අපගමනය: කෙටි සටහන් මගින් දීප්ති කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සම්බන්ධ සිය විවේචනය ඉදිරිපත් කර තිබෙයි. උළෙල සංවිධානය කිරීම ට නායකත්වය දීමේ වරදට ඕප දූප සහ මඩ ප්‍රචාර ලෙස නිසි අනන්‍යතාවක් නැති පුද්ගලයින් මට නගන අභූත චෝදනා වලට උත්තර බැඳීමෙන් වැලකී සිටියද දීප්ති ට උත්තර බැඳීමට මට සදාචාරාත්මක යුතුකමක් තිබෙයි. ඒ කරුණු දෙකක් නිසාය. පළමුවැන්න දීප්ති නගන්නේ දේශපාලනික ප්‍රශ්නයක් නිසාය. දෙවැන්න දීප්ති මගේ නිර්මාණ ජීවිතය හැඩ ගස්වා ගැනීමට සිය කියවීම් සහ ඉදිරිපත් කිරීම් වලින් බලපෑම් කල අතලොස්සක් දෙනා අතරින් කෙනෙකු නිසාය. දීප්ති සිය ප්‍රශ්න කිරීම කොටස් දෙකකට වෙන් කරයි.

 

01. ආණ්ඩුව සමග සන්ධාන ගත වී සිනමා උළෙලක් සංවිධානය කිරීම

02. උතුරේ දෙමල ජනයාගේ අරගලය බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍ර වාදී රාමුවක් තුල අනාගතයේ දී අහෝසි වනු ඇතැ යි සමපෙක්ෂණය කිරීම.

 

01.  කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ට ආණ්ඩුව සම්බන්ධ කරගැනීමට සිදු වුයේ සහ ආණ්ඩුවේ සහයෝගය  ලබාගත්තේ මේ රටේ ඕනෑම උත්සවයක් සංවිධානය කිරීමේ දී ඕනෑම කෙනෙකුට යාමට සිදුවන ආයතනික මට්ටමේ මැදිහත් වීම සඳහා පමණි. උදාහරණ: සිනමා දර්ශන සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිසරය ලබා ගැනීම. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම, කොළඹ නගරයේ කොඩි සහ බැනර් ප්‍රදර්ශනය සඳහා අවසර ලබා ගැනීම, මහමග වාහන හැසිරවීම සඳහා පොලීසියේ සහයෝගය ලබා ගැනීම ආදී  වශයෙනි. ආණ්ඩුව සමග සන්ධාන ගත වී යන්නෙන් අදහස් කරන්නේ එය නම්, ඊට දිය හැකි පිළිතුර ඔව් යන්න පමණි.ආණ්ඩුවට එරෙහිව දේශපාලන උද්ගෝෂණයක් කිරීමට ත් ඇතැම් විට ආණ්ඩුවේ විවිධ ආයතන හා අධිකාරීත්වයෙන් අවසර ලබා ගත යුතු වෙයි. එය ආණ්ඩුව සමග සන්ධාන ගතවීමක් ලෙස අර්ථ දක්වන්නේ කෙසේදැයි මම නොදනිමි.

 

මෙම ස්ථාවරයට ( ඉහත අරුතින් සන්ධාන ගත වීමට ) මා යාම නිසා ලංකාවේ කලාව කිරීමට නිදහස ඇතැයි යන මායාව නිර්මාණය කිරීමට මා හවුල් වී ඇති බවට දීප්ති චෝදනා නගයි. මෙය පදනම් විරහිත චෝදනාවකි.  මගේ නිර්මාණ ජීවිතයේ හැම දාම පෙනී සිටියේ කොන්දේසි විරහිත කලාවක් වෙනුවෙන් බව වාරණය සම්බන්ධව මගේ අදහස් දැක්වීම් කියවා ඇති අය  දන්නා කරුණකි. මගේ ඒ ස්ථාවරය තවමත් එසේමය. කිසියම් වාරණයක් තිබිය යුතුයැයි ඇතැම් කලා කරුවන් සහ විචාරකයින් පවා යෝජනා කරද්දී මා පෙනී සිටියේ අසීමිත නිදහසක් වෙනුවෙනි. එය අදටත් හෙටටත් වලංගුය. ඒ අනුව කලාවට නිදහස ලැබෙන්නේ නිල සහ නොනිල සියලු වාරණයන් අහෝසි වූ දාටය. ලංකාවේ රැඟුම් පාලක මණ්ඩලය අහෝසි කල යුතු යයි යන සටන් පාටය රැගෙන යන එකම සිනමා කරුවා මා පමණ ක් දැයි මම නොදනිමි.එහෙත් මගේ ඒ ස්ථාවරය වෙනස් නොවෙයි.

