සංවිධානයක් ලෙස අපි හේගල් ගැන ක්‍රමවත්ව අධ්‍යයනය කිරීම මතක තරමින් පටන් ගත්තේ, 2007 වැනි වර්ෂයක දී ය. ඒ මොහොතේ දී, අපගේ ගැටලුව වූයේ කුමක් ද?

          ලංකාවේ හේගල් කියලා චින්තකයෝ  දෙදෙනෙකු [2]සිටිති.

Hegel.

 

1. ගම්ලත් සහ විකොස විසින් ඉදිරිපත් කළ හේගල්. මෙම හේගල්ට, අපි මෙහෙම නමක් යෝජනා කරමු; ”සමතික්‍රමණ හේගල්”. Sublation යන වචනය සඳහා අර්ථය මෙසේ ය. එහි අර්ථය මෙලෙස පැහැදිලි කළ හැකි ය. පවත්නා දෙයක තිබෙන අනවශ්‍ය අනුචිත අංග හලා, එහි තිබෙන සාධනක, වැදගත් අංග ඉතා ඉහළ මට්ටමකට ගෙන එහි නැති අංශ අමුතුවෙන් එකතු කර ඉහළ මට්ටමක, ඉහළ අදියරක කරන සංස්ලේෂණයට ‘සමතික්‍රමණය’ නැතහොත් ‘සංස්ලේෂණය’ යනුවෙන් පවසයි.

 

              පසුගිය වසර 7 ක පමණ කාලයක සිට, විශේෂයෙන් 2015 වැනි අතීතයක සිට මගේ ගැටලුව (මෙතැන දි, ‘අපි’ වෙනුවට ‘මම’ ආදේශ කරමි. මන්ද, මෙය සමන් පුෂ්පකුමාරගේ ද ගැටලුවක් නොවන බව පෙනෙන නිසා) වන්නේ, සම්භාව්‍ය හේගල්[1] සහ මනෝවිශ්ලේෂණය අනුදත් හේගල්[2] අතර වෙනස කියවීමයි.

 

2. ඉතාම සරලව, ඉහත ප්‍රවාදය මෙසේ නිර්වචනය කළ හැකි ය. හේගල් සහ ජිජැක්ගේ හේගල් කියවීම අතර වෙනස කුමක් ද? එතැන දී, ‘සමතික්‍රමණය’ යන අදහස අතහැරිය යුතු ය.

Caputo.

 

            ‘ජිජැක්ගේ හේගල් කියවීම’ සහ සාම්ප්‍රදායික හේගල් අතර වෙනස කියවීමේ දී, දේවධර්මය (Theology) පිළිබඳ මහාචාර්යවරයෙකු වන ‘ජෝන් කපූටෝ’ නම් චින්තකයා මට මහත් සේ වැදගත් විය. ඔහු ඉතා පැහැදිලිව මෙම හේගල්ලා දෙදෙනා මෙලෙසින් වෙන් කරයි.

          “ ජිජැක්ට අනුව, දයලෙක්තික logic තුළ යමක් ඉහළට වර්ධනය වන්නේ නැත. (චින්තනයේ අභ්‍යන්තරික තර්කනය තුළ දී පවා) එනම්, සමතික්‍රමණය කියන අදහස මෙතැන දී බැහැර කළ යුතු ය. ඒ වෙනුවට, අපිට ‘අපෝහනය’ කියන අදහස නැතහොත්, අලුතින් පැමිණි මතය විසින් පෙර පැවති මතය [dominant ideology] බහිෂ්කරණය කිරීම ; බැහැර කිරීම යන අර්ථ වලින් යොදාගත යුතු ය.

