2004 වර්ෂයේ අගෝස්තු මාසයේ J.R ජයවර්ධන කේන්ද්‍රයේ පැවති ‘හිස්ටීරියාව’ පොත පිළිබදව සම්මන්ත්‍රනයේ දී එවකට අපගේ සංවිධානයේ ප්‍රකාශිකාවක් වූ ප්‍රභා මනුරත්න මෙසේ ප්‍රකාශ කළාය.

(1). මහා අනෙකෙක් යනුවෙන් ඇත්තටම කෙනෙක් මේ ලෝකයේ නොපවතී. (අපේ ජීවිතයට අර්ථයක් තිබේද?)
(2). ඉතිහාසයට වර්ධන න්‍යායක් ඇත. එම න්‍යාය ගැන දන්නා සේ කටයුතු කරන්නන් මගින් බිහිවන්නේ මර්ධනකාරී සහ ඒකාධිපති සමාජ – ව්‍යුහයන්ය. (ස්ටැලින්වාදය)
අවාසනාවකට මෙන් ඇය ඉහත කී ප්‍රවාද ඇයවත් ඉන්පසුව සළකා බැලුවේ නැත. මේ නිසා සිදුවූයේ සවිඥාණිකව ප්‍රතික්ෂේප කරන ‘මහා – අනෙකා’ ඇගේ නිවසට අවිඥාණිකව පසුපස දොරටුවෙන් ඇතුල් වීමයි. ඇත්තටම ‘ඇයට’ කියන්නට අවශ්‍ය වූයේ වෙනත් දෙයකි. එය මෙසේය. ‘දීප්ති යනුවෙන් මහා අනෙකෙකු නොපවතී.’ එබැවින් ඉන් පසු සිංහල සමාජයේ ඕනෑම කෙනෙකුට තමන්ට කැමති විදිහට හැසිරිය හැකිය. ඇගේ ප්‍රකාශිත අදහසේ සැගවී ගිය අර්ථය එයයි.

නමුත් සිදුවූයේ කුමක් ද ?

 

සර්වාත්‍රික මහා අනෙකෙකු මේ ලෝකයේ නැතිනම් අප සියලු දෙනාම නිදහස්ය. උභතෝකෝටිකය වන්නේ අපව බාහිරින් පාලනය වන සංකේත නීතීන් නැති විට ඒ තැන ගන්නේ අපගේ අවිඥාණික විශ්වාසයන් වීමයි. ඒ අර්ථයෙන් ගත් විට ප්‍රභා මනුරත්න යනු 2004 ට පසු සිංහල සමාජය පාලනය වන අවිඥණික විශ්වාසයන්ගේ ප්‍රථම ප්‍රකාශිකාවයි. යම්කිසි ජන සමාජයක් සංකේත නීති අත්හිටුවා ඒ තැන අවිඥාණික විශ්වාසයන්ට බාර දුන් විට එම සමාජය පාලනය වන ‘සංකේත නීති’ අතීතකාමී වීම වැළැක්විය නොහැකිය.

අවිඥාණයට දිය හැකි තවත් නමක් වන්නේ අනෙකාය. අනෙකා යනු හුදු භාෂාව නොවේ. භාෂා ව්‍යවහාරය මගින් උත්පාද වන අතිරික්තයයි. මෙම ‘අතිරික්තය’ හේතුව මගින් බිහිවන්නක් මුත් එය ඉක්මවා යයි. ඒ නිසා අනෙකා යනු අප තුළම සිටින, එනමුත් අප පිළිනොගන්නා ආගන්තුකයෙකි. අනෙකාගේ ක්‍රියාවන්ට අප සදාචාරාත්මකව වග නොකියන්නේ මේ නිසාය. අප විසින් අප තුළ සිටින අනෙකාව හදුනා නොගත් විට සිදුවන්නේ අපගේ චින්තන සමස්තයෙන් ඇගේ ආශාව ඉවත් වීමයි. එවිට ඇයගේ ආශාව තහවුරු වීමට ඇති බාධාව බාහිරින් අපට සම්මුඛ වෙයි.

prabha

 

ප්‍රභා 2004 දී නොදැන සිටියේ කුමක්ද ? (මෝඩකම නොවේ.)