එහෙත් බොහෝ දෙනෙකුට අමතක වී ඇති සත්‍යයක් මතක් කල යුතුව තිබෙයි. අක්ෂරය තහනම් කලේ රැඟුම් පාලක මණ්ඩලය නොවෙයි. රැඟුම් පාලක මණ්ඩලය අනුමත කල අක්ෂරය තහනම් කිරීමට බල කෙරුනේ ජනතා පරමාධිපත්‍යයේ මුරකරු වන උත්තරීතර අධිකරණය විසිනි.   ඊට  එරෙහිව ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක්, සංවිධානයක්,වෘතීය සමිතියක් සක්‍රීයව උද්ඝෝෂණයක් කලේ නැත. ඒ කිසියම් වාරණයක් අවශ්‍ය යයි ඒ හැම දෙනාම  සිතාසිටිනා බැවිනි.

එවැනි පසුබිමක් තුල කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ වාරණයකින් තොරව චිත්‍රපට පෙන්වීමට ලැබීම    දේශපාලනික ජයග්‍රහණයකි.  ඒ ජයග්‍රහණයේ ආස්වාදනීය චකිතය උළෙලේ චිත්‍රපට නැරඹු හැමදෙනාටම තිබුණි. ඒ සඳහා කල මැදිහත්වීමේ වෙහෙස දැරුවේ උළෙලේ වැඩසටහන් සම්පාදක ලෙස කටයුතු කල අනෝමා රාජකරුණා මිස මා නොවෙයි. ඒ ගවුරවය හිමිවිය යුත්තේ ඇයටයි. එසේ වාරණයකින් තොරව චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරීම පිළිඹඳ ප්‍රසිද්ධියේ රැඟුම් පාලක මණ්ඩලයට ස්තුති කලේ මා නොව ඇය යි. ( සරසවිය පුවත් පත ). එය කිසියම් සදාචාරමය යුතුකමකින් එහා ගිය දෙයක් ලෙස ගැනීම විකාරයකි. එසේ කිරීමෙන් ලංකාවේ කලාව කිරීමට නිදහස තියෙනවා යයි කීමට ඇයට හෝ අප කාට හෝ උවමනාවක් තිබුනේ නැත. එවැන්නක් සිනමා උළෙල පැවතීම හරහා ගම්‍ය වන්නේ ද නැත.

 

02. මෙයද සාක්ෂි නොමැති චෝදනාවකි. කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත්වීම නිසා මා හෝ ඊට සන්බන්ධ කිසිවෙකු හෝ එවැන්නක් සමපෙක්ෂණය කළා යැයි කියන්නේ කෙසේද ? ධනවාදය අරගලයන් සඳහා මිනිසුන් තල්ලු කරනවා මිස අරගලයෙන් ඈත් කර තබනවා යයි අදහන්නට තරම් මා දේශපාලන අඳ බාලයෙකු නොවෙයි. බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ තහවුරු කිරීම ලංකාවේ දේශපාලනයේ දිශානතිය තුල සිදු නොවන්නක් බව අවබෝධ කර ගැනීමට දේශපාලනයේ පරිණත දැනුමක් අවශ්‍ය නොවෙයි. එවැනි තත්වයක් තුල දෙමළ ජනයාගේ අරගලය බටහිර  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් තුල අහෝසි වනවා යයි සමපෙක්ෂණය කිරීම ට මට ඇත්තේ කවර පදනමක් ද ?

 

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ලංකාවේ දේශපාලනය තුල කවර භූමිකාවක් රඟ දක්වනු ඇත්දැයි මිණීම එහි තිරගත් කෙරුණු චිත්‍රපට වල අන්තර්ගතය පිරික්සීමෙන් මිස උළෙලේ සාපේක්ෂ පරිමාණය සහ එහි උත්සවශ්‍රීය වටා ඇතැමුන් ගොඩ නගමින් සිටින කතන්දර මත පදනම්ව කල නොහැකිය. උළෙලේ තිරගත කෙරුණු සෑම ච්ත්‍රපටයක් ම පාහේ    සාමාන්‍ය ප්‍රේක්ෂකයා ට අභියෝගයක් වූ අතර, එම අභියෝගයට මුහුණ දුන් ප්‍රේක්ෂකයාගේ සිතීමේ ක්ෂිතිජයන් ප්‍රසාරණය කරන්නට හේතුවන්නට ඇති බවයි අපගේ විශ්වාසය. කාලෝස් රෙගදාස් ගේ සිනමා භාවිතාව පිළිගන්නවාට වඩා ප්‍රශ්න කිරීම් දකින්නට ලැබීම එක් උදාහරණයක් ලෙස ගත හැක. සම්මත පරාමිතීන් ඒ හැටියෙන්ම පිළිගනු වෙනුවට ප්‍රශ්නකරනු ලැබීම කෙතරම් වටින්නේ ද ?

