“The forming of the five senses is the entire history of the world down to the present”
Karl Marx

අප මෙතෙක් විග්‍රහ කරන ලද්දේ ‘X’ යන්නෙහි ගැබ්ව ඇති රැඩිකල් හා සාධ්‍යතාවාදී නොවන භෞතික ලක්ෂණය හා පූර්ව-ඉරණම්කරණයෙන් ආචාරධර්මීකරණය ලද අවකාශය ගැනය. ඒවා ‘X’ යන්නෙහි නවතාවය හා නූතනත්වය පිළිඹිබු කරයි. ‘X’ යන්නට අයත් තවත් එක් සුවිශේෂ ලක්ෂණයක් ඇත. මගේ අදහසට අනුව මෙය පෙර කී ලක්ෂණ දෙකටම නොදෙවෙනි , විටෙක ඒවා අභිබවා ඉස්මත්තට පැමිණෙන අඩංගුවද වේ. ඒ කුමක්ද?.

 

අර්නස්ටෝ ලැක්ලව් (Ernesto Laclau) විසින් න්‍යාය ගත කරන ලද හෙජමොනිය (Hegemony) යන සංකල්පය ලංකාව තුළ සංසරණය වීමේ දී එහි ගැබ්ව ඇති ඉතා වැදගත් අඩංගුවක් බොහෝ විට අත හරිනු ලැබේ. බොහෝ ග්‍රාම්ස්චියානු කියවීම් තුළ මෙම අත්වැරැද්ද විශාල වශයෙන් සිදු වේ. ජිජැක් ද සඳහන් කරන අන්දමට හෙජමොනිය යනු යම් අවකාශයක එක් අරගලයක් අධිනිශ්චය වීම (පන්ති අරගලය, ස්ත්‍රී අරගලය, අධ්‍යාපනය) ආපතිකතාවයක් යන්න පමණක් සඳහන් කිරීම එම සංකල්පයේ ඇති නිශ්චිතභාවය අවප්‍රමාණය කිරීමකි. ඊට ඔබ්බෙන් අප තේරුම් ගත යුත්තේ, සමාජයෙහි බාහිර සීමාව හා අභ්‍යන්තර සීමාව අතර ඇත්තේ ඉතා ආපතික-contingency;අවිනිශ්චිතතාව– සම්බන්ධයක් බවයි. එනම් ‘සමාජය’-Sinhala- හා එහි අනේකත්වය වන “සමාජය නොවන දෙය”-Basil- (ව්‍යාකූලත්වය, පරිහානිය) අතර වන බාහිර සීමාව සෑම විටම අභ්‍යන්තර, සමාජය ඇතුළත යම් නිශ්චිත පසමිතුරුතාවයක් (ජාතිවාදය,කුලවාදය,පන්තිවාදය) සමඟ ආපතික ලෙස සම්බන්ධ වන බවයි.

Two Limits

 

සරලව කිවහොත් අපට ”සමාජීය (Social)”-ස්ත්‍රී අරගලය– හා ”සමාජීය නොවන (non-Social) ”-ජාතිවාදය– ආකෘතිය සංජානනය කළ හැක්කේ නිශ්චිත අභ්‍යන්තර පසමිතුරුතාවයක්/ වෙනසක් තුළින් පමණයි. කෙනෙකුට සෘජුව සමාජය හා එහි අනේකත්වය අත් විඳිය නොහැක. එය කළ හැක්කේ වක්‍රව ආපතිකව තීරණය වන යම් නිශ්චිත පසමිතුරුතාවයක් පදනම් කොට ගෙනය. ඒ අනුව මා මිනුවන්ගොඩ මුස්ලිම් කඩ ගිනි තියන විට හෝ එය නරඹන විට, එම නිශ්චිත ජාතික පසමිතුරුතාවය හරහා සමාජය හා එහි අනේකත්වය (පරිහානිය) අවබෝධ කර ගනී. මේ අනුව සියලු රැඩිකල් පසමිතුරුතාවන් අපට අවබෝධ කළ හැක්කේ වක්‍රව හා ආත්මීයවයි. ඕනෑම බාහිර බාධාවක් හා සීමාවක් යනු අභ්‍යන්තර සීමාවක් ද වේ. තවද, කුමන අභ්‍යන්තර සීමාව තම බාහිර සීමාව සමඟ සම්බන්ධ වනවාද යන්න රැඩිකල් ලෙස අරගලය සමඟ බැඳී ඇති ආපතිකත්වයකි. මෙයට අපි ‘හෙජමොනිය’ යැයි කියමු. අඩු වශයෙන් ලැක්ලව් කීවේ එයයි.