(1). ඇය ‘මහා අනෙකා’ නැතැයි දිවුරා කියද්දීත් ඇය තුළ ‘මහා අනෙකෙකු’ අවිඥාණික විශ්වාසයක් ලෙස පැවතියේය.ඇගේ මෙම “අවිඥාණික මහා – අනෙකා” වූයේ කවුද ? ඒ දීප්තිය. ඇය ‘සමාජයට’ පැන උද්ඝෝෂණය කරමින් ප්‍රකාශ කළේ දීප්ති ‘දැන්’ අහවර බවය. ඇය වසර ගණනාවක් එම කාර්යයේ නියැළී සිටියාය. අවසානයේ ඇයට සපථ වූයේ ඇගේ හිස තුළ මිස පවතින ධනේෂ්වර සමාජයේ වෙනත් කිසිවකුට ‘දීප්ති’ යනුවෙන් කෙනෙකු මහා – අනෙකා නොවන බවයි. සරළව කිව හොත් දීප්ති යනු ඇගේ දෘෂ්ටිවාදයේ උත්කර්ෂවත් වස්තුවක් පමණක් බවයි. අවම ලංසුවෙන් එය සුමිත් චාමින්දටවත් එසේ වී නැත.

ඇගේ දෙවැනි වැරැද්ද වූයේ ඇගේ අවිඥාණික අනෙකා වූ ‘දීප්තිගේ දේශපාලන වැරදි’ සමාජය සමග බෙදා හදා ගැනීමට යාමයි. කෙනෙකු තම අනෙකාව බුද්ධිමය සංවාදය තුළ ප්‍රතික්ෂේප කළ විට එහි බුද්ධිමය අර්ථය මෙලෙස සාරාංශගත කළ හැකිය. “මට මගේ අනෙකා අවිඥාණිකය.” කෙනෙකු තමා තුළම හෙළා දකින අනෙකා යනු අන් කවරෙක්වත් නොව තමන් අවිඥාණිකව ආදරය කරන තැනැත්තා සහ දෘෂ්ටිවාදයෙන් පිට පැන තම සංවාදය සුසංගත කරවන විනෝද පිඩුවයි. මෙතනදී අන්ද්‍රේ මල්රූ විසින් මාඕ සේතුං විසින් කළ කථාවක් උපුටා දැක්වීම අපි යළිත් සිහි කරමු. මාඕ මෙසේ කියයි. ‘ජනතාවගෙන් අවුල් සහගත ලෙස අප ලත් දැනුම ඔවුන්ට නැවත අප වඩා නිරවුල්ව පහදා ඉගැන්විය යුතුය.’ මෙහි සරළ අදහස වන්නේ ‘දේශපාලන අධ්‍යාපනය’ ඇකඩමික විෂය මාලාවක් විය යුතු නැත. විප්ලවවාදී දේශපාලන අධ්‍යාපානය යනු අප මහජනතාවගෙන් ඉගෙනගත් අවිඥාණික විශ්වාසයන් ඔවුන්ව අවිඥාණිකව පාලනය කරන ආකාරය යළිත් ඉගැන්වීමේ ප්‍රතිඅධ්‍යාපනික වැඩසටහනයි. ( දෘෂ්ටිවාදය පිළිබදව නව – න්‍යාය මෙතනට යොදා ඇත.)

 

