේ අවධාරනය කිරීමකි. නීතිය නමැති බල ව්‍යුහයේ මහේශාඛ්‍යභාවය ඉදිරියේ සාමාන්‍ය ජනයා අසාධාරනයට, සමච්චලයට, අවමානයට හා බැහැර කිරීමට ලක්වීම දෛනිකව සිදුවන සුලභ අත්දැකීමකි. සින්නතම්බි උදය ශ‍්‍රී ගේ ප‍්‍රශ්නය ඒ නිසා ගත යුත්තේ ඇගේ මවට විදින්නට වී තිබෙන වේදනාව පිළිබද හුදු මානුෂීය ප‍්‍රශ්නයක් ලෙස නොව අධිකරනය නම් වූ සමාජ බල ව්‍යුහය සංවිධානය වී තිබෙන ස්වභාවය පිලිබද දේශපාලන ප‍්‍රශ්නයක් ලෙසය. 

රාමචන්ද්‍රගේ අඩවිය

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Machan Pasan Kodikara kiyanne kauda ban? Umbata Hiru eka ehema matakai neda? Un karapu samaja karyabaraya machan athugala damanna be…..

Comments are closed.