[dropcap color=”red”]ස්[/dropcap]ත්‍රීවාදය යනු ස්ත්‍රිය තමා මේ සමාජයේ පීඩිතයෙකු වූ ආකාරය අවබෝධ කර ගත් අකාරයයි.21 වන සියවසේ මුල දශකයේ දී ගෝලීය ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය උතුරේ යුද්ධය හරහා මහින්ද රාජපක්ෂ අපට හොදින් ඉගැන්විය. ඉන්පසු බෙහෝ දෙනා ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය විවිධ අයුරින් උගන්වයි. වරක් අර්නස්ටෝ ලැක්ලාව් කීවේ මරණයටත් ප්‍රාග්ධනය සම්බන්ධ බවයි. අපට දැන් තවදුරටත් ඉදිරියටත් ගමන් කළ හැක. ‘මළ මිනිස්සු’ (ගොගොල් ගේ නව කතාවේ නොවේ ) සදහා මේ වන විටත් වෙළෙද නියෝජිතයන් බිහි වී ඇත.

පහත පළ වන්නේ අනෝමා ජිනාදරී විසින් සුචරිත ගම්ලත් හට මහින්ද රාජපක්ෂ විසින් රුපියල් ලක්ෂ 50ක් ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කල අකාරය සහ ඒ සම්බන්ධයෙන් ගමලත් ගේ දියණිය දක්වා තිබු ප්‍රතිචාරයයි.

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

Anoma Janadare මැයි 03දාට යෙදී තිබුණු මගේ උපන් දිනය දා අලුයම දුරකතනයෙන් මා අමතා සුභ ප්‍රර්ථනා කළ ඔබ තුමාට නිළ වශයෙන් ස්තුතිය පල කරමින් කලාකරුවන් නියෝජනය කරන “සරසවිය”පුවත්පතට මා යැවූ සටහන තවමත් පල නොවූ අවස්ථාවක FACEBOOK හි මගේ Profile එක හරහා මෙලෙස ඔබ අමතන්නට කල්පනා කළා.

මුලින්ම මට සුභ පැතු ඔබතුමන්ට ගෞරව පුර්වක ස්තුතිය පිරිනමමි.

ඒත් සමඟම ඔබගේ දුරකථන ඇමතුම හරහා මවිසින් කළ යුතු තවත් ස්තුතියක්ද තිබේ.එය හුදෙක් ලංකාවේ මාක්ස්වාදී විචාරකයින් හා එකී විචාර කලාවේ සේවය ලබන සිය දහස් සංඛ්‍යාත පාඨක විද්වතුන්ගේ ද ස්තුතිය ඔබට හිමි විය යුතු වැදගත් කර්තව්‍යයකි.

ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී කලා විචාර කතිකාවේ ප්‍රමුඛයකු ලෙස සලකන මහාචාර්ය සුචරිත ගම්ලත් රෝගාතුරව කල් ගත කරණ අවධියේදී එතුමන්ගේ ශරීර සෞඛ්‍ය සුවතාවය වෙනුවෙන් ඇවැසි බේත්-හේත් සඳහා ඔබ විසින් පෞද්ගලිකවම ඒ පිළිබඳව සොයා බලා පිරිනමන ලද රුපියල් ලක්ෂ 50ක මුදලක් මහාචාර්ය තුමන් වෙත පිරිනමන ලද බැවින් ඒ සඳහා පුද්ගලිකවම මම මෙලෙස ඔබතුමන් වෙත මගේ ස්තුතිය පිරිනමමි.