මෙම සාකච්ඡාවට ඉහත හෙජමොනිය යන සංකල්පය වැදගත් වන්නේ එය පක්ෂය(X) හා පක්ෂය නොවන්න තේරුම් ගැනීමට එය ඉවහල් වන බැවිනි. ප්‍රථමයෙන්, අප දන්නා ආකාරයට වාමාංශික දේශපාලනය හා එහි අනේකත්වය වන දක්ෂිනාංශික දේශපාලනය අතර වන බාහිර සීමාව/ ඛණ්ඩනය නිශ්චය වන්නේ ආපතික ලෙස අධිනිශ්චය වන වාමාංශික ව්‍යාපාරය අභ්‍යන්තරයෙහි, එහි ඇති නොයෙකුත් පක්ෂ හා කණ්ඩායම් අතර වන අන්වර්ත අරගලයෙනි. ඒ අනුව වාමාංශයෙහි පරාජය එහි අභ්‍යන්තර පරාජයක් ද වේ. ඊට වඩා මෙම සංකල්පය පක්ෂය හා එහි අනේකත්වය තේරුම් ගැනීමට ඉවහල් වේ.

වාමාංශික පක්ෂයක් (X කණ්ඩායම) හා පක්ෂයේ අනේකත්වය වන මහජනතාවත්, ධනවාදය යන රැඩිකල් යථට ප්‍රතිචාර දක්වන ආකෘතිය ඉහත හෙජමොනිය යන සංකල්පයට අනුව තීරණය වන්නේ යම් නිශ්චිත පක්ෂ අභ්‍යන්තර පසමිතුරුතාවයක්/ වෙනසක් පදනම් කොට ගෙනය. කෙතරම් විප්ලවවාදී වූවත් ඕනෑම පක්ෂ සාමාජිකයෙකුට ධනවාදයට මුහුණ දෙන ආකාරය සංජානනය වන්නේ තම පක්ෂ අභ්‍යන්තරයේ ධනවාදය යන යථට -Real-මුහුණ දීම සඳහා ආපතිකව නිශ්චය වූ පසමිතුරුතාවන් පදනම් කොට ගෙනයි.

මීට පෙර සාකච්ඡා කළ ආකාරයට පක්ෂය පූර්ව-ඉරණම්කරණය වී ඇති නිසා එම ඉරණම නිර්ණය කිරීමේ රැඩිකල් නිදහස සාමාජිකයාට ඇත. ඒ අනුව පක්ෂයක බාහිර විප්ලවීයයත්වය තීරණය වන්නේ අභ්‍යන්තර හෙජමොනික පසමිතුරුතාවය උඩය.

දැන් අප ඇසිය යුත්තේ X කණ්ඩායම තුළ, අඩු වශයෙන් එහි සංකල්පීය ගුණයට අදාළව හා එහි නායකත්වයේ සුවිශේෂී ගුණයට අදාළව වූ එම හෙජමොනික අරගලය/පසමිතුරුතාවය කුමක් ද යන්නයි. මීට පිළිතුරු දීමට ඉතා කදිමට සෑහෙන දීප්ති සහෝදරයාට එකළ හා මෙකළ එල්ල වූ/වන ප්‍රභල චෝදනාවක් ඇත. එනම් ඔහු/පක්ෂය ධනවාදයට විකල්පයක් යෝජනා නොකොට එය තුළ ගමන් කරන බව හා එය ඕනෑවටත් වඩා බරපතලව බාරගන්නා බවයි. ඔහු මධ්‍යම පාන්තික බවයි. “කෝ සැබෑ ව්‍යතිරේකය?” යන්නයි.