 

            කපූටෝගේ විග්‍රහයට අනුව, අපිට මිචෙල් ගොන්ඩ්‍රිගේ චිත්‍රපටයක් වන ‘Spotless Mind’ හී ජෝඩුව මෙලෙස අපෝහනය කළ හැකි ය. අපෝහනය කියා කියන්නේ, සාධනය කරපු දෙයක් භාවිතා කරමින් වෙනත් දෙයක් ඔප්පු කිරීමයි. දෙවෙනි අදහස ගොඩනඟන්න වෙන්නේ, කලින් තිබූ මතයෙහි භාවිතයෙනි. එය අපෝහනය යි. එනම්, පෙර තිබූ ප්‍රතිඵලය භාවිතයෙනි. නමුත්, ජිජැක්ට අනුව, සාම්ප්‍රදායික අපෝහනයට වෙනස්ව මනෝවිශ්ලේෂණ සන්දර්භය තුළ දී ‘සාරයට’ යමක් එකතු වනවා සහ අඩු වනවා ය. මෙය, සාරය නැතහොත් Substance යන පදයට අලුත් දෙයක් එකතු කරයි. සමන්ගේ විග්‍රහයට අනුව, සාරය අසමමිතික වන්නේ නැත. සරලව කිවහොත්, ‘ආත්මය’ බෙදුණාට ‘සාරයට’ බෙදීමක් නැත. එය, ස්වඅනන්‍යයි. ජිජැක් විසින් පවසන්නේ, ගම්‍යතාවයේ දී නැතහොත්, චලනයේ දී සාරයත් ඊටම විරුද්ධ බවයි. X කණ්ඩායමේ සාරය තුළ ම එහි ප්‍රතිසාරයත් පවතියි. නමුත්, X සහ Anti X කියන්නේ, සාරයන් දෙකක් නොව එකම සාරය දෙකට බෙදී යාමකි. මේ සාරයේ පැල්ම ”දෙකක්” හැටියට, පුද්ගල මනස කතා කරයි.

          උදාහරණයක් ලෙස, හේගල් පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත සමන් ඉදිරිපිට වරායේ සුළු සේවකයෙක් මෙසේ කිය යි: “ ලෝකයේ තියෙනවා සංවිධාන වර්ග දෙකක්. එකක්, නායකයන් නැති ගෝල්ෆේස් වගේ ව්‍යාපාර. අනෙක තමයි, කිසියම් නිල බල රටාවක්, නායකත්වයක් සහිත සංවිධාන. දෙවැන්න, අපි අත්හදා බලලා ඒක වැරදි හින්දා, අපිට පළමුවැන්න ගැන අලුත් කල්පනාවක් ආවා. ඒක තමයි, ලෝක ස්වභාවය.” මේ පෘථග්ජන මිනිසාගේ පොදුජන විඥාණය නැතහොත්, ජනප්‍රිය විඥාණය ඉදිරිපිට සමන් ගොළු විය. මෙතන දී, අපි ලෙනින් ව මෙලෙසින් උපුටා දක්වමු.

 

            “ උචිත අර්ථයෙන්, අපෝහවාදය යනු, වස්තූන්ගේ හරය තුළම තිබෙන ප්‍රතිවිරෝධය අධ්‍යනය කිරීම වෙයි.”

 