අනෝමා ජනාදරී

සමාජවාදී/චරිතාංග නිළි

Sharmila Gamlath Dahanayake අනෝමා ඔබගේ මෙම පිටුවේ තිබෙන ජනාධිපති තුමා මූලික කරෙගන ලියන ලද කතාව අවසානයේ මගේ පියා සම්බන්ධ්ව කරන ලද ප්‍රකාශය මම එකහෙලාම ප්‍රතික්ෂේප කරන අතර මේ ලිපිය නිසා ඔබ ගැන මගේ තිබු පැහැදීම සත්‍ය වශයෙන්ම ගිලිහී යාම පිලිබඳව මම පෞගලිකව දුක් වෙමි. මගේ පියා ජීවත්ව සිටිත්දී කිසිදිනෙක එකිනෙකා ළඟ වඳ වැටි මුදල් හෝ වෙනත් කිසිම උපකාරයක් ලබානොගත් බව ඔබ හොඳාකාරව දැනගෙන මෙවැනි ප්‍රකාශයක් කිරීම සැබැදිව මම මහත් කනගාටුවට පත් වන්නෙමි. මාගේ පියාට ආණ්ඩුවකින් ලැබුණ එකම දේ වන්නේ වසර දාහතරක් අසාධාරණව රැකියාවන් පහකර, දහදුක් විඳීමට සැලසීම පමණකි. මගේ පියා ඔහුගේ දරුවන්ටත් ඔහු සමග සිටි සැමටත් කොන්ද කෙලින් තබාගෙන ආදර්ශමත් දිවියක් ගත කිරීමේ වටිනාකම නිරතුරුවම පහදා දුන් බව ඔබ හොඳාකාරවම දාන්න බව මම දනිමි. පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සහ තමුන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගැනීම සඳහා ජීවිතෙන් සමුගත් මාගේ පියාගේ නම යොදා ගැනීම පිළිකුලෙන් හෙළාදකින බව සදහන් කරන අතර, ඔබ වැනි උගත් මනා බුද්ධියකින් පිරිපුන් යයි පිළිගැනෙන සහ සමාජවාදී යැයි සඳහන්කරගන්නා කාන්තාවක් මෙම සටහන ලිවිම හරහා දැනට පවතින දේශපාලන ප්‍රවාහයේ ඉත්තෙක් වීම ගැන දුක් වෙමි. මෙම ලිපිය මගේ පියාට කරන අපරාදයක්, අගෞරවයක් හෙයින් මාගේ පියාගේ නම මෙම ලිපියෙන් ඉවත් කරගන්න මේන් කාරුණිකව ඉල්ලමි. මගේ පියාට ජනාධිපති කාර්යාලයෙන් මල් වඩමක් හැර මුදල් හෝ වෙනත් කිසිම දෙයක් නොලැබුණු බව මම සහතික කරමි.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. mara wadak oy anoma jinadarith pissu kelinna patan aran upandineta suba pathanakota hithune nathida university kollanta eyes eliyata paninna gahaddhi mata mona suba pathumda kiyala mama obata wesiyek kiyanne naha oba wesiyek wenna hadana ekata kanagatuiy …….anura kumaragen egena ganna mama anura kumarata ekaga nathath …ohuta suba pathaddhi ohu pohon eka cut anna kodhu….upandina suba pathumata samajavadaya godanauwa wage uda gihilla mara gonnu yako mun appata siri meka lankawada…….

  2. කවුද මෙයාට මේ සමාජවාදී චරිතාංග නිලි කියන පට්ටම දුන්නේ? දැන් හැමෝම තම තමන්ට ඕන පට්ටන් දාගන්නවද?

  3. අනෝමා මෑතක සිට මේ රටෙහි කීර්තිමත් වාමාංශික ව්‍යාපාරයට ගැරහීමේ කූට වෑයමක යෙදිමින් සිටී. ඇය පිටුපස සිටින්නේ ධනපති ඇමතිවරුන්ය. මේ වන විට ලක්ෂ 50 වඩා කුට්ටියක් ආනෝමා විසින් ආණ්ඩුව වෙතින් ගරා ගෙන ඇත. ඇයට අවශ්‍යය වී ඇත්තේ ගම්ලතුන්ගේ කීර්ති නාමය යොදා ගෙන තමාව සාධාරණීය කර ගැනීමයි.

    අසනීපව සිටි දවස් වලදී බෙහෙත් ලබා ගැනීමට මුදල් සපයා දීම උදෙසා කළ අරාධනය පරිදි ගමලතුන් විසින් ජනාධිපතිවරයා මුණ ගැසීම එතුමාගේ දියණියට ප‍්‍රතික්ෂෙප කළ නොහැක. එම ආරාධනය කර තිබුණේ එතුමන්ගේ ගෝලයකු වන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසිනිග

    එහිදී ජනාධිපතිවරයා සමඟ ඡුායාරූපයකට පෙනී සිටීමට කළ ආරාධනය එතුමන් විසින් කාරුණිකව ප‍්‍රතික්ෂෙප කරන ලදි.

    එතුමන්ට ජනාධිපති අරමුදලින් ලක්ෂ 50 ක් ලැබුණා දැයි මම නොදනිමි.

    එසේ මුදල් ගත්තත් එය වරදක් නොවේ. එම අරමුදලෙහි ඇත්තේ ජනතා බදුමුදල් මිස ජනාධිපතිගේ පුද්ගලික මුදල් නොවේ. මා පවා මාගේ පියා වෙනුවෙන් එම මුදල් ලබා ගෙන ඇත්තෙමි. එ් අපි කාගෙත් මුදල්ය.

    අවුල ඇත්තේ යුධ විරෝධියකු ගොස් යූධවාදියකු මුණගැසීම නැමැති පටලැවිල්ලයි. එය ලිහා ගැනීම මට තාමත් නොහැකිය. මන්ද මගේ පියා වෙනුවෙන් මා පවා ජනාධිපතිවරයා මුණ ගැසීම යම් විටෙක සිදු විය හැක්කක් නිසාය. එනමුත් මා ද තදබල යුධ විරෝධියෙකි.

