[dropcap color=”black”]සු[/dropcap]නිලා අබේසේකර ගේ අවසන් කටයුතු අද දිනයේ සිදු කළ අතර මේ සම්බන්ධයෙන් ත්‍රිමාන සංස්කාරකවරයා වශයෙන් කෙටි සටහනක් තබන්නට මම අදහස් කළා. සුනිලා සම්බන්ධයෙන් මේ දිනවල පළ වන විවිධ අර්ථ දැක්වීම් ගුණ වැයුම් චෝදනා දාර්ශණික,ස්ත්‍රීවාදී, කාව්‍යමය රචනා කිහිපයක්ම අධ්‍යනය කිරීමෙන් පසු අවබෝධ කර ගත හැක්කේ මේ කතා කරන බොහෝ අය සුනිලා ගේ විප්ලවාදී දේශපාලන මැදිහත්වීම අමතක කර ඇගේ ජීවිතයේ සෞන්දර්යකරණයට ලක් කරමින් කියන කරන දෑය. හැමෝටම අවශ්‍ය වන්නේ තමන් සුනිලා දන්නා බවත් තමන්ට සුනිලා සමීප බවත් ඒ නිසා තමන් මේ පවතින සමාජයේ තව දුරටත් වැදගත් පුද්ගයෙකු බව පෙන්වන්නට මෙය අවස්ථාවක් කර ගැනීමයි. මෙයම මහාචාර්ය ගම්ලත් මියගිය මොහොතේත් සිදුවු ආකාරය අප දුටුවා. මේ කාලයේ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි තමන් පවතිනවාද නැද්ද කියන කාරණය. ඒ නිසා තමන් තව දුරටත් පවතිනවා යැයි ඔප්පු කර පෙන්වන්නට මේ වගේ මරණයන් අවස්ථාවක් ලබා දී තියෙනව.

සුනිලා ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවාදී දේශපාලනය තදින්ම විශ්වාස කල අය අතරින් කෙනෙක්. එය කෙතරම් තදින් විශ්වාස කලා ද යත් ඇගේ පළමු කසාදය අවසන් වන්නේත් මේ දේශපාලනය නිසාමයි. පසුව ඇය කෙලී සමග ඇති කරගත් බැදීම නිසා කෙලීට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙන් ඉවත් වන්නට සිදු වනවා. ඉන් පසුව සෞන්දර්කරණය වූ සුනිලා නිසා දේශපාලනික කෙලීට සියල්ල අහිමි වන විට සෞන්දර්යාත්මක සුනිල් විජේසිරිවර්ධන සුනිලා සමග එක් වෙනවා.

කෙසේ නමුත් කවුරු කොහොම සුනිලාව අර්ථ නිරූපණය කළත් සුනිලා මුල පටන්ම ජාතිවාදයට එරෙහිව දැඩ් ස්ථාවරයක හිටියා. තමන් විශ්වාස කළ දේශපාලන සංවිධානය විසින් දෙමළ මිනිසුන් මරන්නට රජයට ජනතාවගේ කැමැත්ත ලබා දෙන අතර දෙමළ විමුක්ති අරගල පරාජය කිරිමේ ක්‍රොන්තරාත්තුව ජ.වි.පෙ විසින් භාර ගෙන අවසානයේ මේ රටේ ජාතිවාදය විජයග්‍රහණය කරවූවා.

සුනිලා ගේ දේශපාලනික ජීවිතය නිසා අනාගත පරම්පරාවට උගෙන ගත හැකි පාඩම් දෙකක් තියෙනව.

01-මධ්‍යමපාන්තික ස්ත්‍රියක් විප්ලවාදී ව්‍යාපාරයකට ඇතුලු වීම ගැන අනාගත ස්ත්‍රීන් යළි අධ්‍යනය කළ යුතු වෙනව.

02-සෑම අනාගත විප්ලවාදී ව්‍යාපාරයක්ම මැද පන්තික ස්ත්‍රින්ව තම ව්‍යාපාරයට බදවා ගැනීමට පෙර දෙවරක් කල්පනා කළ යුතු වෙනව. (මෙයට රොහාන් පෙරේරා කියන්නේ ගදගසන පුරුෂවාදය කියාය.)

යම් කිසි පුරුෂාධිපත්‍ය සහිත සමාජයකට ස්ත්‍රීවාදය ඇතුලු වූ වහාම එම සාමජයෙන් පුරුෂාධිපත්‍ය නිශේධනය වී ස්ත්‍රිවාදය ඉස්මතු වෙනවා. කලක් යන විට නැවතත් ස්ත්‍රීවාදය නිශේධනය වී පුරුෂාධිපත්‍ය යළි ඉස්මතු වෙනවා. මෙයට තමයි අපි දයලෙක්තික සම්බන්ධය කියන්නේ. එනම් යමක හරය තුලම එහි ප්‍රතිලෝමය තියෙන බව වටහා ගැනීම. ඒ නිසා තමයි සුනිලා ගැන කතා කරන ගොඩක් අය ඇගේ දේශපාලන ජීවිතය වෙනුවට ඇගේ සෞන්දාර්යාත්මක ජීවිතය ගැන කතා කරන්නේ. සුබා ගේ පරම්පරාව උගත යුත්තේ ස්ත්‍රීවාදයෙ නිශේධනයයි.

 

 

 

ඔබේ අදහස කියන්න...