කලින් මූලධර්මවාදියෙකුව සිට පසුව මෑතකදී ලිබරල් මාධ්‍යවේදියෙකු බවට රූපාන්තරණය වූ සවුදි මාධ්‍යවේදී ජමාල් කශෝගී කෲර ලෙස ඝාතනය කිරීම පිළිබඳව බටහිර මාධ්‍ය සිට බටහිර රාජ්‍ය නායකයන් දක්වා වූ පිරිසක් කම්පා වෙයි.බොහෝ මාධ්‍යවේදීන් පරලොව යැවූ, දැනටත් මාධ්‍යවේදීන් 250ක් පමණ සිරගෙවල් වල රඳවා සිටින තුර්කි ජනාධිපතිවරයා පවා මෙම ඝාතනයෙන් කම්පා වී ඇත.

                 ඔසාමා බින් ලාඩන් සමඟ මුජහිඩීන්වරයෙක් ලෙස අතීතයේ සටන් කළ පුද්ගලයෙකු ලිබරල් මාධ්‍යවේදීයෙකු බවට හදිසියේ පරිවර්තනය වීමත්, කෙටි කලක් තුළ රොමෑන්තික ආදරවන්තයෙකු බවට පත් වීමත් මාක්ස්වාදී දෘෂ්ඨිකෝණයකින් නරඹන විට භයානක පියවරයන්ය. හිටපු ගරිල්ලා භටයෙකු සහ යුධ විශ්ලේෂකයෙකු වූ ශිවරාම් පවා ලිබරල්වාදය වැළඳ ගත් සැණින් ඝාතනය විය.

                  MBS යනු සෞදි තෙල් ආර්ථිකය අවසන් වී ඊට ආදේශකයක් සොයන අර්බුධය මැදදී සෞදි රජ පවුලට හමු වූ හොඳම නියෝජිතයාය.ඔහු මේ මොහොතේ සෞදි ස්ටාලින්ය.ඔහු වැනි පුද්ගලයෙකු සමඟ රොමෑන්තික ආදරවන්තයෙකු ගැටෙන්නට යාම ට්‍රොට්ස්කිගේ ඉරණම අපට සිහිපත් කරයි. හට්සේ සෙන්ගීස් වැනි ප්ලෝටෝනික ආදරවන්තියකගේ වසන්තය අහිමි කළ යකඩ හදවත යනුවෙන් MBS ව තුර්කි මාධ්‍ය හඳුන්වයි.අප මේ ජීවත් වන යුගයට සිදුවීම් අරභයා ජනමාධ්‍ය විචාර ඉක්මවා යන විශ්ලේෂණයක් අවශ්‍යය.

ඔබ මේ නරඹන්නේ එවැන්නකට අවශ්‍යය ප්‍රාථමික පෙරවදනකි.

 

ඔබේ අදහස කියන්න...