2015 වර්ෂයේ මුල පැවති  මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයෙන් පසු ඔහු පරාජයවීමට  පසු රැඩිකල් දේශපාලන අවකාශයක් බිහි වී ඇත. 2009 වර්ෂයේ යුද ජයග්‍රහණය සමග වැසී ගිය  විභවතාවයන් යළිත් ප්‍රාදර්භූත වී ඇත. අන් සෑම පක්ෂයකටම මෙන්ම  අපටද මෙම නව තත්ත්වය  අදාළය. අපගේ පක්ෂයේ නමට ආසන්න නමක් සහිත තවත් වාමාංශික පක්ෂයක් පැවතීම නිසා මහජනයා අතර මහත් ව්‍යාකූලත්වයක් ඇති වී ඇත. එබැවින් පළමු කර්තව්‍යය වන්නේ මෙම නම ඉවත් කර අලුත් නමක් සොයා ගැනීමයි. ඒ සදහා අපට සෘජු මාර්ගයක් නැත. පියවර දෙකක ගමනක් ඒ සදහා යෝජනා කරනු ලැබේ.
(A) අලුත් නමකින් බහුජන සංවිධානයක් ගොඩ නැගීම
(B) ජාතික ගැටළුව යම් පිළිතුරක් බුරුෂුවා පක්ෂයෙන් ඉදිරිපත් වුවහොත් , ‘අරගලය’ ඉන්පසු අපට එළඹෙන නව අවධිය වන
ධනවාදයට එරෙහි අරගලයක් බවට පත් කරගත හැක. අලුත් නම අදේශ විය යුත්තේ මෙම දෙවන පියවරේදීය. සමකාලීන දේශපාලන අත්දැකීම්වලට අනුව නූතන වම යනු රාජ්‍යට එරෙහි අාණ්ඩු විරෝධය, හමුදාවට එරෙහි, වාස්තවිකත්වය එරෙහිව යන්න නොවේ. වම යනු ධනවාදයට එරෙහි යන්නය. FARC ගරිල්ලන්, සිරිසා, ඉන්දීය මාඕවාදීන් පොදු කුලකයකට වැටෙන්නේ මෙම අර්ථකතනයේදීය. මෙම අර්ථකතනයෙහිලා අප ට්‍රොට්ස්කිවාදීන්ට පිළිතුරු දිය යුතුය.
 
අද යුගයේ දේශපාලන පක්ෂ තුළ (වම දකුණ භේදය නොකතා) ඇති විශාලම අභියෝගය වන්නේ එවැන්නක් තුළ ‘සිතීම’ තහනම් කර තිබීමයි. ඒ වෙනුවට අධික ලෙස ක්‍රියාකාරකම් සහ අනවරත කතාව (අර්ථයකින් තොරව ඇදී යන ‘භාෂා පරිහරණය’ ලැකාන්ට අනුව විනෝද සාධකයකි.) ආදේශ වී ඇත.
 
අපි උදාහරණයක් ගමු. 
 A-Z ව්‍යාපාරය සදහා ඉල්ලුම්පත් ඒවා ඇති බහුතර දෙනෙක් මෘදුකාංග ඉංජිනේරුවන්ය.  ඔවුන් ගණිතය විෂයෙහිලා අතිශය තාර්කික මිනිසුන් බවට කිසිදු විවාදයක් නැත. ඔවුන් ගණිතය විෂයෙහිලා විචාර සම්පන්න මිනිසුන්ය. අවාසනාව වන්නේ  ලංකාවේ මිනිසුන් තේරුම් ගැනීම නම් ක්ෂේත්‍රයේදී ඔවුන් පොඩි ළමයින් වීමයි. දේශපාලනය යනු බ්‍රෙෂ්ට් කී පරිදි අනෙකාගේ මනස විධිමත්ව කියවීමේ කලාවයි.  ගණිත විෂයෙහිලා තාර්කික ශීක්ෂණයක් සහිත අය දේශපාලනයට ආ විගස, ඒ තුළ ස්ථානගත වූ විගස ළදරු පාසල් වල ළමයින් මෙන් සරල වියුක්ත නිරීක්ෂණයක් මත පදනම්ව සංයුක්ත නිගමනවලට එළඹෙයි. ලංකාවේ විද්‍යා අධ්‍යාපනය සහ මානුෂික විද්‍යාවන් අතර ඇත්තේ Gap එකකි. මෘදුකාංග ඉංජිනේරුවා පිහිටන්නේ විද්‍යාව තුළත් නොව මනුෂ්‍යයා තුළත් නොව ඒ දෙක අතර මැද අතිරික්ක අවකාශයේය. ඔහු ‘මේ ලෝකය’ තමාව නරඹනවාට කැමති වන්නේ මේ දෙක මැද සිටය. (එනම් විනෝදවන්නේ, විරිත්තන්නේ)
 