 

නැවතත් ඉහත ප්‍රශ්නයට පිළිතුර ඉතාම විශේෂයි. මගේ නිර්ණයට අනුව මෙය X කණ්ඩායමේ අන් සංවිධාන වලට නොමැති වූ සුවිශේෂ ප්‍රභවතාවයකි. පිළිතුරු සැපයීමට ප්‍රථම අප තේරුම් ගත යුතු වන්නේ වැදගත් සත්‍යක් ඇත. එනම් ලැකානියානු ලිංගියකරණය වීම පිළිබඳ සූත්‍ර/රීති (Formulae and Sexuation) ගැහැණු හා පිරිමි ලිංගික වෙනස ආශ්‍රිත මනෝලිංගික ආකෘතිය බලය (සමාජ බලය) පිළිබඳ වන සාර්වත්‍රික (Universal) ආකෘතිය හා බැඳේ.

ගැහැණු හා පිරිමි ලිංගිකරණ ”හැකි- සම්බන්ධතා” ආකෘති දෙකක් ලෙසද දැක්විය හැක. ලැකාන්ට අනුව පුරුෂභාවය ෆැලිත සාර්වත්‍රික බව හා එහි සංස්ථාපත ව්‍යතිරේකය/ විකල්පය ලෙසද, ස්ත්‍රීත්වය අසම්පූර්ණභාවයේ (Non-All)  තර්කනය ලෙසද ඛණ්ඩනයව පවතී. උදාහරණයක් ලෙස පිරිමින් තමන්ගේ ෆැලිත ලිංගිකත්වයට/ලිංගික ක්‍රියාවයට(ස්ත්‍රීයක් සමඟ) අමතරව විකල්ප සාදයි.(ඔවුන්ට අනුව වෙනත් ලිංගික නොවන හරයාත්මක දේවල්- ආගම,ජාතිය, සමාජවාදය , පක්ෂය) – නමුත් ස්ත්‍රීන්ගේ මුළු භාෂා විශ්වයම ලිංගිකභාවයෙන් ලකුණු කොට ඇත. ඔවුන් විකල්ප/ ව්‍යතිරේක නොහොත් වෙනත් හරයාත්මක මනස්ගාත නොසාදයි. ජාතිය ගැන කතාකළත් එහි ලිංගික ස්වභාවයන් පිරිමි දෘෂ්ඨිකෝණයෙන් ඇත. එම හේතුව නිසාම ඔවුන් සම්පූර්ණත්වයක්/ සාර්වත්‍රිකභාවයක් ගොඩ නඟන්නේ නැත. ඇත්තේ දීප්ති සහෝදරයා නැවත නැවතත් කියන පරිදි අතෘප්තියකි/ අසම්පූර්ණත්වයකි.[ස්ත්‍රිය යනු ස්ත්‍රි ශරීරය නොවේ. කෙනෙකු භාෂාවට දක්වන සහසම්බන්ධයයි- Signifier-].

