අවිඥානය පිළිබඳ මූලික බටහිර ප‍්‍රවාද 2 ක් මේ වන විට අප ගොඩනඟා ඇත. ඒවා පහත පරිදිය.
(A) අවිඥානය යනු සිතක් හෝ චෛතසිකයක් හෝ සැඟවුණු දෙයක් හෝ ගැඹුරු දෙයක් (මනෝ විද්‍යාව මෙන්) හෝ නොවේ.
(B) අවිඥානය යනු ‘ස්වඥානය’ තමන් අනෙකා ලෙස අහම්බයෙන් තෝරා ගත් කෙනෙක් වෙතට විසි කරන ප‍්‍රක්ෂිප්ත අඩංගුවකි. මෙම අඩංගුව නොහොත් අන්තර්ගතය නිශ්චිත ආකෘතියක් බවට පරිවර්තනය කරන්නේ තමන් තෝරා ගත් අනෙකාය. ‘කෙනෙක්’ අනෙකා වන මොහොත ආශාවේ උත්පත්තියයි. අප අනෙකා වෙතට ප‍්‍රක්ෂේපණය කරන දැනුමට අනිත් කෙනා ප‍්‍රතිචාර (ධන හෝ ඍණ) දක්වන්නේ නම් එවිට ඒ කෙනා අපගේ ‘අනෙකා’ (Other) බවට පත් වෙයි. (මේ අනෙකා දෙමළකු හෝ ස්ත‍්‍රියක විය හැකිය)
ඉහත ප‍්‍රවාද දෙක වඩා තහවුරු කිරීම සඳහා සැබෑ ජීවිතයෙන් උදාහරණයක් ගෙන සාකච්ඡුා කරමු.
එක්තරා නිවසක රැුකියාව කරන සැමියා සහ බිරිඳ සමඟ එම බිරිඳගේ වයස්ගත පියා ද ජීවත් වෙයි. රැුකියාවල කාර්යබහුලත්වය නිසා මෙම විවාහක ජෝඩුවට එම වයස්ගත පියා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ නොහැකිය. තමන්ගේ දරුවන්ට තමන් කෙරෙහි අවධානයක් නැති බව වටහා ගන්නා වයස්ගත පියා ඔවුන්ගේ අවධානය යළි දිනා ගැනීමේ අටියෙන් ප‍්‍රබුද්ධ ව්‍යාපෘතියක් පටන් ගනියි. (නරුමත්වය ප‍්‍රබුද්ධ ව්‍යාපෘතියකි)
මේ සඳහා වයස්ගත පියා පටන් ගන්නා ව්‍යාපෘතිය අපූර්වය. කිසිදු ඉහින් බහින රෝගයක් නැති මෙම පියා පවුලේ වෛද්‍යවරයා වෙතට යොමු වී තමා දැඩි ශාරීරික අපහසුවකින් ජීවත් වෙන බව පවසයි. එවිට වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් වෙතට ඔහුව යොමු කරයි. එවිට පියා මහත් ප‍්‍රීතියෙන් ඔද වැඞී යයි. මන්දයත් රුධිර පරීක්ෂණයෙන් කුමන හෝ මාරාන්තික රෝගයක සාක්ෂි මතු වනු ඇත යන අනුමානය නිසාය. ඉතා ඉක්මනින් ලබා ගන්නා රුධිර පරීක්ෂණ වාර්තාව වෛද්‍යවරයාට ද පෙන්වීමට පෙර එය වයස්ගත පියා පෙන්වන්නේ සිය දියණියටය. එය කියවන දියණිය පියාට මෙසේ කියයි. ”තාත්තෙ තාත්තට මුකුත් ලෙඩක් නැහැ. ඔක්කොම Normal ”. මින් කලකිරෙන පියා රුධිර වාර්තාව සමඟ වෛද්‍යවරයා හමු වී මෙසේ ආයාචනය කරයි. ” Dr. මේ රිපෝට් එක නෝමල් කියල දුව කියනවා. ඩොක්ටර්ට බැරිද කියන්න මට මාරාන්තික රෝගයක් තියෙනව කියල” මෙය විද්‍යාවෙන් අවිද්‍යාව ආයාචනය කිරීමකි.
pig
අපගේ අවබෝධයට අනුව ‘වෛද්‍ය විද්‍යාව’ (medicine) යනු විද්‍යාවකි. නමුත් ඉහත උදාහරණයට අනුව වයස්ගත පියා සතියකට දෙවරක් රුධිර පරීක්ෂණ වාර්තා ලබා ගනියි. ඔහුට අවශ්‍ය වන්නේ මෙම වාර්තාව හරහා තම දුවගේ අවධානය යොමු කර ගැනීමටය. මේ හේතුව නිසා විද්‍යාව සේවය කරන්නේ ආත්මයේ ව්‍යාජ දැනුමක් සහතික කිරීමටය. අනෙක් පැත්තෙන් මනෝ විශ්ලේෂණය යනු ද විද්‍යාවකි. මෙම පියාගේ ආත්මීය වුවමනාව නිසා විද්‍යා දෙකක් අතර විරුද්ධාභාසයක් හට ගනියි. පියාගේ අවිඥානික ආශාව කෙළින්ම බැඳී ඇත්තේ රුධිර පරීක්ෂණයට අදාළ ‘ප‍්‍රාග්ධනය’ සමුච්ඡුනය සඳහාය. අනෙක් අතට ඔහුගේ ප‍්‍රක්ෂිප්ත දැනුමට අදාළ වන්නේ ආදරයයි. විද්‍යාවක් යනු අසත්‍යකරණය කළ හැකි දෙයක් විය යුතුය යන කාල් පොපර්ගේ අදහස මෙහි දී අර්බුදයට යයි. විද්‍යාව අපගේ අවිඥානික විශ්වාසවලට සේවය කරනවා යනු එය අපගේ මතිභ‍්‍රමවලට සහතික නිකුත් කරනවා යන්නය. ආත්මීය ආශාවකින් තොර නිශ්ක‍්‍රීය විද්‍යාවක් මෙලොව නැත. විද්‍යාවට සහ ප‍්‍රාග්ධනයට අවිඥානයෙන් තොරව පැවැත්මක් නැත.
-දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...