විමල් වීරවංශ ඌව පළාත් සභා මැතිවරණය සමාලෝචනය කළේ මෙසේය. ජ.වි.පෙන් විටමින් පෙති ගත්ත මිනිස්සු අන්තිමට අලියට කතිරය ගැහුවා. මෙය ඔහුගේ පමණක් නොව බහුතරයේ මතයයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ව්‍යුහය සහ ශක්තිය ගැන මනා අවබෝධයක් ඇති අය දන්නා පරිදි එ.ජා.පය යනු යම් මොහොතකට පසු විකාරසහගත වීමට නියමිත පක්ෂයකි. එස්.එම් මරික්කාර් යනු මේ විකාර ව්‍යුහයේ ප්‍රකට සංකේතයයි. මේ ගැන අනුර කුමාර දිසානායක මහතාට ද මනා අවබෝධයක් ඇත. ඊට අමතරව මහින්දගෙන් පසු මංගල සමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොගිය හොත් එය බාර ගන්නට ඉන්නේ චරිත හේරත්,කරුණාරත්න පරණවිතාන  වැනි මහතුන්ය. මෙයත් අනුර කුමාර හොදින් දනියි.

කොටින්ම ජ.වි.පෙ ට අදාල මකුළු දැල සිංහල සාමුහික ආත්මය තුළ කෙමෙන් කෙමෙන් වැඩෙමින් පවතියි. මෙයද අනුර කුමාර හොදින් දනියි. එබැවින් යම් දිනෙක යු.එන්.පී විටමින් සහ ශ්‍රී ලංකා ප්‍රෝටීන් ගසා සිංහල මහජනයා ජ.වි.පෙට ඡන්දය දෙන දිනය වැඩි ඈතක නැත. පාලක බලයට පත්වීමට නියමිත අනාගත ජ.වි.පෙ වැනි ආණ්ඩුවක ආකෘතිය බොහෝ විට ලතින් ඇමරිකාවේ ජනප්‍රිය ධනවාදයේ ලක්ෂණ ගනු ඇත. එනම් හියුගෝ චාවේස් ආකෘතියයි. මහින්ද මෙන් මැර පාලකයෙකු වෙනුවට ජ.වි.පෙ මහජනයාට පෙනෙනු ඇත්තේ සොදුරු අත්තනෝමතිකයන් ලෙසිනි.

මේ දේවල් මෙහෙම වෙද්දී කුමාර් මහත්තයාගේ අලුත් වාමාංශික වැඩ පිළිවෙල වටහා ගැනීමට 17 වන වතාවටත් නව නගර ශාලාවට එකතු වුණු අයට හිතන්නට ඉතුරු වන්නේ

අපි මේ බොරු කරන්නේ කාටද? යන ප්‍රශ්ණය පමණි.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. දීප්තිට තියෙන අමාරුව කිසිදා සනීප කල නොහැක මොකද ඔහුට ඇත්තේ තමන් වමේ පොර වීමට ඇති රෝගයයි . ඇත්ත වමේ වි්‍යාපාරයක් ගොඩනැගෙනවාට බිය‍ වෙන්නේ ධනපති පන්තිය පමණක් නොවන බව පැහැදිලිය . ජ.වි.පෙ. වගේ සුලු ධනේෂ්වර සංශෝධන වාදීන් වගේම න්‍යාය තලුමරමින් වමාරා කන දීප්තිගේ සුන්දර ලෝකයටද අභියෝගය පෙ.ස.ප. ය එබැවින් මේ මොහොතේ දීප්ති කරන්නේ තමන් කල යුතු දේමය එ.ජා.ප.යට කඩේ යන ගමන් ජ.වි.පෙ. පිට කැසිය යුතුය. ( දීප්තිගේ රෝගය ඔහුගේ සමාජානුයෝජනයේ ප්රාශ්ණයකි , ඔහුගේ පවුල් පසුබිමේ අවුලකි ඉතින් ඒ ගැන ඇසිය යුත්තේ දීප්තිගේ අම්මගෙන්ම පමනි.)

  2. දීප්තිගේ රෙද්දේ මාර්ක්ස් වාදයේ හැටි අපුරුය . විවේචනයක් සහිත කොමේන්ටුවක් දාන්නේත් නැත. ඇතුතටම දීප්ති සහ ගෝලයෝ නපුංශකය

Comments are closed.