(2). ඇය X කණ්ඩායමේ සිටි පරිණත යැයි සළකා ගත් පක්ෂ සාමාජිකයන් යනු කවරහුද යන්න ඇයටම අපහැදිළි විය. කල්ගත වන විට ඇය වටහා ගත්තේ මේ සහෝදරයන් බොහෝ දෙනෙක් මාක්ස් – ලෙනින්වාදය (+ අනෙකුත් න්‍යායන්) හදාරා තිබුණේ හුදෙක් එය හැදෑරීමේ චේතනාවෙන් විනා, විප්ලවයේ ප්‍රායෝගික අවශ්‍යතා උදෙසා නොවන බවයි. එහෙයින් ඔවුන් මාක්ස් – ලෙනින්වාදය කියවා තිබෙන නමුත් දිරවා ගැනීමට අසමත්ය. මෙතැනදීත් ඇයට සතුරා වූයේ අවිඥාණික විශ්වාසයන්ය.  ඇය අනුමාන කළේ ඔවුන් දන්නවා ඇතැයි යන්නය. ඇත්තටම ඇය අනුමාන කළේ දීප්තිවය. ඔහු මාක්ස් – ලෙනින්වාදය දන්නවා. ඒ නිසා සංවිධානයේ මධ්‍යම සහ උසස් මට්ටමේ කාඩරය එය නොදැන සිටිය නොහැක. මේ නිසා ඇයට ස්ථාන දෙකකදී ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය හමුවිය. 1). රත්මලාන  2). මහරගම (අලුතින් ගිය තැන) ස්ටාලින් සහ ලෙනින් වෙන් කරන සාධකය එනම් ‘ ආකෘතිය‘ (Form ) ගැන ඇය ඉගෙන ගත යුතුව තිබුණි.

 

ඉතිහාසයට නොසැළෙන අර්ථයක් ඇත යන්න අනෙකාගේ ආශාව යනු විසදිය නොහැකි ප්‍රෙහේළිකාවක් යන්න සමග සමපාත නොකරන්නේ නම් අපට දිගටම එල්ලී සිටීමට වද දෙන්නේ අනෙකාගේ ප්‍රෙහේළිකාවට පිළිතුරක් නම් වල්ගයේය.

වරක් ප්‍රභා සිටින තැනකදීම ඇයට අනුව පරිණත, බුද්ධිමත්, අත්දැකීම් සහිත සහෝදරයෙකු ඔවුන්ගේ අලුත් සංවිධාන නිවසේ දී මෙසේ ප්‍රකාශ කළේය. “ඉස්සර අපිට දීප්ති යකඩයක් පෙන්නල මේක රත්තරන් කියල කිව්වොත් ඒකත් පිළිගත්ත මෝඩයෝ ටිකක්.” (සභාවේ සිනා) වසර හයක පමණ තම සමාජ – දේශපාලන අත්දැකීම් එම සහෝදරයා සාරාංශගත කළේ එලෙසය.

2005 වසරේ සිට 2007 වසර දක්වා පක්ෂයේ සහෝදරවරුන් තිදෙනෙක් හේගල්ව තදින් කියවීම කරන ලදින් අපට ඉහත සහෝදරයාගේ වංකගිරියට කෙටි පිළිතුරක් සැපයිය හැක.[සමන් ; රැවන් ; දීප්ති] ඊජිප්තුවාසීන්ගේ රහස අපට පමණක් නොව ඔවුන්ටමත් අභිරහසකි. මෙම සූත්‍රය එදින ප්‍රභා දැන සිටියා නම් ඇයට මෙසේ කියවෙන්නට ඉඩ තිබුණි.  “දීප්තිගේ ආශාවේ රහස ඇයි ඔබ හොයන්න ගියේ ? ඒක එයාටත් රහසක් කියල දැන් අපි දන්නවා. ඔබ කළ යුත්තේ පහත වැඩ දෙක අතරින් එකක් තෝරා ගැනීම.”

(1). දීප්තිගේ දේශපාලන දර්ශනයේ ප්‍රායෝගික පැත්ත වර්ධනය කිරීමට උදව් කිරීම.

(2). දීප්ති පිස්සු කෙළිනවා නම් තමුසෙ බම්බු ගහගන්නවා කියල අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම. ( උමා මහේෂ්වරන් ස්ත්‍රීන් සමග විකාර කරද්දි ප්‍රභාකරන් ද්‍රවිඩ විමුක්ති අරගලය සදහා නව සංවිධානයක් ගොඩ නැගීම)

 

