බොහෝදෙනෙකුට තවමත් මහින්ද චින්තනය වටහා ගත නොහැක. ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රකට කෘතියක් වූ Heart of Darkness නම් නවකතාවේ ආකෘතිය මහින්ද චින්තනය වටහා ගැනීමේදී වැදගත්ය. ජෝසෆ් කොන්රඩ්ගේ මෙම කෙටි නවකතාවේ ප්‍රධාන චරිතයේ නම චාල්ස් මාර්ලෝය. ඔහු කොංගෝ ගග දිගේ අප්‍රිකාවට ඇතුල් වී ඇත්දළ වෙළදාමෙහි යෙදෙන්නෙකි. මධ්‍යම අප්‍රිකාවේ විවිධ ගමන් නිසා මාර්ලෝට කර්නල් කර්ට්ස් නම් අපූර්ව මිනිසෙක් හමුවෙයි. කර්ට්ස් යනු අප්‍රිකාවේ මිනිසුන්ට විරැද්ධාභාසයකි.

එක පැත්තකින් අප්‍රිකානුවන්ට කර්ට්ස් යනු යහපත්, තාර්කික, යුක්තිසහගත මිනිසෙකි. අනෙක් පසෙන් ඔහු අප්‍රිකාවේ මෝඩකම, අදුර, මිලේච්ඡත්වය, අතාර්කික බව නිරෑපණය කරන්නෙකි. මෙම ද්විත්ව මුහුණුවර නිසා ඕනෑම තාර්කික මිනිසකු කලක් යන විට කර්නල් කර්ට්ස්ගේ අතාර්කික, භීෂණමය, කෲර පැත්ත සමග අනන්‍ය වෙයි. කර්ට්ස් යනු බටහිර ශිෂ්ටාචාරයේම දිගුවක් ලෙස සමහරැ තර්ක කරති. නමුත් කර්නල් කර්ට්ස්ගේ න්‍යාය කුමක්ද? ඔහු මිනිස් සබදතාවලට අදාළ සිදු කරන සදාචාර ක්‍රියාව කුමක්ද? කර්ට්ස් යනු බලය සහිත මිනිසුන්ට අභියෝගයක් වන පහත ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නෙකි.

‘කෲර, අමානුෂික මිනිසකු නොවී කොහොමද? මිනිසුන් මිලියන ගණනක් ඝාතනය කරන්නේ?” (මෙය හිට්ලර්ගේ ද ප්‍රශ්නයයි.)

කර්ට්ස්ගේ උත්තරය- ඔබ ඒ කරන්නේ රාජකාරියක්. රාජකාරිය සහ ඔබගේ භාවමය ජීවිතය අතර අභ්‍යන්තර පරතරයක් තබා ගන්න.

සමහර විට ඔබ දරැවන් සිටින පියෙක් හෝ මවක් විය හැක. නමුත් ඔබ යම් මිනිසෙකුගේ කණක් කපනවිට හෝ ඇගිල්ලක නියපොතු ගලවන විට ඔබ පියෙක් බව මොහොතකට අමතක කරන්න. කෙනෙකුගේ ඇගිලි තලන විට ඔබ කල්පනා කළ යුත්තේ ඔබගේ සිගිති දියණියගේ සුරතල් සිනහව හෝ ඔබේ සිගිති පුතාගේ දගකාර ක්‍රියාවකි. හිට්ලර්ගේ හෝ ස්ටාලින්ගේ භාෂාවෙන් කිවහොත් ඔබට දවල් දවසේ මිනිසුන් ඝාතනය කළ හැක. රාත්‍රියට වයින් වීදුරැවක් බී බිතෝවන්ගේ සංගීතය ශ්‍රවණය කළ හැක. එක අයෙකු එය නට්සිවාදය වෙනුවෙන් කරන විට, අනෙකා එය කරන්නේ සමාජවාදය නම් දෙවියා වෙනුවෙනි.

නමුත් ඔබ අමතක කරන්නේ කුමක්ද?

ඔබ ඔබගේ සිගිති දියණියට හෝ පුතාට කෙතරම් ආදරය කරනවාද?

රට, ජාතිය, ආගම වෙනුවෙන් මිනී මැරීමට, මිනිසුන්ට හිංසා කිරීමට පුරැදු වීම සහ අදහස්, පරමාදර්ශ වෙනුවෙන් මනුෂ්‍යයන් ඝාතනය කිරීමද කිසිවක් විශ්වාස නොකරන මිනිසුන්ගේ ක්‍රියාවකි.

අප්‍රිකානුවන් තමාව සූරාකන, කෲරත්වය පත් කරන සුදු ජාතිකයාට ආලය කිරීම අහම්බයක්ද? ආත්මරාගයේ අවසන් ඵලය වන්නේ ස්වයං විනාශයයි.- ඔබ ඒ කරන්නේ රාජකාරියක්. රාජකාරිය සහ ඔබගේ භාවමය ජීවිතය අතර අභ්‍යන්තර පරතරයක් තබා ගන්න.

සමහර ඔබ දරැවන් සිටින පියෙක් හෝ මවක් විය හැක. නමුත් ඔබ යම් මිනිසෙකුගේ කණක් කපනවිට හෝ ඇගිල්ලක් නියපොතු ගලවන විට ඔබ පියෙක් බව මොහොතකට අමතක කරන්න. කෙනෙකුගේ ඇගිලි තලන විට ඔබ කල්පනා කළ යුත්තේ ඔබගේ සිගිති දියණියගේ සුරතල් සිනහව හෝ ඔබේ සිගිති පුතාගේ දගකාර ක්‍රියාවකි. හිට්ලර්ගේ හෝ ස්ටාලින්ගේ භාෂාවෙන් කිවහොත් ඔබට දවල් දවසේ මිනිසුන් ඝාතනය කළ හැක. රාත්‍රියට වයින් වීදුරැවක් බී බිතෝවන්ගේ සංගීතය ශ්‍රවණය කළ හැක. එක අයෙකු එය නට්සිවාදය වෙනුවෙන් කරන විට අනෙකා එය කරන්නේ සමාජවාදය නම් දෙවියා වෙනුවෙනි.

 

ඔබේ අදහස කියන්න...