වාණිජ අතින් සහ ප්‍රදර්ශන ශෛලිය අතින් දරිද්‍රකරනයට ලක් වූ ‘ලයනල් වෙන්ට්’ කලාගාරයේ දී, මාර්තු මස 18 ,19 සහ 20 දිනවල දී ‘සැණකෙළිය’ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්විණි. එය, කලාකරුවන් කිහිප දෙනෙකුගේ එකමුතුවක් ලෙස සංවිධානය වී තිබුණි. ලසන්ත ඈපාසිංහ, හර්ෂණ කුමාරසිරි, මහේෂ් ජයවර්ධන, ඉසුරි චාමින්ද, ධනංජය රත්නායක, ඉන්ද්‍රචාපා රුහුණගේ, කසුන් ඉන්දික සහ teran indika චිත්‍ර ශිල්පීන් විසින් මෙම ප්‍රදර්ශනයට චිත්‍ර ඉදිරිපත් කර තිබුණි.

       ලංකාවේ චිත්‍ර ශිල්පයට අදාල සමාජ විද්‍යාව ගෝත්‍රික ය. මෙම ගෝත්‍රය ඇතුළතින් යළි යළිත් බෙදෙමින් පවතී. එක ගෝත්‍රයක් අනෙක් ගෝත්‍රයේ වලිගය සපා කමින් විනෝද වෙයි. ලංකාවේ ලලිත කලාවට අදාළ විශ්ව විද්‍යාල යනු, ප්‍රාදේශීය මහ විදුහල් සංස්කෘතියකි. මේවා තුළ උගන්වන්නේ, පාසල් ගුරුවරුන් ය. පාඨමාලා අයිති වන්නේ, ගුරුන්නාන්සේ මොඩලයට ය. මේවා, අනාගතයේ බෝම්බ දමා විනාශ කළ යුතු ස්ථාන ය. මේවායේ උගන්වන වාචාලයන්ගේ ගොන් කතා හිරිකිතයකින් තොරව දොඩවන මන්දමානසිකයන්ව ද වහාම ප්‍රතිකාර සඳහා ICU වෙතට ගෙන යා යුතු ය.

    ඉහත ඓතිහාසික තතු යටතේ, ඉහත චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රදර්ශණයට අදාල තේමා පාඨය නුතනවාදී ය. ලංකාවේ බොහෝ චිත්‍ර ශිල්පීන්ගේ මොළය නියැන්ඩර්තාල් මට්ටමට වඩා වර්ධනය වී නැත. මොවුන්ගේ කපාලය පරීක්ෂා කළ විට දී, නූතන මානවයාගේ මොළයේ කායික විද්‍යාව වටහාගත හැකි ය.

      කලාවන් අතරින් මූර්ති සහ චිත්‍ර ශිල්පය මගින් මිනිසාගේ ‘ආත්මීයත්වය’ නිරූපණය කිරීම ඉතාම අපහසුය. ඒ නිසාම, ගුහා චිත්‍ර සහ නූතන සිංහල චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර අතර වැඩි වෙනසක් නැත. ඔවුන් එක්කෝ සම්ප්‍රදායට යට වී ඇත, නැතහොත් ඇකඩමික පුරුදුවලට ගැට ගැසී ඇත. උදාහරණයක් ලෙස, ‘Eduard මානෙගේ’ චිත්‍ර සම්භාව්‍ය චිත්‍ර කලාවෙන් ඛණ්ඩනය වන්නේ, එක් හේතුවක් නිසා ය. සම්භාව්‍ය චිත්‍ර ශිල්පියා අඳින්නේ, දෙවියන් හෝ ”ස්වභාව ධර්මය” නම් ‘මහාඅනෙකුන්ගෙ’ අණසකට යටත්ව ය. නමුත් මානෙට අනුව, මහා අනෙකා (චිත්‍ර ශිල්පියා චිත්‍රය අඳින විට දී, තමා දෙස අඥාතව අනෙකෙක් බලා සිටින බව  ඥාණනය කිරීම නූතන චිත්‍ර කලාවේ ආරම්භය යි- Gaze ) අවිඥාණක ය. එබැවින්, මිනිසා සවිඥානක සහ අවිඥාණක ලෙස භේද වෙයි. මෙය, එකම පුද්ගලයා තුළ පරස්පරය නිපදවයි. රොමෑන්තික කලාව මෙම උභයජීවී  විඥාණය නිසා අභියෝගයට ලක් වෙයි. මෙම දෙබිඩි බවට අභියෝග නොකර, කලාකරුවාට නූතන වීමට නො හැකි ය. තමන්ගේ යටිබඩ හන්ගන පාදඩයන්ට නූතන කලාකරුවන් වීමට නො හැකි ය. ඒකමතික, එක්සත්, සංගත චිත්‍ර අඳින්නන්ගේ අවිඥාණක ආශාව බුර්ෂුවා සංස්කෘතියට ආවැඞීමයි. නූතන ශිල්පියා අනුන් ගැන නොව, තමන් ගැන ස්ව-සවිඥාණක ය. අනුන් ගැන ලියන තමන් ගැන නො ලියන අයව ඉතිහාසයේ ප්‍රතිකාර වාට්ටු වලට දැක්කිය යුතු ය.