ඇගේත් අපගේත් අවාසනාවට X කණ්ඩායමේ විමතිකයන් දීප්තිගේ ආශාවේ ප්‍රෙහේළිකාව පසුපස දිව්වා මිස වෙන දෙයක් නොකළේය. දීප්ති කේන්ද්‍රීය ව්‍යාපාරයට වඩා අලුත් විභවයක් සහිත සංවිධානයක් තැනීම වෙනුවට ඔවුන් ඛේදවාචකයක් බවට පත් විය. දැන් ඔවුන් අලුත් ගීතයක් ගැයීම ආරම්භ කර ඇත. එයට අනුව තනුව මෙසේය. ‘දීප්ති හරි – අපි වැරදියි.’ එතැනදී කෙතරම් පටු යැයි පෙනී ගියත් ප්‍රභා යනු සුමිත්ට වඩා අලුත් දෙයක් නිර්මාණය කිරීමට ජීවිතය විනාශ කරගත් සහෝදරියකි. සමරවිට එය එසේ වන්නේ දීප්තිට තිබෙන “හම සුදු” අවිඥාණක විශ්වාසයක් නිසා විය හැක.

ඇගේ සුභාරංචිය කුමක්ද ?

thinker

–  දේශපාලනය කිරීමට ඇති ස්වයං – බාධාව බාහිරට විස්ථාපනය කිරීම –

ජාක් ලැකාන් තමන්ගේ Television නම් සංවාදය ආරම්භ කරන්නේ පහත වාක්‍යයෙනි. ‘I always speak the truth’ – ‘මම සෑමවිටම සත්‍ය ප්‍රකාශ කරමි.’ මින් අදහස් වන්නේ ලැකාන් සත්‍යය පමණක් කථා කරන්නෙකු යන්න නොවේ. ඔහු ඉන් අදහස් කරන්නේ මිනිස් ආත්මයක් තම අදහස් ප්‍රකාශ කිරීමේ දී ඕනෑම අවස්ථාවක තම අවිඥාණික පැවැත්මට සම්බන්ධ සත්‍යක් ප්‍රකාශ කරන බවයි. මෙහිදී යමෙක් මතුපිටින් කියන දෙයට අමතරව කථාකරන භාෂාවේ යටිපෙළ තුළ තවත් අර්ථයක් සගවා ප්‍රකාශ කරයි. එහිදී මතුපිටින් ප්‍රකාශ වන දෙය ප්‍රකාශිතය (Enunciated) ලෙස ද යටිපෙළ තුළ සගවා කියන දෙය ප්‍රකාශනය (Enunciation) ලෙස ද හැදින්වේ. ද්විකෝටික තර්කනයේ මූලාරම්භය ඇත්තේ මෙතනය.

2004 වර්ෂයේ අවසාන මාසයේ දී X කණ්ඩායමේ ‘ප්‍රකාශිතය’ ප්‍රභා මනුරත්නගේ ප්‍රකාශනය හරහා විසංයෝජනය විය. වසර 10, වසර 7, වසර 5 වැනි කාලයක් කණ්ඩායම තුළ පරමාදර්ශ ලෙස ක්‍රියාකාරී වූ චරිත ( කේන්ද්‍රය හරහා ලැබුණු අනියම් බලය හරහා ) ඇගේ අනුරාගික හිස්ටෙරික දෛනික චාරිත්‍ර – වාරිත්‍ර හරහා දෙබිඩ්ඩන් ලෙස නිරාවරණය විය. දේශපාලනයට තම ජීවිතය කැප කළා යැයි සපථ කල අය, ඇය ඉදිරිපිටදී රහසිගතව තමන් ආදරවන්තයන් බවට පරිවර්ථනය වී ඇතැයි පාපොච්චාරණය කළේය. ඇය ඔවුන්ගේ ආශාවේ ප්‍රෙහේළිකාව මධ්‍ය දක්වා විසදුවේය. අවසානයේ විමතිකයන් තමන් X දේශපාලනය අතික්‍රමණය කරන්නට වෙර දරන බව පැවසුවත් ඔවුන්ට සම්මුඛ වූයේ ඔවුන් පොරොත්තු වූ යථාර්තයක් නොවේ. සමහරුන් ඉන් පසු යහපත් සැමියන්, බිරින්දෑවරුන් බවට පත් විය. තවත් සමහරු පහේ ශිෂ්‍යත්ව පන්තිවල උගන්වන්නට හැකි දක්ෂ ගුරුවරුන් බවට පත් විය. තවත් අයට ප්‍රේම කරන්නට මැදපාන්තික විලාසිතාකාරියන් හමුවිය. තවත් සමහරු තියුණු විශ්ලේෂණයක් සහිත මාධ්‍යවේදීන් බවට පත් විය.

