2014 වර්ෂයේ මේ කාලය වන විට 2007 වර්ෂයේ සිට අපගේ දැනුම සහ කායික ශ්‍රමය දහනය කොට ගොඩනඟන ලද Rights Now ව්‍යාපෘතිය ඒහි භාරකාරයා ලෙස පත් කළ පුද්ගලයා විසින් ස්ත්‍රී ශරීරයක් උදෙසා පාවා දෙන ලදී. වාස්තවිකත්වයට(Objectively) දැඩි අනුරාගයක් දක්වන වාම සහ ලිබරල් බුද්ධිමතුන් ලෝකය තුළ නොවෙනස්වන මූලධර්ම ගවේෂණය කරද්දී ආත්මීය තලයක ස්ත්‍රී ශරීරයට ශ්‍රී ලංකාව තුළ හැකි ආශ්චර්ය ගැන ඔවුන් නොදැනුවත්ය.

බොහෝදෙනාට අනුව ”2015 වර්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය” පාවා දුන්නේ රනිල් හෝ මෛත්‍රීය. නමුත් අපට අනුව නම් එය කරන ලද්දේ ස්ත්‍රී ශරීර කිහිපයක් විසින්ය. 2015 පරාජය සමගම ඔවුන් සදහටම යථාර්ථයෙන් මැකෙමින් පවතියි. ස්ත්‍රීන්ට පුරුශ දේශපාලනයට කළ හැකි දේවල් ගැන වාමාංශික සහ ලිබරල් බුද්ධිමතුන් අන්ධය.

සජිත් ප්‍රේමදාසට වඩා බොහෝ දේවල් ජලනි ප්‍රේමදාසට කළ හැකි බව බහුතරය දන්නේ නැත. සජිත් ජයග්‍රහනය කළහොත් එය ජලනිගේ ජයග්‍රහනය මිස අන්කිසිවකුගේ ජයග්‍රහනය නොවන බවද වටහා ගත යුතුය. අප මේ දේශපාලනය ලිංගිකකරණය කරනවා නොවේ. ලිංගිකත්වය කෙතරම් දේශපාලනික විය හැකි දැයි අනතුරු ගහවන්නෙමු. කුසගින්න සමඟ මේ කියන ලිංගිකත්වයට කිසිඳු සම්බන්ධයක් නැත. සුදර්ශන ගුණවර්ධනට 2015 ජනවාරී 09 වනදා ජයග්‍රහනයට පසු ඔහුට දර දිය ඇදි සංවිධානය මතක් වූයේ නැත. ඒ පරිදිම 2017 වන විට මනෝරිට දර දිය ඇදි සුදර්ශනව ඇයට මතක් වූයේ නැත. 2019 ජයග්‍රහණයේදී ඔවුන් දෙදෙනාම සංකේතිව මියගොස් ඇත. පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවලදී මිනිස්සුන්ට මරණ දෙකක් ඇත. එකක් කය මියයාමයි, අනෙක ‘නම’ මිය යාමයි. කය මිය නොගිය මිනිසුන්ගේ නම මිය ගිය පසු ඔවුන් මලගිය ප්‍රාණීන් බවට පත්වෙයි. 2019 ජයග්‍රහණය වෙනුවෙන් අප නොදන්නා පිරිසක් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇත. 2007 වර්ශයේ සිට 2014 දක්වා අප ‘මනෝරි’ වැනි අයට කළ හැකි දේවල් ගැන නොදැන සිටියෙමු. මනෝරි අපගේ කලිසම ගලවනතුරුම අප ඇය ගැන දැන නොසිටියෙමු.

2017 වර්ෂය වනවිට සුදර්ශනගේ කලිසමත් ගැලවෙන විට අපට ඒ ගැන කොහොමටවත් අවබෝදයක් තිබුනේ නැත. දැන් අනුර කුමාරටත් ‘අලුත් පරපුරක්’ හමු වී ඇත. ඔහු ‘නොදන්නා’ පිරිසක් ඔහුට හමුවී ඇත. ආමේන් !

2019 වර්ශයේ ජයග්‍රහනයට පසුව සජිත් දිනුවහොත් කී දෙනෙකුගේ කලිසම් ගැලවී යනු ඇත්දැයි අපි නොදනිමු. දේශපාලනය සල්ලි හම්බ කිරීමේ ක්‍රීඩාවක් නොවේ නම් පමණක් ලැජ්ජාව නම් හැඟීම ඉතුරු වනු ඇත.

වාස්තවිකත්වයට-objectivity– මෝහනය වී ඇති අයට අප මෙසේ අනතුරු හඟවන්නෙමු! බලාගෙන ඔබේ කලිසමත් ගැලවී යාමට නියමිතය.

2014 අග අප විසින් Rights Now ප්‍රධාන කාර්යාලයේ පිටුපස පටිගත කළ පහත වීඩියෝව යම් පහන් සලකුණක් 2019 වර්ෂයට පෙන්වනු ඇත. 2015 පරාජය වූ බව පිළිගෙන ඉදිරියට යමු.

ඔබේ අදහස කියන්න...