ඉහත ගැහැණු පිරිමි බෙදීමට අනුව අපට බලය වෙත දැක්විය හැකි ආකල්පමය/ ආත්මීය ස්ථාවරයන් දෙකක් හඳුනා ගත හැකියි. ප්‍රථමයෙන් දෙවර්ගයම (ස්ත්‍රී හා පුරුෂ) බල පද්ධතිය තුළ ස්ථාන ගත වී ඇත. ස්ත්‍රීන් ඇත්තේ පිටත නොවේ. එහෙත් පිරිමින් එම බල පද්ධතියට සෑම විටම විකල්ප සාදයි. ව්‍යතිරේක සොයයි. මින් අදහස් වන්නේ පිරිමින් බලයට විරුද්ධව අරගල කරනවා යන්න නොවේ. ඊට ප්‍රතිරූපව, පිරිමින් සෑම විටම, බලය තුළ සාර්ථක වෙමින් එයත් සමඟ පරතරයක් තබා සිටීමට උත්සුක වෙයි. ඔවුන් බලය වෙත උසුළු විසුළු ද කරයි. තමන් බලය ගනන් නොගන්නා බව කියයි. නමුත් ඔවුන් නොදන්නේ නීතියේ උල්ලංඝනය ද නීතියේ සාර්වත්‍රිකභාවයේ කොටසක් ම බවයි. ඔවුන් නීතිය/ බලය අභිබවන්න උත්සහ කරන්නේ එම බලයම ලබා දෙන වර්ජන ඇතුළත පමණයි. ඉන් පිට රැඩිකල් උල්ලංඝනයක් කිරීමට පිරිමින්ට නොහැක. දෘෂ්ටිවාදයේ නරුම ස්වභාවය සත්‍ය ලෙසම පිරිමින් විසින් මෙම බලය වෙත දරණ ආර්මීය ස්ථාවරයයි.

පිරිමින් හට බලය රැඩිකල් ලෙස උල්ලංඝනය කළ නොහැක්කේ ඔවුන්, ගැහැණුන් ලෙස එම රැඩිකල් උල්ලංඝනය යනු බලය සමඟ, එහි ෆැන්ටසි අර්ථයෙන් එපිට අධි-අනන්‍ය වීම බව නොදැනීමයි. පිරිමින් සිතන්නේ ව්‍යතිරේක සෑදීම රැඩිකල් බවයි. ඔවුන් ස්ත්‍රීන්ගෙන් උගත යුත්තේ තම වෙස් මුහුණ තම සැබෑ මුහුණට වඩා රැඩිකල් යන්නයි. බලය සමඟ, එම බල පද්ධතියටද වඩා අනන්‍ය වීම යනු බලය බාහිර ව්‍යතිරේකයකින් නොව එහි අභ්‍යන්තරයෙන්ම උල්ලංඝනය කිරීමයි. අධි-අනන්‍ය වීම බලයෙහි බලය අභ්‍යන්තරයෙන්ම අසම්පූර්ණ කරවයි. පිරිමියෙකු ස්ත්‍රියක් ඉදිරියේ තමන් විශිෂ්ඨයෙකු නොව එම ස්ත්‍රියගේ සේවකයා බවට හැඟවීමට උත්සහ කරයි. එම ස්ත්‍රියටම පිරිමියාගේ මෙම සේවකත්වය ව්‍යාජයකි. ඔහුගේ ම විශිෂ්ඨත්වය වෙස් මුහුණක් වුවත් එය අව්‍යාජයකි. එම නිසා එවැනි පිරිමියෙකුට සේවකයෙකු නොවී විශිෂ්ඨයෙකු වීමට බල කිරීම (ඔහුට වඩා ඔහු කෙරෙහි අධි-අනන්‍ය වීම) ඔහුගේ ව්‍යාජත්වය කඩා දමයි.

පක්ෂය තුළ වුවද පිරිමින් තමන් පක්ෂය සමඟ යම් ප්‍රතිවිරෝධයන්ට මුහුණ දුන් විට, බොහෝ විට ඔවුන් පක්ෂය සමඟ පරතරයක් තබා ගැනීමට උත්සහ කරයි. ගැහැණුන් ඇතුළත සිට පරතරයකින් තොරව, පක්ෂය අල කරයි. දැන් අප දන්නා පරිදි මෙය කිසි සේත් නිෂේධනාත්මක කාරණයක් නොවන්නේ අප අපේ පක්ෂයද ධනවාදය සමඟ පරතරයක් තබා නොගන්නා,එය ඇතුළත සිට අල කරන ව්‍යාපෘතියක් නිසාවෙනි. මේ හේතුවෙන් දීප්ති සහෝදරයා හොඳින් දන්නා පරිදි ස්ත්‍රීන් යනු පක්ෂය එක තැන පල් වීමට ඉඩ නොදෙන (විවාහයේ දී මෙන්ම)“අතෘප්තියේ දෙවගනන්ය.”

