[dropcap color=”black”]උ[/dropcap]විදු කුලකුලසූරිය විසින් පවත්වා ගෙන යන Colombo Telegraph වෙබි අඩවිය හදිසියේම ලංකාවේ අයිතිකරුවන් විසින් තහනම් කර ඇත. මෙම වෙබි අඩවියට ඉංග්‍රීසියෙන් ලිපි රචනා කළ බොහෝ දෙනෙකුට එක දෙයක් අමතක විය. එනම් ලංකාව බහු සංස්කෘතික  රටක් නොවන බවයි. මේ අය විසින් ලිපි රචනා කරනු ලැබුවේ තමන් ආක්ටික් වැනි සීත ප්‍රදේශයක ජීවත් වන අය ලෙසිනි. මෙවැනි සමාජයක් වෙනස් කිරීමට සියළු දෙනා ලිබරල්වාදීන් වීමෙන් හැකිය යන්න මෙම තහනම නිසා අහොසි විය. උවිදු විසින් පවත්වාගෙන ගියේ සියළුදෙනාගේ මත පල කරන, ශ්‍රී පාද කන්ද උඩ පවතින වැසිකිලිය වැනි වෙබ් අවකාශයකි. සියළුදෙනාම කතා කර ප්‍රශ්ණ විසදා ගැනීමට හැකි නම් මේ ලෝකයේ දේශපාලය නම් ක්‍රියාව අතරුදන්වනු ඇත. අනෙක් පසින් ආණ්ඩුවට එකතු වී, පසුව ඊට විරුද්ධ වී ඒ දෙකම ශීතකරණයක් තුළ සිට කළ හැකි යැයි දයාන් ජයතිලක සිතන්නේ නම් එය මෝඩකමකි. එබැවින්  Colombo Telegraph වලට අනාගතයේ දී එක්කෝ ඊ නිවිස් වීමට හැකිය. නැත්තම් බී.බී.සී විය හැක.

ඔබේ අදහස කියන්න...