මේ දවස් වල බොහොමයක් වෙබි අඩවි වලට ප්‍රවෘත්ති හිගයකට මුහුණ දෙන්න සිදුව තියෙනවා. ඒ වුනත් ඒ ගැන පසු තැවෙන්නේ නැති බොහෝ වෙබි අඩවි සංස්කාරකවරුන් මොනවා හෝ ප්‍රවෘත්තියක් පල කරන්නට වගබලා ගන්නවා. මේ දවස් වල ලංකා විවිස් වෙබ් අඩවියේ ( මේ වෙබි අඩවිය කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහි නොනිල සංස්කාරකවරයා වන්නේ පුබුදු ජයගොඩයි) පල වන්නේ මේ වගේ ප්‍රවෘත්තීන්ය. නූපන් දරුවන් මව්කුස තුළදීම හඩන බව සොයා ගනියි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නිළ වෙබ් අඩවිය වන ලංකා ටූර්ත් වෙබි අඩවියේ පල වන්නේ මේ වගේ ප්‍රවෘත්තීන්ය. කොට සාය ඇදන් යන ස්විඩනයේ ඩ්‍රයිවර්ලා. විමල් වීරංවශගේ ලංකා සී නිවිස් වෙබි අඩවිය කියන්නේ නිකම්ම වෙබ් අඩවියක් නෙවී. ඒක ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්ථමේන්තුව වගේ. මේ වෙබි අඩවියට අනුව ලංකාවේ ජන ගහනය අඩුම තරමේ කෝට් තිහකට වඩා වැඩි වෙන්න ඕන. මොකද මේ වෙබි අඩවිය බලන ප්‍රමාණය දිහා බැලුවහම අපිට මේක ඔප්පු වෙනවා. සමහර විට සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී ඉන්න මේ වෙබි අඩවිය කෝට් දෙකක් වෙච්ච ලංකාවේ ජනගහනයට අමතරව තිස් තුන් කෝටියක් දෙවිවරු නරඹනවා වන්න පුලුවන්.  ශ්‍රී ලංකා මිරර් වෙබි අඩවියේ හැමදාම යන්නේ මේ වගේම නිවිස් නිසා කිසි ප්‍රශ්ණයක් නෑ. මල්ලි අක්කාගේ කොන්ඩය මන්නා පිහියෙන් කපයි වගේ නිවිස් තමයි මේ අඩවියේ දිගටම යන්නේ. මේ සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න වශේෂඥයා තමයි කැලුම් ශිවන්ත. ඔහුට පුලුවන් පොල් කටුවකට මෝල් ගහකින් ගැහුවා කියන එක පවා ඔහුට අනුව ප්‍රවෘත්තියක්. මේ නිසා ඔහුට ලංකාවේ ජනප්‍රියම වෙබි අඩවි සංස්කාරකවරයා විදිහට සම්මාන ලබා ගන්න පුලුවන් වුනා.

ඒ වගේම ලංකා ඊ නිවිස් වෙබි අඩවයට වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්. ඒකේ යන ගොඩක් දේවල් වටිනවා. නමුත් මෙහි සංස්කාරකවරයා වැඩේ පටන් ගන්නෙම මල පැනලා නිසා පොඩි අඩියක් ගහලා ලියා ගෙන ලියාගෙන යනකොට අන්තිමට වෙන්නේ කිරි කලයක් දොවලා ගොම බිංදුවක් දානවා වගේ වැඩක්. ගොසිෆ් වෙබි අඩවි දිගටම කල්පනා කලේ දේශපාලනය කියලා දෙයක් නැහැ කියලයි. ඒ නිසා ඒ අය හිතුවා ඒයාලා අහිංසකයි කියලා. අන්තිමට හැම දේම දේශපාලනය මත තීරණය වෙනවා කියන එක ඒ අය දැන ගන්නකොට ඒ අයටත් ප්‍රොක්සි පිහිට හැර වෙන විකල්පයක් නැති වුනා. විශේෂයෙන් බූන්දි වෙබි අඩවිය කියන්නෙ තනිකරම කවියක්. ඒ අයට මුලු ලෝකෙම කවියක්. විශේෂයෙන් මේ දවස් වල බ්ලොග්  අඩිවි වල විප්ලවාදී බාබර්ලා ඉන්නවා. මේ බාබාර්ලා කාලයක් කලේ හමුදා සොල්දාදුවන්ගේ රැවුල කොන්ඩේ කපපු එක. මේ බාබර්ලගේ කිංග් ඔෆ් ද බාබර් තමයි බාබර් ජයරත්න. මේ බාබර්ලගේ සැලූන් වල විශේෂත්වය තමයි බාබර්ට කණ්නාඩියෙන් මුහුණ බලන්න බැරිකම. මේ නිසා එයා කොන්ඩෙ කපන්නේ ඇස් බැදගෙන. එයාගෙ ගෙදර කණ්නාඩියත් මෙයා පොලවේ ගහලා. මෙයාගෙන් ලගදී කොන්ඩේ කපා ගත්තේ ලංකා නිවිස් වෙබි සංස්කාරකරවරයයි.

මේ ඔක්කොම මේ විදිහට යන කොට ලංකාවේ සමාජය මෙහෙය වන්නේ සෙක්ස් වලින් කියන එක වටහා ගන්න තියෙන හොදම වෙබ් අඩිවිය තමයි පැපරාසි නිවිස්. ඒ නිසා ලංකාවේ සමාජය තේරුම් ගන්න අවශ්‍ය අය මේ වෙබි අඩවිය නරඹන්න.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. kathava aththa. Paparasi news kiyana eka nam balala na. ballanna dekuth na vage me kiyana kathavata. Prvurthi nathnam mavanna giyama thamayi prashna athivenne.

  2. ලංකාව ඇතුලෙ නිවුස් කියන්නෙ නිකං නිවුස්ම විතරයි. නිවුස් වලින් මිනිස්සු වෙනස් වෙන්නෙ නැහැ. අඩු තරමෙ ටෙලිනාට්ටියක් බලලා කෙල්ලෙක් හිරට සායක් හරි අඳිනවා..
    ඒත් නිවුස් එකකින් කාලය කා දැමීමක් හැර වෙන කිසිවක් අපේ සමාජයට කෙරෙන්නෙ නැහැ.

Comments are closed.