back to top
26.1 C
Colombo
Tuesday, November 24, 2026

3mana.com – අනාගත සිලෝනියානු විප්ලවයේ කැඩපත!

0
168

කිසියම් දෘෂ්ටිවාදයක් අප අතර හොල්මන් කරයි. එනම් න්‍යායේ (theory) සහ විශ්ලේෂණයේ (analysis) කාර්යභාරය අවසන් බවත්, මින් ඉදිරියට කළ යුත්තේ භාවිතය (practice) සහ කාර්යසාධනය (performance) බවය. අසාරදර්ශනයකට තුඩු දිය හැකි මෙවැනි ප්‍රවේශයක් වෙනුවට අප යෝජනා කරන්නේ භාවිතය ලෙස ඔබට නැවත නැවතත් හමුවන්නේ න්‍යායම බවයි – එනම්, ඔබට න්‍යාය මග හැර යා නොහැකි බවයි. 3mana.com යනු අප සංවිධානය විසින් න්‍යායික සිරසක් රහිත ප්‍රති-විප්ලවවාදී ක්‍රියාවාදයේ සැඩ සුළං පහරට එරෙහිව දීප්ති සහෝදරයාගේ අප්‍රතිහත නායකත්ව ධෛර්යේ අභිප්‍රේරණයෙන් ගොඩනැගූ වසර 13ක න්‍යායික අග්‍ර ඵලයයි! 3mana.com වෙබ් අඩවිය හරහා වසර 13තුනක් තිස්සේ ශ්‍රී ලාංකේය ජනසමාජයේ සායනික විමුක්තිය උදෙසා දායාද කර ඇති න්‍යායික ලිපි ගණන 2066කි! 3mana.com වනාහි අනාගත සිලෝනියානු විප්ලවයේ කැඩපතය! ක්‍රියාවාදයේ පිහිටෙන් පමණක් අපට විප්ලවය ජයග්‍රහණය කළ හැක. නමුත් අපටත් ශ්‍රී ලාංකේය ජනසමාජයටත් දෙවන නිදහස් අරගලයේ ජයග්‍රහණයෙන් පසු එළඹෙන පසු-ආවර්තිත න්‍යායික සංකේතනයේ පදනම වශයෙන් 3mana.com අවකාශය ආරක්ෂා වනු ඇත. ඔබත් නිරතුරුව www.3mana.com වෙත පිවිස දැනුමෙන් සන්නද්ධ වන්න!

ඔබේ අදහස කියන්න...