හේගලියානූ සතුරු විනාශකවේදය –  Sleeping with the Enemy

                     අද දවසේ හේගල් ජීවත්ව සිටියා නම් ඔහු තමන්ගේ සතුරන් විනාශ කිරීමට යොදා ගන්නේ කුමන උපක‍්‍රමයක්ද? හේගල්ට අනුව සතුරෙකු විනාශ කිරීමට අවශ්‍ය නම් පළමුවෙන්ම කළ යුත්තේ ඔහුගේ සියළුම විභවයන්ට නිදහස් ආකාරයට විකසිත වීමට අවශ්‍ය නිදහස් ක්ෂෙත‍්‍රයක් නිර්මාණය කිරීමයි. එවිට එම නිදහස් ක්ෂෙත‍්‍රය තුළ සතුරා තම සියළු උපක‍්‍රම භාවිතාවේ යොදවනු ඇත. ඉතාම සරලව කිවහොත් මෙසේ ඔබ ක‍්‍රියාකරන විට සතුරාට අහිමි වන්නේ තමන්ගේ බාහිර සතුරාවය. නැතහොත් බාහිර බාධාවය. සතුරා තම ශුද්ධවන්ත “ඇතුලත” නිර්මාණය කර ඇත්තේ බාහිර සතුරා “ඔබ” ලෙස සලකාය.

Koje 3
                      ඔබේ සතුරාට “බාහිර – සතුරා” අහිමි වී යන නිමේෂය යනු සතුරාගේ විකසිත ශක්‍යතාවයන් වියැකී යන නිමේෂයයි. එනම් ඉන්පසු සතුරාට හමු වන්නේ ඔහුගේම අභ්‍යන්තර මල පුඩුවයි. සරලව කිවහොත් අභ්‍යන්තර “ස්වයං-බාධාවයි”. මේ මොහොතට පසුව සතුරාගේ අභ්‍යන්තර සංගතභාවය බිඳ වැටෙයි. බාහිරට විරිත්තීම හැර අන්කිසිවක් ශේෂ වන්නේ නැත.

මෙය සතුරාගේ අභ්‍යන්තර ෆැන්ටසිය තරණය කිරීමට ඔහුටම දෙන තල්ලූවකි. මෙම උපක‍්‍රමය විවෘතව හෙලි කලාට ඉන් සතුරාට ගැලවීමක් නැත. මන්දයත් ගැටළුව ඥණයට නොව සඳාචාරයට අයිති ක්ෂෙත‍්‍රයක් නිසාය. හේතුව කපටි යැයි අප කියන්නේ , එයට ක‍්‍රියාත්මක වීමට ඔබේ උදව් අවශ්‍ය නැති නිසාය. අප විවෘතව ක‍්‍රියා කරන්නේද, අපගේ සතුරන් රහසින් ක‍්‍රියා කරන්නේද මේ නිසාය.

kojeve 2

ඔබේ අදහස කියන්න...

12 COMMENTS

  1. උපක්‍රමය ලියන්න වෙන්නේ වැඩේ කොහේ හරි වැරදුනාම නේද…?

  2. අසව්, අසව් …කී දෙනෙකුට මේක තේරෙයිද බලමු.

  3. මේව චිත්‍රපටිවල ෂැවොලිං. ඇත්තට නං හුලං.
    මේ වගේ කුම්පු සටන් ලිපි කියවනකොට හුජ්ජ යනව ලැජ්ජාවට.

      • කට්ටියක් ඇත. තැනක් නැත. තැනක් ඇත. කට්ටියක් නැත. පස් දෙනෙක් ඇත. පස්දෙනෙක් නැත.

        එසේ වන්නේ
        ගැටළුව
        ඥණයට
        නොව සඳාචාරයට අයිති ක්ෂෙත‍්‍රයක් නිසාය.

  4. ලෝක යුද්ධ දෙකේදීම අනුගමනය කලේ මේ හේගල්ගේ න්‍යාය නේ….. නැපෝලියන් බොනපාට්ගේ උපදේශක හෙගල්නේ….මේවා තේරෙන්නේ නැහැ කියලා කමෙන්ට්ස් දාල තියනවා. අයි පක්කුනේ තොපි නැපෝලියන් දන්නේ නැද්ද ?

    • හේගල් ගැන උඹේ අවබෝධය ගැන හරිම සතුටුයි..හරිම සතුටුයි…ගොනෝ කට වහ ගනින්.

  5. නැපෝලියන් මොන පකයෙක්ද. ඔයාලට මතකද අර හෝකන්දර එක ගෙදර පස් දෙනෙක් මාරුව ? ගේ ඇතුලේ දෙන්නෙක් ඉඳන් ගෙදරට එන එන අය කපල මාරුව. ඒ ගෙදර මිනිස්සු හේගල් හරියට කියවලා තිබුන නම් මැරෙන්නේ නැහැ. ගේ ඇතුලේ ඉන්න සතුරා පහර දෙන්න හදනකොට සතුරාට එරෙහිව ප්‍රතිචාර දක්වපු නිසා තමයි සතුරා ඒ අයව මැරුවේ. එහෙම නැතුව එයාල කෑනොගහ, අතපය විසි නොකර ශාන්තව සිටියානම් මැරුම් කන්නේ නැහැ.

  6. දැන් බලන්න අර අමාරිස් අය්යා නිකරුනේ ගුටි කෑව. එයා හේගල් දන්නා කෙනෙක් නෙවි. හේගල් දැනගෙන හිටියනම් එයාට ඒ විදියට ගුටි නැහැ.

  7. දීප්ති ඇ`ගිල්ල දිග් කරන්නෙ හ`දට. මුන් ඔක්කොම බලන්නෙ හ`ද දිහා නෙමෙයි උගෙ ඇ`ගිල්ල දිහා. ඒ එක්කම බුරනවත් එක්ක. යකුනේ ඇ`ගිල්ලට නෙමෙයි පුලුවන් නම් හ`දටම බුරපිය බල්ලො වගෙ.

    බල්ලොත් හො`දයි බං තොපිල වගෙ අපතයින්ට වඩා.

    වැඩක් පලක් නැත්නම් චූ කරල බුදිය ගනු.

    එකා යකා

Comments are closed.