       අපගේ වරාය සුළු සේවකයා විසින් සාරය දෙකට පලන අතර (නායකයන් සිටින සහ නැති වශයෙන්) ඉන් එක සාරයක්, ඔහුගේ මනසින් පිටත වාස්තවික ප්‍රබන්ධය තුළ ඇතැයි අනුමාන කරන අතර අනෙක, ඔහුගේ ඔලුව ඇතුලේ අභ්‍යන්තරය තුළ රහසිගත තැනක සැඟ වී ඇතැයි සිතයි. ඔහුට අමතක වන්නේ, ඔහුගේ මෙම සංකල්ප දෙක අතර පවතින පරතරය යි.[gap] ධනවාදය නම් ‘පරමය’ සංකල්පීයකරණය කර ගැනීමට නොහැකි මනස විසින් යථාර්ථය දෙකට පලා, එක යථාර්ථයක් ‘නායකයන් නැති සංවිධාන’[signifier 1] සහ අනෙක ‘නායකයන් සහිත සංවිධාන’[signifier 2] ලෙස සංස්කරණය කරයි. මේ හේතුව නිසා, චින්තනයේ ‘බාහිර බාධාව’ ඕපපාතිකව එකවරම ‘අභ්‍යන්තර බාධාවක්’ බවට ප්‍රතිස්ථාපනය වෙයි. සරලව කිවහොත්, ධනවාදී යථාර්ථවාදයේ ගිලී ගිය පුද්ගලයෙක් (මාසික ආදායම ලක්ෂ 4 ක් පමණ වන පවුලක සාමාජිකයෙක් ලෙස) ගැටලුව ආත්මීයත්වයට එනම්, සද්භාවවේදයට [Ontology]  මාරු කරයි. නමුත්, ඔහුට අවිඥාණක වන්නේ, ඉහත සංකල්ප දෙකම ඇත්තේ ඔහුගේ හිස තුළම බව[Logic of signifier] අමතක වීමයි. (ඔලු ගෙඩිය Redouble වීම) ඔහු ඉන් එකක්, මස්තිෂ්ක බාහිකය[real] තුළ බහලන අතර අනෙක, බාහිර දේශපාලන යථාර්ථයක ගිලී ඇතැයි සිතයි.[reality]

        ඊට අමතරව, මෙතන සිදු වන්නේ සමතික්‍රමණයක් යැයි සුළු සේවකයා විශ්වාස කරයි. ඊට අනුව, ‘නායකයෙක් නැති සංවිධාන’ ඔහු අතින් අවිඥාණකව සමතික්‍රමණය [sublimate – sublime object of ideology]වන අතර ‘නායකයෙක් ඇති සංවිධාන’ ඔහු අතින්ම අපෝහනය වෙයි.[subtraction]

        ‘දයලෙක්තික’ තර්කනය යනු, ඉහත පිළිවෙල ආපස්සට කැරකැවීමයි.[Retro logic] එනම්, එකම සාරයක් ස්වයං චලනය උදෙසා තමන්ගෙන්ම අනේකත්වයට පත් වීම මිස මෙතැන දී ‘චලනය’ බාහිර යථාර්ථයට සම්බන්ධ නැත. එබැවින්, බාහිර සාධනය යනු ම හේගලියානු ‘සාරය යනු ආත්මය වේ’ [Substance is subject]යන අදහසට ප්‍රතිවිරුද්ධ ය. වරාය සුළු සේවකයා නොහොත්, මහජන බදු මුදල් ගසා කන්නෙකු විසින් අදේශපාලනය සහ ඇමරිකානු දේශපාලන නිරවද්‍යභාවය අදාළ කරමින් දේශපාලනය ඇත්තට කරන මිනිස්සුන්ගේ හක්ක බිම ඇනෙන ප්‍රශ්න ඇසීම, ඔහුට අපේ මිනිසුන් අනාගතයේ හමු වන තුරු පමණක් කළ හැකි ය. සමන් මෙතැන දී අමතක කරන ලද්දේ, ඉහත සංකේත ප්‍රබන්ධ දෙකට 2 contents]අවධානය යොමු කිරීම මිස ඒවා දෙකට පලන ‘ආත්මයට’ [Form] විශ්ලේෂණය යොමු නො කිරීමයි. දේශපාලන සංවිධානයකට[x] කල්පිත මහ අනෙකා [Big other] වෙනුවෙන් කළ විනාශය හඳුනාගත හැක්කේ, සුළු සේවකයාගේ සංකේත ප්‍රබන්ධ තුළින් නොව ඔහුගේ ආත්මය තුළිනි. විවාහයට වඩා වැඩි විනෝදයක් සඳහා යොමු වන විකල්ප සබඳතාවල විනෝදය රඳා පවතින්නේ, විවාහය නම් තහංචිය තුළම මිස ඊට බාහිර ‘විකල්ප සම්බන්ධය’ තුළ නොවේ. විවාහයෙන් තොර විකල්පය යනු, ශුද්ධ දෘෂ්ටිවාදය යි.

