
සුන්දරත්වයට පසු කලාවදීප්ති කුමාර ගුණරත්න
ශ්‍රී ලංකාවේ ත්‍රෛභාෂා කතා කරන ජනතාවගේ පොදු ගැටලුව නම්, සාධාරණ ලෙස දෘශ්‍ය කලාවන් සහ ව්‍යුක්ත චිත්‍ර කලාවන් කෙරෙහි නූතන න්‍යායක් නොමැතිකමයි. එම නිසා, දෘශ්‍ය කලාවන්ට අදාළ සංකීර්ණත්වය ගිලිහෙමින් ඒවා ප්‍රහේලිකා ස්වරූපයක් දක්වයි. නමුත්, ඉන්ද්‍රීය සංවේදනයට පදනම් නොවී නූතන සහ පශ්චාත්-නූතන ප්රතිරූප සංකල්පීය කියවීමකට හැකි පොහොසත් න්‍යායික සංස්කෘතියක් ලංකාවේ විශ්වවිද්‍යාලවල පවා තවමත් බිහි නොවීමයි. මෙම කෘතියෙන් උත්පාදනය වන නව න්‍යායික සංස්කෘතියෙන් විග්රහ කරන්නේ, දෘශ්‍ය කලාවක් මානසික ව්‍යුහයේ පරමාණුක ස්වරූපය වන භාෂාව (හේගලියානු අරුතින්) සහ කතන්දර ගෙතීම තුළින් දැක්වීමටයි. කලාව යල් පැනීමෙන් - නූතන පරිභෝජන සංස්කෘතියෙහි එය පුනර්ජීවනය වන්නේ, ආධ්‍යාන කලාවෙනි. එනම්, කලාව ඉන්ද්‍රීයගෝචරත්වය සමතික්‍රමණය කර අවබෝධයක් ලැබීම උදෙසා දාර්ශනීකකරණය කළ යුතුය. තවදුරටත්, ධනවාදී නූතනත්වය තුළින් ආ කලාව යථාර්ථය නියෝජනය නොකිරීමෙන් වැටහෙන්නේ, භෞතික ලෝකය විපර්යාස කිරීමකි. මෙම නව කලාත්මක විඥාණය තුළ කේන්ද්‍රය කාටීසියානු ආත්මයක් නොව, අනෙකා කේන්ද්‍රීය දිශානතියකි. එවැනි කලාවක බාහිර නිදහසකට වඩා ඇත්තේ, අභ්‍යන්තර නිදහසකි. නිදහස’ පවා නූතන කලාව තුළ දෘෂ්ටිවාදයකි. ධනවාදයට වඩා උත්තරීතර සමාජයක් තුළ අනුමාන කළ හැකි විමුක්තිය මෙම කෘතියේ අනාගත මානයයි.
Whatsapp පණිවිඩයක් එවන්න!
තැපැල් මගින් ගෙන්වා ගැනීමට හෝ සමබිම කාර්යාලයට පැමිණ මිල දී ගැනීමට. රු.4,500/-

X යනු කුමක්ද?දීප්ති කුමාර ගුණරත්න
මම පොත් පිංච මගින් X කණ්ඩායම පිළිබඳව ඔබ මෙතෙක් දත් තතු අහෝසි වනු ඇත! පසුගිය දශක හතරක පමණ කාලය තුළ ලෝක මට්ටමෙන් සහ දේශීයව වම/ දකුණ වේවා, විප්ලවවාදී/ ප්රතිසංස්කරණවාදී වේවා මේ කුමන දේශපාලනයටත් පොදු එක ලක්ෂණයක් විය. එනම්, දේශපාලනය යනු, කඨෝර යථාර්ථයක් බුද්ධියට අවශෝෂණය කරමින් එය වෙනස් කිරීමට යෝජනාවලියක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි. නමුත්, මෙම කුඩා පොත අවධානය යොමු කරන්නේ, එවන් ආකාරයේ සියළුම පාහේ බුද්ධිමය වෑයම් ශිෂ්ඨාචාරය අවසන් කර ඇති බවයි. ඓතිහාසික අර්ථයෙන් අප කියන්නේ, ලෝකයත්, ශ්‍රී ලංකාවත් තවම පශ්චාත්-නූතනවාදී බවයි. භේදයකින් තොරව සැවොම ඔප්පු කරන්නේ, තමන් නුතනවාදියෙකු හෝ කොමිනිස්ට්වාදියෙකු නොව පශ්චාත්-නුතනවාදියෙකු බවයි. අප සංවිධානය විසින් 1999 දී පළ කළ 'පෘථිවිකරණය’ පොත පළ වී දැනට වසර 25 ක් පමණ ගත වී ඇත. එදා, එම පොතට අඩංගු නොවූ මෙම පොතට අඩංගු එකම කාරණය වන්නේ, සමාජ සමස්තයට අභ්‍යන්තරිකව අතිරික්තයක් ඇති බව පමණි. පැරණි සමාජ-ක්‍රම වලට වෙනස්ව ධනවාදය ඒ තුළ ජීවත් වන්නන්ට කප්පමක් ගෙවනු ලැබේ. අප එයට කියන්නේ, අශ්ලීල විනෝදය කියා ය. සමාජ-ක්‍රමය වෙනස් කිරීමට තර්ක බුද්ධිය වෙනුවට සමප්රේක්ෂණ තර්කයක් අවශ්‍ය වන්නේ එම නිසා ය. මෙමඟින්, දේශපාලනයේ විනෝද සාධකය වටහා ගැනීමට හැකි ය. මෙම සාධකය පිළිබඳව අපට පෙර නොතිබූ අවබෝධය නිසා ගෙවූ වන්දියේ නම - X කණ්ඩායම. මෙම නව සන්දර්භය අපට උගන්වා ඇත්තේ, වර්තමානය හෝ අනාගතය පිළිබඳව නොව අපගේම අතීත මරි මෝඩකම් පිළිබඳව ය. මා ද ඇතුළත්ව කළුවර වැටෙන විට සුදු පැහැය අහෝසි වී යයි.
Whatsapp පණිවිඩයක් එවන්න!
තැපැල් මගින් ගෙන්වා ගැනීමට හෝ සමබිම කාර්යාලයට පැමිණ මිල දී ගැනීමට. රු.1,200/-

