‘මහින්ද චින්තනය’ පැවති පසුගිය දශකය පුරා අපට විධිමත්ව දේශපාලනය කිරීමට හැකිවූයේ නැත. ඒ පිළිබ්දව අපට චෝදනා රාශියක් එල්ල විය. ලෙනින්ගේ සිටි ඩැනියෙල් ඩර්ටේගා දක්වා වාමාංශිකයන් පන්ති අරගලයේ ව්‍යාජ ආකෘතියක් වූ ෆැසිස්ට්වාදය ඉදිරිපිටදී ‘ප්‍රජාතන්ත්‍රවාදය’ වෙනුවෙන් පෙනී සිටියහ. දේශපාලනය වෙනුවට පසුගිය කාලයේ විවිධ ව්‍යාපාර කරන අයට අපට මඩ ගැසුවේ ‘හුත්තෝ කෝ යකෝ විප්ලවය’ කියාය.

දැන් අප වැඩ පටන් ගන්නෙමු. අප දැන් ඊට සුදානම්ය.

අපගේ සංවිධානයේ ඇතුලේ, විවිධ වේෂයෙන් (සමහර තතු යටතේ විකෘති ලෙස) පසුගිය වසර 20 පුරා ඉදිරිපත් කළ ‘දැනුම’ මහජනයාගෙන් ලද අවිධිමත් ප්‍රතිචාර හරහා මේ වන විට විධිමත් කොට ඇත. උදාහරණයක් ලෙස 20 වන සියවසේදී මාක්ස්වාදයට සම්මුඛ වූ ‘පාරභෞතික’ බලහත්කාරයෙන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ දරන ලදී. (උදාහරණයක් ලෙස – ස්ටාලින්වාදය) නමුත් 1989ට පසු සිට 21 වන සියවසේ මුල වන විට ‘පාරභෞතික මගින් සමාජය පාලනය වීම ආරම්භ විය. බලහත්කාරයෙන් යටත්වීම වෙනුවට ස්ව- කැමැත්තෙන් යටත් වීම නූතන දේශපාලනයේ ප්‍රකට විභවයකි. (මිචෙල් ෆුකෝ මෙය 70 දශකයෙදී හසුනා ගත්තේය.) මහජනයාගෙන් අවිධීමත්ම උගක් දෑ මහජනයාටම යළිත් විධීමත්ව ඉගැන්වීමේ යුගය ආරම්භ වී ඇත. ‘ක්‍රියාව’ අධීනිශ්චය කළ වාම සංස්කෘතියක් තුළ ‘සංකල්ප’ පෙරළියක් ඇති කිරිම දුෂ්කරය. පෙරටුගාමීන්ගේ සිට විවිධ තොරොම්බල්කාරයන් අපි වෙනුවට පසුගිය කාලයේ ආදේශවීමට තැටමූ බව අප දන්නෙමු.

නිශ්චිත විෂය නිර්දේශයක් සහ නිශ්චිත සමාජ අරමුණක් සහිතව වෘත්තීය සමාජ ක්‍රියාකාරීන් මේ සමාජයට අවශ්‍යය. විචාර බුද්ධියට අවමාණ කරන මාල ගිරව් අපට අවශ්‍ය නැත. සෘජු ලෙස පවසන්නේ නම් අපි මේ උත්සාහ කරන්නේ ‘දේශපාලන පන්ති’ පටන් ගැනීමටය. ස්ථානය සහ වේලාව පසුව දන්වනු ලැබේ. මහජනයා අතර පිහිනමින්, මහජනයාගෙන් අරමුදල් රැස්කරන මහජන ව්‍යාපාරයක් පටන් ගනිමු! ව්‍යාපාරිකයන් අපව අමතන්න එපා. ඔබගේ සරල විස්තර පහත ඊමේල් ලිපිනයට එවන්න. ඔබගේ පුද්ගලිකභාවය ආරක්ෂා කරමි. අපගේ වසර 20ක අරගලය ගැන ඔබට තිබෙන සියලු විවේචන, විචාරද එවන්න. තැපැල් ලිපිනය පසුව ලබා දෙන්නෙමු. අතීතයේ අප සමග වැඩ කළ මුත් පසුගිය කාලයේදී විවිධ හේතු මත ඉවත් වූ සහෝදර සහෝදරියන්ටද මෙම අවස්ථාවේ ආරාධනය කරන්නෙමු.

Deepthi Kumara Gunaratne

පදිංචි අය සදහා ‘Google Hangout’ මාදිලිය යොදා ගනු ලැබේ. පහත ෆෝරමයේ ඔබ කැමති හිස්තැන පමණක් පුරවන්න.
(හේන්ද්‍රවිතාරණව අධ්‍යයනය කර ඇති බව සලකන්න!)

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. මෙම සංවිධානයට විමල් වීරවංශ සම්බන්ධ වීමට කැමැත්තෙන් පසුවන බව සතුටින් දන්වමු

  2. හොඳ වැඩක් පටන් ගන්න. ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ බොහොමයක් දෙනා හිතන් ඉන්නේ තමන් ව්‍යාපාරිකයෝ කියලනේ හිටන්. ඉතින් කීදෙනෙක් එකතු වෙයිද හිටන්?

    • You are not too smart. 3.21 am and 12.48am / You did not read this time gap. so without seeing other’s you have seeen it.
      Are you D or N ?

  3. පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ කියන්නේ ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේම සංවිධානයක් ගැනද නැත්නම් වෙනම සංවිධානයක්ද?

  4. සන්විධානයට ගන්නෙ විෂය පතය දන්න අය විතරද? ෆොරමය පුරවලා කතා කරන්නත් අවශ්යද?පැහැදිලි කරනවද?

Comments are closed.