ප්‍රභා මනුරත්න තමන් ආශා කළ X කණ්ඩායමට ඇදී ආවේ තමන්ට ඒ තුළ තම අනාගත සැමියා හමුවේය යන අනුමානය තුළ නම් නොවේ. Titanic චිත්‍රපටයේ රෝස්ට මෙන් ඇයටත් තිබුණේ අනන්‍යතා අර්බුදයක්ය. මේ අර්බුදය විසදීමට වහා ඉදිරිපත් වූයේ සුමිත්ය. ( ඒ ගැන සුමිත්ට සහ ඔහුගේ සමකාලීන පෙම්වතියන් ට ද ඇත්තේ ආඩම්බරකාරී මතකයකි.) එය අවසාන කළේ රහස් පරීක්ෂක කථාවක දී මෙන් දෙදෙනෙක්ය. හිච්කොක් අපට මෙහිදී අමතක කළ නොහැක. පවුලේ ඊඩිපස් ගැටලු විසදීමේ දී ඊට බාහිරින් සමාජ මර්ධනය නිර්මාණශීලීව අවශ්‍ය වෙයි. Vertigo යනු තමන්ගේ ලිංගික බෙලහීනතාවය වසා ගන්නට, මිය ගිය ස්ත්‍රියක් “පරමාදර්ශයක්” ලෙස අභ්‍යන්තරීකරණය කර ගත් පුරුෂයකුගේ මතිභ්‍රමවාදී ෆැන්ටසියකි. අස්ථීරභාවය රජකරන සමාජ යථාර්ථයකදී ස්ථීර බව තනාගත හැක්කේ පුද්ගලික ලෝකයක් තුළය. සමාජීය මර්ධනයන් පීඩනයන් ලෙස නොව ශෘෘංගාරයන් ලෙස ආත්මය කියවීම මේ නිසා අහම්බයක් නොවේ. ප්‍රභාට තම ෆැලික මව පසුව X කණ්ඩායම තුළ සංකේත ආධිපත්‍යයක් ලෙස යළි හමු විය. එය එහි අන් අයට පොදු ආඛ්‍යානයක් බවට පසුව පත් විය. අභ්‍යන්තර මලපුඩුව පසුව බාහිර බාධාවක් බවට පත්විය. ට්‍රොට්ස්කිවාදියකු දැන් කළබල විය හැක. ඔහු අපෙන් මෙලෙස ඇසිය හැක. “කෝ මෙතන සමාජ යථාර්තය ? බලයට ඇයි අනෙකෙක් අවශ්‍ය වන්නේ ?”

අපි සංයුක්ත උදාහරණයක් සළකා බලමු. මෙය කල්‍යාගේ වාක්‍යයකි. මෙය දීප්තිට රැගෙන එන විවේචනයකි. “මේ කියන එක මේ වෙනස් කරනවා”. දීප්තිට ගොඩක් අය (?) කිට්ටු නොවන එක හේතුවක් මේක. දීප්තිට මුකුත් කියන්න බැහැ. ඒක හැමෝටම කියනවා. එක්කෙනෙක්ට කියන එක අනෙක් කෙනාට කියනවා. මෙහෙම දේශපාලනය කරන්න බැහැ .” දීප්තිගෙ දේශපාලනයට බාහිර අචල වාස්තවිකත්වය වටහා ගත හැකි මිලටරි අඩංගුවක් නැහැ. එයා බොළඳයි.