ධනවාදය නැමැති බල පද්ධතියටද අපගේ ආත්මීය ස්ථාවරයද එයම විය යුතුය. දැන් අපට මාර්ග දෙකක් ඇත. එකක් පුරුෂ ලෙස ධනවාදයට පිටතින් ව්‍යාජ ව්‍යතිරේක (නරුම පරතරයක්) නිර්මාණය කිරීමයි. දෙවැන්න එම බල රටා එහි ෆැන්ටාස්මැටික ව්‍යාජ ව්‍යතිරේකයන්ට ඔබ්බෙන්, ඒවා සමඟ ආධි-අනන්‍ය වී ඒවා අභ්‍යන්තරයෙන්ම පරිහානියට පත් කිරීම නැමැති රැඩිකල් ස්ත්‍රී ප්‍රවේශයයි. අපට දැන් වැටහිය යුත්තේ මෙම ස්ත්‍රී ස්ථාවරය පුරැෂ ව්‍යතිරේකයන්ට විරුද්ධව ඉතා රැඩිකල් බවයි.

නැවතත් X කණ්ඩායම වෙත ….. X කණ්ඩායම තුළ වූ (පෙර සිදුකළ හෙජමනිය සබැඳි සාකච්ඡාවට අදාළව) හෙජ‍මනික පසමිතුරුතාවය කුමක්ද? මගේ ස්ථාවරයට අනුව, අන් අයගේ පෙර කී බහු චෝදනා වලටද අදාළව X කණ්ඩායම (හෝ එහි අදහස) යනු ධනවාදයට ව්‍යතිරේක සෑදීමක් නොවේ. ”ඊට ප්‍රතිවිරුද්ධ ධනවාදයේ බල පද්ධතිය ඔස්සේ යමින් ඊට අධි-අනන්‍ය වී එය අභ්‍යන්තරයෙන්ම විනාශ කිරීමට ආරම්භ කරන ලද රැඩිකල් ව්‍යාපාරයකි.” X කණ්ඩායම බොරු උද්ගෝෂණ නොකරන්නේ එම නිසායි. එම අර්ථයෙන් Xහි සමානුරම්භක අභිනය හා එහි ව්‍යුහය වාමාංශික ස්ථාවරය සැබැවින්ම ස්ත්‍රීත්වයකි. එබැවින් X කණ්ඩායමෙහි අභ්‍යන්තර හෙජමනික ප්‍රතිවිරෝධය සෑම විටම ස්ත්‍රී පුරුෂ පසමිතුරුතාවයයි. එය නිෂේධනීය කාරණයක් වීමෙන් ඔබ්බට යමින්, අපට වැටහිය යුත්තේ ලංකාවේ ප්‍රථම වතාවට ස්ත්‍රීන්ගේ ප්‍රභූ නියෝජනයකට එපිට රැඩිකල් ස්ත්‍රී අභිනයක් සහිත දේශපාලන ව්‍යාපාරය X කණ්ඩායම වීමයි.  X වෙත ස්ත්‍රීන්ගේ වූ ආකර්ශනය මින් පැහැදිලි වේ. එබැවින් X හි තුන්වන අඩංගුව යනු, එය ස්ත්‍රීත්වයක් වීමයි. ආදරය හා දේශපාලනය අතර ඇති වන කෙටි පරිපතයේ පදනම මෙයයි.