නූතන බුද්ධිමය සම්ප්රදායහරිත වැටකේපොත
වසර හාරසියයක් තිස්සේ ලෝකයේ තියුණුම බුද්ධිමතුන් තර්ක කළේ මේ ප්‍රශ්න ගැනමය. ඩේකාට්ස් තම ශරීරය ද ඇතුළුව සියල්ල ගැන සැක කළේය. හෙට දිනය අපේක්ෂා කිරීමට ඔබට යුක්තියුක්ත හේතුවක් නොමැති බව හියුම් පෙන්වා දුන්නේය. කාන්ට් ඊට පිළිතුරු දුන්නේ යථාර්ථය ඇතුළතින්ම යළි ගොඩනගමිනි. මාක්ස්, හේගල් කියවා තර්කය ඉදිරියටම ගෙන ගියේය. නීට්ෂේ සදාචාරයට මිටියෙන් පහර දුන්නේය. ෆ්‍රොයිඩ් ඔබේ හිසෙහි වෙසෙන අමුත්තෙකු සොයා ගත්තේය. මේ පොත එම මුළු තර්කයම, ඔබට සැබවින්ම අනුගමනය කළ හැකි එක් කථාවක් ලෙස ඉදිරිපත් කරයි. මෙම පොත් හැදෑරීමට පූර්ව දැනුමක් අවශ්‍ය නැත, පරිවර්තනය නොකළ අමුතු තාක්ෂණික වදන් මෙහි නැත. මෙතෙක් දර්ශනය පිළිබඳව පළ වූ කිසිදු පොතක් නොගිය කලාපයකට මෙම පොත ගමන් කරයි. නූතන බටහිර දර්ශනයේ මුළු යාන්ත්‍රණයම ශ්‍රී ලංකාව වෙත හරවා, ලොක්, හේගල්, ව්‍යුහවාදය, පශ්චාත් නූතනවාදය සහ ජිජැක් හරහා වර්තමානය කියවයි. ඔවුන් සියල්ලන් සමඟ ඔබ එකඟ නොවනු ඇත. පොත අවසන් කරන විට ප්රවෘත්ති, ආර්ථිකය සහ ඔබේම නිවසේ මේසය යටින් දිවෙන අදෘශ්‍යමාන තර්ක ඔබ දකිනු ඇත සහ ඒවා පැමිණියේ කොහෙන්දැයි ඔබ දැන සිටිනු ඇත. (මෙම කෘතියේ සිංහල පරිවර්තනය දීපනා ගුණරත්න විසිනි.)
Whatsapp පණිවිඩයක් එවන්න!
තැපැල් මගින් ගෙන්වා ගැනීමට හෝ සමබිම කාර්යාලයට පැමිණ මිල දී ගැනීමට. රු.2,550/-

BRICS යුගය සහ මුදලේ විකාශයහරිත වැටකේපොත / ඉමාෂි වැටකේපොත
• මුදලේ විකාශය. මානව ඉතිහාසයේ මුදල් භාවිතය ආරම්භ වූ ආකාරය සහ කාලයත් සමඟ එය පරිණාමය වූ ආකාරය මෙහි සාකච්ඡා කෙරේ. • බහුධ්‍රැවීය ලෝක රටාව. ඇමරිකානු ඩොලරය කේන්ද්‍ර කරගත් ගෝලීය මූල්‍ය ආධිපත්‍යයට අභියෝග කරමින් BRICS සංවිධානය හරහා ගොඩනැගෙන නව ආර්ථික බල තුලනය පිළිබඳව මෙම කෘතියෙන් අවධානය යොමු කරයි. • මූල්‍ය විප්ලවය. බටහිර මූල්‍ය ආයතනවලට විකල්ප ලෙස නව සංවර්ධන බැංකුව (New Development Bank) වැනි ව්‍යුහයන් බිහිවීම සහ දේශීය මුදල් ඒකක හරහා සිදුකරන ගනුදෙනු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පැතිකඩයන් මෙහි විග්රහ කෙරේ. (මෙම කෘතියේ සිංහල පරිවර්තනය දීපනා ගුණරත්න විසිනි.)
Whatsapp පණිවිඩයක් එවන්න!
තැපැල් මගින් ගෙන්වා ගැනීමට හෝ සමබිම කාර්යාලයට පැමිණ මිල දී ගැනීමට. රු.2,550/-






