ඔබ බොරුකාරයෙක්, මිනීමරුවෙක්, වංචනිකයෙක් බව දැන දැනම ඔබගේ අනෙකා ඒ ගැන ඔබේ මුහුණට නොකියන්නේ මන්ද? ඔබට ආදරය කිරීම සදහා නන්නාදුනන ස්ත‍්‍රියක් අවශ්‍ය ඇයි? ඔබ මේ ලෝකයේ විශ්වාස කරන කිසිදු සත්‍යයක් පිළිගන්නා මිනිසුන් නැති වුවත් ඔබ එම සත්‍යයන්හි යළි යළිත් එල්ලී සිටින්නේ ඇයි? 

vertigo 1

(1)  ස්කොටී නම් පුරුෂයා මහා අනෙකා වෙනුවෙන් මිනීමරු ස්ත‍්‍රියකට ආලය කරයි.
(2) ජෝසෆ් ස්ටාලින් නම් යුග පුරුෂ මාක්ස්වාදියා අනාගත යහපත් සමාජයක් නිපදවීම සදහා ‘පක්ෂය’ ඝාතනය කරයි.
‘වර්ටිගෝ’ චිත‍්‍රපටය පිළිබද කෙටි වැඩමුලුවක් මැයි 7 වැනි බ‍්‍රහස්පතින්දා සවස 4.00 ට කිරුළපන, පන්සල පාරේ අංක 73/15A දරණ ‘භ‍්‍රමනය’ මන්දිරයේ දී පැවැත්වෙයි. චිත‍්‍රපටය බැලූ අය පමණක් එන්න! අප බලාපොරොත්තු වන්නේ ඉතාම ස්වල්ප සංඛ්‍යාවකි. මෙම වැඩමුලුවෙහි හඩපටයක් “3මාණ” ප‍්‍රවෘත්ති සගරාවෙහි ප‍්‍රචාරය කෙරෙන නිසා හැමෝම එන එක අපරාධයක්. කථා බහ කිරීමට යමක් ඉතුරු කරගත් අය පමණක් එන්න. 
vertigo 2

ඔබේ අදහස කියන්න...