            අපි නැවතත්, ‘Spotless Mind’ චිත්‍රපටයට අවධානය යොමු කරන්නේ නම්, එහි නවතාවය මෙසේ හඳුනාගත හැකි ය. සාමාන්‍යයෙන්, අපට රොමෑන්තික ප්‍රේම කතාවල මුලින්ම හමු වන්නේ, එයට ඇති බාහිර බාධාවන් සහ පසමිතුරුභාවයන් ය. ජෝඩුව එම චිත්‍රපටවල උත්සාහ කරන්නේ, තමන්ට බාහිරින් ඇති බාධාව ජය ගැනීමට ය. ඒ අනුව, කවදා හෝ දවසක බාධක ජයගෙන ජෝඩුව ඒකාත්මික වනු ඇත. නමුත්, මීට පරස්පරව, ‘Spotless Mind’ චිත්‍රපටයේ දී, ජෝඩුව තම අභ්‍යන්තරයේ ඇති පසමිතුරුභාවය සත්‍යය ලෙස පිළිගනියි. එම නිසාම, ඔවුන්ගේ මතකයන්, සැමරීම් මකා දැමීමේ තාක්ෂණයක ඔවුන් නියැලෙයි. එම නිසා, ඔවුන් තම ප්‍රේමය ඉදිරියට වර්ධනය කරගෙන, පවුලක් ගොඩ නැගීම නම් සමතික්‍රමණයට එළඹෙන්නේ නැත. ඒ වෙනුවට, ඔවුන් ප්‍රේමය සහ නොගැළපීම අපෝහනය කරයි. එමගින්, ‘එකතු වීම’ නම් අදහස විනාශ වී හෝ නැති වී යන අතර ඒ වෙනුවට, ‘වියෝ වීම’, ‘විඳවීම’ නම් අන්තයට ගමන් කරයි. මෙය, ‘ආදරය’ සමතික්‍රමණය කිරීම නොව ආදරය අපෝහනය කිරීමයි. මෙහි බාහිර බාධාව වන්නේ, ධනවාදය නොවේ; තමන්ම ය. තමන්ගේ ප්‍රේමය විකසිත වීමට ඉඩ නො දෙන්නේ, තමන්ම ය. ඒ අනුව, අනාගත ප්‍රේමයේ නිෂ්ටාව happiness නොව වේදනාවයි. වේදනාවෙන් සතුටු වීම අනාගත ප්‍රේමය යි. එතැන දී, බාහිර බාධාව අභ්‍යන්තරයට කඩා වදියි.

            අද දවසේ දී, මම හේගල් කියවීම රැඩිකල් ලෙස වෙනස් කළෙමි. ඒ අනුව, දයලෙක්තික භෞතිකවාදයේ දී සිදු වන්නේ, සත්තාව සහ හිස් බව අතර අන්‍යෝන්‍ය අපෝහනය යි. දයලෙක්තික තර්කනය අපව රැගෙන යන්නේ, සමුච්ඡනය දෙසට නොව අහිමි වීම දෙසට ය. එය, බුදු දහමට වඩා රැඩිකල් වන්නේ, බුදු දහම විඳවීම අත්හිටු වීමට උත්සාහ දරන නිසා ය. මනෝවිශ්ලේෂණය උත්සාහ කරන්නේ, ජීවිතයේ හිස් බවෙන් පලා යාමට විඳවීම යෝජනා කරන පැත්තට ය. විඳවීමේ අක්ෂර වින්‍යාසය යනු, හේගල්ගේ තර්ක විද්‍යාවයි. 

Deepthi.

ඔබේ අදහස කියන්න...