      ඉහත අර්ථයෙන්, ‘සැණකෙළිය’ චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඇකඩමික සහ ‘වානර චිත්‍ර කලා සම්ප්‍රදායන්’ දෙකෙන්ම කැඩී වෙන් වී ඇත. ඉහත චිත්‍ර ප්‍රදර්ශනය, චිත්‍ර සහ වෙනත් දෘශ්‍ය නිෂ්පාදන නිමවන ලද කලාකරුවන් නූතන මිනිසාගේ උභයජීවී පැවැත්ම සහ සම්ප්‍රදායට අභියෝග කර ඇත. නූතන ඉබාගාතේ යන පාදඩයාට හමු වන්නේ, ප්ලාස්ටික් මිස පරිපූර්ණ වන්දනීය සොබාදහම නොවේ. සොබාදහම වෙතට ආපසු ගමන් කරන අය නොදන්නේ, මිනිසාව ආපසු කරකවන විට හමු වන්නේ සොබාදහම නොව උමතුව බවයි. මේ උමතු දහමේ සිංහල සයිකොසික ප්‍රකාශන මුහුණ සුනිල් විජේසිරිවර්ධනට තුල්‍ය කළ හැකි ය. ප්‍රදර්ශනයේ ඊළඟ වැදගත් තේමාව වන්නේ, ‘ආශාව’ යි. අපගේ අවිඥාණක ආශාව, අපගේ සංවර්ධනාත්මක ජීවිතය විනාශ කරන බව බොහෝ දෙනාට අඥාත ය. ප්‍රදර්ශනයේ තවත් තේමාවක් වන්නේ, තමන්ට හිමි නොවූ සිවිල් ජීවිතය තම දුවා දරුවන්ට ලබා දෙන චිත්‍ර කලාවේ හැඟීම්බර අන්තර් අක්‍රියතාවය යි. තමන් වෙනුවෙන් තම දරුවන් අනාගතයේ දී විනෝද වනු ඇතැයි සමහර චිත්‍ර ශිල්පීන් අනුමාන කරති. අද දවසේ වඩා වැදගත් වන්නේ, ජාතික සහ අතීතයට අයිති කලා සම්ප්‍රදායන්ගෙන් වෙන්වීමයි .

              අවසන් වශයෙන්, ‘සැණකෙළිය’ ප්‍රදර්ශනය අපට අපගේ ධනපති අවිඥාණය හෙළිදරව් කරයි. ධනවාදයට එරෙහි සවිඥාණක විරෝධයන්  අවිඥාණක තලයක විභාග කළ යුතු බව අපට මෙම චිත්‍රකරුවන් පෙන්වා දෙති. ඒ අර්ථයෙන්, කලාව රස විඳීමට මෙතෙක් පැවැති ආකෘතීන් නූතන පරිභෝජන සමාජවල සාරධර්ම මගින් කටුගෙට යවා ඇත. එබැවින්, කලා නිෂ්පාදන වලට අප අලුත් පන්නයේ ඥාණ-විභාගයක් සොයාගත යුතු ය. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0703232113

Nuwan – 0715324110.

Mihiran – 0774950204

samabima and

Home

 

ඔබේ අදහස කියන්න...