පසුගිය වසර 40ක පමණ කාලයක සිට ප්‍රාග්ධනය රාශීභූතකරණය වන මාදිළියේ පැහැදිලි වෙනසක් ඇති වී තිබේ. ගැටළුව වෙන්නෙ මෙම වෙනස කොහොමද දේශපාලන ආකෘතියක් තුළට අන්තරගතයක් ලෙස අවශෝෂණය කර ගන්නෙ කියන එකය. මහේක්ෂ ආර්ථික දෘෂ්ටිකෝණයකින් නරඹන විට ඕනෑම නිෂ්පාදනයක් කරන සංවිධානගතවීමක් තමාටම ආවේණික විරුද්ධ පක්ෂයක් නිමාණය කරගනී. හැම නිෂ්පාදන මාදිලයක්ම තමන්ගේ දර්පණ ප‍්‍රතිරූපයක් නිපදවා ගනී. දෙවන ලෝක යුද්ධයට පසුව ලෝකය සමාජවාදය සහ ධනවාදය යනුවෙන් කඳවුරු දෙකකට භේදවිය. මෙම භේදය දේශපාලනික වුවවත් ආර්ථික තලය කියන අක්ෂයට අනුව නිෂ්පාදනය කරන තැන ‘ෆැක්ටරිය’ (කර්මාන්ත ශාලාව) ලෙස අධිනිග්මය විය. ප්‍රාග්ධනයට ශ්‍රමය මුණ ගැහෙන මිනිසා විසින් නිර්මිත අවකාශයට අපිට ‘ෆැක්ටරිය’ ලෙස කිවීමට හැකිය. ශ්‍රමයට යම් මිලක් ගෙවන්නේ සහ යම් කොටසක් නොගෙවන්නෙ මෙම ස්ථානයේදීය. මෙම කාරණ මත පදනම් වීමෙන් ඇති වන දේශපාලන අරගලයේ ආකෘතියට අපිට වාත්තීය සමිතියක් යනුවෙන් ප‍්‍රකාශ කිරීමට හැකිය. 20 වැනි සියවස යනු, මෙම ෆැක්ටරිය කේන්ද්‍ර කරගත් විමුක්ති දේශපාලනය යි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 අප්‍රෙල් කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

SAMABIMA MISSING 2016 April ISSUED by rightsnow

ඔබේ අදහස කියන්න...