කල්‍යා 2004 වර්ෂයේ කියපු ඉහත වාඛ්‍යය අනුකරණය කරන, අර්ථකතනය කරන, උපුටා දක්වන , සත්‍යේක්ෂණය කරන අය තවමත් අපේ සංවිධානය තුළ ඉන්නවා. ඒ වගේම තමන්ගෙම සංවිධාන ආකෘතියක් ගොඩනැගීමට පදනම ලෙස ඉහත විරුද්ධාභාෂය ගන්නවා. ඇසිය යුතු නිවැරදි දේශපාලන ප්‍රශ්නය මෙසේ වර නැගිය හැකිය. – සෑම මිනිසෙකුගේම කථන ලෝකයේ පැවතිය හැකි ප්‍රකාශිතය හා ප්‍රකාශනය අතර විරුද්ධාභාෂය දීප්ති තුළත් ඇත. ගැටලුව වන්නේ සමාජ සම්බන්ධතා ක්ෂේත්‍රය තුළ දී  දීප්තිගේ ගැටලුව ලෙස එම දෙබෙදුම අධිනිශ්නය වන්නේ මන්ද යන කාරණයයි. දීප්තිගේ ප්‍රශ්ණාර්ථිකය ලාංකික ට්‍රොට්ස්කිවාදය ඊට උසස් න්‍යායන් අර්ථකථනය කරන විලාශයක් (Style) ලෙසින් එවිට එය වටහා ගත හැකිය. ඇත්තටම මේ විවේචන යට තියෙන්නේ ෆුකෝ පැහැදිළි කළ ‘බල සබදතා’  පිළිබද ගැටලුවක්. නමුත් ඒ ගැන මෙතැන කථා කිරීම මාතෘකාවෙන් පිට පැනීමක්. නමුත් සරළව කිවහොත් මේ සිදුවන්නේ කතිකාව මගින්  ‘අංශභාගය’ නිර්මාණය කිරීම. උදා – දීප්ති එක වෙලාවකට එකක් කියනවා. තව වෙලාවකට තව එකක් කියනවා. ගැටලුව වන්නේ මේ ප්‍රකාශනයෙන් එය වර නගන්නාව ඉවත් කරන එක. සාමූහික වගකීම වෙනුවට පුද්ගලාලම්භන ආභාෂ ඉදිරිපත් කිරීම තාර්කික දෙයක් නෙවි.-