 

‘X’ යන අදහසෙහි නූතනවාදී වාමාංශිකත්වය ගැන වන මෙම ලිපි මාලාවේ අවසාන වශයෙන් දීප්ති සහෝදරයා වෙත වැදගත් විවේචනයක් ගෙන ආ හැක. ඔහු වැනි විප්ලවවාදියෙකුට දිය හැකි එකම විවේචනයද එයයි. වරෙක සම්මුඛ සාකච්ඡාවකදී දීප්ති සහෝදරයා ප්‍රකාශ කළේ ඔහු ස්ත්‍රී දේශපාලනයෙහි අසමතෙකු බවයි, නමුත් ඉහත විග්‍රහයට අනුව අපට දැනෙන්නේ එහි විලෝමයයි: එනම් ඔහු ලංකාවේ ස්ත්‍රී අභිනයක් පදනම් කොට ගත් (X නම් අදහස) එකම වාමාංශික ව්‍යාපාරය බිහි කළ පුද්ගලයා බවයි. එසේ නම් ඔහු තමන් ස්ත්‍රී දේශපාලනයෙහි අසමතෙකු බව පවසන්නේ කෙසේද?. මෙය නොදැනද? පිළිතුර : මෙය ඔහුද X යන යථෙහි ගැටී නළල කැළැල් කර ගෙන ඇති බවට කදිම සාක්ෂියකි. ඔහුද X යන අර්ථයෙන් ම අසම්පූර්ණය. X හි එහිම වූ ස්වභාවය (in itself of X) ඔහු දන්නේත් නැත. දැන ගැනීමට ද නොහැක. එම නිසා අප ඔහුට කිව යුත්තේ ඔහු සිතනවාටවත් වඩා ඔහු නිවැරදි බවයි. ඔහුගේ දේශපාලනය සමඟ ඔහුටද වඩා අධි-අනන්‍ය වීම අප X තුළ ඉගෙනගත් ස්ත්‍රී අභිනය ඔහුටද අභියෝගයක් වන ආකාරයෙන් විප්ලවවාදී වීමකි. ඔහු වැනි විප්ලවවාදියෙකුට ගෙන ආ හැක්කේ එකම අභ්‍යන්තර විවේචනයද එයයි. තවමත් ‘X’ යනු ලංකාවේ එකම නූතන වාමාංශිකත්වයයි. යමක් දෙවන වර කිරීම පෙරට වඩා එහි සත්‍ය සම්මුඛ කරවීමකි.

Dilshan Fernando

and Others

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

    • contingency.

      The defender of contingency
      An interview with Ernesto Laclau

      EL: It depends on how one defines a category of postmodern. There is certain postmodernity one associates with Baudrillard, with which I don’t identify myself in the least. On the other hand, if “postmodern” is understood not simply as a rejection of modernity, but as a diminution of the epistemological ambitions of the modern project, then yes, in substance you can say that we are postmodern. This distinction I am trying to make is crucial. We are not rejecting the whole project of modernity, but think that the project of modernity is something that should be less than the original formulators of the Enlightenment thought that project ought to consist of.

      Intellectum: Someone would argue that the turn to discourse analysis is postmodern.

      EL: But what is understood by postmodern? You can understand postmodernity as the rejection of modernity, a view with which I disagree. You can understand post-modernity through the demerit of the ambitions of the modern project, on the basis of contingency, a view with which I agree.

      Intellectum:What is your opinion about the rise of the extreme rightwing parties across Europe?

      EL: Well, I think that the rise is the result of the fact that people in western Europe feel that they don’t have a political alternative. Clearly, in the past there was a Right and a Left, clearly differentiated from each other. Today, people have the feeling that the differences between the Left and the Right in a traditional sense are minimal. But we have an over-powerful technocracy and this over-powerful technocracy presents new answers, which are either a bit more social-democratic or a bit more conservative, but there is no real difference between them. When people don not fight that from the Left, a system of clear alternatives is going to come from the Right. For instance, many of the traditional voters of the communist party in France today vote for Le Pen. Because he represents the radical alterative vis a vis the existing system. I think that political systems in western Europe are in a profound crisis. The crisis is that in elections people do not feel that there are real alternatives. Unless the Left starts presenting a real system of alternatives, the whole protest vote will probably go in a rightwing direction, towards the populism of the right.

Comments are closed.