[dropcap color=”red”]පා[/dropcap]නදුර මහ රෝහලේ වාට්ටු අංක 04 කියන්නේ කාන්තා වාට්ටුවක්. මේ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවන් ගේ ආරක්ෂාවට අපූරු බල්ලෙක් සිටින බව පසුගිය දවසක අපි දුටුවා. මේ බල්ලා ගේ ක්‍රියා කළාපය ටිකක් අමුතුයි ඇත්තටම මේ බල්ලා හරිම ස්ත්‍රීවාදී බල්ලෙක්. මේ වාට්ටුවට රෝගීන් බලන්නට ඥාතීන්ට වෙන්කර තිබෙන කාලවේලාවන් වල හැර වෙනත් අවේලාවක පිරිමින් කිසිවකුටවත් මේ වාට්ටුව අසළටවත් එන්නට මේ බල්ලා ඉඩ දෙන්නේ නැහැ.  මෙහි කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පවා පවසන්නේ මේ බල්ලා මෙහි ප්‍රතිකාර ලබන කාන්තාවන් ගේ ආරක්ෂාව ගැන බොහෝ සෙයින් සැලකිළිමත් වන බවයි. මේ Feminist  බල්ලා ගේ ක්‍රියා කළාපය නිසා අපට අතීත කතාවක් මතක් වුනා.

වසර  2004 ට පෙර රත්මලාන පිරිවෙන පාරේ එක්ස් නිවසේ මේ වර්ගයේ Feminist  බල්ලන් සෑහෙන ප්‍රමාණයක් හිටියා. මේ අයට මේ Feminist රෝගය උත්සන්න වෙලයි තිබුනේ. සමහර අවස්ථාවන් වල මේ අය ස්ත්‍රීවාදය හිස්මොලේ ගිය නිසා අපූරු වැඩ කරනව.සමහර ස්ත්‍රීන් ගෙදරින් බඩ පැලෙන්න හොදට කලා එක්ස් එකේ ගෙදර ගේට්ටුව ලගට ඇවිත් ක්ලාන්ත වෙලා වගේ ඇතුලට ඇවිත් ලග ඉන්න අයට කියනව. අනේ බලන්න මම ඊයේ රෑ ඉදන් මොකුත් කලා නැහැ. මට ක්ලාන්තයි විඩාවයි, වේසාලීය රමණීයයි ආනන්ද  මට මොනවා හරි කන්න දෙන්න කියලා කියනව. මෙයින් කලබලයට පත් වන ගොඩක් දෙනෙක් එහේ මෙහේ දුවන්නට පටන් ගන්නව. සමහරු මැයට මාළු පාන් ගේන්න කඩේ යනව. සමහරු කෙසෙල් ගෙඩි සහ මාරි බිස්කට් අරගෙන එනව. තවත් එකෙක් මාමායිට් පොවන්න හදනව. සමහරු ඇගේ කට ඇරලා ඩොට් ටොෆී කටේ දානව. ඒ කාලේ තමයි ස්ත්‍රිවාදීන් හිටියේ. ඒ අය එක්ක බලනකොට මේ Feminist බල්ලා කරන්නේ නිකම් මුර රස්සාවක් විතරයි කියලයි අපිට හිතෙන්නේ. සමහර දවස් වලට මේ වගේ ස්ත්‍රීන් ගේ ගෙවල් වලට හොරු පනිනවා. එහෙම වෙලාවට කළබල වෙන අය යනවා හොරා අල්ලන්නට ඒත් පස්සේ තමයි දන්නේ හොරත් අපි එක්කම හොරු අල්ලන්න ආපු විත්තිය. අන්තිමට ඒ ඔක්කොම විගඩමක් විදිහට අවසන් වුනා.

ඒ කාලේ රොහාන් පෙරේරා විසින් ස්ත්‍රීවාදී එන්නත ගහපු ගොඩක් අයට මේ රෝගය වැලදුනා. අමාරුවෙන් ටික දෙනයි මේකෙන් බේරුනේ මේ වෙන කොටත් සමහර මේ වගේ අය රටේ තැන් තැන් වල ඉතිරි වෙලා ඉන්නවා. ඒ අය තමයි සමහර දවස් වලට ඔය ස්ත්‍රිවාදය වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඉදිරිපත් වෙනවා අපිට පේන්නේ. මුලින් අපි හිතුවේ අපි එක්ක දේශපාලන කරන්න ආවේ සිමෙන්ද බොවාර් වර්ගයේ ස්ත්‍රීන් කියලයි. ඒත් ඒ අය ඇත්තටම Linda Fiorentino (The Last Seduction ච්ත්‍රපටියේ )වර්ගයේ ස්ත්‍රීන් බව අපිට අවබෝධ වෙන කොට feminist  බල්ලන් ගොඩ දෙනෙක්ට පිස්සු බලු රෝගය උත්සන්න වෙලා ඉවරයි.  මෙයින් සමහර feminist බල්ලෝ ඔලුව විකාර වෙලා හිමාලයට ගිහින් යෝගීන් හම්බ වෙලා භාවනා කරනව.

ඔබේ අදහස කියන්න...