 

දකුණේ සමාජය විනෝදය හඹා යන යතාර්ථය උතුරට අදාළ නොවේ යැයි කීමට අප ඉක්මන් විය යුතු නැත. චන්ද ප්‍රතිඵල වලින් කියැවෙන්නේ  තමන්ට විනෝදය සපයන ඒජන්තයා තමන්ට තීරණය කරගැන්මට ඉඩ දෙන්නැයි කියන පණිවිඩ යෙන් එහා යමක් නොවෙයි. යාපනේ නගර මධ්‍යයේ අලුතින් ඉදිකර ඇති සුපිරි වෙළඳ සංකීර්ණයේ ඇති සිනමා සංකීර්ණයේ ප්‍රක්ෂේපන යන්ත්‍ර කොළඹට වඩා අලුත් ය. කොළඹ සිනමා උළෙල වකවානුවේ ඒ සිනමා ශාලා තුල තිරගත කෙරුනේ හැනා ආර්ඩන්ට් නොවෙයි. ට්‍රාන්ස්ෆොර්මර් ය. 3 D ග්ලාසස් පැළඳ වැල නොකැඩී ඒ සිනමා ශාලා තුල මුදල් ගෙවා චිත්‍රපට බලන්නට පොර කෑවේ යුද්ධයේ දරුවන් ය. ඇත්ත සිනමාවක් විඳින්නට පිපාසාවෙන් පෙළුණු ඇතැමුන් කොළඹ සිනමා උළෙල නරඹන්නට පැමිණි බව අපි දනිමු. කොළඹ සිනමා උළෙලේ කොටසක් වත් යාපනේ තියන්නට හැකියාවක් නැත් දැයි ඔවුහු  අපගෙන් විමසා සිටියෝය. ඒ සිදුවෙමින් පවතින දෑ පිළිඹඳ දන්නේ ඔවුන් නිසාය. දකුණේ සිට ගොඩනගන යාපනේ fantasy  ය ඇත්තෙන් බොහෝ ඈතය.

 

ඒ අරුතින් කොළඹ සිනමා උළෙල කටයුතු කලේ දීප්ති පෙන්වා දෙන සමපෙක්ෂණයට විකල්පය ගොඩ නගන්නටයි.

 

කොළඹ සිනමා උළෙල ආරම්භක උත්සවයේත් අවසාන උත්සවයේත් මා කල ප්‍රකාශ දෙක උළෙල අප තක්සේරු කරන ආකාරය කෙටියෙන් දක්වන අතර එය අන්තර් ජාලයේ විවිධ අඩවි වල බෙදා හදා ඇති බැවින් නැවත නොකියමි.

 

දීප්ති ගේ කර පිටින් පිනුම් ගසන්නට හදන ඕපදූප කාරයින් ට කියන්නට ඇත්තේ දීප්ති කී දෙයම පමණි. එනම් අඳුරු ලෝකයට ටෝච් ගසන උන්ගේ ආලෝකයේ මූලාශ්‍රය ඇත්තේ තම ආත්මයේම බව.

Asoka Handagama

Our comment – නම සහිතව සටන් කරන්න; සංවාද කරන්න!

