මේ වන විටත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇති ජනාධිපති සටන වෙනුවෙන් එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් ආදි වශයෙන් කට්ටිය මාරු වෙමින් සිටියි. ඒ අනුව සෝමරත්ත දිසානායක රාජපක්ෂ හැව අරිමින් මේ වන විටත් මෛත්‍රී පාලනය වෙනුවෙන් සටනට අවතීර්ණ වී ඇත. ඇමති මර්වින් සිල්වා ද මෛත්‍රීට සහය දක්වන්නට කැමැත්තෙන් සිටින බවත් නමුත් නරක මර්වින් සිල්වා සම්බන්ධකර ගන්නට බහුතරයක් දෙනා අකමැති බවත් දැන ගන්නට ලැබේ. ඒ අනුව නරක මර්වින් වෙනුනට හොද සෝමේ දැන් පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන කතිකයෙක් වී ඇත. රජය විසින් වර්ජනය කර ඇති දෙරන රූපවාහිනයට සෝමේ සහ ජයසිරි පැමිණ සිටිනු අප දුටුවා. ජයසිරිට නම් සිරිසේන සහ තෙපානිස් කතාවේ පරිදි අඹ කාලෙට අඹබත්, දෙල් කාලෙට දෙලුත් අවාරේට වෙරළේ සමලිංගික ක්‍රීඩාවේ ස්ත්‍රී භූමිකාවත් නිරූපනය කරන පරිදි රූපාන්තරණය වන්නට පුලුවන.

සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය තරම් තක්කඩි ආකාරයට මහින්ද රාජපක්ෂට කඩේ ගිය වෙනත් කලාකරුවන් යුවලක් නැති තරම්මය. අන්ත ජාතිවාදී, ආගම්වාදී, ග්‍රෝත්‍රවාදී මේ තක්කඩි ජෝඩුව දරුවන් යොදා චිත්‍රපට නිර්මාණය කර ඒ චිත්‍රපට ආණුඩුවේ හයියෙන් බලයෙන් පාසල් ළමයින්ට පෙන්වා කෝට් ගණන් මුදල් උපයා ගත් පුද්ගලවාදීන්ය.

මේ අය සමග එකම වේදිකාවේ අසුන් ගන්නා ධර්මසිරි බණ්ඩාරනායක සහ ගාමිණි වියන්ගොඩ ගෙන් අපි අසන්නේ ලැජ්ජා නැද්ද මේ තක්කඩි එක්ක වාඩි වන්න කියාය. උතුරු නැගෙනහිර දෙමළ විමුක්ති අරගලය පරාජය කරන්නට මතවාද සෑදු අන්ත ජාතිවාදී මේ තක්කඩි කළාකරුවන් සමග විකල්ප මතධාරි මේ අය එකම වේදිකාවේ අසුන් ගෙන හදන්නට හදන අලුත් ලෝකය යනු පරණ ලෝකයම නොවේ යැයි සහතික දිය හැකිද? සෝමේට වඩා මර්වින් ගේ ඇති කිසිම නරකක් අපට නම් පෙනෙන්නට නැත.

අශෝක හදමගේ අක්ෂරය චිත්‍රපටිය තහනම් කරන්නට මූලික වී වැඩකළ අය අතර සෝමේ සිටියේ ඉදිරියෙනි. ඒ අනුව මහින්දට වඩා කලාවට විණ කැටුවේ මේ සෝමේය. මෙවන් අය සමග යන්නට හදන මෛත්‍රී පාලනය ගැන අපට නම් වටහා ගන්නට බැරිය. අපේ දේශපාලන විඥාණයට වඩා මේ අයගේ විඥාණය පළල් යැයි සිතා කැමති අයෙකුට සැනසෙන්නට පුලුවන.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. හිනහත් යනව… ඔන්න ඕක අත ඇරල දාන්න. තල නං තෙලට. ගූ බෙටි කුමට. අපි මෙදා පාර ගූ බෙටි දාල වෙඩි තියෙන්නෙ මහින්දට ගද ඉවසන්ඩ බැරිව මැරෙන්න. තොපි හදන්නෙ හොද මිනිස්සු වගේ විවේචනේ විතරක් දදා ඉන්ඩද? අපි නං ඒම නෑ. අපිට සෝමෙ ගොඩ්ඩාක් හොන්දායි. අපි එයත් එක්ක හරි යාලුයි. එයා වගේ හොද කෙනෙක් කොහෙවත් නෑ. එයා හදගම වගේ පිස්සෙක් නෙමෙයි. ඒක රේණුකා දන්නව. පල් පාට් දාන්ඩ එපා. පස්සෙ දවසක අපි ඔක්කොම සෙට් වෙලා දාමු පොඩි අඩියක්….. හී හී.

  2. වීණාව ඇහුන්නෑ කියන්නෙ මහින්දට. රේණුකාගෙ තඩි පස්සට මුවාවෙලානෙ මේකා වීණාව ගැහැව්වෙ. බර්ලින් තාප්පෙට මුවා වෙලා වාගෙ. ඉතිං කොහෙ ඇහෙන්ටද?

  3. //මේ අය සමග එකම වේදිකාවේ අසුන් ගන්නා ධර්මසිරි බණ්ඩාරනායක සහ ගාමිණි වියන්ගොඩ ගෙන් අපි අසන්නේ ලැජ්ජා නැද්ද මේ තක්කඩි එක්ක වාඩි වන්න කියාය// අපත් කියන්නේ ඕකමයි

Comments are closed.