Reminiscence is the act of recollecting past experiences or events. An example of the typical use of the reminiscence is when a person shares his personal stories with others or allows other people to live vicariously through stories of family, friends, and acquaintances while gaining an authentic meaningful relationship with a person.

ධර්මසිරි බණ්ඩාරනායක විසින් 1980 වර්ෂයේ අධ්‍යක්ෂණය කළ ‘හංස විලක්’ චිත‍්‍රපටයේ කතා සාරාංශය වන්නේ නිශ්ශංක විජේසිංහ නම් තරුණයාගේ විවාහය බිඳ වැටීමේ ඛේදවාචකයයි.

දළ වශයෙන් දශක තුනක පමණ කාලය පුරා මෙම චිත‍්‍රපටය අර්ථකථනය කිරීමේ ජාලයක මම පැටලී සිටියෙමි. අද දවස වන විට මම චිත‍්‍රපටය යනු යථාර්ථය නිරූපණය කරන්නක් යැයි යන ප‍්‍රවාදයට අභියෝග කරන්නෙමි. අද දවසේ ඒ සඳහා ගත හැකි හොඳම නිදර්ශනය ‘හංස විලක්’ බව මගේ හැඟීමයි.

චිත‍්‍රපටයක් යනු යථාර්ථයට වඩා අපගේ අභ්‍යන්තරික හැඟීම්, ආශාවන් ප‍්‍රකාශයට පත් කරන මාධ්‍යයක් යැයි මම විශ්වාස කරමි. උදාහරණයක් ලෙස බොහෝ ස්ත‍්‍රීන් පිරිමින්ගේ ආශාවන් ගැන ඔවුන්ටත් වඩා හොඳින් දනියි.

‘හංස විලක්’ යනු විවාහයෙන් පිටත විකල්ප ලිංගික සම්බන්ධකම් ගැන පසුගිය දශක තුන තුළ බිහි වූ විශිෂ්ටම චිත‍්‍රපටයයි. ඒ සඳහා වූ හේතු පාඨයන් පහත මම යෝජනා කරමි. මතුපිට පහුරු ගාන කෙනෙකුට අනුව ‘හංස විලක්’ ප‍්‍රථම ආවේගය යනු සාම්ප‍්‍රදායික විවාහයේ නීරසභාවය සහ පරාරෝපණය ජය ගන්නා කතාන්දරයකි. එය ‘හංස විලක්’ චිත‍්‍රපටයේ 80 දශකයේ සාරයයි. නමුත් 90 දශකය වන විට එය විවාහ ජීවිතයෙන් එපිට ලිංගික ජීවිතයේ සාරය පවතින බවට වූ ආත්ම ප‍්‍රකාශනයකි. 90 දශකයේ ‘හංස විලක්’ යනු පරාර්ථක සාරයකි. එය මඟින් නිරූපණය වූයේ හැඟවුම්කාරකය ඉක්මවා ගිය කල්පිත අපරිමිත විනෝදයයි.

නමුත් 21 වන සියවසේ දෙවැනි දශකයේ ජීවත් වන අපට ධනවාදය එහි වඩාත්ම පරිණත ස්වරූපයෙන් හමු වී ඇත. මේ වන විට විවාහයෙන් පිටත විකල්ප ලිංගික සම්බන්ධකම් විකාරයක් වන තරමට පැතිර ගොස් ඇති අතර ඒ නිසාම ඒවා නිරාශාවක් බවට පරිවර්තනය වී ඇත.

අද යුගයේ ‘හංස විලක්’ යනු යථාර්ථයට වඩා අපගේ අවිඥානික ලිංගික ආශාවන්වල සාක්ෂරතාව කියා දෙන්නකි. විවාහයෙන් පිටත ලිංගික තෘප්තිය මේ අප ජීවත් වන අන්තර්ජාලය අධිනිශ්චය වූ යුගයක දී යථාර්ථයෙන් ආත්මීයත්වය තුළට මාරු වී ඇත. අද ස්වාභාවික ලිංගිකත්වය යන්න කොන්සර්වේටිව් අදහසකි. මෙම නව සන්දර්භය තුළ ‘හංස විලක්’ යනු විවාහයේ ලිංගික තෘප්තිය නොව විවාහයෙන් පිටත ලබන ලිංගික තෘප්තිය යල් පැන ගිය අදහසක් බවට සාධනය කරයි. ඒ අර්ථයෙන් ගත් විට ‘හංස විලක්’ ලිංගික දෘෂ්ටිවාදයේ රැුඩිකල්ම ස්වරූපය වන ‘අනියම් තෘප්තිය’ මනස්ගාතයක් බව පෙන්වා දෙයි. එය විචාරය කරන්නේ ‘විවාහය’ නොව විකල්ප සම්බන්ධතාය. දශක තුනකට පසු ‘හංස විලක්’ විවාහයේ මධ්‍යය තුළ හොල්මන් කළ බාහිර තෘප්තිය විසංයෝජනය කර ඇත. යමක හරය තුළ ඇති එහි ප‍්‍රතිවිරුද්ධ පැත්ත විචාරය කිරීම අපෝහකවාදයේ ප‍්‍රකටම ලක්ෂණය බව ලෙනින් පෙන්වා දෙයි.

 

දීප්ති කුමාර ගුණරත්න

 

 

ඔබේ අදහස කියන්න...