audi_a4 2

 

බාහිරින් අපට පෙනෙන්නට තිබෙන සුන්දර දසුන් මවන යථාර්ථය එක පැත්තකින් පෙන්වන ගමන් ඊට සමාන්තර ලෙස එම යථාර්ථය මඟ හරින ‘සැබෑව’ පෙන්වන ලාංකේය සිනමාකරුවා වන්නේ අශෝක හඳගමයි. සදාචාරය පැත්තෙන් නරඹන විට මෙම තත්ත්වය මඟින් ප‍්‍රකාශ වන්නේ සදාචාරාත්මක විරුද්ධාභාසයකි. මැද පන්තියේ බහුතරයක් දෙනා දන්නා පරිදි ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ Audi  යනු සම්මත බුර්ෂුවා පන්තියේ  පවුල් සදාචාරයේ හර පද්ධතිය මැනැවින් නිරූපණය කරන අධිපති සංඥා දෙකකි. අනෙක් අතට අශෝක හඳගම යනු මෙම වැදගත් මධ්‍යම පන්තියේ විනීත වෙස් මුහුණට යටින් පවතින අශ්ලීලත්වය සහ උල්ලංඝනය මූර්තිමත් කරන සිනමාකරුවාය. 
මැද පාන්තිකයාගේ වැදගත් වෙස් මුහුණ යටින් මතු වන අශ්ලීල පාතාල ලෝකය වෙතට ආලෝකය යොමු කිරීම අප හිතනවාට වඩා විප්ලවකාරීය. මහ බැංකුව යනු ලංකාවේ ජාතික ආර්ථිකයට මිනුම් දඬු සපයන ආයතනයකි. එමඟින් බොහෝ විට ඉදිරිපත් කරන්නේ ආර්ථික විද්‍යා ප‍්‍රස්තාරය. ලංකාවේ බැංකුවල මූල්‍ය කටයුතු විමර්ශනය කරන්නේ මහ බැංකුවයි. ඊට අමතරව ලංකාවේ මුදල් අච්චු ගැසීම, බැඳුම්කර නිකුත් කිරීම ආදී බරපතළ කාරණා සිදු වන්නේ ද මෙම මහ බැංකු ගොඩනැඟිල්ල තුළය. අප දන්නා තරමින් එම ගොඩනැඟිල්ල තුළ ආර්ථිකයට වෙනස් දේවල් සිදු විය නොහැකිය. 
Audi  යනු ජර්මනියේ නිෂ්පාදිත බුර්ෂුවා පන්තියේ අර්චන වස්තුවක් වන මෝටර් රථයකි. මෙම මෝටර් රථය විසින් ඒ තුළ ගමන් කරන මගියාට දැඩි ආරක්ෂාවක් සපයනු ලැබේ. යුරෝපයේ සමහර රටවල රාජ්‍ය නායකයන් පවා පාවිච්චි කරන්නේ Audi  මෝටර් රථයයි. හඳගමගේ නිල වාහනය Audi A4ය. 
අශෝක හඳගම යනු ද සදාචාරය ඉදිරිපිට ඍජු මිනිසෙකි. සිනමා නිර්මාණ තුළ හැර ඔහුගේ ජීවිතය අතිශය සාම්ප‍්‍රදායික එකකි. එය කෙතරම් සාම්ප‍්‍රදායික එකක් ද කිවහොත් ලාංකේය සිනමාවේ විවිධ ජීවන අපගමනවලට ලක් වූ අයට වඩා හඳගමගේ ජීවිතය අතිශය නුහුරු නුපුරුදු බවක් අපට පෙන්වයි. හඳගමගේ චිත‍්‍රපට මඟින් අපට ඉදිරිපත් කරන චර්යාධාර්මික විරුද්ධාභාසය වන්නේ මෙම පැති දෙකේ ප‍්‍රතිවිරෝධයයි. බොහෝ විට ලංකාවේ වෙනත් චිත‍්‍රපටවල ස්ත‍්‍රී භූමිකා නිශ්ශබ්දය. හඳගමගේ ‘අක්ෂරය’ යනු විපරිත තාක්ෂණය හරහා ස්ත‍්‍රියකගේ ආත්මභාෂණය අනාවරණය කරන්නට දරන සිනමාත්මක වෑයමකි. හඳගම තමන්ගේ බිරිඳ නිරුවත් කළ බවට බාහිරින් චෝදනා ලබන්නෙකි. ගැටලූව වන්නේ පුවත්පත්වලට දීර්ඝ ලිපි ලියන, සුපිරි වෙළෙඳපොළවලට තමාම ගොස් භාණ්ඩ මිලට ගන්නා හඳගම මඟින් මෙම රැුඩිකල් මානය ප‍්‍රකාශ නොවීමයි. දශක දෙකක් කරා දිගු වූ ඔහුගේ චිත‍්‍රපට මාලාව මඟින් සංගෘහිත වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආශ‍්‍රිත සදාචාරාත්මක වෙස් මුහුණේ පෑල්මයි. අප දකින ඉතාම විනීත යැයි පෙනෙන මුහුණු යටින් මතු වන අශ්ලීල ‘සැබෑව’ මතුපිට තලය මත නලියන්නට පටන් ගත් විට වමනය යාමට පෙලඹුමක් ඇත. අනෙක්  ඕනෑම වැදගත් ප‍්‍රභූ ආයතනයකට මෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකුවටත් එයම නිපදවූ අතිරික්තයක් ඇත. හඳගමගේ සිනමාව යනු එම අතිරික්තයේ ෆැන්ටසි මානයයි. එය බැඳුම්කර මගඩියට වඩා රැුඩිකල් ය; දේශපාලනිකය.
Audi-A4-20T-quattro-cabin-04

ඔබේ අදහස කියන්න...