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. Sentence begins with “Chanda prathipala walin kiyawenne thamanta vinodaya genena ejanthaya …. (4th paragraph from the last) opens flood gates and lead to put Asoka Handagama’s view on and attitude towards tamil people’s democratic rights under scrutiny. It is nothing more or less than arrogance and chauvinism. It is both in appearance and essence insulting. His idea in the said phrase is not valid even to the south. In my mind, the SENTENCE which is the anchoring line of his defence manifests AH’s paucity of ideology and presents himself as an ideological lilliput. All other rants such as ‘showing a portion of the festival in Jaffna’ appears to be irrelevant. In Cultural Criticism and Society, German philosopher Theodor Adorno wrote “To write poetry after Auschwitz is barbaric. And this corrodes even the knowledge of why it has become impossible to write poetry today” in 1949. As we all know this passage has been heavily quoted in innumerable instances. I am about to do the same but I pay attention only to the latter sentence “this corrodes even the knowledge of why it has become impossible to write poetry today”. I believe AH is faced with that. He is not alone. So are many. I am longing for a day where a Tamil cinematographers discuss lives of theirs. I have lost interest in the works that investigate the other – the Tamils by the Sinhala artists due to the special political conditions that prevail. I believe this colonial gaze is enough now. If Sinhala artists want to do something progressive – they should collaborate with Tamil artists and support them to bring out their own narratives. In the meantime, Sinhala artists have a big issue in their hand – it is to deal with racism at home. I congratulate Asoka Handagama on his cinematographic achievements and awaiting to see new work coming from him.

  2. මිනිස් ජීවිත මත යැපෙන මැක්කො තමයි කලාකාරයො කියන්නෙ. ඕනෑනම් මේ ගොඩට කවියො, ලේඛකයො, දාර්ශනිකයො, දේශපාලකයො කියල ලිස්ට් කරගන්න පුළුවන්. රට හදන්න, සමපේක්ෂණය කරන්න, අම්මට හුකන්න, පුකේ අරින්න, කැරි වේසිගෙ පුතාල පකේ සංවාද අරගෙන එන්න එපා හොදද? ටෝච් ගහගනිල්ල තොපේ පුකේ. සිනමා නවෝදයක්? නම දාල සංවාද හුකන්නෙ නෑ කැරියො. පුළුවන් වෙලාවක මරල දානව මිසක්.

  3. බංකරේට කිලෝමීටර විස්සක් තිහක් ඈතින් ඉන්න මිනිස්සු බංකරේට බයවෙනවා. ඒ වගේ ලංකාවෙත් ඉතාම ඈතින් තියෙන යම් යම් දේවල් වලට පිරිස නොසෑහෙන්න බයවෙනවා. අද වෙනකොට පත්තරවලට ලියන නාටක සිනමාපට නිර්මානයකරන අයට පිටින් එන වාරණයට වඩා එයාල ඇතුලින්ම කරගන්න වාරනය වැඩිවෙලා. හැම පුවත්පතකම හැම නිවුස් ලයින් එකකම නිවුස් එකම විදිය වෙලා තියෙන්නෙ ඉහලින් එන බාහිර බලපෑම නිසාම නෙමෙයි. බොහෝ දුර තියෙන යමකට තියෙන බය නිසා.

    අපි හිතමු ආන්ඩුවෙන් පවත්වන සිනමා උලෙලකදි හදගම සහ ඒ වැනි අය මේ පවතින ක්‍රමය ගැන විවේචන තියෙන ෆිල්ම් එකක් පෙන්නුවා කියාල. එතනදි ආන්ඩුවට ආවඩන්න එන තක්කඩි ටිකට දකින්න ලැබෙනවා අර ආන්ඩුවට දේශඵාලනිකව විරෝධය දක්වන සිනමා පටියක්. මම හිතන්නෙ සතුරා බොහෝ බොහෝ ඈතින් තියාගෙන මල්ටි බැරල් ගහනවාට වඩා ලගින්ම තියාගෙන ටොකු අනින්න පුලුවන් නම් ඒක වටිනවා.

    බන්දු සමරසිංහ ජෝකර් කෙනෙක් වුනත් ජනාධිපති මන්දිරේ ඇතුලෙදි ජනාධිපතිගෙ මූණටම කියනවා සර් මේ වගේ ඒවා හැම මාසෙම තියෙනවා නම් හොදයි කියලා. ඒක හිනාවෙන් යටවුනාට..ඒක ඒ වෙලාවෙ තියන සෙටප් එකට ප්‍රතිවිරුද්ධ දෙයක්. කාල බීල හොදට නටල ඉවරවෙලා ආර වගේ කොචොක් එකක් දාගෙන එන්න පුලුවන් කම තියෙනවා නම් ආන්න එතනදි කලා කාරය අස්සෙ මිනිහෙක් ජීවත් වෙනවා.. එහෙම නැත්තං බත් පැකට් එකට, අරක්කු ටිකට, යටවන වර්ගයාම තමයි කලාකාරයො කියන්නෙත්.

Comments are closed.