අපේ සංවිධානයේ සමාරම්භක පදනම තියෙන්නේ සෝෂියර්ගෙ චින්තනය තුළ. ඊට අනුව යථාර්තය අපට පරිසමාර්ථව ග්‍රහණය කරගන්න බැහැ. එබැවින් සත්තාව සහ දෘෂ්‍යමානය කියල ප්‍රපංච දෙකක් අධ්‍යනයේ දී සහ භාවිතාවේ දී සම්මුඛ වීම ඥාණයේ ස්වභාවයක්. ලෙනින්ට සෝෂියර් හමුවීම ගැන ‘අදහස් ගේට්ටුව’ පොතේ පිටුපස සටහනක් තියෙනවා. සෝෂියර්ගෙන් අනුශාසනා ලබන ලෙනින්වාදය කියන්නෙ “සෑම මිනිස් භාවිතාවක්ම කියන්නෙ කතිකාවක් කියල ග්‍රහණය කරන එක.” කල්‍යාට අනුව කතිකාවෙන් පිටවෙන ඊට අනුගත නොවන, ඉන් කිළිටි නොවන නිර්මල භාවිතාවක් තියෙන්න පුලුවන්. නමුත් ඔහු ඒවා මොනවාදැයි කියල කියන්නේ නැහැ. ඒවා රහසිගතයි. එහෙම එව්වා අපගේ අවිඥාණික ෆැන්ටසීන් වල ප්‍රතිඵලයක් ද? ඒවා අපගේ ෆැන්ටසි විශ්වාසයන් ද? තවම ඊට උත්තර නැහැ. මින් අදහස් වන්නේ මේ ලෝකයේ සැබෑව කියල දෙයක් නැහැ කියල නෙවි. අපිට සැබෑව හමුවෙන්න පුලුවන් කතිකාවේ ඵලයක්, ආචරණයක්, අසමත්වීමක් හැටියට විතරයි. ඒ නිසා පහසු දේ තමයි දෘෂ්‍යමානයේ පිහිටීම නඩත්තු කරන එක. ෆ්‍රොයිඩ්ගේ සිහින විශ්ලේෂණය තුළ ඉහත අන්තර්ගතය කදිමට විවරණය වෙනවා. පියෙක් තම පුතු මියගිය පසුව මිනිය තබා ඇති සාලයේ පුටුවක අධික තෙහෙට්ටුවකින් වැතිර සිටිනවා. පුටුව මත නින්ද යන ඔහුට හීනයක් පෙනෙනවා. ඒ හීනයට අනුව පුතා පියාට ‍මෙහෙම කියනවා. “තාත්තෙ ඔබට පෙනෙන්නෙ නැති ද මාව ගිණි ගන්නවා?” පියා එකවරම නින්දෙන් ඇහැරෙනවා. ඇත්තටම අසළ තිබූ ඉටිපන්දමක් පෙරළී ජනෙල් රෙද්දක් ගිණි අරගෙන. ඒ අනුව ඔහු ‘සිහින ලෝකයෙන්’ යථාර්තයට ඇහැරුනා ද? නැහැ. සැබෑව තිබුණෙ සිහින ලෝකයේ. ඒ ලෝකයෙදි ඔහු ප්‍රකම්පනය වෙමින් සිටියෙ තමා වැරදිකාරයෙක් ද කියල තම පුතාගේ අකල් මරණයට. ඒ තත්ත්වය දරාගත නොහැකි වරදකාරී හැගීමක්. එබැවින් යථාර්තයට ඒම පහසුවක්. කල්‍ය දන්නවා 2004 වෙනකොට එයා දේශපාලනය වෙනුවට කරපු වෙනත් වැඩ මොනවද කියලා. ඒ තත්ත්වය දරාගත නොහැකි සැබෑවක්. දීප්ති කියන්නෙ ‘මේ කියන දේ මේ වෙනස් කරන කෙනෙක්’ කියල වටහා ගැනීම සමාජ යථාර්තය වෙත ඇහැරීමක්. ඒක පහසු තත්ත්වයක්. එතනදි ප්‍රභා කල්‍යාට කරන්නේ උදව්වක්. මේ කාලයේ කවුරු කට උදව් කරනවාද යන්න තීරණය වන්නේ අනාගතයේ දීය.  

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. වියෝ ගී ගැයෙනා හදේ
    ආදර මල් නොමියේ
    සදා මේ සංසාරේ
    අපේ හමුවීම නොවේ //
    අතීතයේ මායා
    රූ කැඩී බිඳී යාවී
    අනාත වූ මා දෑසේ
    කතා නිමා වේවී
    මගේ කදුළු හංගා
    මා සිනා සිසී ඉන්නේ
    ඔබේ ලොවේ හිරු පායා
    සදා සිනාසේවා
    වියෝ ගී ගැයෙනා හදේ… //
    අනාගතේ සිහිනේ
    නෑ මෙදා සැබෑ වන්නේ
    මිලාන වූ ආකාසේ
    අපේ පැතුම් පාවේ
    මගේ පැලේ තනි වී
    මා සුසුම් හෙලන වේලේ
    ඔබේ ලොවේ හිරු පායා
    සදා සිනාසේවා
    වියෝ ගී ගැයෙනා හදේ… //

  2. මේ ලිපියේ වැදගත්ම වාක්‍යය මට තේරෙන විධිහට:// මෙහිදී යමෙක් මතුපිටින් කියන දෙයට අමතරව කථාකරන භාෂාවේ යටිපෙළ තුළ තවත් අර්ථයක් සගවා ප්‍රකාශ කරයි. එහිදී මතුපිටින් ප්‍රකාශ වන දෙය ප්‍රකාශිතය (Enunciated) ලෙස ද යටිපෙළ තුළ සගවා කියන දෙය ප්‍රකාශනය (Enunciation) ලෙස ද හැදින්වේ. ද්විකෝටික තර්කනයේ මූලාරම්භය ඇත්තේ මෙතනය//

Comments are closed.