‘කෙත් ලෝච්’ විසින් අධ්‍යක්ෂණය කරන ලද”The Wind that Shakes the Barley ”(2006) චිත්‍රපටයේ ඩේමියන් නම් කතා නායකයා IRA සංවිධානයේ සාමාජිකයෙක් වී අයර්ලන්ත ජාතික විමුක්තිය වෙනුවෙන් අරගල කරයි. චිත්‍රපටය ආරම්භ වන්නේ, ඔහු සමඟ අරගලයට ඔහුගේ සහෝදරයා වූ ටෙඩී ද සම්බන්ධ වීමෙනි. සටන අවසන් වන්නේ, බ්‍රිතාන්‍යය සමඟ සාම ගිවිසුමකට IRA සංවිධානයේ එක පාර්ශවයක් අත්සන් කිරීමෙනි. ඩේමියන් අයත් වන්නේ, අරගලය පාවා නොදී සටන් කරන පාර්ශවයට ය. ටෙඩී සිටින්නේ, අරගලය අතහැර සමාජ පිළිගැනීම උදෙසා සටන පාවා දෙන පාර්ශවයේ ය. අවසන් මොහොතේ දී ටෙඩී විසින් ඩේමියන්ට යෝජනා කරන්නේ, ‘සාම ගිවිසුමට’ එකතු වී අරගලය අතහරිමු යන්නයි. (කරුණා ගෝත්‍රය)

                          ටෙඩීගේ යෝජනාවට විරුද්ධ වන ඩේමියන් ඔහුට මෙසේ කියයි. “අපි මේ අරගලය තුළ දී මිනිස්සුන්ව ඝාතනය කරා. මේ කොන්දේසි යටතේ අරගලය නවත්තන්න අවශ්‍ය නම් අර මිනිස්සු කාවවත් මරන්න අවශ්‍ය නැහැ”.

                         ලංකාවේ X දේශපාලනය යනුවෙන් ප්‍රපංචයක් මේ රටේ බිහි වූයේ, සිවිල් චින්තකයන්ට ක්ෂමා විරහිතව න්‍යායිකව පහර දුන් නිසා ය. මා කළ මෙම සටන ගැන හාංකවිසියක අවබෝධයක් නැති මිනිසුන් පිරිසක් මා කළ අරගලය හරහා ම වෘකයන් රංචුවක් බවට පත් විය. ඔවුන් මට යෝජනා කරනු ලැබුවේ, අර කී සිවිල් චින්තකයන්ට න්‍යායිකව පහර නොදී සුහද කතාවකින් පවා ඔවුන්ව වෙනස් කළ හැකිව තිබූ බවයි. අද දවසේ, ඊනියා X දේශපාලනයක් හෝ ඉතුරු වූයේ එදා තනිවම හෝ මා සටන් කළ නිසා ය. Facebook වැනි මානසික රෝහලක වාට්ටුවලට ඇතුල් වී එහි ස්ථිර පදිංචිකරුවන් බවට පත් වී දොඩන මනෝවිකාර වලට අනුව X බිහි වී ඇත්තේ, ඕපපාතිකව ය.

                     ධනවාදය පිළිබඳව නව කියවීමක් ලංකාවට පැමිණියේ, ලංකාවේ සිවිල් චින්තකයන්ට තල තෙල් ගා අත ගෑ නිසා නොවේ. උදාහරණයක් ලෙස, න්‍යායික කරුණුවල දී අමු තක්කඩියෙකු වූ නලින් සුවාරිස්ව උත්තේජනාත්මක බුද්ධිමතෙකු ලෙස හැදින්වීම පවා ආත්ම මූලික තක්කඩිකමකි. සුවාරිස්ගේ ජාතිවාදය ගැනත්, ඔහුගේ පොත් විචාර බුද්ධියෙන් නොකියවූ අයටත් ඔහුගේ බුද්ධිය උත්තේජනාත්මක විය හැකි ය. සුවාරිස් විසින් ‘බුදුන්ගේ මාර්ගය’ යනුවෙන් ලියන ලද කෘතිය තුළ අඩංගු කරුණුමය අසත්‍යයන් (ඔහු ඩෙරීඩා සහ ෆූකෝ ගැන ලියන හිතළු) නො පෙනී යන්නේ, අවස්ථාවාදය නම් අමුඩයෙන් හිස් වසා ගත් තක්කඩියෙකුට පමණි.

                        අප කළ අරගලය අපි කිසිදු දිනෙක පාවා නොදෙන්නෙමු. ඒ අරගලය අප නොකළා නම් අදටත් පවතින්නේ, ගෝත්‍රික වම්මුන්ගේ මූලධාර්මික චින්තනය පමණි. මාක්ස් සහ එංගල්ස්ට පසුව තවමත් සිතීමට නො හැකි අය X හි උරුමය වෙනුවෙන් යාච්ඤා කිරීම විහිලු සහගතය.