    මිනිසුන් අසනීප වූ විට කරනා කියනා දේ දේශපාලනයට ඈදා ගැනීම තරමක් ගැටලූ සහගතය. සියලූ වාමාංශිකයින් එකා මෙන් එකතු වී ගම්ලතුන්ට ප‍්‍රතිකාර කලා නම් එතුමන් කිසිදා අරලිය ආරාමයට යන්නේ නැත.

    එනිසා ගම්ලතුන්ගේ මිනියට වත් නොපැමිණි සසපෙට මෙම සිදුවීම විවේචනය කල නොහැක. සිය වාමාංශික බිරිඳට රජයෙන් ලබා දුන් ඩියුටි ෆී පර්මිට් කාර් එකේ නැගී ගොස් ආණ්ඩු විරෝධී වේදිකාවට ගොඩ වීම විජය ඩයස් පවා කළ සාමාන්‍ය කටයුත්තකි. කොහොම හරි බඩු ලැබුනේ බදු රහිතව බව එ් සහෝදරයා විසින් අමතක නොකළ යුතුය. එහෙත් එය ඔහුගේ දේශපාලනයට අදාල නැත. ඇයට ඩියුටි ෆී ලැබී තිබුණේ ජනතා බදු මුදල් වලින් නිසාය. අමරණීය කීර්තිමත් විප්ලවවාදී වීරවරියක් වූ ඇයගේ අවමඟුලට රජ මැදුරෙන් ආ මල් වඩම ප‍්‍රතික්ෂෙප කරන්නට තරම් කොන්දක් විජේ ඩයස්ට තිබුණාට ගම්ලත් තාත්තාගෙන් අදීනකම ඉගෙන ගත් ශර්මිලාට එම කශේරුකාව නොතිබිණි. විජේ ඩයස් සහ ගම්ලත් යන දෙදෙනාම සිය දරුවන් පිටරට යන විට නිශ්ෂබ්ධව ලිබරල් වුණා මිස වාම අදීනකම් උගන්වන්නට ගියේ නැත. එම දරුවන්ගේ කොන්ද කැඩුණේ එදාය.

    ගම්ලතුන් ජනතා බදු මුදලින් ලක්ෂ 50 ක් ගත්තා නම් වරදක් විය නොහැක. එතුමන්ගේ අමරණීය සේවයට හිලව් පිණිස ජනතාවගෙන් ඔය ලැබුණා හොඳටම මදිය.

    එහෙත් මෙම සිද්ධියේදී අනෝමා සහ ගම්ලතුන් අතර බරපතල පරතරයක් ඇත.

    එනම් අනෝමා රෙදි නැතිව කඬේ යත්දී ගම්ලතුන් ආඩම්බරකාර ලෙස කලිසමක් ඇද ගෙන මිනී වල වෙත යාමය.

    කණගාටුවකට ඇත්තේ ජරා ජීර්ණ වූ පවුල් සංස්කෘතිය විසින් එතුමන්ගේ අවසන් මොහොත කැත කිරීමයග එය වළක්වා ගැනීමට ගම්ලතුන්ගෙන් අදීන කම ඉගෙන ගත් දියණියට වත් නොහැකි විය. එයට මැදිහත් වී එම අපහාසය වළක්වා ගැනීමට මා ද ඇතලූ ශී‍්‍ර ලංකාවෙහි එකදු උගතෙකුට, විප්ලවවාදියකුට නොහැකි විය.

    එය ලාංකයීය සිවිල් සහ දේශපාලන සමාජයෙහි ඇති පැහැදිලි පොන්නකමයි.

    කිසිදු මල ගෙදරකට නොයන සිරිමල් විජේසිංහ නැමැති පැරණි රැුඩිකල් බේබදු වීරයා එදා එතැන සිටියා නම් තත්ත්වය වෙනස් වන බව මට සිකුරුය.

    සිරිමල්ු විසින් කේමදාසට සෙරප්පු සම්මානය දුන්නේ ගුටි කාගෙනය. එම සිදුවීම ආචාර්ය උපාධි නිබන්ධනයක් ලිවීමට තරම් වටිනා ප‍්‍රස්තූතයක් බව කීවේ නැසී ගිය ලිබරල් බුද්ධිමතකු වන ගාමිණී විජේතුංගයන් විසිනි.

    ඔහු වැනි අරාජික හුදකළා කැරළි කරුවන් මාක්ස්වාදීන්ගේ හොඳම මිතුරන් බව කීවේ රුසියාවේ ලෙනින්ය.

    අහෝ සිරිමල් !!!!!! වන් ඇන්ඞ් ඔන්ලි !!! ඔබ කොහිද ? තෝත් මැරිලද යකෝ ?

Comments are closed.