අප විසින් ආරම්භ කළ දේශපාලන පන්ති යලිත් ආරම්භ කර ඇති අතර ඒ ගැන මේ වන විට e mail මගින් දන්වා ඇත. එක ගුරුවරයෙකු පමණක් ඉතුරු කර ඉතුරු ගුරුවරුන් වනසා දැමීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය සදහා විවෘත පන්ති පැවැත්වීමට ආරාධනා ලැබී ඇත. ඒ සදහා සහභාගී වීමට අවශ්‍ය කොළඹට ආසන්නව ජීවත් වන අය පහත ලිපිනයට අප අමතන්න. අපගේ සම්බන්ධීකාරක සමග බියක් නැතුව ගණුදෙණු කරන්න. ඔහු CIA හෝ මොසාඩ් සංවිධානයේ ඔත්තුකරුවකු නොවේ. අතපසුවීමකින් මග හැරී ඇති අයට දැනටමත් ලැබී ඇති දුරකතන අංකය ඔස්සේ අපව ඇමතිය හැක. වෙනත් අනුකාරකයන්ට රැවටීමට ඇති ඉඩකඩ අවම කිරීමට නිශ්චිත ‘විෂය නිර්දේෂය’ PDF කර එවීමට අදහස් කරනු ලැබේ.
පාඨමාළාව ආරම්භ වන්නේ ‘පැණි හැලුවොත් විප්ලවවාදී සාරය අහිමි වේ ද’ යන ට්‍රොට්ස්කිවාදී අදහසෙනි. දෙවැනි පාඩම වන්නේ “ඔබ අනෙකාට කරන විවේචනය ඔබටද අදාලය”, නැතහොත් “ඔබ අනෙකාට පැනිහලනවා යැයි චෝදනා කරන විට මේ මොහොතේම යම් තැනක ඔබත් පැනි හලමින් සිටින බව ඔප්පු කිරීම”.

A-Z movement
a2zmovement@gmail.com

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. දීප්තිට පිස්සු යැයි දස්කොන් විසින් තැන තැන කියනු ලැබේ. 2004 තම විරැද්ධ වාදීන් විවෙචනය කරා මෙන් දීපිති දස්කොන්ව විවෙචනය කිරීමට බය ඇයි ? දීප්තිගේ මර්වින් සිල්වා දස්කොන් ද ? හැකි නම් පංති පටන් ගන්න පෙර ලිපියකින් පිළිතුරු දෙන්න.

  2. පසුගිය දිනක නවාතැන්පලක් අසලින් යාමට අවස්ථාවක් උදාවිය. තරමක ශබ්ධයක් ඉන් නැගුණු නිසා මදක් හෙමින් විමසිල්ලෙන් යන විට කිහිපදෙනෙක් මදුවිතක් තොල ගාමින් සිටිනු දුටුවෙමි. ඉන් එක් අයෙක් නො-බී බයිට් පමණක් කමින් සිටිනු දුටු මට අතීත කතාවක් මතක් විය. එනම් ගගට බිලීපිති දමා නිදාගත් මාළුබාන්නාට තම වෘෂණ කෝෂ අහිමි වීමේ කතාවයි. මේ එ් පිළිබද මාගේ මිතුරකු තැබූ සටහනකි.

    yes i am …..i Think therefore I am….

Comments are closed.