                         බල්ලන් සමඟ නිදාගත් විට මැක්කන් සමඟ ඇහැරීමට සිදුවීම අනිවාර්ය ය. X යනු, පැරණි වාම ගෝත්‍රවාදයෙන් බිඳුණු නුතනවාදී චින්තන ව්‍යාපාරයකි. සුවාරිස්ලාට නැවත පහර දී X සටන් කලාව නැවත ප්‍රතිස්ථාපනය කිරීමට තම ප්‍රාග්ධනය යෙද වූ ජනක ඉණිමංකඩට අපි ස්තුති කළ යුත්තෙමු. ඉතිහාසකරණය සහ ඉතිහාසය යනු ප්‍රපංච දෙකකි. මා සමඟ ඇති පුද්ගලික ආරෝවකට ඉතිහාසය විකෘති කිරීම අවාසනාවන්ත තත්වයකි.

                       අපට අද අවශ්‍ය වන්නේ, ‘අරගලය’ පාවා දෙන තක්කඩි නොව අරගලය සමඟ අනන්‍ය වන අනාගත පරම්පරාවකි. අනන්ත වැරදිවලට පසුව අපි අරගලයේ නව-මාවත සොයා ගෙන ඇත්තෙමු.

life or death ?

                         අනෙක් පසින්, අප සමඟ එක් වීමට නියමිත ස්ත්‍රීන්ට කීමට ඇත්තේ කුමක්ද?

                         

                         ‘හංස විලක්’ චිත්‍රපටයේ අවසන් භාගයේ දී මිරැන්ඩා තම සැමියා සමඟ නැවත සම්බන්ධ වී ඇතැයි සැක කරන නිශ්ශංකට මිරැන්ඩා මෙසේ කියයි.

            “මට තමුසෙව එපා වුණේ අර හෝටලයේ දී පොලිසියට අහුවුණ දවසෙමයි”.

 

                          චිත්‍රපට නරඹන්නා (ස්ත්‍රිය නොවේ) මෙම දෙබස කල්පනාවෙන් නැවත කියවුවහොත් ඉන් ගම්‍ය වන අදහස කුමක්ද?

 

                           පොලීසියට අසුවුණු මොහොතේ දී තම තමන්ගේ අනන්‍යතාවයන් පොලීසියට පැවසීමට සිදු වන මොහොතේ නිශ්ශංක කියන්නේ බොරු ය. මිරැන්ඩා කිපෙන්නේ මේ ව්‍යාජ රංගනයටයි. ස්ත්‍රිය යනු, සමාජ අපහාසය ඉදිරියේ පවා තම අව්‍යාජ රංගනය ඉදිරිපත් කරන්නියකි. සමාජ සම්මතයට එරෙහි වැඩක දී පවා පිරිමියාට එරෙහිව ස්ත්‍රිය තම සැබෑ මුහුණ ආරක්ෂා කරයි. මේ ක්‍රියාව නොකරන නිසා මිරැන්ඩා විසින් නිශ්ශංකව පිළිකුල් කරයි. සමාජ බල අධිකාරිය හමුවේ අත පිහිදා ගැනීමට පිරිමින් උත්සුක වෙති. නමුත් ස්ත්‍රිය එතැනදී පවතින සදාචාරයට එරෙහිව ආත්මීය ස්ථාවරයක් දරයි.

                       අවාසනාවකට මෙන් X තුළ මිරැන්ඩලා සිටියේ නැත. X පිරිමින්ගේ තක්කඩි වැඩ ඉදිරිපිට ‘X – ස්ත්‍රීන්’ ද හැසිරුනේ පිරිමින් ලෙස ය. මේ අය කෙතරම් නරුමවාදී වූයේ ද යත් ඇස් මනා පිට තක්කඩි බවට පත් වූ පිරිමි ඉදිරිපිට ‘සමාජ බලය’ හා සරණ යන්නට ඔවුන් තීන්දු කළේ ය. එබැවින්, අප සමඟ එක් විය යුත්තේ, පාපයේ දී පවා තම මුහුණ නොසඟවන්නා මිරැන්ඩා වැනි ස්ත්‍රීන් ය.

                       19 වැනිදාට පසුව අපි අපගේ නව දේශපාලන ව්‍යාපෘතිය පටන් ගන්නෙමු. අපේ සාමාජිකයා විය යුත්තේ, කුරුණෑගල හේන් ගොවියන් නොව අරගලය අත නොහරින ඩේමියන් ය. අපේ සාමාජිකාව විය යුත්තේ, පාපයේ ගිලී ගිය පසුත් මුහුණ පෙන්වන මිරැන්ඩා ය. 

හෙට උත්සවයට සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න -AMILA – 0763577721

PARTY OFFICE- NO 673/ 2 KANDAWATTE RD, Battaramulla.

 

                         

ඔබේ අදහස කියන්න...