”ධනවාදී සමාජය” ගැන කිසිවක් කතා නොකර එමඟින් පලා යාමට අවශ්ය කරන විවිධ අනන්යතා ගැන උගුර බැරැුණ්ඩි වන තුරු කතා කරන මිනිසුන්ගෙන් මේ අවධිය පිරි උතුරා ගොස් ඇත. පාලිත තෙවරප්පෙරුම මන්ත්රීවරයා ළමයින් 8 දෙනකු වෙනුවෙන් සියදිවි නසා ගැනීමට යාමත් සමඟ සුවිශේෂ ප්රශ්නවලට අවසානයේ හිමි වන හාස්ය රසය මැනවින් සමාජයට පැකට් කළේය.
පෞද්ගලික වෛද්ය විද්යාල ප්රශ්නය, උතුරේ වැන්දඹුවන්ගේ ප්රශ්නය, දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නය, සජින් වාස්ගේ ප්රශ්නය, ජාතියේ අවමඟුල, ව්යවස්ථා මර උගුල, GSP සහනය, ඒඞ්ස් රෝගය වැලඳුණු මවුවරුන්ගේ ප්රශ්නය, අන්ධ මිනිසුන්ගේ ප්රශ්නය, බස් ගාස්තු ප්රශ්නය, රැුකියා ස්ථානවල ස්තී්රන් මුහුණ දෙන ප්රචණ්ඩත්වය, ජෙන්ඩර් ගැටලූව, බයිපාස් රෝගීන්ගේ ප්රශ්නය, මාළු පාන්වල මාළු අඩුකම පිළිබඳ ප්රශ්නය, උතුරට බලය බෙදීමේ ප්රශ්නය ආදී නහුතයක් සුවිශේෂ ප්රශ්න දිනෙන් දින මතු වෙමින් පවතියි. මේ තත්ත්වය නිසා අලූත් ආකාරයක හාස්ය රසයක් ද ජනිත කර ඇත. එක වේදිකාවක බලය බෙදීමට පක්ෂව කතා කරන කෙනෙක් තව වේදිකාවක රාජ්යය ශක්තිමත් කිරීමට කතා කරයි. සුවිශේෂ ප්රශ්න කෙතරම් පැටව් ගසා ඇත්ද කිවහොත් එම ප්රශ්න නිසාම සමහරුන් හෙම්බත් වී ඇත. තවම මේ රටට සිදු වී නැත්තේ සුවිශේෂ ප්රශ්නවල පැටව් ගැසීම නිසා අවුලට පත් වූ අයකු සියදිවි නසා ගැනීම පමණි.
රටේ යම් කිසි සැබෑ සාර්වත්රික [සෑමදෙනාටම පොදු – universal] ප්රශ්නයක් නැත්තට නැති කිරීමට අවශ්ය නම් ඔබ කළ යුත්තේ එය සුවිශේෂ ප්රශ්න ගොන්නකට කඩා වෙන් කිරීමයි. ජාතික ගැටලූව නම් සාර්වත්රික ප්රශ්නය අද දවසේ විවිධ සුවිශේෂ ප්රශ්න ගොන්නකින් වසා දමා ඇත. මෙම සුවිශේෂ ප්රශ්න ජාලාව විසඳීම මේ වන විට ජාතික ගැටලූව විසඳීමටත් වඩා දුෂ්කර වී ඇත.
සාර්වත්රික ප්රශ්න විවිධ සුවිශේෂ ප්රශ්න බවට පරිවර්තනය කිරීමේ දී ජනමාධ්ය ප්රධාන භූමිකාවක් රඟ දක්වයි. විවිධ පුද්ගලයන් සමාජ අර්බුදය ඉදිරියේ මතු කරන හිස්ටෙරික විරෝධ විපරීත විකාරයක් දක්වා සංවර්ධනය කරනු ලබන්නේ ජනමාධ්ය සහ සමාජජාලා වෙබ් අඩවි විසින්ය. රජය විසින් නිකුත් කරන හැඳුනුම්පතට වඩා විශාල ප්රමාණයක හැඳුනුම්පත් අද දවසේ ජීවත් වන මිනිසුන්ට අවශ්යය. ඒවා මෙසේය. වෛද්ය- ප්රවීණ විචාරක, නීතිඥ – මානව හිමිකම් ආරක්ෂක, වරලත්ඉංජිනේරු – දාර්ශනික, පරිසරවේදී – ගණකාධිකාරී, කථිකාචාර්ය – Facebookවිචාරක, අගමැති – චින්තක, සිවිල් සමාජ කි්රයාකාරී- රූපවාහිනී නිවේදක, ජ්යෝතිෂ්යවේදී – භෞතික විද්යාඥ, වරලත් ගෘහනිර්මාණ ශිල්පී – නැකැත් පත්ර විශේෂඥ…..
ධනවාදය තුළ කිිසිදු මිනිසකුට හිස් බව හැර වෙන සාරයක් නැත. අධික ලෙස සුළං හමන විට ඔළුවේ දමාගෙන තිබෙන ගෞරවාන්විත තොප්පි විසි වී යයි. දැන් අපට අවශ්ය වන්නේ තනි නමක් තිබෙන දේශපාලන සටන්කරුවන්ය. එනම් වෛද්ය, චිත්ර ශිල්පී, මානව හිමිකම් ආරක්ෂක ආදී මිනිසුන්ය.  එවිට අපට නැනැවතත් පොළොවේ අප සිටින තැන සොයාගත හැකිය.

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. සම්පුර්ණයෙන්ම එකඟය.

    විධායක ඉංජිනේරු – ප්‍රවීණ ගමගෙදර විචාරක

  2. සම්පූර්ණයෙන්ම එකඟය
    විප්ලවවදී පක්ෂ නායක- ප්‍රවෘත්ති පත්‍ර කර්තෘ

Comments are closed.