උදාහරණ– විද්‍යා අධ්‍යාපනයේ ශික්ෂණය රැකියාවට යොදන ඔහුගේ මිනිස් සබදතා ලෝකය පාලනය වන්නේ මිනිසුන් ගැන සරල නිරීක්ෂණයෙන් ලබා ගන්නා හණමිටි අදහස් මගිනි. උදා- අරූ ගේම්කාරයා, අපරාදේ මට ඌට කලින් අරින්න තිබුණා. ගැහැණු දේශපාලනයට වද්දා ගන්නා හොද නැති ජාරා ජාතියක්, උන් දේශපාලනයේ ‘පිවිතුරු හෙට’ විනාශ කරනව, මංගල ඡායාරූපකරණය කියන්නේ හොද දේශපාලන අදහසක්, Photo’s ගන්න ඉඩ නොදෙන අය කියන්නේ ගැඹුරු විප්ලවවාදීන් ( Bio Sensors තිබෙන ලොවක), කසාද බැදපු එවුන්ට Sex කරන හැටි කියා දෙන එක ලෙනින්වාදී අදහසක්……සරලව මේ සියල්ල =Fetishism.
 
අතුරු උදාහරණයක්- 
ග්‍රාමීය සුළු ධනේශ්වර විඥාණයක් විසින් රෝහණ විජේවීර 404 මෝටර් රථයක් පාවිව්චි කිරීම නිසා ඔහු වෙනස් වී ඇතැයි යන අන්දකයිප්පු කතාව කීවා යැයි සිතන්න. ඉංජ්නේරු මෝඩයා ඉහත සුළු ධනේෂ්වර පුද්ගලික දේපල විරෝධය සලකා බලන්නේ හද්දා මැට්ටකු ලෙසය. මෙම ඉංජිනේරු මෝඩයා නොදන්නේ සමකාලීන පශ්චාත්- දෘෂ්ටිවාදී සමාජයේදී දේශපාලනය සෘජු ලෙසම විනෝදය කළමණාකරණය කරන්නක් බවය. අද දේශපාලනය යනු ‘විනෝදය’ බෙදාහැරීම සහ පරිපාලනය කිරීමයි. උදා – ගබ්සාව, සමලිංගික විවාහ, ජනප්‍රිය අයගේ ලිංගික ජීවිතය ගැන කුතුහලය යනු විනෝදය දේශපාලන ප්‍රවර්ගයක් යන අදහසේ විවිධ ආකෘතීන්ය.

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. කෙනෙකුට ග්‍රමිය සුලු ධනෙශ්වර මානසික තත්වයෙන් පහලටත් (ගැමි ගොවි ජනතාව සමග අවන්ක ලෙස හැසිර්‍රමෙන්.දිප්තිම කියන ආකරයට තමන්ගෙ අශාව,තමන්ගෙ රහසක් නැතැයි අනෙකාට දැනෙන්න සැලැස්වීමෙන්) සහ ග්‍රමිය සුලු ධනෙශ්වර මානසික තත්වයෙන් ඉහලටත්( ඉහල මධයම පන්තියා) අවන්ක ලෙස අපගමනය වෙමින්.සුලු ධනෙශ්වර වින්ඥනයක් සහිත මිනිසුන් විදින විනොදයට ඇට්ක් කරන්න පුලුවන්නම් ධනවාදයට එරෙහිව මෙ සියලුදෙනා එකතු කරන්න පුලුවන් වේයි.

  2. //A) අලුත් නමකින් බහුජන සංවිධානයක් ගොඩ නැගීම
    (B) ජාතික ගැටළුව යම් පිළිතුරක් බුරුෂුවා පක්ෂයෙන් ඉදිරිපත් වුවහොත් , ‘අරගලය’ ඉන්පසු අපට එළඹෙන නව අවධිය වන//
    මේ වැඩ පිලිවෙල හරි කියල හිතෙනවා. අරගලයට දෙවන වර පිවිසිමට වඩා බහුජන සංවිධානය තුලින්ම පටන් ගත්තොත් නරකද ? (අදහසක් විතරයි)

  3. ඉතින් ඔයාලගේ ආමන්ත්‍රණයට මෝඩ ඉංජිනේරුවෝම ආකර්ෂණය වෙන්නෙ මොකද කියල හිතල බැලුවොත් නරකද ? උන්ට බැන බැන ඉන්නේ නැතුව. ඔයාලගේ පිස්සු වලට පිස්සෝම තමය් සෙට් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාල කියන දේවල් තේරෙන්නේ ඉන්ගිනේරුවොන්ට විතරක් වෙන්න ඇති.

  4. “මෘදුකාංග ඉංජිනේරුවා පිහිටන්නේ විද්‍යාව තුළත් නොව මනුෂ්‍යයා තුළත් නොව ඒ දෙක අතර මැද අතිරික්ක අවකාශයේය. ඔහු ‘මේ ලෝකය’ තමාව නරඹනවාට කැමති වන්නේ මේ දෙක මැද සිටය. (එනම් විනෝදවන්නේ, විරිත්තන්නේ)” meka umbalatath adalai, umbalath inne methamana thamai.

    • දන්නෙ නැති දේවල් දන්නෙ නැහැ කියන්න නිහතමානී වෙන්න. පුද්ගලයා[Individual] සහ ආත්මය [subject] කියන්නෙ 2 ක්.

Comments are closed.